Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

ඔන්න මචාල අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ අපේ පන්තියේ තුන් වෙනි පාඩම...

පහු උන සති අන්තේ ඔයගොල්ලන්ට තව පාඩම් 2 ක් කියල දෙන්න හිතා ගෙන හිටියත් මට පොඩි වැඩ වගයක් සෙට් උන නිසා ඒක කියල දෙන්න බැරි උනා...

එහෙනම් මචන්ලා අද අපි අපේ එළකිරි ජෝතිෂ්‍යය පන්තියේ තුන් වෙනි පාඩම පටන් ගමු... :)

කලින් දවස් දෙකේම තියරි කියල දුන්න නිසා මේ සතියේ පොඩ්ඩක් ආස හිතෙන පාඩමක් කියල දෙන්න මට හිතුනා...

හැබැයි ඉතින් පලවෙනි පාඩම් දෙක නැතුව නම් මේ පාඩම තේරුම ගන්න බෑ...

ඒ නිසා මචන්ලා පලවෙනි පාඩම් දෙකට අපේ පන්තියට සෙට් වෙච්ච නැති කස්ටිය ඒ පාඩම් දෙකත් බලල මේක බලන්න.... :)

ඒ පාඩම් දෙක නැතුව මේ පාඩම තේරුම ගන්න බෑ...


පලවෙනි පාඩම මෙතනින් බලන්න... :)

http://www.elakiri.com/forum/showthread.php?t=1187700


දෙවෙනි පාඩම මෙතනින් බලන්න... :)

http://www.elakiri.com/forum/showthread.php?t=1188446


ඔන්න මචන්ලා අද මම කියල දෙන පාඩම මොකක්ද කියල ඇහුවහම අපේ කස්ටියගේ කට කණේ තියෙයි..

අද මචන්ලා මම කියල දෙන්න යන්නේ ජෝතිෂ්‍යයේ එන යෝග කීපයක්...

ආව් අප්පා කට කණේ නේද...???? :lol:

ඔන්න මචන්ලා අද අපි අපේ පාඩමට බහිමු එහෙනම්...

යෝග....????

මොකක්ද මේ යෝග කියන්නේ...????

යෝග කියන්නේ සරලවම අපේ කේන්දරයේ ග්‍රහයෝ පිහිටල ඉන්න විදිය අනුව යෙදෙන අපිට සුභ හෝ අසුභ පල ගෙන දෙන විශේෂ ග්‍රහ යෙදුම් වලටයි...

මේ යෝග කිව්වහම ජෝතිෂ්‍යයේ යෝග දහස ගානක් තියෙනවා මචන්ලා...

කිසිම කෙනෙකුට මේ හැම යෝගයක් ගැනම එකක් නෑර මතක තියා ගන්න බෑ...
.
එහෙම කිසිම ජගතෙක් තාම මේ ලෝකේ ඉපදිලත් නෑ ඉස්සරහට ඉපදෙන්නෙත් නෑ... :)

ඇයි මම එහෙම කිව්වේ???

ඒකට උත්තරේ තමයි මචංලා එච්චර යෝග තොගයක් මතක තියා ගන්න මිනිස්‌ මොළයකට නම් බෑ...
එහෙනම් ඔය ඉන්නේ විස්මිත විදියට අනාවැකි කියන අය????

ඒගොල්ලොත් මේ මහා සාගරයක වගේ විෂයෙන් දන්නේ දිය දෝතක් විතරයි... :yes:

හොඳයි මචන්ලා, අද අපි මේ දහස් ගණනක් වන යෝග අතරින් කීපයක් ඉගෙන ගමු... :)

යෝග කිව්වහම මෙව්වා විවිධ විදියට වර්ග කරන්න පුළුවන්...

එත් එව්වා වර්ග කර කර කියල දෙන්න බෑ මෙහෙම...

ඒක සෑහෙන කාලයක්‌ යන වැඩක්....
මෙහෙම කියල දෙන්න හිතන්නවත් බෑ....

ඒ නිසා මචන්ලා මම අද ඔයගොල්ලන්ට වැදගත් වෙයි කියල හිතෙන යෝග කිහිපයක්‌ විතරක් කියල දෙන්න හිතුව... :)


ඉදිරි පාඩම් වලදී තව තව යෝග කියල දෙන්නම්... :)
හොඳයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන පලවෙනි යෝගය තමයි,

* ධර්මකර්මාධිපති යෝගය


- හොඳයි මචන්ලා දැන් අපි බලමු මොකක්ද මේ ධර්මකර්මාධිපති යෝගය කියල... :)

මේ ධර්මකර්මාධිපති යෝගය තමයි මචන් සාමාන්‍යයෙන් ජෝතිෂ්‍යයේ මුදුන් මල්කඩ විදියට සලකන්නේ...

ඊට අමතරව මචන්ලා මේ යෝගය ප්‍රබල රාජ යෝගයක් විදියටත් සලකනවා...

කොහොමද මේ ධාර්මකර්මාධිපති යෝගය යෙදෙන්නේ????

කිසියම් කෙනෙකුගේ කේන්ද්‍ර සටහනේ 9 වැන්න අධිපතියා ( භාග්‍යස්ථානාධිපතියා) හා 10 වැන්න අධිපතියා ( කර්මස්ථානාධිපතියා ) එකට එක් වී යෝග වී සිටීමෙන් හෝ නැතහොත් ඒ දෙදෙනා පරිවර්තනය වී සිටීමෙන් හෝ අන්නෝන්‍ය වශයෙන් දෘෂ්ටි ලබා සිටීමෙන් හෝ මේ වටිනා ධර්මකර්මාධිපති යෝගය කෙනෙකුට ඇති වෙනවා...

මෙතන අපැහැදිලි තැනක් තියෙනවා නේද ඔයගොල්ලන්ට??? :)

ඒ තමයි 10 වැන්න අධිපතියා හා 9 වැන්න අධිපතියා පරිවතනය වී සිටීම කියන්නේ මොකක්ද කියල????

මම කියල දෙන්නම්... :) :) :)

10 වැන්න අධිපතිය 9 වෙනි භාවයේ (කොටුවේ ) ඉන්න අතරම 9 වැන්න අධිපතියා 10 වෙනි භාවයේ (කොටුවේ ) ඉන්නව නම් අපි කියනවා 10 වැන්න අධිපතියා හා 9 වැන්න අධිපතියා පරිවර්තනය වෙලා තියෙනවා කියල...


දැන් එකත් තේරුනා නේද??? :)

තව දෙයක් කියන්න ඕන...

මෙතන අන්නෝන්‍ය වශයෙන් දෘෂ්ටි ලබා සිටීම කියන්නේ 10 වැන්න අධිපතියා 9 වැන්න අධිපතියට දෘෂ්ටි දෙන අතරම 9 වැන්න අධිපතියා 10 වැන්න අධිපතියට දෘෂ්ටි දෙන්නත් ඕන... :)
ඒ දෙදෙනාම ඒ ආකාරයට එකවිට එකිනෙකාට දෘෂ්ටි දෙන එකට තමයි කියන්නේ අන්නෝන්‍ය වශයෙන් දෘෂ්ටි ලබා සිටීම කියල...

එක්කෙනෙක් විතරක් අනිත් කෙනාට දෘෂ්ටි දීල හරි යන්නේ නෑ...

දෘෂ්ටි ගැන කියල දුන්න මතකයි නේද..?? එහෙනම් ඒක බලන්න පුළුවන් නේද???

හරි බලන්නකෝ දැන් මම උඩ කියපු ක්‍රම තුනෙන් එකකින් මේ යෝගය ඔයාලට ඇවිල්ල තියෙනවද කියල????

ඔයගොල්ලන්ගේ කේන්දරයේ මේ වටිනා යෝගය තියෙනවා නම් මම කියල දෙන්නම් ඒ යෝගයෙන් ඔයාලට ලැබෙන පලවිපාක...

මුලින්ම කියන්න ඕනේ මචන්ලා මේක රාජ යෝගයක්... :)

රාජ යෝග සෑහෙන ප්‍රමාණයක් තියෙනවා ජෝතිශ්‍යයේ...

රාජ යෝගයක් හෝ කීපයක් තිබ්බ කියලා කිසියම් පුද්ගලයෙක් රජ වෙනවා කියල කියන්න බෑ...

එහෙනම් මොකටද මෙව්වට රාජ යෝග කියන්නේ..?? :)

එහෙම කියන්නේ මේකයි...මෙහෙම රාජ යෝගය එකක් හරි කීපයක් හරි තියෙන පුද්ගලයෝ තමන් උපන් තත්වයෙන් උසස් තැනකට ජීවිතයේ යම කිසි කාලයක පැමිණෙනවා කියන එකයි...

රාජ යෝග තියෙන පුද්ගලයෙක් රජ පවුලක ඉපදුනොත් වෙන අයට රජ වෙන්න අවස්තාවක් ලැබෙන්නේ නෑ.. ඒ පුද්ගලයා තමයි රජ වෙන්නේ...

නමුත් මචන්ලා හොඳට මතක තියාගන්න " රාජ යෝග භංග " වෙන යෝගත් තියෙනවා... :)
ඒ කියන්නේ කෙනකුගේ හඳහනේ රාජ යෝග තිබ්බට වැඩක නෑ එයාගේ හඳහනේ ඒ රාජ යෝග භංග යෝග තිබ්බොත්... ( එව්වා ගැන ඉදිරි පාඩමකදී කියල දෙන්නම්කො.. )

යම කිසි පුද්ගලයෙක්ගේ කේන්දරයේ මේ ධර්මකර්මාධිපති යෝගය තියෙනවා නම් ඒ පුද්ගලයා දැහැමි සිතට එකඟව කටයුතු කරන පුද්ගලයෙක් වෙනවා..

පිරිසකට නායකයෙකු වීමේ භාග්‍ය සහිත පුද්ගලයෙකු වෙනවා... ප්‍රදේශයකට නාකයකයෙකු වීමේ භාග්‍ය සහිතයි...

මෙවැනි පුද්ගලයන් තමන්ගේ ආගමට ලැදි බොහොම ධාර්මික පුද්ගලයෝ...

සෞභාග්‍ය සහ යස ඉසිරු වලින් නොඅඩු පුද්ගලයෙක් වෙනවා...

නොමද ගරු බුහුමන් ලබන ජනාදරයට පත් වීමේ උරුම කරගෙන පැමිනියවුන්ය...

රාජ මහාමාත්‍ය වරුන්ගෙන් ගරු සැලකිලි ලැබිය හැකිය...

බලන්නකෝ ධර්මකර්මාධිපති යෝගය ඔයගොල්ලන්ගේ කේන්දරෙත් තියෙනවද කියල... :)


ඔන්න මචන්ලා අද මම ඔයගොල්ලන්ය කියල දෙන්න යන අනිත් යෝගය තමයි ,



* මයුරපාල යෝගය



- මොකක්ද මේ මයුරපාල යෝගය කියන්නේ...??? :)

යම් පුද්ගලයෙක්ගේ කේන්දරයේ රවී උච්ච නම් ඒ මයුරපාල යෝගයයි...


දැන් බලන්නකෝ පලවෙනි පාඩම අනුව ඔයගොල්ලන්ගේ කේන්දරයේ රවී උච්චද කියල??? :)

රවී උච්චද???

එහෙනම් මයුරපාල යෝගය තියෙනවා... :)

මේ මයුරපාල යෝගය ඉතා සුවිශේෂී යෝගයක්...

සාමාන්‍යයෙන් දක්ෂ ජෝතිෂ්‍යඥකුට රවී උච්ච පුද්ගලයෙක්ව ඔහුගේ හැසිරීමෙන්ම හඳුනා ගන්න පුළුවන්...

මේ යෝගය තියෙන මිනිස්සු හරි තේජස් සම්පන්න මිනිස්සු...

කිසිම කෙනෙකුට යටත් වෙන්න කැමති නැති මිනිස්සු...

යම් තැනක ප්‍රධානත්වයට ඉතාමත් යෝග්‍යයි මේ රවී උච්ච වෙන මිනිස්සු...

අන්‍යන් පාලනය කිරීමේ හැකියාව මෙහෙම කට්ටියට උපතින්ම උරුම වෙලා තියෙනවා...

උසස් නායකයෙක් වීමේ භාග්‍ය සහිතයි...

උසස් වීමේ ආශාවෙන්ම හෝ ජන ප්‍රධාන වීමේ ආසාවෙන්ම පමණක් නොව එවැනි උසස් තත්වයකට
පැමිණීමට තමන්ට ජන්මයෙන්ම බලය ලැබී ඇති බව මෙවැනි පුද්ගලයන්ගේ යටි හිත නිතරම කියනව...

මේ වගේ පුද්ගලයෝ කොතැන ගියත් කැපිල පේනවා... ඒ සඳහා විශේෂ ආයාසයක් දරන්න අවශ්‍ය නෑ...

සුළු හෝ වේවා විශාල හෝ වේවා යම් වගකීමක් මෙවැන්නන් පිටට ඔවුන් නොඉල්ලාම කඩා වැටෙනවා...

මෙවැනි පුද්ගලයන් ආඥාදායක ස්වරූපැයක පෙන්නුවද ඉතාමත් හොඳ ආගමික භාක්තිවන්තයන්ය...

නමුත් ඒ අන්ධ විශ්වාසයෙන් නම් නොවේ...

මෙය විවාහයටද ඉතා ශුභ පිහිටීමකි...

පියාට ශුභයි...

කාන්තාවකගේ මේ යෝගය තිබ්බොත් ස්වාමියා තේජස් සහිත පුද්ගලයෙක් වෙනවා...

දැන් මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ ,

* රවී යෝගය


- රවී ග්‍රහයා දස වැන්නේද , දසවැන්නාධිපති ශනි සමග 3 වැන්නේද යෙදීමයි.

පලවෙනි පාඩමට ඉඳපු අයට මේ කියන දේ තේරෙනවා ඇති.. :)

මෙහි පලවිපාක මෙසේයි...

රවී යෝගය ඇත්තවුන් ශාස්ත්‍ර දැනුම මැනවින් ඇත්තවුන්ය...

පුළුල් මනාව වැඩුන ලය මඩලක් වෙයි...

බෙහෙවින් රාගාන්විතය... කාමාශාව අධිකය... :P

ආකර්ශනීය දෙනෙත් වේ...

නාමය පතල වේ... රාජ්‍ය සභාවන්හි තනතුරු දරයි...

පාලකයන්ගෙන් සැලකිලි ලබයි...

නායකයෙකු වීමේ භාග්‍ය සහිතයි...

ඊළඟට මම ඔයාලට කියල දෙන්න යන්නේ ධන යෝගයක්..


* ධන යෝගයක්.


- යම් පුද්ගලයෙකුගේ ලග්නාධිපති ග්‍රහයා උච්චව හිඳිමින් චන්ද්‍රයා වෙත දෘෂ්ටි හෙලන්නේ නම් එම පුද්ගලයා කෝටිපතියෙක් බවට පත් වේ... :):):):)

මෙය ජෝතිෂ්‍යයේ එන කෝටිපතියන් බිහිකරවන ප්‍රධාන යෝග 12 අතරින් එකකි.. ( එම නිසා මෙය සුවිශේෂී ධන යෝගයකි.. )

බලන්න ඔයගොල්ලන්ගේ හදහනෙත් මේ යෝගය තියෙනවද කියල...???

මේ යෝගය ඇති ප්‍රබල ධන යෝගයකි..

ධන යෝග අතරිනුත් ඇති ප්‍රබල ධන යෝග 12 පිලිබඳ පාඩමක් ඉදිරියේදී ඔයගොල්ලන්ට කියල දෙන්න බලාපොරොත්තු වෙනවා... :)

ටයිප් කරලා ඇති උනා වගේ... :P

ඒ නිසා ඊළඟ පාඩමේදී තව යෝග කීපයක් කියල දෙනකම් අදට පන්තිය නවත්තනවා...

මචන්ලා මම මේ දේ කරන්නේ උඹලට යමක් ඉගෙන ගන්න...

මෙව්වා මම කියල දෙන්නේ මගේ දැනුමෙන්... :)

මහන්සි වෙලා ටයිප් කරන්නෙත් උඹල වෙනුවෙන්... :)

මගේ මේ පන්තියෙන් ජෝතිෂ්‍යයේ මූලික කරුණු ගොඩක් ඔයගොල්ලන්ටා කියල දෙන්න බලාපොරොත්තු වෙනවා....

අපි පිළිවෙලකට මේ ගමන යමු.... :yes::yes::yes:

ජය වේවා... :)

හොඳයි නම් REP+ දුන්නට කමක් නෑලු... :D
 
Last edited:

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
එලස්..........:D:D:D
අරකේ ඉතුරු ටික නැද්ද තාම;)

හෙට උදේට අනිවා එවන්නම් මචෝ...

මේ දවස් වල ගොඩක් වැඩ තිබ්බ බන්...

ඒකයි පරක්කු උනේ... අමතක උනා එහෙම නෙමෙයි හොඳේ.... :P
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    1 PADAMA GANA

    මින රාශියට අධිපති ග්‍රහයා කව්ද? 2කක් තියෙනවනේ.. රාහුද?ගුරු ද?,

    එහෙම ආවම කොහොමද හොයගන්නේ..?
    :no:
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    1 PADAMA GANA

    මින රාශියට අධිපති ග්‍රහයා කව්ද? 2කක් තියෙනවනේ.. රාහුද?ගුරු ද?,

    එහෙම ආවම කොහොමද හොයගන්නේ..?
    :no:

    මචන් රාහු සහ කේතු කිසිම විටක කිසිම රාශියක අධිපතිත්වය දරන්නේ නෑ...

    හේතුව තමයි රාහු සහ කේතු කියන්නේ අනිත් ග්‍රහයන් 7 දෙනා මෙන් සැබෑවට විශ්වයේ පවතින ග්‍රහයන් දෙදෙනෙකු නෙවෙයි...

    ( රාහු සහ කේතු ග්‍රහයන් ඇති වූ හැටි ගැන වෙනම පාඩමකින් කියල දෙන්නම්... )

    එම නිසා මීන රාශියට අධිපති ග්‍රහය ගුරු වේ... :)
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    1 PADAMA GANA

    මින රාශියට අධිපති ග්‍රහයා කව්ද? 2කක් තියෙනවනේ.. රාහුද?ගුරු ද?,

    එහෙම ආවම කොහොමද හොයගන්නේ..?
    :no:

    මචන් රාහු සහ කේතු කිසිම විටක කිසිම රාශියක අධිපතිත්වය දරන්නේ නෑ...

    හේතුව තමයි රාහු සහ කේතු කියන්නේ අනිත් ග්‍රහයන් 7 දෙනා මෙන් සැබෑවට විශ්වයේ පවතින ග්‍රහයන් දෙදෙනෙකු නෙවෙයි...

    ( රාහු සහ කේතු ග්‍රහයන් ඇති වූ හැටි ගැන වෙනම පාඩමකින් කියල දෙන්නම්... )

    එම නිසා මීන රාශියට අධිපති ග්‍රහය ගුරු වේ... :)
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    gud work machoo mamatha asama subject eka thama meka me dawas wala poddak study karanawa umbage meka mata godak udau wei
    tks bro

    rep+5
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    මචන් රාහු සහ කේතු කිසිම විටක කිසිම රාශියක අධිපතිත්වය දරන්නේ නෑ...

    හේතුව තමයි රාහු සහ කේතු කියන්නේ අනිත් ග්‍රහයන් 7 දෙනා මෙන් සැබෑවට විශ්වයේ පවතින ග්‍රහයන් දෙදෙනෙකු නෙවෙයි...

    ( රාහු සහ කේතු ග්‍රහයන් ඇති වූ හැටි ගැන වෙනම පාඩමකින් කියල දෙන්නම්... )

    එම නිසා මීන රාශියට අධිපති ග්‍රහය ගුරු වේ... :)


    Thanks..machan... ela..api digatama class eke innawa..:yes:
    uba dana okkoma mama copy aragena padam karagena karanawa... mama mewata hena asai ban igena ganna... pe gana igena ganna tiyena hoda book ehema uba dannawanam mata PM karapan..:)
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Ela work machan. Podi prashnayak thiyenawa. Man dhanu lagne. Mage Ravi kiyana grahaya inne 10 and budha 9.. Ethakota eeka oya kiyana yoogayakda? Man umbata issara upan welaawa ewwa machan.. Bt umbata weda kiyala passe thread ekaka kiyala thibba nisa aapahu try kare ne.

    Anyway Nice series of threads.. Man harima aasaawen kiyawala igena gannawa. Thankx Again. :)
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    Ela work machan. Podi prashnayak thiyenawa. Man dhanu lagne. Mage Ravi kiyana grahaya inne 10 and budha 9.. Ethakota eeka oya kiyana yoogayakda? Man umbata issara upan welaawa ewwa machan.. Bt umbata weda kiyala passe thread ekaka kiyala thibba nisa aapahu try kare ne.

    Anyway Nice series of threads.. Man harima aasaawen kiyawala igena gannawa. Thankx Again. :)

    ඔවු මචෝ ඔයාට ධර්මකර්මාධිපති යෝගය තියෙනව..

    ඔයාගේ කේන්දරේ 9 වැන්න අධිපති සහ 10 වැන්න අධිපති අතර පරිවර්තනයක් තියෙන නිසා ඔයාට මේ ධර්මකර්මාධිපති කියන රාජ යෝගය තියෙනවා... :yes::yes::D
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඔවු මචෝ ඔයාට ධර්මකර්මාධිපති යෝගය තියෙනව..

    ඔයාගේ කේන්දරේ 9 වැන්න අධිපති සහ 10 වැන්න අධිපති අතර පරිවර්තනයක් තියෙන නිසා ඔයාට මේ ධර්මකර්මාධිපති කියන රාජ යෝගය තියෙනවා... :yes::yes::D

    Ammatasiri thankx macho kiwwata :D