සන්නිවේදන_තාක්ෂණය_ඉතිහාසය

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    සන්නිවේදන_තාක්ෂණය_ඉතිහාසය

    සන්නිවේදන තාක්ෂණය ඉතිහාසය
    images
    images
    images


    අද අප භාවිතා කරන පරිගණකයට ඇත්තේ අවුරුදු 50 කට ආසන්න කෙටි කාලයක් වුව ද මෙම යන්තර‍ සියවස් ගණනවක ක්රමික විකාශනයක ප්ර තිඵලයකි. මෙතරම් සීග්‍ර වර්ධනයක් සිදු වූ කාර්මික නොවන භාණ්ඩයක් හෝ තාක්ෂණයක් තවත් නැති තරම් ය. පරිගණකයේ මූලාරම්භය සෙවීමට මිනිස් ශිශ්ටාචාරයේ මුල් අවදියට පිවිසිය යුතු ය. මිනිසා ගණනය කිරීම ආරම්භ කළේ තම ඇඟිලි ගැනීමෙනි. අංක ගණිතයේ දී අප භවිතා කරන දශම අංකනය (Decimal Number System) සෑදී ඇත්තේ මෙසේ ය.
    ගණන් කිරීම සඳහා මූලික යන්ත්රශය නිර්මාණය කළේ ක්‍රි.පූ 3000 දී පමණ චීන ජාතිකයන් විසුනි. චීනුන් මේ සඳහා ගණක රාමුව හෙවත් පබළු රාමුව යොදාගත් බවට සාක්ෂි තිබේ. එය දැනට කුඩා දරුවන්ට ගණිතය කියා දීමට බෝල රාමුවට සමාන ය. අප දැනට භාවිතා කරන විද්යුභත් ගණක යන්ත්රටයේ මූලාරම්භය ද මෙයයි.

    images


    පසු කාලයේ දී ගණනය කිරීම සඳහා විව්ධ ක්රම භාවිතා කරනු ලැබීය. ක්‍රි.ව. 1642 දී තරුණ ප්රංේශ ජාතිකයෙකු වූ බ්ලේස් පැස්කල් (Blaise Pascal) විසින් ගණක යන්ත්ර යක් නිපද වීය.

    images


    1673 දී පැස්කල්ගේ මෙම ගණක යන්ත්රකය, ජර්මන් ජාතික ගණිතඥයකු වූ ගොට්ෆ්රෙකයිඩ් (Gotfreid Wilhelm Von Leibing) විසින් වැඩි දියුණු කරන ලදී.

    images

    images


    1801 දී ප්රං්ශ ජාතික රෙදි වියන්නෙකු වන ජෝෂප් මරේ (Joshap Marie) විසින් රෙදි විවීමේ මෝස්තරය නිර්මාණය කිරීම සඳහා සිදුරු සහිත කාඩ්පත් උපයෝගී කර ගන්නා එක්තරා ක්රිමයක් හඳුන්වා දුන්නේය.

    images


    images


    1883 දී ඉංග්රීතසි ජාතික මහාචාර්ය චල්ස් බාබේජ් (Charles Babage) මෙම යන්ත්ර්ය තවත් දියුණු කළේය.

    images


    images


    images


    මෙම යන්ත්රපය ‘විශ්ලේෂක යන්ත්ර්ය’ (Analytical Engine) නමින් හැඳින්වීය. සිදුරු කාඩ්පත් උපයෝගි කර ගෙන දත්ත ආදානය (Input) කිරීමේ හැකියාවත්, මතක ගබඩාවකුත් (Memory), අංක ගණිතමය කාර්යයන් නිරූපනයත්, ක්රිමලේඛන පාලනයත්, ස්වයංක්රීකයව මුද්රmණ පිටපත් නිකුත් කිරීමත්, දශමස්ථාන 20 කට නිවැරදිව ගණිත කර්ම කිරීමේ හැකියාවත් මෙම යන්ත්රරයට තිබුණි.

    නූතන පරිගණකයේ මූලික සංකල්පය මෙම යන්තරයෙන් මහාචාර්ය බාබේජ් ලොවට හඳුන්වා දුන්නේ ය.

    images


    ඉංග්රීතසි ජාතික කවියෙකු වූ බයිරන් සාමිගේ (Lord Byron) දියණිය වූ ලොවස් ආර්යාව (Madam Loveace) ද මෙම යත්තරයට උර දුන්නාය. ක්‍රමලේඛන ගබඩා කිරීමේ සංකල්පය හඳුන්වා දුන්නේ ඇය විසිනි.මෙම ක්‍රමලේඛන අඩා (ADA) නමින් ක්රාමලේඛන භාෂාවක් වශයෙන් පසු කලෙක දියුණුවට පත්විය. දැනට ද මෙම ක්ර්මලේඛන භාෂාව නවීන පරිගණකවල භාවිත වනු දක්නට හැකිය.


    ක්‍රි.ව. 1887 දී එවකට ඇමරිකානු ජන සංඛ්යානලේඛන දෙපාර්තමේන්තුවේ සේවය කළ ඇමෙරිකානු විද්යානඥයෙකු වු හර්මන් හෝල්රිත් (Herman Hollerith) ජන සංගණන කටයුතු කිරීම සඳහා මහාචාර්ය බාබේජ්ගේ කාඩ්පත් කියවිමේ යන්ත්රrය යොදා ගන්නා ලදී.

    images


    images


    images


    මේ නිසා ජන සංගණන ක්රිායාදාමය ඉතා සාර්ථකව හා කාර්යක්ෂමව සිදු කර ගත් හැකි විය. මෙම යන්ත්ර ය යොදා ගැනිමට පෙර වසර 10 ක පමණ කාලයක් ගත් වු මෙම කාර්යය, ඉහත යන්ත්ර යෙන් අවුරුදු තුනකින් නිම කළේය. මෙම කාර්යය නිසා ඇමෙරිකාවේ ඉතාම ජනප්රි්යත්වයට පත් වු මෙම යන්ත්රනය පසු කලෙක වැඩි දියුණු විය. 1896 වන විට හෝල්රිත් මෙම යන්ත්ර්ය වාණිජ මට්ටමින් විකිණීම සඳහා වෙනත් ආයතනයක් සමග එක් වී (International Business Machine Corporation – IBM) සමාගම පිහි‍ටුවීය. අද ලෝකයේ පරිගණක නිපදවන ප්රcධාන සමාගම වන IBM සමාගමේ මූලාරම්භය මෙයයි.

    images


    images


    images


    1937 සිට 1944 දක්වා කාල පරිච්ඡේදය තුළ සිදුරු කාඩ්පත් පරිගණකය ඇමරිකාවේ හාර්වඩ් විශ්ව විද්යුලයේ මහාචාර්ය හෝවාඩ් අයිකන් (Howard Aiken) විසින් තම ශිෂ්යායින්ගේ සහ IBM සමාගමේ ද සහය ඇතිව තවත් වැඩි දියුණු කෙ‍රැණි

    images

    images


    චාල්ස් බබේජ්ගේ මෙම යන්ත්රවයට පරිගණක මූලධර්ම උපයෝගී වශයෙන් මුල් වරට මෙහි දී යොදා ගැණිනි. විද්යුදත් යාන්ත්රිේක ප්රතවාහක, යන්ත්රිගක ප්රලතිරෝධයන්, අංක ගණිතමය ගණනයන් සඳහා ද මෙම යන්ත්ර්ය යොදා ගැණින. මෙම යන්තරය මාක් 1 (Mark 1) නමින් එළි දැක්වීය. විශාල විදුලි ‍රැහැන් පද්ධතියක් සහිත විශාල යන්ත්ර්යක් වූ මෙය ක්රි1යා කරවීමේ දී නොයෙකුත් බාධා පැමිණින.

    images


    images


    images




    1937 – 1938 වර්ෂවල දී පළමු ඉලෙක්ට්රොොනික පරිගණකය ඇමරිකාවේ බිහිවිය. ඇමරිකාවේ අයෝවා විශ්ව විද්යා ලයේ ගණිතය පිළිබඳ මහාචාර්ය, ජෝන් වින්සන්ට් ඇටනසොෆ්ට් (John Vincent Atanasoft) සහ ක්ලිෆඩ් බෙරි (Clifford Berry) යන විද්යාකඥයින් විසින් මෙම කාර්යය ඉ‍ටු කරන ලදී. පළමු වරට රික්තක නාල (Vaccum Tubes) යොදා ගනිමින් ගණිත කාර්යයන්, තර්කාන්විත ක්රියයාදාමයන් සහ දත්ත ගබඩාකරණය මෙම යන්ත්රTයෙන් ඉ‍ටුකල හැකි විය. සමගාමී සමීකරණ විසඳීමේ හැකියාව ද මෙම යන්ත්රිය සතු විය.

    1940 වර්ෂයේ දී සාමාන්ය පරිහරණය සඳහා වූ ඉලෙක්ට්රොලනික පරිගණකය නිපදවන ලදී. එනියැක් (Eniac) නමින් හඳින් වූ මෙය රික්තක නාල 18,000 කින් සමන්විත වූ අතර, වර්ග අඩි 5000 ක ප්ර0දේශයක් පුරා පැතිර පැවති, ටොන් 30 ක් බර විශාල යන්ත්ර යක් විය. තත්පරයක දී ගුණ කිරීම් 500 ක් කිරීමේ හැකියාව මෙම යන්ත්රතය සතු විය. මෙම යන්ත්රිය ඇමරිකාවේ යුධ හමුදාවේ පරිහරණය සඳහා යොදා ගැණුනි.

    images


    images


    පරිගනක ඉතිහාසයේ ඉතාම වැදගත් අවස්ථාව ලෙසින් අප දකින්නේ 1945 වර්ෂයේ දී ද්විත්ව අංකන පද්ධතිය (Binray Number System). වොන් නියුමන් (Von Neuman) විසින් ලොවට හඳුන්වා දීමයි. සාමාන්ය දශමය අංකනය වෙනුවට දත්ත ගබඩා කිරීමේ දී මෙම ද්විත්ව අංකන ක්රසමය යොදාගත හැකි බව නියුමන් පෙන්වා දුන්නේය.

    images


    images


    images


    ජෝජ් බුලී (George Bully) ගේ බුලියන් වීජ ගණිතයේ (Bullian Algebra) අංකන ක්ර මය පරිගණක කටයුතු සඳහා යොදා ගැණින.මේ නිසා විශාල සංවර්ධිත පියවරක් පරිගණක ඉතිහාසයේ තවත් නොමැති තරම් ය. 1959 වර්ෂයේ දී රික්ත නාල (Vaccum Tube) වෙනුවට ට්රාrන්සිස්ටර් (Transister) භාවිතය ඇරඹිණ. පරිගණක භවිතා කිරීමේ දී තිබූ නොයෙකුත් බාධක මේ නිසා මග හැරිණ. පරිගණකය සඳහා විශාල ඉඩකඩක් පාවිච්චි කිරීමට අවශ්යන වීමත්, රික්ත නාල පාවිච්ච කිරීමේ දී යන්ත්ර තුළ සිදිවන අධික රත්වීම වලක්වා ගැනීමට මෙය කදිම විසඳුමක් විය. 60 දශකයේ ක්රටමලේඛන භාවිතයේ දියුනුවත් සමගම 1964 වර්ෂයේ දැනට අප භාවිත කරන නවීන පරිගණකයේ මූලාරම්භය සිදුවිය. තවත් වැදගත් දෙයක් නම් සංගෘහිත පරිපථ (Intergrated Circuits) ලොවට හඳුන්වා දීම ය.
    images
    images
    images

    සිලිකන් මූලද්රතව්යදය යොදා නිම කළ කුඩා චිපයක් (Sillicon Chip) මේ සඳහා යොදා ගැණින.
    Micronit%20Glass-Silicon%20chip-3.jpg


    ට්රාසන්සිස්ටර සිය දහස් ගණනක් තුළ ගබඩා කළ හැකි දත්ත තම කුඩා සංගෘහිත පරිපථයක් තුළ ගබඩා කිරීමේ හැකියාව ලැබිණි.දැනට පරිගණකය තුළ භාවිත වන ක්ෂුද්රක සකසනය (Micro Processor)බිහි වූයේ මෙම චිපයක් හඳුන්වා දීමෙන් පසුවය. ඉන්පසු චිපයේ වැඩි දියුණු අවස්ථාව විශාල සංගෘහිත පරිපථ (Large Intergrated Circuits – L.S.I) සහ ඉතා විශාල සංගෘහිත පරිපථ (Very Large Intergrated Circuits – V.L.I.C) ආදී වශයෙන් වෙළඳ පොළට හඳුන්වා දෙන ලදී.

    images


    1965 වර්ශයේ පළමුවන කුඩා පරිගණකය (Mini Computer) Digital Equipment Corporation සමාගම විසින් ලොවට හඳුන්වා දෙන ලදී. 1977 වර්ශයේ දී පළමුවන ක්ෂුද්රt පරිගණකය (Micro Computer) ලොවට හදුන්වා දෙන ලදී. ක්රeමලේඛන තාක්ෂණය මීට සමගාමීව දියුණු වූ අතර, 1978 වර්ශය වන විට ක්රලමලේඛන භාෂා ගණනාවක් ලොවට හඳුන්වා දී තිබිණ. පරිගණක නිෂ්පාදන සමාගම් ද ලොව රටවල් කිහිපයක බිහි වී දියුණු විය. පරිගණකය සුපිරි භාණ්ඩයක් බවට පත්විය.


    1981 වර්ශයේ දී IBM සමාගම විසින් ප්ර.ථම පෞද්ගලික පරිගණකය (Personal Computer) නිෂ්පාදනය කර අලෙවි කළේය. මෙය ද පරිගණක ඉතිහාසයේ වැදගත්ම මෙන්ම පරිගණක වාණිජ ක්ෂේත්රියේ ද පැහැදිලි කඩයිමක් විය. පරිගණකය කාගේත් පෞද්ගලික භාණ්ඩයක් වීමට අඩිතාලම මෙයින් ඇතිවිය. අද අප භාවිත කරන නවීනතම පරිගණකය (Palmtop Computer) අපේ අතේ ගෙන යා හැකි මෙන්ම සාමාන්යර පුද්ගලයෙකුට දැරිය හැකි මුදලකට ගතහැකි එක්තරා සුපිරි භාණ්ඩයකි. පරිගණක අධ්ය පනය ලොව පුරා පැතිර ඇත. සන්නිවේදන ක්ෂේත්රියේ දියුණුව පරිගණක දියුණුවත් සමග සමගාමීව සිදු වීම නිසා ලොව කුඩා ගම්මනයක් බවට පත්වන තරමට සන්නිවේදනය දියුණු වී ඇත. අප ඉන්ටනෙට් ජාලය හරහා කරන ගණුදෙනු, ලියුම් කියුම් හුවමාරු, රූපවාහිනී, ගුවන් විදුලි වැඩසටහන් මේ සියල්ලම පරිගණකය නිසා සිදු වූ ආශ්චර්යයන් ය. පණිවිඩ හුවමාරුව අඩ ක්ෂණයකින් ලොව එහා කෙලවර සිට මෙහා කෙලවරට සිදු වේ. එය ඉතා පහසු මුදලකට මෙන්ම ආයාසයකින් තොරව සිදු වේ. අද නවීන ලෝකයේ පරිගණක රොබෝවරුන් මිනිසුන්ට කළ හැකි මෙන්ම කළ නොහැකි බොහෝ දේ කරති. පරිගණකය වසර 2020 වන විට මිනිස් මොළය පරදවා නැගී සිටින බව විද්යාොඥයින්ගේ මතයයි. පස්වැනි පරම්පරාවේ පරිගණක ස්වකීය චින්තනය ඇතිව බිහි වන ඒවාය. විශාල දත්ත සම්භාරයක් ගබඩා කර තැබිය හැකි, දත්ත උපයෝගී කරගෙන සිතා මතා ක්රිනයා කළ හැකි පරිගණක අනාගතයේ බිහි වන බව නො අනුමානය.
    images

    images
    images

    images




     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    දැනුමට දෙයක් එකතු කරගන්න පුලුවන් මේ වාගෙ දේවල් දිගටම දාන්න. ජය වේවා!
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    අම්මෝ පිස්සු හැදෙනවා...
    ගොඩාක් ස්තුතියි යාලුවා...

    patta machoo sira post 1godak wadagath :yes::yes::yes:

    දැනුමට දෙයක් එකතු කරගන්න පුලුවන් මේ වාගෙ දේවල් දිගටම දාන්න. ජය වේවා!

    ඔයාලට ගොඩක් ස්තුතියි.......