Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!
ක්‍රි.පූ 2 සියවසේදී කාවන්තිස්ස මහරජුගේ නැගණිය වූ සෝමාවතී දේවිය හා ගිරි අභය කුමරු විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදාව නිදන්කොට ඉදිකරන ලද පොළොන්නරුවේ ඵෙතිහාසික සෝමාවතීය වන්දනා කරන්නට ලොකු කාලයක ඉඳන් බලාපොරොත්තුවක් තිබුණා.. අප්‍රේල් 11 වෙනිදා පිටත් උනා පවූලේ අයත් එක්ක ... මේ ගමන මම හිතුවා එළකිරි අයත් එක්ක බෙදාගන්න.. කට්ටියට යනවනම් මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් නේ ? 
කොළඹින් පිටත් වෙලා කුරුණෑගල දඹුල්ල පාරෙන් ( A6 ) ගිහින් මින්නේරිය හරහා තමයි ගමන් මාර්ගය උනේ ..
හබරණ කැලය හරහා යමින්
මින්නේරිය ජාතික උද්‍යානය අසල පුවරුවක්
මින්නේරිය වැවේ එක කොටසක් හබරණ මින්නේරිය මාර්ගය අසලදී
මේ වාහනයෙන් තමා අපි ගමන ගියේ
මින්නේරියේදී උදෑසන ආහාරය ගැනීම සඳහා අපූරු තැනක් තියෙනවා .. මෙය (Gunners Club )යුද හමුදාව මගින් පාලනය වන්නක් .. මෙහි පෙරේරා ඇන්ඩ් සන්ස් මගින් පවත්වා ගෙන යන ආපන ශාලාවක් තියෙනවා .. උදෑසන මෙන්ම දිවා ආහාරද ඉතා පිරිසිදු ලෙස මෙහිදී ලබාගත හැකිය ..
මෙය තුලදී ඔබට අවශ්‍ය නම් කාමර පහසුකම් ද පිහිනුම් තටාක භාවිතයටද යුද හමුදාව විසින් පහසුකම් (Gunners Club ) සලසනවා
එළියේ තියෙනවා යුද හමුදාව විසින් භාවිත කරන ලද බෝපර්ස් වර්ගයේ තුවක්කුවක් .. එළකිරි සාමාජිකයන්ව මතක් වූ නිසා මම මෙහි පින්තූරයක් ගන්නත් මම අමතක කරේ නෑ බලන්නකෝ මෙතනින් මේකේ විස්තරේ ..
මේ ගමනේදී විශාල උපකාරයක් වූ මගේ ජී. පී. එස් එක .. (පොළොන්නරුවේ සෝමාවතිය වැඳලා අපි ආපහු ගියේ අනුරාධපුරයට සියලුම සිද්දස්ඨාන මග නොඇර බැලුවේ මෙයා හින්දා )
හින්ගුරක්ගොඩින් සුංගාවිල ග්‍රාමය පසු කරන මාර්ගය ..මෙයා ඉතාම පටු වලවල් තියෙන මාර්ගයක් ....
මේ තියෙන්නේ සුංගාවිල ගම අවසන් කොට සෝමාවතී රක්ෂිතයට ඇතුල්වන දොරටුව .. මෙතනට අපේ විස්තර යුධ හමුදාවට ලබා දිය යුතු වෙනවා .. ..
මේ තියෙන්නේ දොරටුව අසලම පාලමක් .. සහ එය මතින් ගත පින්තූරයක්
සෝමාවතිය වෙත දිවෙන බොරළු පාර .. වැස්ස දවසක කොහොම ඇත්ද මේ පාර ?
දැන් මෙම මාර්ගය කොන්ක්‍රීට් කරමින් පවතිනවා .. එය ලොකු උපකාරයක් වේවි ඉදිරියීදී සියලුම වන්දනාකරුවන් හට .... වැඩ නිම කරපු ටිකේ නම් 100 විතර ගියා මම
මේක එරික් ස්වෝන් නම් සුදු ජාතිකයාට අලියෙක් විසින් පහර දුන් තැන .. මෙහි සෙල්ලිපි කිහිපයකුත් තියෙනවාලු .. මෙයා හඳුන්වන්නේ එරික් ස්වෝන් ගල කියල .. මේක උඩ නැග්ගම අලි බලන්න පුළුවන්ලු .. අපි යන ගමනේදී නම් අලි වලස්සු නම් දැක්කේ නෑ .. දැක්කේ මොනරු විතරයි...
පාර කොන්ක්‍රීට් කරන්නේ ගල ගැල්මවල් වලට ඔරොත්තු දෙන විදිහට .. කොන්ක්‍රීට් බේස් වලට බොරළු පොරවා තලා යලි කොන්ක්‍රීට් කර වසා දැමීමෙන්
ඔන්න දැන් සෝමාවතිය පේන දුරින් .. හිත නිවන දර්ශනයක් උනා මට නම්
මේ තියෙන්නේ ප්‍රධාන වාහල් කඩ
බුදු රැස් විහිදෙන සුන්දර සෝමාවතිය
මූර්තිමත් කල හස්ති පොකුණේ හස්තිරාජයෙක්
හස්ති පොකුණේ සම්පූර්ණ දර්ශනයක්
සෝමාවතියෙහි ප්‍රදාන පිවිසුම මතින්
බෝධිය හා සමාධි බුදුපිළිම වහන්සේ
සෝමාවතී සෑරදුන්
උදෑසන ව්‍යංජන 32 රාජකීය බුද්ධ පූජාව බැතිමතුන් පිරිසක් විසින් පවත්වමින් .. මෙය ඉතා පුණ්‍ය කටයුත්තක් බැව් අසා ඇත්තෙමි .. රුපියල් 7500/- ගෙවා මෙම කටයුත්ත සඳහා ගෙවා දිනයක් වෙන් කරවාගෙන මෙයට දායකවිය හැකිලු .. :yesL
සොමවතියේ තවත් දර්ශන කිහිපයක්
බුද්ධ පූජාව සඳහා සියලු දෙනා පංච ශීලයෙහි පිහිටුවමින්
බෝධිය අසල මල් අසුනේ බුද්ධ ප්‍රතිමා වහන්සේ
බෝධිය අසල ප්‍රධාන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ .. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ වසන කොන්ක්‍රීට් ස්ථර සියල්ලම ගං වතුරෙන් යට උනාලු .. උඩට පෙනෙන්න තිබුනේ බුද්ධ ප්‍රතිමා වහන්සේ විතරලු !! ගං වතුර කාලවලත් නොකඩවා බුද්ධ පූජාව ඔරු බෝට්ටු වලින් ඇවිත් නොකඩවා සිද්ධ කරන බවයි ආරංචිය !! මෙහි දැන් නවතන් පහසුකම් තියෙනවා විහාරධිපති හිමියන් අමතා කලින් නවතන් අවශ්‍ය නම් වෙන්කරවා ගන්න පුළුවන්ලු .. යුද හමුදාවට අයත් කඳවුරක් හා පොලිස් ආරක්ෂාවත් මෙහි තිබෙන බැව් දුටුවෙමි .. ඔවුන් කැපවීමෙන් ගිනි අව්වේ හා ගං වතුර කාලේදී කැපවී කරන මෙහෙය හා මේ කොටි උවදුර තිබ්බානම් අපිට මෙය වන්දනාව හුදු සිහිනයක්ම වෙනවා නොඅනුමානය !!
චිරාත් කාලයක් සෝමාවතිය පවතීවා !! දකුණු දළදාවේ පිහිට ආරක්ෂාව මගේ මව් බිමට ලැබේවා !! යන්න මගේ ඒකායන බලාපොරොත්තුවය ..
ස්තුතියි !! සුබ නව වසරක් වේවා සියලු දෙනාටම !!

Last edited:

අපි ගියපු දවසේ නම්, ඔහොම චෙක් කිරිල්ලක් කරේ නෑ.....
අඩුම තරමේ නවත්වලා බැලුවේ වත් නෑ.....