හිරොශිමා නාගසාකි ඛේදවාචකය
මේක ගැන හුගක් දෙනෙක් දන්නවා ඇති නමුත් මට මේ ගැනත් පොඩි විස්තරයක් සිංහලෙන් කොටලා දාන්න හිතුනා.
_________________________________________________
1945 අගෝස්තු 6 වෙනිදා ජපාන මෙන්ම ලෝක ඉතිහාසයටත් අදුරු මතකයක් එකතුවුන දවසක්. දෙවන ලෝක යුද්ධයේ භයානක කම මිනිසුන්ට හොදින්ම දැනුන දිනයක් බවට ඒ දවස ඉතිහාසයට එකතුවෙන්න ඇති. ජපානයේ හිරොශිමා නාගසාකි නගරම් දෙකට ඇමරිකාවෙන් "ලිට්ල් බෝයි" කියන පරමාණු බෝම්බය හෙලීමෙන් අදටත් ඇතිවුනු විනාශයේ පසු ප්‍රතිපල අදටත් ජපානුවන් භුක්ති විදිනවා. මෙම පිපිරීම සමාන කරන්න පුලුවන් අපි කවුරුත් පුපුරණ ද්‍රව්‍ය කියලා සාමාන්‍යයෙන් දන්න TNT ටොන් 20,000ක් එකවර පිපිරීමකටයි. මෙය සිදුවුනේ අගෝස්ත් 6 දින හිරොශිමාවටත් ඉන් දින දෙකකට පසුව නාගසාකියටත් වශයෙන් දින දෙකකදීය.
1945 අගෝස්තු 6 සදුදා දිනයේ අළුයම 2.45 ට ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් බෝම්බ හෙලීමට භාවිතාකරන B-29 යානය පියාසර කිරීම ඇරඹුනේ ජපානයට සැතපුම් 1500ක් දකුණුන් තියෙන ටිනියන් කියන නැගෙනහිර පැසිෆික් කලාපයේ තියෙන දූපතකින්. B-29 යානය හැදින්වුනු අනිවර්ථ නාමය "එනෝලා ගේ" ලෙසින් සදහන් වෙනවා. මෙම යානය මේම මෙහෙයුම සදහා සුදුසුවන පරිදි නව එන්ජින් කට්ටලයක් හා නව උපාංග කිහිපයකින් සන්නද්දකල බවත් සදහන් වේ.
මේ සදහා යොදාගත් "ලිට්ල් බොයි" නමින් හැදින්වූ පරමාණු බෝම්බය සදහා න්‍යශ්ටික ප්‍රතික්‍රියක ලෙස යොදාගෙන තිබුනේ "යුරේනියම් - 235" මූලද්‍රව්‍යයි. මේ වකවානුව වනතුරු න්‍යශ්ටික බෝම්බ පිලිබද කිසිදු අත්හදා බැලීමක් කර නොතිබූ අතර කිසිම විටෙක ගුවනින් න්‍යශ්ටික බෝමබ හෙලීමකුත් වාර්තාවී නොතිබිනි. මෙහෙයුමේදී බෝම්බ හෙලීමට ජපානයේ "හිරෝශිමා, කොකුරා, නාගසාකි හා නිගාටා" යන නගර තෝරාගෙන තිබුනද එය අවසානයේ හිරෝශිමා හා නාගසාකි ලෙසින් තෝරාගන්නා ලදී. මේ තේරීමට හෙතුවද එම නගර 4 යුද්ධයේදී අඩු විනාශයන් සිදුවූ ඒවා වීමය.
ලිට්ල් බෝයි
මුලින්ම බෝම්බ හෙලීමට තෝරාගෙන තිබූ හිරෝශිමාව අගෝස්තු 6 දින පැහැබර කාලගුණයකින් යුක්ත වූ බව කියවේ. එදින පෙ.ව 8.15 ට ( ජපාන වේලාවෙන් ) හිරෝශිමාවට අඩි 1,900 කට ඉහලින් ලිට්ල් බෝයි මුදාහරින ලදී.
මෙහෙයුමට සම්භන්ධ වූවන් සිද්ධිය විවිධ අයුරින් විස්තර කර තිබිණි. යානයේ පසුපස තුවක්කුව ක්‍රියා කරවන, මෙහෙයුම් මණ්ඩලයේ සාජන්ට් ජෝර්ජ් කාරන් එය විශාල හත්තක ආකාරයකට සුදුවලාවක් නැගුන බවත් එහි මැද රතු පාටින් ගිනිගෙන දැවුනු බවත් සදහන් කරයි. එසේම එම හත්ත අඩි 40,000ක් පමණ උසට නැගුන බවත් හෙතෙම සදහන් කර තිබිණි.
දෙවන ගුවන් නියමු කැප්ටන් රොබට් ලුවිස් එය මෙසේ කියයි. " අපි මොහොතකට පෙර දුටු නගරය තව දුරටත් නගරයක් නොවේ, එය කදු දෙසින් නැගෙන දුමත් ගින්දරත් පමණකි "
බෝම්බය පිපිරීමෙන් පසුව නැගුණු දුම් වලාව
සැතපුම් 3ක් ඇතුලත තිබූ 60,000 - 90,000 ක් වූ ගොඩනැගිලි තිබුණු බවක් හොයාගත නොහැකි ලෙසින් විනාශ වී ගියේය. වැලි උණුසුම් වී දියවී වීදුරු බවට පත්වී තිබිණි. මේය මිනිස් සිරුරු වාශ්ප කරන උණුසුමකට පත් විය. ඇතැම් සිරුරු සෙවනැල්ලක් ලෙස බිත්ති වල සටහන් වී තිබිණි. ලෝහ මෙන්ම ගල් පවා දියවී ගොස් තිබිණි.
සිදුවූ හානිය
මෙම පිපිරීම මගින් දල වශයෙන් 70,000 ක පමණ එම අවස්තාවේදීම මිය ගිය බවත්, පිපිරීමෙන් වසර 05ක් ඇතුලත තවත් 70,000ක් පමණ විකිරණ වලට නිරාවරනයෙන් මියගිය බව සදහන් වේ. ඉන් අනතුරුව බොහෝ විකෘති සහිත දරුවන් බිහිවීම්ද සුලභ ලෙස වාර්තාවිය.
සිද්ධියෙන් පසුව ඉපදුනු විකෘති සහිත දරුවෙක්
සිද්ධියෙන් දිවි බේරාගත් අයෙක් මියගියවුන් ගැන මෙසේ සදහන් කර තිබිණි. "ඔවුන් සියල්ලන්ම තදකළු පැහැවී තිබිණි. ඒ පිලිස්සීම නිසාය. ඔවුන්ගේ හිසකේ පිලිස්සීමෙන් ඉවත්ව තිබිණි, එකවර මිනිසෙකු ඔවුන්ගේ ඉදිරියද පිටුපසද යන්න කිව නොහැකි තරමින් පිලිස්සී තිබිණි. "
මෙයත් ලෝක ඉතිසාසයේ තවත් අදුරු මතකයකි, නමුත් වර්තමාන හිරෝශිමාව අළු දූලි මතින් නැගුණ ෆීනික්ස් පක්ෂියා මෙන් විරාජමාන වන අයුරු දැක ගත හැක.
වත්මන් හිරෝශිමාව
____________________________________________________________
කොටල කොටලා අතත් රිදෙනවා. කියවලා බම්ප් එකක් වත් නැතුව මාරුවෙනව එහෙම නෙවේ.