මචන් ඔතන තවත් නොකියවුණු පැත්තක් තියෙනවා. ගොඩක් ඔය අන්තවාදී ආගම වලන් ඉලක්ක කරන්නේ ඔය වග අන්ත දරීද්‍ර පවුල් තමයි. මේක මම දන්නා සිදුවීමක්, එක්තරා ගමකම්ත් මේ වගේ පවුල් ගොඩක් හිටිය. පවුලේ තාත්ත නෑ ( මියගිහින්ද කියල මතක නෑ). පවුලේ අම්ම විතරයි. ළමයි 4k විතර ඉන්නවා. අම්ම කුලී වැඩක් කරලා තමයි මේ හතර දෙනාටම කන්න දෙන්නේ. අන්තිම අම්මරුවෙන් තමයි ජීවත් වෙන්නේ. එදා වෙලා කන්න හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන්. පවු වැඩේ කියන්නේ අම්මට ඇදුම ( asthma ) තියෙනවා. ඉතින් කුලී වඩාත් sure නෑ.
ඉතින්, ඔය පල්ලි වලින් ඇවිල්ල ඉස්සේල්ලාම කියන්නේ, 'නිකම් පල්ලියට එන්න කියල' එදාට ඉතින් ෆ්‍රී lunch , පල්ලියෙන්. . පවු වැඩේ මචන් , මේ වගේ මිනිස්සුන්ට එකත් ලොකු දෙයක්. ඊට පස්සේ ඒගොල්ලෝ පල්ලියේ තියෙන events වලට යනවා, මොකද කන්න දෙන හින්ද. කාලයක් යද්දී මේගොල්ලන්ට තවත් මුදල්/රස්සා හම්බ වෙනවා. කොටින්ම කියනවා නම් තිබුණු ජීවන තත්වයට වැඩ ටිකක් හරි හොඳ ජීවන තත්වයක් ලැබෙනවා. ඊට පස්සේ පල්ලියෙන් කියන්නේ "මේවා ඔක්කොම "********** ගේ කැමැත්ත නිසා ලැබුණු ඒවා කියල ( ඕනෑම අන්‍යාගමික නායකය්ක් ගේ නමක් දා ගන්න) ඉතින් මේ මිනිස්සුත් එක ඇත්ත කියල ගන්නවා, මොකද, ඒගොල්ලන්ගේ perspective එකෙන් බලනකොට ඒ ගොල්ලන්ටම පේනවා නේ තිබ්බට වඩා තමුන්ගේ ජීවන තත්වේ හොඳයි කියල.
මම අර කියපු පවුලේ ඉන්න 4 දෙනාගෙන් ලොකු ගැනු ළමයි දෙන්න දැන් අර වගේ පල්ලියක ලු වැඩ කරන්නේ.