අපේ ලන්කාවේ එවුන්ට වැරදිව්ව තැනත් ඔන්න ඕකයි… අපි හැමදාමත් රජෙක් එනකන් බලන් ඉන්නවා රට සන්වර්ධනය කරගෙන අපෙත් මඩිය තද කරගන්න.. අපේ දරුවන්ගේ අනාගතය හොද කරගන්න. ඒත් ඒ සන්වර්ධනය ඇත්තවශයෙන්ම කරගත යුතුවන්නේ අන් කවරෙකුවත් නොව.. රටවැසියා විසින්ම බව අපිට තාම අවබෝධ කරගන්න බැරිව තියෙනවා. හැම මල ඉලව්වකටම රජය, රජය, රජය… කක්කුස්සියට ගිහින් බාගන්න බැරිව ගියත් ඒකටත් වගකියන්න ඕන රජය.
ඇයි අපිට රටවෙනුවෙන් යමක් කරන්න බැරි? අපි ඔක්කොම අපිට ඇති රාජකාරීන් හරි ස්වයන් රැකියා හරි, හොරකම නොකර අකුරට කරනවානම් රට දියුණු වෙනඑක නවත්තන්න බැහ නේද යාලුවා?
ඔව් එතකොට තවැකෙක් කියයි.. "ඕයි.. ආන්ඩුවේ මහ එවුන් නීතිය අතට ගෙන තියෙද්දී කොහෙද යකෝ අපි වැඩක් කරන්නේ හොදට" කියලා.
ඔව් ඒක ඇත්ත. එනමුත්… ඔය ලොකු පුටුවල ඉන්න පොලිස් මහත්තුරුත් රටවැසියෝම නේද? ඒ අයත්… ඒවගේම නඩුකාරයනුත් කොන්දවල් කෙලින් තියාගෙන වැඩකලානම් ආණ්ඩුවේ තක්කඩින්ට රට කන්ට බැහ නේද?
අර මාටින් ලූතර් කින් නම් ඇමරිකානු මහා දාර්ශනවාදියා කිව්වා වගේ "හැම මොහොතෙම අපි අහන්න ඕනා.. රටෙන් අපිට මොනවද වෙන්න ඕන කියලා නෙමයි! අපෙන් මොනවද රටට වෙන්න ඕනා කියලා".