මත්තලින් බුද්ධගයාවට මිහින් ලංකා ගුවන් සේ
මත්තලින් බුද්ධගයාවට මිහින් ලංකා ගුවන් සේවයක්
නුදුරේදී ජනතා අයිතියට පත් කිරීමට නියමිත මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බුද්ධගයාව දක්වා වන්දනා ගුවන් ගමන් ආරම්භ කිරීමට මිහින් ලංකා සමාගම කටයුතු යොදා ඇත.
මත්තල ගුවන් කොටුපොළේ සිට බුද්ධගයාව දක්වා වන්දනා ගමන් ආරම්භ කරන ලෙසට අවට පළාත්වල ජනතාවගෙන් විශාල වශයෙන් ඉල්ලීම් ලැබීම හේතුවෙන් මෙම ගුවන් ගමන් සේවය ආරම්භ කිරිමට සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් මත කටයුතු කරන බව මිහින් ලංකා ගුවන් සේවය පවසයි.
දැනට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට බුද්ධගයාව දක්වා සතියකට ගුවන් ගමන් හතරක් මිහින් ලංකා සමාගම ක්‍රියාත්මක කෙරේ. එයට අමතරව මෙම මත්තල ගුවන් තොටුපොළේ සිට බුද්ධගයාවට ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
මත්තල ගුවන්තොටුපොළ ජනතා අයිතියට පැවරීමත් සමඟ අනුමැතිය ලැබුණ වහාම මෙම ගමන් වාරය ආරම්භ කෙරේ. මේ සඳහා මගීන් 180 දෙනෙකුට පමණ ගමන් ගත හැකි ඒ- 320 වර්ගයේ එයාර් බස් යානයක් යෙදවීමටද මිහින් ලංකා සමාගම පියවර ගෙන ඇත.
*******************************