ඔබ චේතනාව සහ ක්‍රියාව ගැන හොඳ පැහැදිලි කිරීමක් කළා. @elaTHEbra නැමැත්තා කලින් පිළිතුරු දුන්නේ කොටියන් මැරීමෙන් නරක කර්ම ඇතිවන බවයි (හොඳ කර්මත් සමග). ඔබ කියන එකෙන් පෙනෙන්නේ එසේ කොටියන්ව මැරීමෙන් එවැනි නරක කර්මයක් ඇති නොවන බවයි.
මම මෙලෙස ඇසු දේ..
"What's the role of 'intention' here? I mean, the intention is to save the country and people. So, wouldn't that override the immediate intention of killing (causing bad karma), leading only to good karma?"
...සඳහා ඔබ දුන් පිළිතුර ගත හැකි යැයි මම සිතනවා. මෙහිදී පරස්පර පිළිතුරු ලැබීමට හේතුව දෙදෙනා චේතනාව ලෙස සලකා ඇත්තේ කරුණු දෙකක් වීම බව සිතෙනවා. පළමු කෙනා, "ප්‍රාණ ඝාතය" යන immediate නරක චේතනාවද, ඔබ "රට රැකීම" යන හොඳ චේතනාවද සලකා ඇති බව පේනවා. ඒ අනුව ලැබෙන කර්ම වල වෙනසක් වන බව පැහැදිලිය. මේ දෙකෙන් හරි දේ, එනම් ඔබේ දහමේ කියා ඇති දේ (ඔබ සිතන දේ නෙමෙයි!) කුමක්ද, එය තීරණය කරන්නේ කුමන පදනම යටතේද යන්න තවත් පැහැදිලි කරන්න හැකි නම් අගනේය. මුලාශ්‍ර දක්වන්නේ නම් ඉතා හොඳයි.