අහල තියේද?

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    අහල තියේ නම් සොරි වෙන්ටයි, නාහපු අයට විනෝද වෙන්ටයි කතා කෑල්ලක් දෙකක් අහුලං ආව ඕං. කලින් මට රෙප් දීපු, කමෙන්ටු දීපු, දිරිමත් කරමින් කතා ඉල්ලපු හිනාවුන හැමෝටම ස්තුතියි. :)

    සුරතලා
    එක්තරා පොරකට (අපි කියමු නිමල් කියල) නිමල්ට හිතුන හුරතලේට සතෙක් හදන්න. හැබැයි ටිකක් වෙනස් එකෙක් තමයි මෑන්ස් ට ඕනි. ඔන්න ඉතිං පොර ගියා Pet Shop එකට.
    කඩ හිමිකරු: "මහත්තය මොකෙද්ද බැලුවෙ, Dalmatian, German Shepherd, Pomeranian, Doberman ඕනි එකෙක් ඉන්නව"
    නිමල්: "නෑ නෑ.. මට ඕන සාමාන්‍යයෙන් කෙනෙක් ගන්නෙ නැති සතෙක්"
    (යකෝ ගන්නෙ නැති සත්තු විකුණන්නෙ කොහොමද. ඒ උනාට කතාවෙ හැටියට මෙහෙම වෙනව)
    කඩ හිමිකරු: "හ්ම්ම්.. හරි! මහත්තයට මං සෙට් කරන්නම් කතා කරන හැකරැල්ලෙක්"
    නිමල්: "අම්මපා?... මරුනෙ අයිසෙ. දෙනව දෙනව මං ගන්නව"
    ඉතිං ඔන්න ඔහොම නිමල් කතා කරන හැකරැල්ලව ගෙනාවා. බල්ලො වගේ කූඩු ඕන කියලයැ. ගිනිපෙට්ටියක තමයි ගෙනාවෙ.
    දැන් නිමල්ට ඕන මූව ටෙස්ට් කරන්න. ඉතිං නිමල් ගිනිපෙට්ටිය ටිකක් ඇරල කියනව,
    "හැකරැල්ලෝ...මං ඩ්‍රින්ක් එකක් දාන්න යනව, උඹත් එනවද?"
    ගිනිපෙට්ටියෙන් නෝ රිප්ලයි.
    සතා නිදිද මන්ද කියල ආයෙමත් නිමල් ටිකක් සද්දෙන් කියනව,
    "බොල හැකරැල්ලො!...මං ඩ්‍රින්ක් එකක් දාන්න යනව, උඹ එනවද?"
    ම්හු! හැකරැල්ල සද්ද නෑ.
    "කඩේ එකා මාව ඇන්දුව වත්ද":baffled: හිතල නිමල් තව පාරක් සද්ද කරල කියනව,
    "මේ හැකරැල්ලො උඹ බීරිද? මං ඩ්‍රින්ක් එකක් දාන්න යනව උඹත් කැමතිද එන්න?"
    ඔන්න හැකරැල්ල ගිනිපෙට්ටියෙන් ඔලුව දාල කියපි,
    "මට පළවෙනි පාරම ඇහුන, පොඩ්ඩක් හිටහං මං මේ සපත්තු දාගෙන ඉවර වෙනකං" :angry:


    ගිරවා
    pirate-and-parrot.jpg

    ඔන්න තවත් Pet කතාවක් මතක් උනා. අපේ සිරිමාවො මැතිනිට ආස හිතුන කතා කරන ගිරවෙක් ඇති කරන්න. ඉතිං මේකට එක එක ගිරව් ගේනව, උන් හැමෝම කබ්බො. පුලුවන් "පෙත්ත බත් කෑව" ගාන්ට විතරයි. මැතිනිට ඒ හරිය මදි!
    ඔහොම ගිරව් තෝරද්දි ටිකක් මැර පෙනුමක් තියෙන පොරක් ගිරවෙක් අරං ආව. බැලින්නම් මූ හොද bullet එක. ගාන එහෙම කතා කරගෙන ගිරව බාරදෙද්දි මේ මැර අංකල් කියනව,
    "මැඩම්, මූ හොද මොලේ තියෙන සතා...කිරි ටොයියා!;)
    හැබැයි මැඩම් මේකා මෙච්චර කල් හිටියෙ නම් බඩු පොට් එකක.
    ඉතිං මුගෙ වචන සෙට් එක හදාගන්න වෙයි"
    ඒත් ගිරව ව හොදට හිතට අල්ලපු නිසා මැතිණි කියනව, "ඒකට මොකද, ඔය ගති මෙහෙ ඉන්නකොට ඇරිල යයි"
    කියල කූඩුව වලව්වෙ ඉස්තෝප්පුවෙ එල්ලුව.
    ගිරවත් ඉතින් වට පිට බල බල ඉන්න ගමන් ඔන්න පරණ ගති මතු වෙන්න ගත්ත. ටිකකින් මූ හොදට වටපිට බලල කියාපි,
    "ආ...අලුත් පොට් එකක්!
    අලුත් පොට් එකක්!!"
    මොනව කරන්නද, ඔය ගති දවසට දෙකට නැති වෙයි යෑ. ඔහොම ඉතිං මූ කූඩුවෙ ඉන්නකොට කෑලි දෙකක් එනව වලව්වට. වෙන කවුරුත් නෙවෙයි ඉතිං, චන්ද්‍රිකයි එයාගෙ සහෝදරියි. ඔන්න ගිරව ආයෙත් ඇවිස්සෙනව.
    "ෂා... අලුත් බඩු!"
    කිව්වලු:baffled:
    ඒකත් එහෙමයි කියමුකො. හවස් වෙලා, රාජකාරි ඉවර කරල වලව්වට එනව අනුර බණ්ඩාරනායක මහත්තය. මතක ඇතිනෙ :)
    මෙන්න යකෝ ගිරව ඒ පාර කියපි.
    "ආඃ අනුර! අදත් ආවද?"


    Interview
    ඔන්න මෙහෙමලු සංවාදය ඇතිවුනේ.
    ප්‍රධානියා: "ගුවන් යානයක ඇති ගඩොල් 500කින් එකක් විසි කරයි. කීයක් ඉතිරිද?"
    අයදුම්කරු: "සරලයි. 499යි."
    ප්‍රධානියා: "නිවැරදියි. පියවර 3කින් අලියෙකු fridge එකට දමන්නේ කෙසේද?"
    අයදුම්කරු: "දොර අරින්න. අලියා දමන්න. දොර වසන්න."
    ප්‍රධානියා: "හොදයි. පියවර 4කින් මුවෙකු
    fridge එකට දමන්නේ කෙසේද?"
    අයදුම්කරු:
    "දොර අරින්න. අලියා එලියට ගන්න. මුවා ඇතුලට දමන්න. දොර වසන්න."
    ප්‍රධානියා: "කැලේ රජා සිංහයාගේ උපන් දිනයට එක් සතෙකු හැර අනෙක් සියල්ලෝ සහභාගි විය. ඒ ඇයි?"
    අයදුම්කරු: "මුවාට ඒමට නොහැක. මුවා
    fridge එක ඇතුලේ නිසා"
    ප්‍රධානියා: "වයස්ගත කාන්තාවක් කිඹුලන් වෙසෙන වගුරක් හරහා කරදරයකින් තොරව එතෙර වන්නේ කෙසේද?"

    අයදුම්කරු: "ඇය සාමාන්‍ය ලෙස එතෙර වේ. කිඹුලන් ද සිංහයාගේ උපන්දින සාදයේ නිසා උන්ගෙන් ආපදාවක් නැත.
    "
    ප්‍රධානියා: "ඉතා හොදයි. ඔබේ අවසාන ප්‍රශ්ණය; කෙසේ වුවද වයස්ගත කාන්තාව අවසානයේ මිය යයි. ඒ කෙසේද?"
    අයදුම්කරු: "ම්... මං හිතන්නෙ එයා වගුරේ ගිලෙන්න ඇති"
    ප්‍රධානියා: "වැරදියි! ගඩොල් කැටේ ඇගේ ඔලුවේ වැදුන නිසා. ඔබ සම්මුඛ පරීක්ෂණය අසමත්. දැන් යන්න පුලුවන්"


    ටිකිරි මොලේ!
    නීතිය හදාරන කැම්පස් කොලුවෙක් විභාගය අසමත් විය. මොහු professor සමග වැඩේ ගොඩින් බේරන්නට සිතීය.
    සිසුවා: "sir දැන් නීතිය ගැන හැමදේම දන්නවද?"
    මහාචාර්ය: "ඔව්"

    සිසුවා: "මං අහන ප්‍රශ්ණයට sir උත්තර දුන්නොත් මං මට ලැබුණ ලකුණු බාරගන්නවා. හැබැයි sir ට බැරි වුනොත් මට A එකක් දෙන්න ඕන"
    මහාචාර්ය: "එකගයි"
    සිසුවා: "නීත්‍යානුකූල මුත් තර්කානුකූල නොවන, තර්කානුකූල මුත් නීත්‍යානුකූල නොවන, නීත්‍යානුකූල හෝ තර්කානුකූල යන දෙකම නොවන දෙය කුමක්ද?"
    confused-freshman.jpg

    ඔන්න දැන්
    professor කොර උනා. හෙන නෝන්ඩිය, කිසිම theory එකකින් මේ කාරණා 3 ගලපගන්න බැරුව මෙයාට සිද්ධ උනා පොරොන්දු විදියට A එක දෙන්න.
    ඊලග දවසේ
    professor මේ ප්‍රශ්ණය තමන්ගෙ සිසුන් කණ්ඩායමකට ඉදිරිපත් කරනවා. ඔහු මවිත කරමින් හැම දෙනාම අත් ඔසවා උත්තර දීමට ඉදිරිපත් වෙනවා.
    ඔහු එක් ශිෂ්‍යයෙකුට අවස්ථාව දෙනවා.
    ඔහුගේ පිළිතුර:
    "සර්ගේ වයස අවුරුදු 65යි, විවාහ වී සිටින්නේ අවුරුදු 28ක කාන්තාවක් සමග. එය
    නීත්‍යානුකූල මුත් තර්කානුකූල නොවේ."
    "සර්ගේ බිරිද අවුරුදු 23ක කොල්ලෙක් හා සම්බන්ධව සිටියි. මෙය
    තර්කානුකූල මුත් නීත්‍යානුකූල නොවේ."
    "
    සර් ඔබගේ බිරිද සමග හොර සම්බන්ධකම් පවත්වන කෙනා විභාගය අසමත් වුවත් ඔබ විසින් ඔහුව A ලබාදී සමත් කර ඇත. මෙය නීත්‍යානුකූල හෝ තර්කානුකූල යන දෙකම නොවේ."

    professorට උනේ මොනවද කියල ඔයාලම හිතාගන්න.:rofl:


    නොබැලූ කෙනෙක් මං කලින් දාපු කතා ටිකක් මෙතනින් බලන්න. රීපෝස්ට් උනත් සිතකින් නොවේ;)
     
    Last edited:

    wilkal82

    Active member
  • Apr 29, 2009
    891
    243
    43
    Ela ! Girawage kathawa ahala nehe.

    You must spread some Reputation around before giving it to nOoB_SL again.