|~ මොකටද Full Face Helmet ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|



12484862-motorbike-riders-motorcycle-silhouettes-in-wild-mountain-landscape-background-illustration-vector.jpg



බලයේ පවතින රජයක වගකීම් අතරින් ප්‍රධාන තැනක් ගන්නා වගකීමක් ලෙස ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම දැක්විය හැකිය.
එම වගකීම පැහැර හරින්නා වූ රජයක් නිතැතින්ම බිඳ වැටෙන අතර එලෙස බිඳ වැටුන ශක්තිමත් රජයන් ගැන උදාහරණ ලොව ඕනෑ තරම් තිබේ.
මෙම වගකීම රජය විසින් බාරගත යුතු බව ඉතා තදින් විශ්වාස කරන ජනතාවක් අප රටේ ද සිටින බවට හොඳම උදාහරණය වන්නේ මීට වසර කිහිපයකට පෙර ඕනෑම මනාප යුද්ධයක ප්‍රචාරණ කටයුතු වලදී කකුල් දෙකක් හිමි කොටියන් ගැන අනිවාර්යයෙන් කතා වීමයි.


ඒ අතීතයයි, අද වනවිට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවටම එකම නීතියක් පවතී.
නමුත් ජනතාවගේ අරාක්ෂව සුරැකීම යන වගකීම රජයේ වගකීම ගොන්නෙන් ඉවත් නොවේ.
ඒ ජනතාවගේ ආරක්ෂාව ත්‍රස්ථවාදයෙන් පමණක් තර්ජනයට ලක්ව නොතිබීමයි.


ආරක්ෂාව එහෙමත් නැත්නම් සුවසේ විසීම බොහෝ පරාසයක් කරා කතා කල හැකි මාතෘකාවක් වුවද අද මම කතා කරන්න යන්නේ ආරක්ෂාව සපයා ගන්නා එක පැති කඩක් ගැනයි.
වේගය මරුවා කැඳවයි!
එය සැබෑවක් අප රටේ සිදුවන මරණ වලින්, අනතුරු වලින් බහුතරයක් සිදුවන්නේ මාර්ග අනතුරුවලින් බව ඔබත් මමත් හොඳින් දන්නා කරුණක්.
රථ වාහන සහ මාර්ග යනාදියේ ප්‍රමිතීන්ගේ ප්‍රශ්ණ මෙනම් රියදුරන්ගේ හා මගීන්ගේ විවිධ දුර්වලතා හමුවේද අප රටේ රථ වාහන අනතුරු දිනෙන් දිනම වැඩි වේ.


z_new350.jpg


තුන්වන ලෝකයේ රටක් වන අප රටෙන් 100%ක් නිවරදිව සෑම පාරක්ම සහ සෑම වාහනයක්ම පවත්වාගෙන යෑම ඉතා අසීරු කටයුත්තකි.
ඉතින් ඒ නිසාම වැලැක්විය හැකි පැතිකඩ වලින් මාර්ග අනතුරු නවත්වා ගැනීමට නීති ගෙන ඒමට සිදු වීම සමාන්‍යය කාරනයක්.
එයට හොඳම උදාහරණය වන්නේ මෑතකදී හඳුන්වා දුන් කහ ඉරෙන් පාර මාරු වීමේ නීතියයි.
එහිදී අසාධාරණ නොවන අයුරින් පළමුවෙන් වරද කර නීතියට අසුවුවහොත් වැරදි කරු දේශණයක් සඳහා පන්ති යවා දෙවන අවස්ථාවේ සිට රුපියල් පන්දහසක දඩයක් ලබාදීමට කටයුතු කිරීමක් අද දක්වා සිදු වෙනවා.
එමඟින් රියදුරන් පිට සෑම දිනයකම වැටෙන වරදින් කොටසක් පදිකයන්ටද ලබා දී පාරේ නිසි අයුරින් ගමන් කිරීමේ වගකීම ඔවුන්ගේ හිස මත රැඳ වීමක්ද සිදුවුනා.

Deadly-crossing-at-Wellawatte.jpg


අගය කලයුතු මෙවන් නීති සමාජය හමුවට පැමිණෙනවත් සමඟම කිරි කළයට ගොම බිඳුවක් වැටෙන්නාක් මෙන් අදහාගත් නොහැකි නීතියක්ද පසුගියදා සියළු මෝටර් බයිසිකල් ධාවකයන් හට පැනවුනා.
එයනම් ෆුල් ෆේස් එසේත් නොමැතිනම් මුළු මුහුණම ආවරණය වන ලෙස පලදින හෙල්මට් භාවිතය හා වයිසර ටින්ටඩ් එසේත් නොමැතිනම් වර්ණ ගැන්වූ හෙල්මට් වහාම තහනම් කිරීමයි.
ඔවුන් එයට හේතුව ලෙස දක්වා තිබුනේ මෙම හෙල්මට් ලංකාවේ අපරාධ වැඩිවීමට සෘජුවම බලපාන බවයි.
වයිසරයේ ටින්ටඩ් ඉවත් කිරීම සාධාරණ වුවද ෆුල් ෆේස් ඉවත් කිරීම කෙතරම් සාධාරණද?


Rush-hour-traffic.jpg


නීතිය ගැන කතා කිරීමට පෙර ෆුල් ෆේස් හෙල්මට් ගැන මදක් හැරී බලමු.
මොකක්ද මේ ෆුල් ෆේස් හෙල්මට්, මොකටද මේ ෆුල් ෆේස් හෙල්මට්.
සාමාන්‍යය හෙල්මට් එකක් ව්‍යවහාරයේ පවතින විදියට බාග කෑල්ලක් දැමීමෙන් ඔබේ හිසේ ඉහල ප්‍රදේශය සහ පිටුපස ප්‍රදේශ ඉතා හොඳින් ආරක්ෂා වෙනවා.
එය හදිසි අනතුරකදී ධාවකයා හා පිටුපස ගමන් කරන්නන් බයිසිකලයෙන් එලියට විසිවීමන් පසුව හිස පාරේ යම් කිසි දෙයක වැදීම නිසා මොලයට සිදුවන හානි 100%කට ආසන්න අගයකට වලක්වනවා.
නමුත් මුහුණ? ඇස් කට නාසසය වැනි මුහණේ පිහිටා ඇති අත්‍යාවශය ඉන්ද්‍රියන්?
මෙම කොටස් වලට නිසි ආරක්ෂාව ලබා දිය හැක්කේ ෆුල් ෆේස් හෙල්මට් වලට පමණයි.
එය නිකට දක්වා වැසෙන බැවින් මුහුණට සිදුවන හානිවලින් ධාවකයා ආරක්ෂා වෙනවා.


කුඩා කල සිට මාගේ ඉතා හොඳ මිතුරෙකු සහ එලකිරියේ සමාජිකයෙකු වන වන GIhan GTR සමඟ උසස් අධ්‍යාපනයේ යෙදුන සිසුවෙකු මෝටර් බයිසිකලයක ගමනක් යද්දී අනතුරකට ලක් වුනා.
වාහනයක් ඉස්සර කිරීමේදී ඉදිරියට පැමිණි නගරාන්තර බසයක් වැදීමේන් දරුණු ලෙස අනතුරට පත් ඔහුගේ පාදයක් වෙන් කිරීමට සිදුවූ අතර එම තුවාල මඟින් මොළයට විෂබීජ ගොස් ටික දිනකින් ඔහු මෙලොව අතහැර ගියා.
පාදයක් ඉවත් වන තරමට හා දකුණු උරහිසට අධික ලෙසද ශරීරයේ අනෙකුත් බෝහෝ තැන් වලටද තුවාල වී සිටි මෙම පුශ්ගලයාගේ හිසට හෝ මුහුණට එකදු සීරීමක් හෝ නොවුන බව ඔබ විශ්වාස කරනවාද?
එයට හේතු වූයේ ඔහුගේ ෆුල් ෆේස් හෙල්මට් එකයි.
එම හෙල්මට් එකට පිටතින් දැඩි හානි සිදු වී තිබුනද එම හානිය කිසිදු අයුරකින් අභ්‍යන්තරයට පැමිණ තිබුනේ නෑ.
දැන් ඔබ කියාවි ඔහු නිවරදි අයුරින් වාහනය ඉස්සර කලානම් හෝ වේගය සීමා කරගෙන රිය පැදෙව්වානම් එම අනතුර නොවෙන්න තිබුනා කියා.
ඒත් සිදුවන සෑම අනතුරක්ම සිදුවන්නේ අනතුරට ලක්වාන්නාගේ වරදින් යැයි ඔබ සිතනවානම් යූ ටියුබ් අඩවියේ පොලිස් CCTV වීඩියෝවන් නරඹන මෙන් මම ඉල්ලා සිටිනවා.


helmet-UP.jpg


දැන් අපි මදක් මෙම නීතිය ගැන බලමු.
මෙම නීතිය ගෙනාපු ප්‍රධාන තර්කය වන්නේ මෙම ෆුල් ෆේස් හෙල්මට් මඟින් අපරාධ වැඩි වී ඇති බවයි.
ඇත්ත වශයෙන්ම අද සමාජයේ අපරාධ වැඩි වීමට ප්‍රධාන කාරණය මෙම හෙල්මට් දැයි සිතිය යුතුය.
මාමාස්මි වැනි අපරාධ ලෝකයේ රජවරු බුර්කාවෙන් ආරක්ෂාව ලබා ගනිද්දී ඒවා තහනම් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන්නන්ට මතක් වූයේ නොමැත.
රතුපස්වල සමාන්‍යය ජනතාව වෙඩි කා මියදෙද්දී එම සිද්ධියට සම්බන්ධ වූවන්ගේ වැඩ තහනමක් හෝ කිරීමට ඔවුන්ට මතක් වූයේ නොමැත.
ඇන්කර් කිරි වල විෂ අන්තර්ගත වෙද්දී සාමාන්‍යය වැසියක නඩු මඟට යන තෙක් නඩුවක් හෝ දැමීමට නීතිය ක්‍රියාත්මක කරන්නන්ට අමතක වී තිබුනේය.


මෙය සෘජු ලෙසම අපරාධ අඩු කිරීමට සාමාන්‍යය මහ ජනතාවගේ ජීවිත බිල්ලට ගැනීමකි.
මෙයින් පහර වදින්නේ සීතල කාමර වල සිට ගෙන්දගම්න් පොලොවෙන් තවත් ගෙන්දගම් පොලොවකට පමණක් අඩිය තබන්නා වූ මහතුන්ට නොවේ.
මෙය බලපාන්නේ දුප්පත් ජනතාවටය.
බයිසිකලය දුප්පතාගේ වාහනයයි, ප්‍රමිතියෙන් යුතු හෙල්මට් වල මිල ගණන් සිය ගණන් වලින් නොමැත ඒවා ඇත්තේ දාස් ගණන් වලිනි.


ප්‍රභාකරන් වරක් පැවසූ දෙයක් මෙතනදී කියන්න මට හිතුනා.
"සිංහලයන්ට දෙයක් මතක සති දෙකයි." ඔහුගේ එම වදන සත්‍යයක් කරමින් මෙම නීතියද මිනිස්සුන්ට සාමාන්‍යය වනු ඇත.
දුප්පතා කට්ට කනු ඇත, ඒ ඔහුට දැන් එය පුරුදු නිසා වෙනි.
අනතුරට පත් වූවන් විදවනු ඇත, ආබාධ වලින් ජීවත් වනු ඇත ඒ ඔවුන්ට දුක කීමට කිසිවෙකු නොමැති නිසාවෙනි.


උතුරේ දෙමළ ජනතාවගේ පරණ පිනක් නිසා මෙවැනි බුද්ධිමත් නීතිය ක්‍රියාත්මක නරන්නන් එකල සිටියේ නොමැත.
එසේ වූවානම් සියළු ලාංකිකයන්ගේ අනාගතය පතා වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශයම ත්‍රිවිධ හමුදා ප්‍රහාර මඟින් විනාශ කිරීමට ඔවුන් දෙවතාවක් නොසිතනු ඇත.


අපි කෙතරම් දැඟලුවත් මෙම නීතිය නොනවතිනු ඇත.
නමුත් අවසාන වශයෙන් දෙයක් නොකියා බැරි නිසාම කීමට සිදුවේ.


අපිට මහ රජෙක් සිටී.
ඔව්, මහින්ද රාජපක්ෂ රජෙකි, ඔහු කැකිල්ලේ රජෙකි.
ඒ නිසාම මේ රටේ සිදුවන නීති පැනවීම්, තීන්දු කැකිල්ලේ රජුගේ නඩු තීන්දු වලට සමාන වේ.


signs-and-symbols-vector-motorcycle-accident-compensation-clip-art-419381-vector-300x148.jpg
signs-and-symbols-vector-motorcycle-accident-compensation-clip-art-419381-vector-300x148.jpg
signs-and-symbols-vector-motorcycle-accident-compensation-clip-art-419381-vector-300x148.jpg



picture.php

 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හැබැයි අර කළු ගෝනි පඩංගු ඇදගෙන බිල්ලෝ වගේ යනකොට ඔය ආරක්ෂාව තරවෙනවා ඇති ..තු නොදකින්

    අපිට මහ රජෙක් සිටී.
    ඔව්, මහින්ද රාජපක්ෂ රජෙකි, ඔහු කැකිල්ලේ රජෙකි.
    ඒ නිසාම මේ රටේ සිදුවන නීති පැනවීම්, තීන්දු කැකිල්ලේ රජුගේ නඩු තීන්දු වලට සමාන වේ.

    :yes::yes::yes::yes::growl::growl::frown::frown:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,696
    2,498
    113
    Bevery Hills-90210
    මචන් මට ඉස්සර හිටපු අන්කල් කෙනෙක් කිව්වා ඉස්සර ෆවුසි ඇමති ඉන්න කාල උගෙ මල්ලි ගෙනාපු හෙල්මට් තොගයක් විකුණන්නලු හෙල්මට් නැතුව ධාවනය තහනම් කරේ..(ඒක නම් අවුලක් නැහැ කියමුකෝ)
    එතකොට ඉස්සර තිබුන ලන්ච් ෂියිට් තහනම් කරලා ටිකක් ගණකම එකක් ගෙන්නුවෙත ඇමතිකෙනෙක්ගේ වැඩකටලු.
    දැන් යන ග්‍රීන් ටෙස්ට්(දුම් සහතික) කේස් එකත් ඇමතිකෙනෙක්ගේ බිස්නස් එකක්ලු.




     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    GIHAN GTR gana kiwwama matath awla giya utada ehema une kiyala./.......... passe 3weni para hariyata kiyawaddi thama hariyata therune.................. ane ammapa ithin:angry:

    ME thioyenne mage helmet eka.... balamu awlak giyoth....... habai mage tinted visor neme...... mata aracnhi widiyata Color & tinted visor tiyena ewata thama awla

    Airoh-S4-MX-Enduro-Motocross-Helmet-Black-1.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    පොලිසියෙන් මොන මගුල කිව්වත් මම නම් අලුතෙන් හෙල්මට් සල්ලි දීල ගන්නෙ නම් නෑ. අපි උන් වගේ පාර අයිනෙ ඉදන් 200-500 පගාව අරන් නෙවෙ වටින බයික් සහ හෙල්මට් ගත්තෙ. හැම සතයක්ම අමාරුවෙන් ලබාගත්තෙ. එහෙම අමාරුවෙන් හිමි කරගත්තෙ එක එකාට ඔනේ වෙලාවට ගලවන්න කඩන්න විසි කරන්න නෙවෙ. ඔනේ බල්ලෙක් බුරාගත්ත දෙන් මම මගේ මුන කඩා ගෙන අපේ අම්මලාට ගිනි දෙන්න කැමති නෑ.