|~ අපි ආශ්චර්‍යය කරා පියනගමු ~|

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
|~ අපි ආශ්චර්‍යය කරා පියනගමු ~|



1098052_10201643824640889_1706977329_n.jpg



ප්‍රථිපත්තියක් වශයෙන් දේශපාලනය ගැන මම කථා නොකරමි...
දේශපාලනය නොමැති රඟ මඩලේ නළුවන්ගේ සැබෑ ස්වරූපය කුඩා කල දුටු අයෙකි මම..
දේශපාලනය නිසා මළ ගෙදරකටවත් නොයන තරමට විරසක වන අහිංසක මිනිසුන් අන්දවා පාර්ලිමේන්තුවේ දේශපාලන නයි පොළඟුන් එකව නටන රැඟුම් හොඳ සැටියෙන් දැක ඇත....
නමුත් රතුපස්වල සිද්ධිය ගැන කිසිවක් නොකියා සිටීමට මම අපොහොසත් වෙමි...


අපි ආසියාවේ ආශ්චර්‍යය කරා පිය නගන්නේ යෝධ ශක්තියෙනි...
දැන් බොහෝ දෙනෙකුට Permit ලැබේ...
ඒ permit විකිණිමටද හැකියාව තිබේ...
Permit වලට ගෙන්වූ වාහන පාරේ පිරිලාය...
ඒ උසස් වාහන පැදවීමට අධිවේගී මාර්ග රට පුරා ඉදිවෙමින් පවතී...

sri-lanka-highway.jpg




අප වසර ගානකට පෙර යුද්ධයෙන් බැට කෑවේය...
උදේට නිවසින් පිටවන කෙනෙක් නැවත ගෙදරට පැමිණේදෝ කියා සැකයෙන් සැවොම ජීවත් කාලයක් තිබූ බව අපට මතකය...
මොන නමින් මෙහෙයුම් ගියත් මානුෂීය මෙහෙයුමට පමණක් අවාසනය කරා යා හැකි වූ බව සත්‍යයකි...
එම යුද්ධයට සේනාධිනායකයා ලෙස අණ දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවද සත්‍යයකි...


නමුත් එදා ගමක් ගමක් පාසා රණවිරුවන් වෙනුවෙන් බෝධි පූජා, දේව මෙහෙයන් තිබ්බේ සමාන්‍යය ජනතාවය...
සෙබළුන් වෙනුවෙන් ලේ දන් දුන්නේ සාමාන්‍යය ජනතාවය...
යුද්ධය අවසන් වූ පසු ගමක් ගමක් පාසා රණවිරු උපහාර දුන්නේ සාමාන්‍ය ජනතාවය...
හමුදාකාරයා වෙනුවට හමුදාවේ අපේ කොල්ලෙක් යන ගෞරවය දුන්නේ අපේ ජනතාවය...
මේ කිසිවක් මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ ආණ්ඩුව පවසා කෙරූ දේවල් නොවේ....
ගමේ සිටින උක්කු බණ්ඩා, මැගිලින් නෝනා තමන්ගේ හදවතින් කල දේවල්ය...

slarmy.jpg




පොලීසිය කොන් වී අවසානය...
අද පොලිස් නිලධාරියෙකුට අපේ කොල්ලෙක් කියන්නේ නැත...
ඔහු නිකන්ම නිකන් පොලිස් කාරයෙකි...
පැන්ශන් ගිය පොලිස් කාරයා වගේ කියා සමාජයේ කතාවක් හැදුනේ නිකන්ම නොවේ...
නමුත් අද ඒ තත්වෙට හමුදාව වැටෙනු දැකීම හදවතින්ම හඬාවැටෙන අවස්ථාවකි...


භීෂණ සමයේ සිදුවූ මිනීමැරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා නිළධාරියකු සහ සෙබලෙකු අතරින් සෙබලා නිදහස් කල අවස්ථාවක් මම අසා ඇත...
එයට හේතුවී ඇත්තේ ඒ සෙබලාගේ එක් ප්‍රකාශයකි...
"මම හමුදා සෙබලෙක්, මාව පුහුණු කරලා තිබ්බෙන්නේ ඉහලින් ලැබෙන අණ පිළිපැදීමටයි, එම ක්‍රියාවේ වැරදි හෝ නිවැරදිබවක් බැලීමේ අවස්ථාවක් මට නෑ, මම මෙතනදි කලෙත් ඒ දේමයි."
එම කථාව මෙතනටද හොඳින් ගැලපේ.
හමුදා සෙබලා පොලිස් කාරයා මෙන් ආතල් එකට මිනිස්සුන්ට පහර දෙන්නේ නැත...
මීට පෙර උද්ඝෝෂණ වලට පැමිනියද පොලීසියට වඩා සුහදව සාමාන්‍යය මිනිසුන් සමඟ වැඩ කරනු අප දැක ඇත...
එසේ නම් ඇයි වැලිවේරියේදී ඔවුන්ගේ ක්‍රියා පිලිවෙත වෙන උනේ...???
මාධ්‍යය වැළක්වූ අකාරයෙන්ම මෙය කලින් සූදානම්ව පැමිණි ලෙස මට පෙනේ...

large2%2834%29.jpg




හමුදාව හැසිරුනේ මෙය තව ඊළාම් යුද්ධයක් මෙනි...
වෙඩි තැබුවේ තුවක්කුව මෑන්නුවේ ත්‍රස්ථවාදීන්ට මෙනි, පහර දුන්නේ පාතාල අපරාධකරයින්ගෙන් ප්‍රශ්ණ කරනවාටත් වඩා කුරිරු ලෙසිය...
ඒ මිනිසුන් ඉල්ලුවේ රටෙන් අඩක් නොව....
බීමට ජලයයි...
මනුශ්‍යයෙකුට ජලය නොමැතිව කොපමන කාලයක් සිටිය හැකිද...???
එම කාලයට වඩා ඔවුන් ඉවසා ඇත...
ඔවුන් ප්‍රථමයෙන් විරෝධය පෑවේ තමන්ගේ ගමේය...
එයින් පිහිටක් නොමැති තැන කොළඹ-නුවර පාරට බැසීමට තරම් ඔවුන් අසරණ විය....
පාරක් වසා බිම නිදාගැනීම විනෝදයට කරන බවක්නම් මම නොදනී....
නමුත් බලධාරීන්ට එසේ පේනේදැයි මට සිතේ...


පෙරදා මර්වින් සිල්වා පැමිණ වැසූ කර්මාන්ත ශාලාව ඊයේ ගෝඨාභය රජාපක්ෂ මහතා නැවතත් වැසීම පුදුමයට කාරණයකී...
ගම්පහ බාරව සිටින, ගම්පහ මිනිසුන්ගේ ඡන්දයෙන් බලයට ගිය බැසිල් මහතා එම ස්ථානයට පැමිණීම තබා මේ ගැන වදනක් හෝ නොපැවසීම ඊටත් වඩා පුදුමයට කරුණකි...


වැලිවේරිය ජනතාව තමන්ගේ ඉල්ලීම ජය ගත්තේය...
නමුත් ඉල්ලීම් දිනා ගැනීමට ජීවිත දෙකක් පරිත්‍යාග කිරීමට ඔවුන්ට සිදුවිය...
සැලකිය යුතු පිරිසක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ගනී...
මීට පෙරද තම අයිතීන් දිනා ගැනීමට තම මිතුරෙකුගේ ජීවිතයක් පරිත්‍යාග කිරීමට කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක පිරිසට සිදුවිය...
නල ජලය ලබා දෙන තෙක් ඔවුන්ට බවුසර මඟින් ජලය ලබා දෙන බව රජයෙන් පැවසුවේ ඊ‍යේ රාත්‍රියේයි...
එම ප්‍රදේශයේ ජලය රෙදි සේදිමටවත් නොගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබුනු මේ ජනතාවට බවුසර් ජලය ප්‍රමාණවත් වේද...???
අපේ රටෙන් අප්‍රිකානු රටකට බීමට ජලය ගැනීම සඳහා ආධාරදෙද්දී අපේ ජනතාවට බීමට ජලය සොයා දිවි පිදීමට සිදුව ඇත....

President%20in%20Uganda.JPG




ජන නායකයින් නැගිටින්නේ සාමාන්‍යය ජනතවගේ ලේ මතින්ද යන්න ප්‍රශ්ණයක් වී ඇත...
කොන්ද පණ නොමැති විපක්ෂයක් නොමැති රටක පාලන පක්ෂය ඒකාධිපති පාලනයක් ගෙන ඒම අරුමයක් නොවේ....
දේශපාලනය මඩ ගොහුරුවකි...
යාමක මිස ඒමක් නොමැති එම මඩ ගොහුරුව අද වනවිට මඩට නොබැස්ස ජනතාවත් ගිලිගැනීමට පටන් ගෙන ඇත....
පාලකයින්ගේ දියුණුව ජනතාවගේ ලේ මතින් සිදුවේ ද...???

අපි ආශ්චර්‍යය කරා පියනගන්නෙමු...
ජපානේ දියුණුව වාගේම ඇෆ්ගනිස්ථානයේ බින් ලාඩන් පාලනයත් ලොවට ආශ්චර්‍යයක් වූ බවද මතක තබා ගත යුතු බව මගේ මතයයි....





picture.php

 
Last edited:
  • Like
Reactions: blcdilruk

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    හොදට ලියල තියෙනව.. :D
    "මම හමුදා සෙබලෙක්, මාව පුහුණු කරලා තිබ්බෙන්නේ ඉහලින් ලැබෙන අණ පිළිපැදීමටයි, එම ක්‍රියාවේ වැරදි හෝ නිවැරදිබවක් බැලීමේ අවස්ථාවක් මට නෑ, මම මෙතනදි කලෙත් ඒ දේමයි."
    මේකට මම එකගයි.. එක් සෙබලෙක් තමන්ට "බැහැ" කීවෝත් ඔහු ඉවත් කර අලුතෙන් තෝරාගත හැකි සෙබලින් බොහෝමයි. සියලුම සෙබලුන් "බැහැ" කීම බලාපොරොතු නොවිය හැකි සිදු නොවන්නක්..
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
    වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය
    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම් කරු
    බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
    වැටුපට මිනි මරන දනන් නොව ඔබලා මිනිසුනි ගරු
    අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු

    මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
    අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
    උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබළ සඟය
    පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය


    - නන්දා මාලිනි - ( Album - පවන )
    :nerd:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    හොදට ලියල තියෙනව.. :D මේකට මම එකගයි.. එක් සෙබලෙක් තමන්ට "බැහැ" කීවෝත් ඔහු ඉවත් කර අලුතෙන් තෝරාගත හැකි සෙබලින් බොහෝමයි. සියලුම සෙබලුන් "බැහැ" කීම බලාපොරොතු නොවිය හැකි සිදු නොවන්නක්..

    oya prakasheta mata ahanna thiynne manussakamak nadda kiyalai :(
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කවද්ද සහෝ අපේ රටේ දේශපලකයෝ ජනතාව ගැන හිතලා තීන්දු ගත්තේ...තමන්ගේ පැවැත්මට විතරයි උන් ඉන්නේ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    oya prakasheta mata ahanna thiynne manussakamak nadda kiyalai :(
    බැහැ කිව්වොත් විනය නීති අනම් මනම් සීන් ගොඩයි.. අනික මනුස්සකමක් සියලුම සෙබලුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනෙ.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Good Post
    meka plan karala gahuve
    minissu yanna yaddi balen valiya adagatthe
    gevalvala doravalvalata thattu karala inna minissu eliyata argenath gahuvalu
    Rep+9
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by tchin123
    රණ දෙරණේ ගිනි අවි ගත් යුධ සෙබලුනි අසනු මැනව
    වෙඩි උණ්ඩය වැයකොට නුඹ සුරැකිය යුතු ජන පිරිසය
    යුක්තිය උදෙසා මොරදෙන ජනයා නසතොත් වියරුව
    වැනසෙන්නේ නුඹද අයත් පන්තිය බව සිතට ගනුව

    ඉලක්කයට ලක්වන විට රුදු මරණයේ ඉරණම් කරු
    බලව සිතා එක මොහොතක් වරද කිමැයි ඔහුගෙ රුදුරු
    වැටුපට මිනි මරන දනන් නොව ඔබලා මිනිසුනි ගරු
    අයුක්තියේ අණ පිලිපැද කුමටද නුඹ පලදින තරු

    මානන ගිනි දණ්ඩ තුලින් පෙනෙන තරුණ පපු කුහරය
    අධම කැලතකට අද දින නහර පිනන රස අහරය
    උන්ගෙ බහට නිදොස් දනන් මරතොත් යුධ සෙබළ සඟය
    පමා කරන්නේ නුඹ හෙට නැගෙන්ට යන නව අරුණය


    - නන්දා මාලිනි - ( Album - පවන )

    meke mp 3 ekak dipallako