Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Honda_ Unicorn_ගන්න_කලින්_කියවන්න

    21883_10200200380166483_1641146479_n.jpg

    දවස් දෙකතුනකට කලින් තමා tread එක දාන්න හිටියේ ,එක එක හේතු නිසා පහුවුනා.
    එළකිරිය තුළ බයික් ගැන කතා කරන ගොඩක් tread තිබ්බට මම මේ කියන්න යන බයික් එක ගැන වැඩි විස්තරයක් කොහෙවත් සඳහන් වුනේ නැහැ.
    මගෙම කියල බයික් එකක් මම ගත්තේ මීට අවුරුදු දෙකකට කලින්.ගන්න කලින් විස්තර ඇහුවෙත් එළකිරි එකෙන්ම තමයි.
    මේ අය තමා උදවු කලේ,

    රත්තරං,sachith19920726,kellsupun,gudaya,stylus4,sen10,aadsampath@gmai,Voltage,hansa1018,uguduwa,xcute_shake,IG rocker ,LKS007 ,Myth ,madushansanaka ,rangathusith ,dgvirajm,chanakacm,~Lonely~ ,smad,chika009,NUWAN BUWA,badcJamiga,kumaraya ,amith24 ,IsuruNayanajith Bandara,M&C,047

    ඊට පස්සෙත් බයික් එක ගැන tread 2ක් දැම්මා ආපු ලෙඩ 2ක් ගැන දාලා.එකක්නම් මගෙ වැරද්දක්.බයික් එකේ අවුලක් නෙමේ.
    දෙවෙනි එකනම් බයික් එකෙ අවුලක්.ඒක ගැන හරියට කියලා දුන්නේ එළකිරි එකේ TDI110සහෝදරයා.
    අවුරුදු දෙකකුත් පාවිච්චි කල එකේ බයික් එක ගැන හොඳ නරක කට්ටියටම දැනගන්න දාන්න ඕනේ කියලා හිතුනා.ඒක බයික් එකක් ගන්න බලන් ඉන්න අයට වැදගත් වේවි.
    බයික් ගැන හොඳ දැනුමක් නැතිවුනත් මගේ අත්දැකීම් අනුව තමා මම හොඳ නරක කියන්නේ.ඒ නිසා එක හරියටම හරි නොවෙන්න පුළුවන්.
    බයික් එකක් පාවිච්චි කරන්න දැනුම ලැබුනේ එළකිරි එකේ රත්තරං දාපු tread වලින්.බයික් ගැන තියෙන උණ වැඩිවෙන්න මේ අය දාපු threads හේතුවක් වුනා.kandyan,kukkupatiya,ad.hasareli,speedmalli.


    Honda CB Unicorn 150cc
    (Honda Motorcycle and Scooter India).

    Unicorn_zpsd341d55b.jpg

    ඉන්දියාවේ Honda සමාගම හා Hero සමාගම එක්ව පැවති කාලයේ Hero Honda යටතේ Hunk,CBZ වැනි බයික් නිශ්පාදනය වෙද්දි Honda නමින් වෙළපොළට පැමිණි බයික් කිහිපය අතරින් එකක් තමයි Honda CB Unicorn එක.

    මෙය මුලින්ම ඉන්දියාවට හඳුනවා දුන්නේ 2005 වසරෙදි,ඉන් පසුව මෙහි සුළු වෙන්ස්කම් කීපයක් සිදුවුනා.මේ වෙන්ස්කම් සිදුවුයේ European emission standardsඅනුවය.

    මෙහි අලුත් සමාජිකයා 2010 වර්ශයේදි Honda CB Unicorn Dazzler 150ccනමින් නව පෙනුමකින් ආවත් Honda Unicorn එක නිශ්පාදනය නැවතුනෙ නැහැ.

    trigger-vs-dazzler_zps31b78dce.jpg


    පසුගිය වසර වනවිට Honda CB Unicorn Dazzler නිශ්පාදනය නැවතුනේ අලුතින් හඳුන්වා දුන් Honda CB Trigger 150cc නිසාය.

    නමුත් තවමත් Honda Unicorn ඉන්දියාව තුළ නිශ්පාදනය වේ.ඒ එයට තියෙන ඉල්ලුම අඩු නොවීමත් ,තවමත් ඉන්දීය හොණ්ඩා සමාගමට මෙයට ආදේශකයක් ඉදිරිපත් කිරීමට අපොසත් වීම එයට හේතුවේ.ඉන්දියාව තුළදී මෙයට ඇති අධික ඉල්ලුම නිසා මෙය ලබා ගැනීමට මාස 6ක් සිටීමට සිදුවේ.

    පසුගිය වසරේ Honda CB Trigger හඳුන්වා දීමට පෙර ඉන්දියානු මාධ්‍ය Honda CB 150R StreetFire නමින් ඇති බයික් එක ඉන්දියානු වෙළඳපොළට ඉදිරිපත් කරනු ඇති බවයි,නමුත් අන්තිමට ඔවුන ඉදිරිපත් කලේ Honda CB Trigger බයික් එකය.Honda CB150R StreetFire දැනට ඉන්දුනීසියායු වෙළඳපොළට නිකුත් කර ඇත.

    street_zps4db7db53.jpg


    Honda Unicorn ඉන්දියාව තුළ නිශ්පාදනය වූවත්,මෙහි සැලසුම් හා නිර්මාණ කටයුතු සිදුවුයේ ජාපානයේ ඔසාකා නුවර පිහිටි Honda R&D තුළදීය.මෙයට ජාත්‍යන්තරව කියන නම Honda CBF150M වේ .ඔවුන් එය නිර්මාණය කිරීම ගැන තියෙන විඩියො එකක් තියෙනවා,කැමති අය එය නැරඹන්න හා download කරගන්න (25MB).





    ඉන්දියාව තුළ 150cc කාණ්ඩයේ ඉතා ජනප්‍රිය බයික් එකක් වුනත් ලංකාව තුළ එය එතරම් ජනප්‍රිය වුයේ නැත.ලංකාවට 2008 වසරෙදි හඳුන්වා දුන් Honda CB Unicorn බයික් ලංකාව තුළ පසුගිය කාලයට වඩා වැඩි ප්‍රමාණයක් අදවන විට දැකිය හැක.ලංකාව තුළ බලයලත් නියෝජිත වන්නේ stafford motors ආයතනයයි.


    Specification


    specification_zps8971f2c8.jpg


    වර්ණ


    color_zpsaad67da0.jpg


    දැන් ඉතින් හොඳ නරක තමා දාන්න යන්නේ.මම මේක ගත්තේ .ගද්දි 7000km දුවලා තිබ්බේ.දැන් 34000km දුවලා තියෙන්නේ.ඉතින් මේ අවුරුදු දෙකේ අත්දැකීම් වලින් තමා හොඳ නරක කියන්න වෙන්නේ.
    මුලින් මෙකේ තියෙන අඩුපඩු වගෙම ආපු ලෙඩ ගැන කියලා ඉන්නම්.මෙහි ටයර් ටියුබ් සහිත ඒවා.ඉතින් පැච් එකක් ගියොත් tubeless එකකට වඩා කට්ටක්.මගෙත් දෙපාරක් ගියා.අලුතින් ගන්නවනම් tubeless ටයර් දාලම ගත්තනම් තමා හොඳ.original ආව ටයර් එකෙන් 28000Km වෙනකම් පැද්දා.ඊට පස්සෙ දැම්මේKenda100/90-18tubeless ටයර් එක.110 දාන්න හිටියත් හොයාගන්න තිබ්බෙ නැහැ.Kenda එක Rs.6500.MRF එකේ මිළත් ඒ ගානට ආසන්නයි.ඉස්සරහා ටයර් එකනම් තාම තියෙන්නේ original ආව එක.




    පිටිපස්සටත් Disc break ආවනම් හොඳයි.


    Company එකෙන් ගන්නවනම්අමතරකොටස් මිළගණන් ඉහලය.(ඒකට විසඳුවක් තියෙනවා.මේකට හරියන brake pads එහෙම එළියේ ගන්න තියෙනවා.කඩවල වල ඉන්න අය නම කිවුවට දන්නෙ නැහැ.ඒත් ගැලපෙන ඒවා හොයාගන්න පුළුවන්.)


    Pulsar,Discover එක්ක බලද්දි මෙකේ හෙඩ් ලියිට් එකේ එළිය මදි වගෙ හිතෙනවා.


    150cc කාණඩයේ තියෙන Pulsar,Hunk,Fz,Apache RTR වඩා පෙනුමේ අඩුවක් තියෙනවා.කොල්ලෙක්ට හරියන ගතියක් නැහැ.මැදිවියේ ලුක් එකක් තියෙන්නෙ.


    මූලිකවම මේකට ආපු එක ලෙඩයි තියෙන්නේ.ඒ Carb එකේ Diaphragm කියන කොටස මාරු කරන්න වුනා.Octane 90 පෙට්‍රල් එකේ තියෙන සැරට එක කාලයක් යද්දි Diaphragm වටේ රළු වෙනවා.මේ ලෙඩේ ආවේ 20000km විතර.Octane 95 ගහන එක හරි,full tank ගහලා Rs.10 2T ඔයිල් දාන එකෙන් ඔය ලෙඩේ එන එක නවත්තගන්න පුළුවන්.ලෙඩේ තියෙද්දි මම Octane 95 ගහලා තව 6000km දුවලා තමා Diaphragm එක දැම්මේ.මෙකේ මිළ Rs.4495 වෙනවා.ඒදා ඉඳන් ගහන්නේ Octane 95 විතරයි.මට ඕක කියලා දුන්නේ TDI110 සහෝදරයා.


    DIAPHRAGM_zps8cc65bae.jpg

    “Originally Posted by TDI110

    mechanickiyapukaranepahadilikarannam.. (mamahitanava plug sahaanekevahondatamahondaigataluwaknahakiyala)okamachanHerohonda / Honda awenikadeyak petrol eke sarataoyage carb eke Floting needle ekahirawenava.. carb eke floting chamber eke petrol pirunama needle eka float welaudagihilla petrol line ekawahenava.. habai petrol aduweddiapahuokarelaesewela line ekaarennaona.. oyagedanwenneokaapahuarennatiekai... navattala start karapugaman first succsionekataokapahalaavit line ekaarenava.. samahrawelavata eth naha choke adala kick karannawenava... godaakmaaulunamaoitatamarui start karaganna.kaalayakyaddi petrol sarata needle edjeekai needle ekavahenathana seal ekai rough wenava.. ekaiohomawenne.. 2T oil mudiyak wage dammama petrol tikaksaraaduwela lubricant gathiyakenavaetakotahari..ekaieyalatkaralatiyenne.. 95 octane elatat yam pramanekataokahariyanava..oyaseethapalathakaneminaminne 95 octane ekengodayannapuluwan.. ehemanattanful tank(12-15 literes) ekataRs. 10 2T oil atiokatatiyenne floating needle ekaicarb repair kit ekaidanaeka.. samaharaaya needle ekaidipramekaivitaraidanne e tikatat 3000/= kittuwennayanava... (umbalage parts ganan) ) (mageyaluwekge Hunk ekakatokatiyanavaminihatdammenaha parts dan 95 gahanava)
    jayawevaaaaaaaaaaa...........!!!!”
    Serviceවලදි මෙහි මාරු කරපු කොටස් සහ හදපු දේවල්
    Gasket head cover Rs.495
    Airfilter Rs 795.(එක පාරයි දැම්මේ)
    air_zpsdd65ba9e.jpg

    Damper set Rs.520
    DAMPER_zps48471c73.jpg

    Change Fork oil Rs.340 (14000km)

    Ball Race kit and Replace Handle cone set Rs.1495 + 450 =Rs. 1945
    Ball-Race_zpsa4c6ec10.jpg

    Return spring Rs.220
    Return-spring_zps254eeec6.jpg

    Front brake pad Rs.400 (company price එක මේ ගාන වගෙ තුන්ගුණයකට ආසන්නයි)

    සියළුම රූප මම ගත්තේ HondaUnicorn (CBF150) workshop manualpdfඑකෙන්.කැමති අය ඒක download කරගන්න.(179MB,පිටු 436)








    ඉහතින් සඳහන් කලේ බයික් එකේ අඩුපාඩු,ලෙඩ,මාරු කරපු කොටස් සහ අලුත්වැඩියා කරපු දේවල් ගැන.දැන් කියන්න යන්නේ බයික් එකේ හොඳ වගෙම මට එකෙන් ලැබුන ප්‍රයෝජන.
    මුලින්ම පටන්ගමු එන්ජිමෙන්,අනෙක් ඉන්දියන් බයික් වලට සාපෙක්ශව මෙකේ එන්ජිම සුමට ධාවනයකට මෙන්ම අඩු ශබ්දයක් තියෙන එන්ජිමක්.මෙයට යොදාගෙන තියෙන Honda CRF150F එකේ එන්ජිම නිසා කල්පැවැත්ම මෙනම නඩත්තුව අවම වීමට එයද බලපාන්නඇති.
    HondaCRF150F_zps18a7a7ec.jpg

    Mono-suspension එක නිසා සුවපහසු ධාවනයකට වගෙම වලවල් සහිත මාර්ගයටද හොඳින් ඔරොත්තු දෙනවා.මම බයික් එකෙන් එකදිගට පැදලා තියෙන්නෙ 175km කොට්ටවේ ඉඳන් රිකිල්ලගස්කඩටටිකක් එහා තියෙන අපේ ගමට.කිසි අමාරුවක් නැතිව ගියා.නුවර - නුවරළිය( හඟුරන්කෙත හරහා ) පාර හදනන් නුවරින් එහාට පාර කඩලා තිබ්බේ.එද්දි පාන්දර 3 විතර කන්දෙ හන්දියට ටිකක් එහාදි ගල් ගොඩක් පාර මැද දාලා තිබ්බා,මිදුමටඑක පෙන්නෙ නැතිව ගිහින් වැටුනා.ලොකු අවුලක් නැති නිසා මඩත් නාගෙන කොළඹ ආවා.ඒක අතුරු කතාවක් ;)
    සතියට දවස් 5ක් මම ඔෆිස් යන්න එන්නෙ බයික් එකේ.යන්න එන්න 48km තියෙනවා.කොට්ටේ, බොරැල්ල, මරදාන, පංචිකාවත්ත , අමර් වීදියෙ traffic එකේ තමා යන්න වෙන්නේ.trafficයන්න හොඳ බයික් එකක්, Handling හොඳයි.දෙන්නෙකුට වුනත් කිසිම අපහසුවක් නැතිව යන්න පුලුවන් seat එක පළල් නිසා.

    දැන කියන්න යන්නේ තෙල් කෙරුවාව ගැන.මම ගත්ත දවස් වල ඉඳන් ගැහුවේ Octane 90.ඒත් Diaphragm එකේ ලෙඩෙ ආවාට පස්සෙ Octane 95 ගහනවා.city trafficඑකේ55Kmpl ආසන්නව තෙල් කරනවා.out 58-60Kmpl ක් අතර කරනවා.මම තෙල් ගාන ගණනය කරන්නේ මාසේ පුරාම මම පැද්ද දුර හා තෙල් සඳහා ගියපු වියදම බලලයි.


    බයික් එක 60-80Kmhඅතර සුමට ධාවනය වන අතර,100kmhගියද දෙදිරීමක් ඇති නොවේ.මම 100 වැඩියෙන් ගිහින් තියෙන්නේ අවස්ථා කීපයකදි පමණි.



    අනෙකුත් ඉන්දියන් බයික් වලට සාපෙක්ෂව විශ්වාසවන්ත,නඩත්තුව අඩු හොඳ ගමන් සගයෙක්.



    බයික් ගන්න ඉන්න අයට
    ලංකවේ මහින්ද මාමිට පිංසිද්ද වෙන්න ඉන්දිය බයික් වල මිලත් ජපන් බයික් වල මිලත් අතර අද වෙන කොට ලොකු වෙනසක් නැහැ.Honda unicorn එක ඉන්දියාවෙදි ටැක්ස් සහිත මිළ ඉන්දියන් රු.79000(ශ්‍රී ලංකා රු.170000)වෙද්දි ලංකාව තුළ VAT සහිත මිළ රු.296,000 වෙන්නේ ලංකාවේ ඈස්චර්ය නිසාය.අලුතින් ගන්න හොඳ බයික් එකක් වුනත් ඒ ගානට හොඳ ජපන් බයික් එකක් වුනත් අදවන විට මිළදී ගන්න පුළුවන්.second hand ගන්නවනම්U,V,W no හොඳ තත්වයේ බයික් එකක් Rs.180000 අඩුවෙන් සොයාගත හැක.


    ලංකාව තුළ සමාන්‍ය භාවිතයේදි 150-180cc කාණ්ඩයේ ජනප්‍රිය බයික්නම්,
    Bajaj Pulsar150 (Rs.270,000) /180cc(Rs.338,000)
    Yamaha FZ 16 (Rs.335,000) / FZ-S (Rs.347,000)
    Hero Hunk (Rs.299,990) /CBZ (Rs.297,990)
    TVS Apache RTR150 (Rs.283,000) /180cc (Rs.334,000)

    ඉහත මිළ ගණන් ආසන්න වශයෙන් දක්වා ඇත

    Rs.300000 අඩුවෙන් සොයාගත හැකි ජපන් බයික්
    Honda (Jade,AX-1,CB4, FTR, XR) , Yamaha (TW,TTR, TRICKER, Serow), Suzuki (volty, GN 125, DJEBLE), Kawasaki D-tracker
    අමතර කරුණු

    බයික් එක modify කරන්නනම් යන්න එපා.ලංකාවෙනම් දැකලා නැහැ.ඒත් ඉන්දියාවෙනම් කරනවා.

    බීට් කෑන් ගහන්න එපා.සද්දයක් නැතිව ලස්සනට යන්න තියෙන එක ලෑන්ඩ් මාස්ටරයක් කරගන්න එපා.

    පුළුවන්නම් Tubeless ටයර් දාගන්න.

    වෙනත් එන්ජින් ඔයිල් වර්ග දාන්න යන්න එපා.

    වෙලාවට service කරගන්න,තෙල් මාරු කරන්න,වැස්සක ආවොත් ගෙදර ඇවිත් වතුර පාරක් අල්ලන්න,අඩු ගානේ සතියකට දෙකකට සැරයක් හෝදන්න.waxකරන්න.(මම පාවිච්චි කරන්නේ soft 99 ).

    උදේට start කරපු ගමන් යන්න ලෑස්ති නොවි පොඩ්ඩ්ක start එකේ තියලා යන්න.

    ටයර් වල හුළං මට්ටම බලන්න(මම නයිට්‍රජන් ගහන්නේ,අනිත් එකට වැඩිය පැහැදිලිව පේන වෙනසනම් හුළං අඩු වෙන එක සෑහෙන්න අඩුයි ).

    එන්ජිමේ තෙල් මට්ටම බලන්න.

    චෙන් එක adjust කරගන්න.

    හොඳ හෙල්මට් එකක් දාන්න,සපත්තු දාන්න,දිග කලිසම් අඳින්න.

    හැකි සෑම විටම තමන්ට පාලනය කරගතහැකි වේගයකින් යන්න.බයික් එකට වදයක් වෙන විහියට එළවන්න එපා.වැස්සක යනවනම් නවත්තගන්න පුළුවන් වේගෙන් යන්න.

    බල්ලෝ,හරක්,පුසො,වැලි,ගල්,වලවල් වගේම විශේෂයෙන් ගැහැණු අය පාර මාරු වෙද්දි අවධානයෙන් යන්න.

    අදායම් බලපත්‍ර,රක්ෂණාවරණය,රියදුරු බලපත්‍රය,දුම් සහතියක ලඟ තබා ගන්න,එවා නියමිත වෙලාවට අලුත් කරගන්න.ගමනක් යෑමට කලින් තමන් ලඟ තියෙනවද කියලා බලන්න.

    හැකි සෑම විටම වම් පසින් යන්න,ඉස්සර කිරීමෙදි ,මංතීරුව වෙනස් කිරීමේදි,හැරවීමෙදි සංඥා කරන්න.

    පටු පාරවල් වල වම්පසින් ඉස්සර කිරීමෙන් වළකින්න.කන්ටෙනර්,දිග බස්,ලොරි ඉස්සර කිරීමෙදි හැකිතාක් ඈත්ව ඉස්සර කරන්න.

    මත්පැන ගෙන බයික් පැදිමෙන් වළකින්න.

    Traffic එකක යන විට අනෙක් වාහන වලට අවහිරයක් නොවී ගමන් කරන්න.කොළඹ අවට යනවනම් ත්‍රී විල් ගැන ආවධානයෙන් යන්න.

    කොළඹ අවට බයික් පදින්වනම් මට අනුව උපරිම හොඳ වේගය 60-70kmh.

    අවසන් වශයෙන් කියන්න තියෙන්නේ හැමවෙලේම තමන් යන්නේ රෝද දෙකක් උඩ බව මතක තබාගන්න.
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මගෙ කලින් බයික් සම්බන්ඳ treads
    බයික් එකක් තියෙන,ගන්න ඉන්න අයට වැදගත් වෙන treads
    [FONT=&quot]භාවිතාකල[FONT=&quot]ඉන්දියන්[/FONT][FONT=&quot]යතුරු[/FONT][FONT=&quot]පෑදි[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/FONT]

    [FONT=&quot]ඉන්දියන්[FONT=&quot]බයික්[/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]රජෙක්[/FONT][FONT=&quot]වගේ[/FONT][FONT=&quot]තියාගම්මු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/FONT]

    [FONT=&quot]බෙල්ල[FONT=&quot]කඩාගන්නේ[/FONT][FONT=&quot]නෑතුව[/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot]පදිමු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/FONT]

    [FONT=&quot]වෘක්ශන[FONT=&quot]කෝශ[/FONT][FONT=&quot]රෑකගෙන[/FONT][FONT=&quot]බයික්[/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]ගම්මු[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/FONT]

    [FONT=&quot]බයික්[FONT=&quot]එකේ[/FONT][FONT=&quot]බෑටරිය[/FONT][FONT=&quot]කුරුම්බෑට්ටි[/FONT][FONT=&quot]වෙලාද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/FONT]

    [FONT=&quot]මෝලක්[FONT=&quot]කුලප්පු[/FONT][FONT=&quot]වෙන්නේ[/FONT][FONT=&quot]කොහොමද[/FONT]? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/FONT]

    [FONT=&quot]ක්ශනික[FONT=&quot]මෝචනයද[/FONT]? [FONT=&quot]එන්න[/FONT][FONT=&quot]පිලියමක්[/FONT][FONT=&quot]කරමූ[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/FONT]

    [FONT=&quot]රියදුරු[FONT=&quot]බලපත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රය[/FONT][FONT=&quot]ලබාගැනීම[/FONT][FONT=&quot]-[/FONT] http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/FONT]

    ElaKiri Bajaj Pulsar Fan Club

    YAMAHA_FZ_ගන්න_කලින්

    Honda Hornet CB250F

    Hornet ගන්න කලින් කියවන්න

    All-in-one Honda CB400 SF models

    Chain Lubricants

    Nitrogen for Tyres

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....
    මේක බයික් වලට අදාල මතෘකාවක් නෙමේ,මම ජාතිවාදියෙක්ද කියලා මම දන්නෙ නැහැ,හැබැයි මම මගේ ජාතියට ආදරය කරන කෙනෙක්.
    ගන්න බඩුවක් සිංහල කඩේකින් ගන්න,සිංහල එකෙක් දියුණු වෙද්දී අත දෙන්න කකුළෙන් අදින්නෙ නැතිව.ව්‍යාපාරයක් කරන සිංහල අයෙක්නම් සාධාරණව,පාරිභෝගියන් එක්ක සුහදව කටයුතු කරන්න.

    පොඩි ලාබෙට වෙන කඩවලින් ගන්න එපා.
    පහු ගිය කාලේ අමර්වීදියෙ
    ,කොම්පඤ්ඤවිදීයෙන්,වැල්ලම්පිටියෙන් අල්ලපු ඩයි මිරිස්,කහ කුඩු,පරිප්පු,කලවං සුදුරු එහෙම කරන්නෙ මොන අයද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ,එයාලගෙ දියුණුවේ රහසත් එකනේ.
    එයාලා අඩුවෙන් දෙන්නෙ කොහොමද කියලා මේවගෙන් තේරෙනවනේ.
    Compute,laptopඑහෙම ගන්නවන ම්unity plaza අස්සෙ රින්ගන්නෙ නැතිව එළකිරි එකේ urajඅය්යගෙන්,kandyan ගන්න.

    මහන්සිවෙලා ටයිප් කළේ ,බයික් එකක් ඇතත් නැතත් අනිත් කට්ටියටත් බලාගන්න BUMP එකක්වත් දාලා යන්න :).
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචං සෑහෙන්න වටින දෙයක් හොදට විස්තර කරල තියෙනව :yes: .....මුල ඉන්දන් අගටම කියෙව්ව...තෑන්ක්ස් ශෙයා කරගත්තට....+7
     
    • Like
    Reactions: mano3989

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සෑහෙන වැඩ ගොඩකට යටවෙලා ඉන්නේ. එලකිරි ආවෙත් දවස් දෙකතුනකින්

    බයික් පාවිච්චි කරන අයට වැදගත් වෙන හුගාක් කරුනු එක්ක හුගක් මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියලා තියෙනවා. උබ බයික් එක "අදුනගෙන" පාවිච්චි කරන එක ගැන හුගාක් සතුටුයි, උබ කිව්වා වගේ මචන් බයික් එකක් පාවිච්චි කරනකොට ඉන්නේ රෝද දෙකක් උඩ කියන එක සිහියේ තියාගන්න ඕනේ. මමනම් ඇට කටින් එන්න ඇනගත්තට පස්සේ දැන් බයික් පැදිල්ල පොඩ්ඩක් ඈත් කරලා තියෙන්නේ. වෙලා තියෙන්නේ තමන් හරියට ගියත් අනිත් මිනිස්සු මොන විදිහට එයිද කියලා කියන්න බෑ, මටත් උනේ ඒ ටික

    දැන් ගෙදර මිනිස්සු බයික් අල්ලන්නවත් දෙන්නේ නෑ. ආත්මේ මාරුකරගන්න වෙනවා ආයේ බයික් පදින්න,

    මචන් උබ දිගටම ත්‍රෙඩ් දාපන්

    rep 12+
     
    • Like
    Reactions: mano3989

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,616
    2,444
    113
    නිධානයක් උඩ
    හොඳ ලිපියක් මචෝ..:)මගෙත් තියෙන්නේ යුනිකෝන් එකක්. උබ දාල තියන විස්තර නියමයි. මම බයික් එක අරන් තවම ටික කාලයයි. දවස් කිහිපයක් ස්ටාට් කරන්නේ නැතිව තිබිල ස්ටාට් කරනකොට ස්ටාට් වෙනවා හොරයි. ඒ හැටිද? නැත්නම් ලෙඩක්ද? :)