බෝක්කු අස්සෙ රිංගීම.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    බෝක්කු අස්සෙ රිංගීම.

    මම මේ ලඟකදී lake එකක් බලන්න ගිහින් දාපු thread එකට හොඳ ප්‍රතිචාරයක් ලැබුන නිසා හා එළකිරි සාමාජිකයන් විසින් ඒ හරියෙ තවත් පින්තුර දමන්න කරපු ඉල්ලීමත් නිසා, මම හිතුව තවත් thread එකක් දානවා කියල.

    මේ තියෙන්නෙ කලින් දාපු thread එක.
    මිනිසුන් පාත්තයෝ වූ හැටි.

    මේ තියෙන්නේ ඔය lake එකෙන් වතුර පිටාර ගලන තැන දෙකක්. මම ඕව ගත්තේ ලොකු වැස්සකට පස්සෙ, ඒක නිසා වතුර බොර වෙලා.
    20140621_141506.jpg

    20140626_140722.jpg

    20140621_142127.jpg





    ඔය lake එකේ, rent එකට බෝට්ටු ගන්න පුළුවන්. මේ ඒ ගන්න තියන තැන.

    20140626_141103.jpg


    බයිසිකලය පාගල ඔය අහුමුළු වල කරක්ගහන එකේ වාසිය තමයි, ප්‍රශ්නයක් නැතිව, ඕන අස්සක රිංගීමේ හැකියාව ලැබීම. ඉතින් මමත්, ලංකාවෙදි හැදුනු කැලෑවල රිංගීමේ පුරුද්ද නිසා, ඔය lake එකට එන පොඩි වතුර පාරක් දිගේ උඩට ගියා. ඔහොම ගිහින් පාලම බෝක්කු දෙකක් අස්සෙන් රිංගල ගියාම මට හම්බඋනා එලම පොට් එකක්. අපේ එවුන් කියනව වගේ, සෙට් වෙන්න කියාපු, හැංගිච්ච පොට් එකක්.;)


    20140705_122835.jpg

    20140705_121426.jpg

    20140705_125027.jpg

    20140705_121246.jpg

    20140705_125251.jpg

    20140705_125448.jpg




    මම ගිය දවස වතුර අඩු දවසක් කියල තමයි මට හිතුනෙ; වතුර පොඩ්ඩක් වැඩි දවසට ඔය වතුර පාර තව ලස්සන ඇති. මාළුත් සෑහෙන ප්‍රමාණයක් හිටිය.



    මේක ඔතනදි වෙච්ච සුළු සිදුවීමක්. ඒත් දැනුවත් කිරීමක් විදිහට මේ ගැන කියන්න ඕන කියල හිතුන.


    එතන වතුර පාර මැද ගලක මී මැස්සෙක් වහල හිටිය පියාඹගන්න බැරුව. හුඟක් අය හිතන්නේ මි මැස්සො ඔහොම වැටිල ඉන්නෙ මැරෙන්න කියල. ඒත් හුඟක් වෙලාවට වෙන්නේ උන් මල් හොයන් යනකොට ලොකු හුලන් පාරකට වගේ දේකට අහුවෙලා හුඟක් දුර යැවෙනව. මි මැස්සෙක්ට, උගේ තටු වලට සාපේක්ෂව හුඟක් ලොකු ශරීරයත් එක්ක, පියාඹන්න ලොකු ශක්තියක් වැය කරන්න ඕන. ඌ පොඩි සතෙක් නිසා, ඌට උගෙ ශරීරයේ ලොකු ශක්තියක් ගබඩා කරගන්න බෑ. ඒක නිසා හුඟක් වෙලාවට ඔහොම වැටිල ඉන්නෙ, පියාඹගන්න ශක්තිය නැති උනාම. ඒ වෙලාවට පුලුවන්නම්, සීනි ටිකක් වතුරට දිය කරල බින්දුවක් ඌ ගාවින් තියන්න. ඌ ඒක බීල විනාඩි කිහිපයකින් ආයිමත් පියාඹල යනවා. පිනක් කරගන්න පුළුවන්.:yes:

    20140705_123800.jpg

    20140705_123810.jpg

    මම කලේ මගේ බීම එකෙන් බින්දුවක් දුන්න එක. හැබැයි ඔය කොකාකෝල වගේ ඒවා දෙන්න එපා, ඌ මැරෙයි.:baffled: මම ගෙනිච්චේ 100% ස්වභාවික එකක්, ඒක නිසා අවුලක් නෑ.

    පොර ඉතින් විනාඩි තුනක් විතර ඒක බීල, ලැජ්ජාවටත් එක්ක, මොකුත් නොවුන වගේ එකපාරම සුරුස් ගාල පියාඹල ගියා.:lol:


     
    Last edited:

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    මේක ඔතනදි වෙච්ච සුළු සිදුවීමක්. ඒත් දැනුවත් කිරීමක් විදිහට මේ ගැන කියන්න ඕන කියල හිතුන.

    එතන වතුර පාර මැද ගලක මී මැස්සෙක් වහල හිටිය පියාඹගන්න බැරුව. හුඟක් අය හිතන්නේ මි මැස්සො ඔහොම වැටිල ඉන්නෙ මැරෙන්න කියල. ඒත් හුඟක් වෙලාවට වෙන්නේ උන් මල් හොයන් යනකොට ලොකු හුලන් පාරකට වගේ දේකට අහුවෙලා හුඟක් දුර යැවෙනව. මි මැස්සෙක්ට, උගේ තටු වලට සාපේක්ෂව හුඟක් ලොකු ශරීරයත් එක්ක, පියාඹන්න ලොකු ශක්තියක් වැය කරන්න ඕන. ඌ පොඩි සතෙක් නිසා, ඌට උගෙ ශරීරයේ ලොකු ශක්තියක් ගබඩා කරගන්න බෑ. ඒක නිසා හුඟක් වෙලාවට ඔහොම වැටිල ඉන්නෙ, පියාඹගන්න ශක්තිය නැති උනාම. ඒ වෙලාවට පුලුවන්නම්, සීනි ටිකක් වතුරට දිය කරල බින්දුවක් ඌ ගාවින් තියන්න. ඌ ඒක බීල විනාඩි කිහිපයකින් ආයිමත් පියාඹල යනවා. පිනක් කරගන්න පුළුවන්

    ube sulu siduveema maara vatinava bn, bokkatama vaduna... මි මැස්සො ohoma vatila innava man ona tharam dakala thiyenava (mage room eketh. man unva visik karala dapu eka thama kale... :oo: ), ath siddiya hariyata danagena hitiye na.

    rep ++
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    සුපිරි මචන්.ඔක්කොම ටික සේව් කරගත්තා.Creek කියන වීඩියෝ එක පට්ට.තව දාපන් මචන් පින්තූර.මේ Lake එකේ නම මොකක්ද මචන්?

    උබ අර මී මැස්ස්සට උදවු කරපු එකනම් හිතට වැදුනා.මොකද උබ වගේ අය බොහොම අඩුයි.අපේ එකෙක් දැක්ක්නම් චප්ප කරලා දානවා.උබ ඔය සීන් එක කියපු එක හොදයි.මම ඒ වගේ දැක්කොත් උබ කියපු විදිහට කරන්නම්. :yes:


    You must spread some Reputation around before giving it to mmaxx again
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දැන් ඔයි වතුර පාරවල් දිගේ යන එක උබගේ ජොබ් එකේ කොටසක්ද බන්...කොහොම උනත් විස්තරෙයි පොටෝ ටිකයි වටිනෝ.. තව තව දාපන් මචං.ඔහොම නැතුව ඕව බලන්න අපි කවද යන්නද?...+12
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මි මැස්සාගේ රෑල අත හැරුනොත් වෙන රැලක එවුන් ඌ ව බාරගන්නේ නෑ, උන් මූව ඇනල මරල දානව.
    උන්ගේ හෙන නීති තියෙන්නේ මං අහල තියෙන විදිහට, තමුන්ගේ රැලේ දුර්වල එවුන්වත් ඇනල පොඩි කරලා මරල දාන සීන් තියෙනවා. උන් ශක්තිමත් එවුන් විතරය්ක් පරම්පරාව ගෙනියන්නෙ..
    මේ වගේ යන එනමක් නැති වෙච්ච මී මැස්සට ආයේ පාර හොයාගන්න බැරි උනොත් තමන්ගේ රැළට එකතු වෙන්න, ඌගේ අවසානේ.

    අනික් සිං එක උබ ඕකුන්ව තලලා දැම්මොත් ඒ අවට උගේ සෙට් එකේ එවුන් හිටියොත්, මූ තලනවා උන්ට මීටර් වෙනවා. එහෙම උනාම රැලම එනවා ආමි එක වගේ අනින්න

    සමහර වෙලාවට මී මැස්සෝ රංචු පිටින් ඇවිත් රැජින අත්තක වහල ඉන්නකොට, සෙට් එකක් එක පැත්තකට යවනවලු ඉන්න තැනක් හොයන, තව සෙට් එකක් තව ඒරියා එකකට යවනවලු. ඊටපස්සේ හොඳ තැනක් සෙට් උනාම රැජින යනවලු එතනට, ඊටපස්සේ එතන ඉන්නවා. ඒ වගේ වෙලාවක මග අරුනොත් මූ දන්නේ නැහැ කොහේ ඉන්නවද කියල. එත් පාර හොයාගෙන ගියොත් හරි.

    (වැඩිය දන්නේ නෑ බං ඕක ලොකු කොස් එකක් නේ)
    ගුඩ් ලක් කිව්වා ඔන්න මැස්සට :D
     
    Last edited: