ලසන්ත වික්‍රමතුංග ඝාතනය ජනවාරි 08

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලසන්ත වික්‍රමතුංග ඝාතනය ජනවාරි 08

    ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ ජනවාරි 08 දා ඝාතකයන්ට එරෙහිව ඡන්දය දීමට ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා - නීතිඥ එකමුතුවේ ජේ.සී.වැලිඅමුණ

    Lawyers_Collective_Press_26Nov2014.jpg


    (ලංකා ඊ නිව්ස් -2014.නොවැ.29, ප.ව. 12.30) ඡන්දය පැවැත්වෙන ජනවාරි 08 වෙනිදා ලසන්ත වික‍්‍රමතුංග කර්තෘ තුමා ඝාතනය කළ දිනය බැවින් එදිනට ඝාතකයන්ට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවට අවස්ථාවක් ලැබී ඇතැයි ද එදිනට රටේ වෛරී නොවන මෛත‍්‍රී දේශපාලනයක් සඳහා පියවර ගන්නැයිද නීතිඥ එකමුතුවේ සම කැඳවුම්කරු නීතීඥ ජේ.සී. වැලිඅමුණ පැවසීය. රට පුරා 800 කට අධික නීතිඥ වරුන්ගෙන් සැදුම් ලත් නිතීඥ එකමුතුවේ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්විණ. ඊට සම කැඳවුම් කරුවන් වන ජනාධිපති නීතීඥ ශ්‍රීනාත් පෙරේරා, ජේ.සී.වැලිඅමුණ, ලාල් විජේනායක, කේ.එස්.රත්නවේල් සහ චන්ද්‍රපාල කුමාරගේ නීතිඥ වරු සහභාගී වූහ.

    එහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වැඩිදුරටත් මෙසේ කීය.

    ‘‘පහුගිය වසර එක හමාරක කාලය තුළ අප රටේ නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීමටත්, රටේ මූලික නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන තිබෙන අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමටත් නීතීඥ එකමුතුව විසින් දීර්ඝ අරගලයන් දියත් කළා. ලංකාවේ නීතියේ පාලනය අද බිඳ වැටිල තියෙන බවත්, මානව හිමිකම් එළිපිට උල්ලංඝනය වෙන බවත්, නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන සියල්ලක්ම තමන්ගේ ස්වාධීනත්වය නැති වී ඇති බවත් අප ඒ අරගලය තුළදී අත්දුටුවා. අග‍්‍ර විනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය එම ධූරයෙන් පහ කිරීමත් සමගම අධිකරණයේ ස්වාධීනත්වයට වැදුණේ මරු පහරක් එහි ප‍්‍රතිඵල අද ජනතාවට එළිපිට දැක ගන්නට පුළුවන් වෙලා තියෙනවා. අද අධිකරණයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ.

    මේ සියළු තත්ත්වයන් නිසා රාජ්‍ය බලය ග‍්‍රහණය කරගෙන සිටින ක‍්‍රමවේදය, විශේෂයෙන්ම රාජ්‍ය බලය එක්කෙනෙක් අත කේන්ද්‍ර වෙලා තියෙන තත්ත්වය වෙනස් කිරීම සඳහා අපි අනෙකුත් පුරවැසියන් සමග ඉදිරියට ඇවිත් යම්කිසි මහජන අරගලයක් කරන්න ඕනෑ බව කලක සිටම අප පුන පුනා කියා සිටියා.

    සාමකාමී ලෙස මැතිවරණය ඔස්සේ එවැනි අරගලයක් කරන්නට ජනතාවට අවසථාවක් ලැබී තිබෙන මේ අවස්ථාවේදී මෙම මැතිවරණය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපනය කිරීමේ අවස්ථාවක් ලෙස ප‍්‍රයෝජනයට ගන්න කියලා ඉදිරියට ඇවිත් ජනතාවගෙන් ඉල්ලා සිටින්න නීතීඥවරු වශයෙන් අපි තීරණය කළා. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය නැවත ස්ථාපනය කිරීම තුළින් රටේ නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීමට මාර්ගයක් වශයෙන් මෙම මැතිවරණය උපයෝගී කර ගන්නැයි අපි ජනතාවට කියා සිටිනවා.

    800 කට වැඩි සක‍්‍රීයව ක‍්‍රියාකාරී වන නීතීඥවරු පිරිසක්: නීතීඥ එකමුතුව ලංකාව පුරාම විසිරී සිටින නීතිඥයින්ගෙන් සමන්විත සංවිධානයක්. 800 කට වැඩි සක‍්‍රීයව ක‍්‍රියාකාරී වන නීතීඥවරු පිරිසක් මේ නීතීඥ එකමුතුවේ ඉන්නවා. මෙම ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජය රටේ නීතියේ පාලනයට ඉඩ නොතබන බැවිනුත්, ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා නොකරන බැවිනුත් පොදු අපේක්ෂකයාට සහයෝගය දීම තුළින් රටේ නීතියේ පාලනය නැවත ස්ථාපනය කිරීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නට අපි ඒකමතිකව තීරණය කළා.

    පසුගිය වර්ෂ කීපය තුළම මේ රටේ අති විශාල මාධ්‍ය මර්දනයක් සිද්ධ වුණා. පහුගිය වසර කීපය තුළ ජනමාධ්‍යවේදීන් 30කට ආසන්න ප‍්‍රමාණයක් ඝාතනය වුණා. ඒ වගේම ජනමාධ්‍යවේදීන් 20ක් පමණ රට අත හැරල ගිහිල්ලා, පෙරළා රටට එන්න ක‍්‍රමයක් නැතුව ජීවත් වෙනවා. සිරස ආයතනයට පහර දුන්නා, ගිනි තිබ්බා. ඒ වගේම ජනමාධ්‍යවේදීන් අතර ඉහළ පෙලේ ජනමාධ්‍යවේදීන්ව පහරදීම්වලට ලක් කරනු ලැබුවා. ලංකා ඊ නිවුස් කාර්යාලයට පහර දුන්නා. ඒ වගේම රටේ ජනතාවට තොරතුරු ලබා ගැනීමේ අවස්ථාවන් අවහිර කළා. එම වාරණය පුද්ගලික මාධ්‍ය සහ රජයේ මාධ්‍ය යන දෙකටම අදාළව බල පැවැත්වුණා.

    ඩයලොග් ටී.වී. සහ පියෝ ටි.වී. විසින් ‘සටන’ වාරණය කිරීම නීති විරෝධියි: මේ ළගදි රටේ ප‍්‍රධානම දේශපාලන කතිකාවත යන වැඩසටහන රජයේ මැදිහත් වීමෙන් ඩයලොග් ටී.වී. සහ පියෝ ටී.වී. විසින් වාරණය කරනු ලැබුවා. මේ වාරණය කිරීම නීති විරෝධියි. නීතියේ තියෙන කිසිදු ප‍්‍රතිපාදනයකට අනුව නෙවෙයි එය පාලනය කළේ. ඩයලොග් ටී.වී. වැනි පෞද්ගලික ආයතන සහ ශ‍්‍රී ලංකා ටෙලිකොම් වැනි රාජ්‍ය හා රාජ්‍යයට අනුබද්ධ ආයතන යොදාගෙන ජනතාවට මේ තොරතුරු ලබා ගන්න තියෙන නිදහස සීමා කරනවා. ලංකාවේ පුරවැසියන්ට ස්වාධීන තොරතුරු ලබා ගන්න තියෙන වෙබ් අඩවි සියල්ලම මේ වන විට වාරණය කරල තියෙනවා. ඒ වාරණය කිරීම් කරල තියෙන ක‍්‍රමය නීති විරෝධියි. ලංකා ඊ නිවුස් ඇතුළුව වෙබ් අඩවි ගණනාවක් ඒ අනුව වාරණය කරල තියෙනවා. මේ මැතිවරණය සමයෙදිත් ඒ පාලනය ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා.

    පහුගිය අවුරුදු එක හමාර දෙක තුළ ජනාධිපති ක‍්‍රමය ඉවත් කළ යුතුය යනුවෙන් රටේ ලොකු ජනමතයක් ගොඩ නැගුණා . ඒ මතය රටේ ඇති කරන්න නීතීඥවරුනුත් සෑහෙන්න දායක වුණා. ඒ වගේම හැම දේශපාලන පක්ෂයකටම, හැම වෘත්තියකටම පමණක් නොව සාමාන්‍ය පුරවැසියන්ට පවා තමන්ගේ නිදහස සීමා වෙච්ච මේ වාතාවරණය යටතේ රාජ්‍ය බලතල එක පුද්ගලයෙක් සහ ඔහුගේ පවුල වටා එක් රුස් වෙමින් පැවතියා. තවත් වරක් මේ බලතල ඒ ජනාධිපතිවරයාට දීම තුළින් ලංකාව උතුරු කොරියාවක් බවට පත්වීම නොවැළැක්විය හැකියි. කවුරුන් ජනාධිපතිධුරයට පත් වුනත් රටේ අභිවෘද්ධිය සඳහා විශේෂයෙන්ම ජනාධිපතිගේ ක‍්‍රමවේදය රටේ මූලික නීතියෙන් ඉවත් කරන්න අපිට අවශ්‍ය වෙනවා . ඒ නිසා රටේ දේශපාලන පක්ෂ සමග නීතීඥ ප‍්‍රජාව එකතුව ඒකමතිකව කියා සිටින්නේ මෙම මැතිවරණයේ ප‍්‍රධාන ඉල්ලීම වශයෙන් ජනාධිපති ක‍්‍රමවේදය ඉවත් කිරීමටත්, ඒකාධිපති ජනාධිපති ක‍්‍රමයෙන් ඉවත් වෙලා පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය නැවත ඇති කළ යුතු බවත්ය. දැනට ඉන්න ජනාධිපතිවරයා ඒ කටයුත්ත නොකරන නිසාත්, ඒ පිළිබඳව අලූත් රජයක් යටතේ, අලූත් ජනාධිපතිවරයෙක් යටතේ එම කාර්යභාරය ඉෂ්ට කර ගන්න පුළුවන් කියල අපි විශ්වාස කරනවා.

    ජනවාරි මාසයේ තමයි මැතිවරණය තියෙන්නේ. ඡන්දය පැවැත්වෙන ජනවාරි 08 වෙනිද තමයි ලසන්ත වික‍්‍රමතුංග මහත්මයා ඝාතනය කළේ. මං හිතන්නෙ අද අපිට අවස්ථාවක් ලැබිල තියෙනවා මේ ඝාතකයන්ට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්න. ඒ මතකය අවදි කරමින් රටේ වෛරී නොවන මෛත‍්‍රී දේශපාලනයක් සඳහා පියවර ගැනීමට ආරාධනා කරනවා.“
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නඩුවේ තිරණය ජනවාරි 8 වෙනිදා ජනතා අධිකරණයට
     
    Nov 6, 2014
    161
    35
    0
    මේක හරි කතාවක් නේ යකෝ :angry: . මොකෙක් හරි මැරුණම එකට පලි ආණ්ඩුව?? :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "කෙසෙල් මුව සම්බොලේ"

    "සම්බෝල" කිව්වාම නම් සිංහල අපේ ගැමි ආරෙට කෑම කන කාගෙත් කටට රස දැනෙනන කෑමක්නේ, නේද...?

    හැබැයි අද නම් අපි කියන්න යන්නේ නිකම්ම නිකම් "සම්බෝල" ගැන නෙවෙයි.

    අපි කවදත් ලියන්නේ අඩුවෙන් කන්න ලැබෙන කෑම වට්ටෝරු ගැනනේ. අද ලියන්නේ "කෙසෙල් මුව සම්බොලේ" ගැන.


    "කෙසෙල් මුව" කියන්නේ මොනවද කියලාම ඉන්නම්කො, නොදන්න අය ඉන්නත් පුලුවන් නිසා.

    කෙසෙල් ගසින්, කෙසෙල් කැනක් හැදෙන්න පටන් ගනිද්දි ඉස්සෙල්ලාම එන්නේ මේ කෙහෙල් මුව තමයි.(මේ photos වල තියෙනවා වගේ) මේක මුල්ම දවස් වල පිටතට නොපෙනුනත් දවස් කීපයක් යන කොට ටික, ටික පෙනෙනවා. ඒ කෙසෙල් කැන ටික , ටික වැඩෙන නිසා.

    (ඇත්තටම අපි විහුලුවට කියන "කෙහෙල් මල්" තියෙන්නේ මේ කෙහෙල් මුවේ තමයි. :) )

    කෙහෙල් මුවේ අන්තිමට ඉතුරු වෙන්නේ පරාගනය නොවුන මල් ටිකක්.

    (අපි පොඩි කාලේ නම් කෙහෙල් මුවක් කැඩුවාම එකේ තියෙන මල් වල පණි බොනවා. රස දන්න අයගේ නම් කටට රස උනනවා ඇති නේද?)


    පටන් ගමු හදන්න.

    ලපටි කෙහෙල් මුවක් (මේ photos වල තියෙනවා වගේ)
    හීනියවට ගා ගත් පොල් මිටක් පමන
    උම්බලකඩ කුඩු ටිකක්
    රතු ලූණු ටිකක්
    සිහින්ව කපා ගත් අමු මිරිස් කරල් 5 ක් පමන
    පදමත සෑහෙන සේ ලුනු කුඩු
    දෙහි


    ලපටි කෙහෙල් මුවක්



    Kehel+muwa.jpg


    කෙසෙල් මුව පිටත ඇති පියලි (පොතු ) කිහිපයක් ඉවත් කර ලපටි කොටස මතු කර ගන්න

    ඉන් පසුව සිහින්ව ලිය ගෙන ලුණු වතුරෙ දමන්න. (කෙසෙල් මුව කහට පිපීමෙන් වලක්වා ගැනීම සදහා)
    මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න.

    රතු ලුණු, අමු මිරිස් සිහිනව කපගෙන, එයට සිහින්ව ගා ගත් පොල් දමා
    උම්බලකඩ දමන්න.

    අවශ්‍ය ප්‍රමාණයට ලුණු හා දෙහි එකතු කර කෙසෙල් මුව සමග හොදින් කලවම් කරගන්න.

    දැන් ඔබට රසවත් කෙසෙල් මුව සම්බොලයේ රස බලන්න වෙලාව ඇවිත්...!!