කලින් දාපු ඔන්ලයින් කඩ්ඩ හදා ගන්ඩ එක ගැන දාපු එකට ගොඩක් උන් කමෙන්ට් කරල තිවුනා..
මේ කියන්නේ තවත් ඊට වඩා වෙනස් සයිට් එකක් ගැන.. මේකනං සමහර උන් දන්නවත් ඇති..මේක "ටෝක් ඉංග්ලිශ් " කියල සයිට් එකක්.
මේකේ කලින් එක වගේ නෙවේ, මේකේ හැම ලෙසන් එකක්ම නොමිලේ දෙන්නේ මේකේ ඇතුලත් වෙනවා සාමාන්‍ය ඉංග්‍රීසී Basics , ඉන්ටර්විව් එකකට ඉංග්‍රීසියෙන් මූන දෙන විදියේ ඩයලොග්ස්.
ග්‍රැමර් ,වොකැබියුලරි සහ වගේ තවත් ඉංග්‍රීසී වල එක එක පැතිකඩයන් වලින් ෆ්‍රී ලෙසන්ස් දෙනවා.. ගොඩක්ම ඉංග්‍රීසී කතා කිරීමේ පැත්තට උදව් වෙන දේවල් තමා මේකේ තියෙන්නේ.
පහත තියනව මේකේ තියන ලෙසන්ස් වල ටොපික්ස්
Speaking English Lessons
English Listening Lessons
Extra English Lessons
English Speaking Articles
මේකේ තියන ලෙසන්ස් ගොඩක් ඒවා දෙන්නෙක් අතර ඇති වෙන ඩයලොග්ස් විදියට තියෙන්නේ.. හුගක් උන්ට බ්‍රිටිශ් ඇක්සන්ට් එහෙම කනට හුරු නෑ ! මේකේ වැදගත්කම තමා ඒ වගේ බ්‍රිටිශ් , ඇමරිකන් ඇක්සන්ට් එක කනට හුරු කරගන්ඩ පුලුවන්.. ඒක හුරු උනාම ඕන රට එකෙක් එක්ක උනත් භය නැතුව කතා කරන්ඩ පුලුවං
එහෙම තියන ඩයලොග්ස් අහලා ඒක ඇසුරෙන් අහන ප්‍රශ්න තියනවා. ඒවට උත්තර දීලා තමන්ට ඇහුනේ හරිම දේමද කියල තහවුරු කරගන්ඩ පුලුවන්.. අහ් තව මේකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකකුත් තියේ.. 
Last edited:


