අගමැති අපේක්ෂක ගෝඨා !

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    අගමැති අපේක්ෂක ගෝඨා !

    a3pcns.jpg


    ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂවාදී කණ්ඩායමක් ලෙස අවතැන්වූ දේශපාලන පක්ෂවල එකතුවෙන් සැකසෙන නව පෙරමුණේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.


    මේ වන විට මෙම කණ්ඩායක් මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂකයා ලෙස ශ්‍රි ලනීපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ යුතු බවට උද්ඝෝෂණයක් ගෙන ගියද ඒ සඳහා කිසිදු ඉඩක් නොලැබෙන තත්වයක් හමුවේ වෙනත් පෙරමුණක් සමඟ මහින්ද රාජපක්ෂව අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම සඳහා ගත් උත්සහයද අසාර්ථක වී ඇත.
    කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ ශ්‍රී ලනීපයේ අගමැති අපේක්ෂකයා ලෙසද ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර තිබුණේ නැත. ඔහුට එරෙහිව වන දුෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා කරලියට ඒම වලක්වා ගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට එදිරිව යාමෙන් වැලැකීමේ පියවරක් අනුගමනය කරමින් සිටී. එමෙන්ම නව පෙරමුණකින් කිසිසේත්ම ඉදිරිපත් නොවන බවද ඔහු දැනුම් දී තිබේ.
    මේ අනුව ගොඨාභය රාජපක්ෂ ප්‍රමුඛ කර ගත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා මේ දිනවල සැලසුම් කරමින් තිබේ. ගෝඨාභය රාජපක්ෂ, මහ මැතිවරණය ඉදිරිපත් වනුයේ මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදය ඇතිවය. එමෙන්ම මෙම පෙරමුණ සාර්ථක වුවහොත් නාමල් රාජපක්ෂද එම පෙරමුණෙන්ම මැතිවරණයට ඉදිරිපත් වනු ඇත. මේ සඳහා ශ්‍රී ලනීපයේ මන්ත්‍රීවරු ගනනාවකගේ සහය හිමිවීද තිබේ.
     
    Last edited:
    • Like
    Reactions: Flyboy

    Similar threads