මම 2008 ඉඳන් එළකිරි මෙම්බර් කෙනෙක්. කවදාවත් මම දේශපාලන ත්‍රෙඩ් වල comments දාල නැහැ. ඒත් අද එක වෙනස් කරන්න ඕන කියල හිතුන මට. මම මේකේ යන දේශපාලන සංවාද හොඳට follow කරනවා හැබැයි. මුලින් කියන්න ඕන මම පාවෙන චන්දයක්. මම චන්දය දෙන්නේ රටට වැඩක් වෙනවද කියල බලල. මට කියන්න තියන්නේ මේ සයිට් එකේ පක්ෂ දෙකටම අදාළ අයට මගේ චන්දය තමන්ගේ පැත්තට හරවගන්න බැහැ මේ විදියේ තර්ක වලින්. අපි ටිකක් ගැඹුරු දේශපාලන සංවාදයක් දාමුකෝ උගත් බුද්දිමත් තරුණ පිරිසක් හැටියට.
අපේ රටේ එක යුගයක ආණ්ඩුවක් පෙරලන ප්‍රදාන සටන් පාඨයක් තමයි පාන් ගෙඩිය, ඔය වගේ බොළඳ යුගයක ඉඳල පහුගිය චන්දය වෙනකන් ගමනේ යම්කිසි මට්ටමක පාවන චන්ද ප්‍රමාණය වැඩිවී ඇති අකාරය පේනවා. එක සුභවාදී දෙයක්. අපි කතාකරමු පක්ෂ කන්නාඩි ගලවල සැබෑ මිනිසුන් විදියට. අපේ රටේ දැවෙන ප්‍රශ්න වලට දැනට යන චන්ද ව්‍යාපාරය ඇතුලේ විසඳුමක් දියහැකි පක්ෂය කුමක්ද අන්න ඒ වගේ දේවල් නේද අපි කතා කරන්න ඕන? සංවාදයට විවුර්තයි!
