ඕවට කියන්නේ මට පේන හීන කියලා මචං.
ලංකාවේ තියා ජර්මනියේ වත් ඔහොම වැඩපිලිවෙලක් ගෙනල්ලා මිනිස්සු පරණ වාහන පාවිච්චි කරන එක නවත්තන්න බැ.
කරනව නම් කරන්න තියන්නේ එකම දෙයයි. කුයිඩ් වගේ ලඩි හැර හොද ජපන් වාහන අඩු බදු ප්‍රතිශතයකින් ගන්න පුලුවන් වෙන තරමට ලංකාවේ ආර්තික සැලසුම හදන්න ඕනේ. අලුත් වාහන අඩුවට එනකොට පරණ වාහන වල මිල ගොඩක් අඩුවෙනවා. ඒත් එක්කම ටික ටික පරණ වාහන භාවිතය අඩුවීම ඉබේටම වෙනවා. ඒවත් එක්කම වාහන වල ධාවන තත්වයට සුදුසු ප්‍රමිතියක් කියන දේ ඇති කරන්න ඕනේ. වාහනයක් පරණ උන පලියට ඒක ඉවත් කරන්න ඕනෙ නෑ. නඩත්තුව හරියට වෙනවනම් එච්චරයි. ලෝකේ නිශ්පාදිත රෝල්ස්රොයිස් රත වලින් තවම 75% ක් ධාවන තත්වයේ තියනවා. ඒ නඩත්තුවයි වාහනයේ ගුනාත්මක භාවයයි නිසා. ඒත් කුයිඩ් වල දැනටමවත් හදපුවගෙන් 75%ක් තියනවද දන්නෙ නෑ.