26ක් තරුණිය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    භීෂණ සමයේ අතුරුදන් වූ තරුණිය වසර 26 කට පසු ගෙදර එයි

    girl.jpg


    1988-89 කාලයේ මෙරට පැවති භීෂණ සමයේදී අතුරුදන් වූ 18 හැවිරිදි තරුණියක වසර 26 කට පසු තම නිවස සොයා ගම්පොල ගිරාඋල්ල ප්‍රදේශයට පැමිණ තිබේ. පද්මා කුමාරි නමැති ඇය අද වන විට 43 වැනි වියේ පසු වෙයි.

    ඇය අතුරුදන් වීමෙන් පසු ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අතුරුදන් වූවන් වෙනුවෙන් ගෙවන ලද වන්දි මුදල් පවා ඇය වෙනුවෙන් ගෙවා තිබේ.

    88-89 භීෂණ සමය වන විට 17 වැනි වියේ පසු වූ ඇය යෝජිත විවාහයක බැඳීමෙන් පසු සැමියාගේ ගම වූ කොහොමඩ ප්‍රදේශයේ පදිංචියට ගොස්‌ ඇත. නමුත් ඇයට විවාහ ජීවිතය ගත කිරීමට ලැබී ඇත්තේ මාස තුනක්‌ වැනි කෙටි කලක්‌ පමණි.

    භීෂණයේ ගොදුරක්‌ වූ ඇගේ සැමියා ඇස්‌ බැඳ පැමිණි සිවු දෙනකු විසින් නිවසින් රැගෙන ගොස්‌ දුර බැහැර තේ වත්තක වෙඩි තබා මරා දමා ඇත. සැමියාගේ දාන මාන කටයුතුවලින් පසු කුමාරි තම මහ ගෙදරට පැමිණ ඇති අතර, ඉන්පසු සිදු වූ දේ ඇය මෙසේ විස්‌තර කළාය.

    "මම මහ ගෙදරට ඇවිත් දවස්‌ දෙක තුනයි ගියේ සැමියාගේ ලොකු අම්මා කෙනෙකුගේ දුවක්‌ මට නාවලපිටියේ තියෙන එයාලගේ ගෙදරට එන්න කීවා. වෙලා තිබුණු සිදු වීමෙන් පීඩනයකින් හිටිය මම එහෙ ගියා. එතැනදී ඒ අය මට කීවා විහාරමහා දේවි උද්‍යානය බලන්න කොළඹ යමුයි කියලා. මට අවුරුදු 18 වත් ලබලා නැහැ. මමත් යමු කීවා. නමුත් මේ අය කොළඹ අරන් ගිහින් මා ගෙදරකට භාර දුන්නා.

    ඒ අය මට එන්න නොදී එහෙ මාව හිර කරගෙන වැඩ ගන්න පටන් ගත්තා. අවුරුදු 26 ක්‌ම මට නිදහසක්‌ තිබුණේ නැහැ. පාන්දර පහට නැඟිටලා වැඩ කරන්න පටන් ගත්තේ. මම මේ ගෙදරට යන කොට ළමයි දෙන්නයි, මහත්තයයි නෝනයි හිටියේ. පොඩිම ළමයාට වයස මාස තුනයි. මම ඉතින් ළමයි බලා ගන්න ඒවයි අනෙක්‌ වැඩයි හැමදේම කරන්න ඕනෑ.

    ඔහොම අවුරුදු ගණනක්‌ ඉන්න කොට මගේ තාත්තා මැරුණා කියලා මේ අය කතා වෙනවා ඇහුණා. මම ගෙදර යන්න ඕනෑ කියන කොට මට බැණලා යන්න දුන්නේ නැහැ.

    අපේ ගෙදර මට සහෝදර සහෝදරියෝ 13 ක්‌ ඉන්නවා. එක මල්ලි කෙනෙක්‌ නේවි එකේ හිටියා. එයත් මැරුණා. මගේ අයියා කෙනෙකුත් මැරුණා. මට මේවා මේ අය කතා වෙන කොට දැන ගන්න ලැබුණා. ඒ එකකටවත් මට යන්න දුන්නේ නැහැ.

    අවුරුදු 26 ක්‌ හිටියත් මගේ නම ඡන්ද නාම ලේඛනයටවත් දැම්මේ නැහැ. ග්‍රාම සේවක මහත්තයා එන කොට මාව හංගනවා. එළියට එන්න දුන්නේ නැහැ.

    මෙහෙම ඉන්න කොට අසනීප වුණු ඒ අයගේ අක්‌කලා දෙන්නකුත් මේ ගෙදරට ගෙනත් දැම්මා. එක්‌ කෙනෙකුගේ කොන්ද කැඩිලා. නැඟිටින්න බැහැ. මම ඒ හැම කැත කුණුම අත ගාලා වැඩ කරන්න ඕනෑ.

    මම මේ වැඩ කරන විට පඩි ඉල්ලුවාම මට හොඳටම ගහනවා. බණිනවා. අද මේ ළමයි දෙන්නගේ වයස පොඩි එක්‌ කෙනාට 26 යි. ලොකු එක්‌ කෙනාට 30 යි. ඒ අයගේ වැඩ එදා ඉඳලා අද වනතුරුම මම තමයි කළේ.

    මේ දුක විඳින්න බැරි නිසා අහම්බෙන් දුරකථන ඇමතුමකට කතා කළ අයකුට මම මේ විස්‌තර කියලා මගේ ගෙවල් හොයා ගන්න උදව් කරන්න කීවා. එයත් මාස හතරක්‌ විතර හොයලා හොයා ගන්න බෑ කීවා.

    පසුගිය 16 වැනිදා මම ගෙදර අය හවස නිදා ගන්න කල් ඉඳලා රෑ හතට විතර ගෙදරින් පැන ගත්තා. ගෙදර හොයා ගෙන ගම්පොලට 17 දා එන්න පුළුවන් වුණා. ඒත් ගෙදර අයට මාවත් මට ගෙදර අයවත් හඳුනා ගන්න බැරි වුණා. අවුරුදු 26 ක්‌ නේ. අඩුම තරමේ අම්මාටවත් හඳුනා ගන්න බැරි වුණා. පස්‌සේ මගේ අයියා කෙනෙක්‌ මගේ හැඳුනුම්පත බලලා මාව හඳුනා ගත්තා.

    ඇගේ සොහොයුරෙකු වන ආර්. ඩී. මුනිදාස මහතා මෙසේ පැවසීය.

    "අපේ පවුලේ 13 දෙනාගෙන් පද්මා කුමාරි හත් වැනියා. එයා භීෂණ සමයේ අතරුදන් වුණාට පස්‌සේ මේ ගැන අපි නාවලපිටිය පොලිසියට පැමිණිලි කළා. පස්‌සේ අපි සියලු දෙනාම එයා හොයා ගන්න පටන් ගත්තා. දේවාල ගානේ ගියා. නමුත් හොයා ගන්න බැරි වුණා.

    පස්‌සේ ගඟ ඉහළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඇය අතුරුදන් ලේඛනයට ඇතුළත් කළා. නංගිගේ මහත්තයත් භීෂණයෙන් මැරුණ නිසා අපි හිතුවේ එයාටත් මොනවා හරි වෙන්න ඇති කියලා. ඒ නිසා අපි එයාට බණ කියලා. පිරිත් කියලා දානේ පවා දුන්නා. ප්‍රාදේශීය ලේකම්තුමා ඒ දවස්‌වල එයාගේ අතුරුදන් වීම වෙනුවෙන් ලබා දෙන වන්දි මුදල පවා අපට ලබා දුන්නා.

    අද නංගි අසරණ වෙලා එයාගේ හොඳම කාලේ ගෙදරක බැල මෙහෙවරට යොදවලා. අද එයාට ඉන්න තැනක්‌ නැහැ. අම්මාත් දැන් වයසයි. අපි ඔක්‌කොමත් බැඳලා ඉන්නේ. එයාගේ අනාගතය අවිනිශ්චිතයි. ඒ නිසා අපි සියලු බලධාරීන්ගෙන් ඉල්ලා සිsටින්නේ ඇයට සාධාරණයක්‌ ඉටු කර දෙන ලෙසයි.

    මේ තරම් කාලයක්‌ වැඩ කරලත් එයාගේ නමට බැංකුවකවත් ශතයක්‌ දාලා නැහැ. මේ වගේ කුරිරු මිනිස්‌සු ගැන නීතියෙන් බලලා වැටුපක්‌ හා වන්දි මුදලක්‌ අරන් දෙනවා නම් එයාගේ අනාගතය සාර්ථක වෙයි. නැති නම් වසර 26 ක්‌ දුක්‌වින්ද ඇයට නැවතත් දුක්‌ විඳින්න වෙයි."

    පද්මා කුමාරි නැවත නිවසට පැමිණීමද අපූරු ආකාරයට සිදු වී ඇත. වැටුපක්‌ ලෙස කිසිදු මුදලක්‌ ලැබී නොමැති ඇයට කොළඹ සිට ගම්පොල ගිරාඋල්ල නිවසට ඒමට මුදල් සොයා ගැනීම දුෂ්කර වී ඇත. නමුත් කුඩා කල සිට ඇය හැදූ වැඩූ නිවසේ බාල පිරිමි ළමයා තුරුණු වියට පැමිණි පසු රැකියාවක නිරත වී සිටින අතර, ඔහුගේ ඇඳුම් පැළඳුම් සේදීමේදී අමතක වී ඇති සුළු සුළු මුදල් ඇය එකතු කර ගෙන තිබේ. අවසානයේ එම මුදල රැගෙන ඇය පාරට බැස තිබේ.

    පද්මා කුමාරි නිවසට පැමිණි පසු ඇය පිළිබඳව නැවතත් නාවලපිටිය පොලිසියට දැන්වීමෙන් පසු වෛද්‍ය පරීක්‌ෂණ සඳහා ඇය නාවලපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඊයේ (19 දා) ඇය යළි නිවසට පැමිණියාය.

    ගඟඉහළ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමාරච්චි මහතා වෙත මේ පිළිබඳව දැන්වීමෙන් පසු වසමේ ග්‍රාම නිලධාරි නිහාල් ගුණපාල මහතා මඟින් අවශ්‍ය කටයුතු කිරීමට උපදෙස්‌ ලබා දී ඇත.

    නාවලපිටිය පොලිසිය මේ පිළිබඳව පරීක්‌ෂණයක්‌ අරඹා ඇත.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අර කැරි බල්ලෝ කව්ද කියල publish ක‍රන්න බැරි ද කාටවත්
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එතන ඊට වඩා දෙයක් තියෙන්න බැරිද?
    අවුරුදු 26ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඔය අවුරුදු 26 ටම එලියට පැනගන්න දවසක් තිබ්බේ නැද්ද?
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    එතන ඊට වඩා දෙයක් තියෙන්න බැරිද?
    අවුරුදු 26ක් කියන්නේ පොඩි කාලයක් නෙවෙයි. ඔය අවුරුදු 26 ටම එලියට පැනගන්න දවසක් තිබ්බේ නැද්ද?

    ඒකනෙ බන්! යකොව් ගෙදරකින් පයින්න ඔච්චර අමාරුද, මාස 2,3 ක්නන් අව්ලක් නෑ කියන්න පුලුවන්! යකොව් අව්රුදු 26ක් පයින්න චාන්ස් එකක් සෙට් වෙන්නැතිවෙන්න බෑනෙ!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,923
    11,666
    113
    me wage moda gaanu lankawe inna eka harima dukai ban.
    me wage thathwayakadi manussayekta jiwithe tiyenne ekama aramunaine ban. eka thama panala yana eka. ekata awurudu 26k giya kiyanne adaha ganna bari widiye deyak ban
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඒකනෙ බන්! යකොව් ගෙදරකින් පයින්න ඔච්චර අමාරුද, මාස 2,3 ක්නන් අව්ලක් නෑ කියන්න පුලුවන්! යකොව් අව්රුදු 26ක් පයින්න චාන්ස් එකක් සෙට් වෙන්නැතිවෙන්න බෑනෙ!

    කව්ද දන්නේ බන් ඒකාලේ හමුදාවෙන් අල්ලන් යයි කියල බයට හැංගිලා හිටියද කියල. ඒවා ඉවරයි කියල දන්නේ නැතුව.
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඒකනෙ බන්! යකොව් ගෙදරකින් පයින්න ඔච්චර අමාරුද, මාස 2,3 ක්නන් අව්ලක් නෑ කියන්න පුලුවන්! යකොව් අව්රුදු 26ක් පයින්න චාන්ස් එකක් සෙට් වෙන්නැතිවෙන්න බෑනෙ!

    එකනේ බන්
    :yes::yes:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,237
    29,936
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අහිංසක කෙල්ලක් නම් මනුස්සයත් මරපු එකේ උබවත් මරන්න හොයනවා හැංගිලා හිටපන් අම්ම තාත්තටවත් ඉන්න තැන කියන්න එපා උබව උස්සන් යයි කිව්වහම ඇති. අහල ඇතිනේ වියට්නාමෙට අමෙරිකාවෙන් බෝම්බ දාන කාලේ දරුවත් එක්ක කැලේ හැඟුන මනුස්සයෙක් මෑතකදී කැලෙන් එලියට ආපු කතාවක්........ වෙනින් ජිල්බරි නැත්නම් බයටම හැංගිලා ඉන්න ඇති...
     

    DJoint

    Junior member
  • May 30, 2016
    94
    11
    8
    Neitherrealm
    අහිංසක කෙල්ලක් නම් මනුස්සයත් මරපු එකේ උබවත් මරන්න හොයනවා හැංගිලා හිටපන් අම්ම තාත්තටවත් ඉන්න තැන කියන්න එපා උබව උස්සන් යයි කිව්වහම ඇති. අහල ඇතිනේ වියට්නාමෙට අමෙරිකාවෙන් බෝම්බ දාන කාලේ දරුවත් එක්ක කැලේ හැඟුන මනුස්සයෙක් මෑතකදී කැලෙන් එලියට ආපු කතාවක්........ වෙනින් ජිල්බරි නැත්නම් බයටම හැංගිලා ඉන්න ඇති...

    මහින්ද හරිනෙ බං බලන් ගියාම මෙහෙම මිනිස්සුත් අපේ රටේ ඉඳල තියනවානේ. කෝමේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවල නියෝජිතයො, වීරවංසව වහා නිදහස් කරව්