ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇෆ්ගන් සංචාර 01, බන්දේ ඊ අමීර් විල

    මේකෙ ඉන්න සමහර එවුන් දන්නා පරිදි මම ඉන්නෙ ඇෆ්ගනිස්තානේ. යුද්ධයෙන් කීතු කීතු වී ගිය රටක් උනත් ඇෆ්ගනිස්තානය කියන්නෙ සුන්දර රටක්. මිනිස්සු උනත් ලෝකෙට පේනතරම් අන්තවාදී ජාතියක් නෙමේ. හරිම ආගන්තුක සත්කාරයට කැමති නිරහංකාර මිනිස්සු තමයි මෙහෙ ඉන්නෙ.:):):):)

    කොච්චර භයානක උනත් මේ රටේ ආරක්ශා කාරී ඇවිදින්න පුලුවන් පැති තියෙනවා. එහෙම තැන් වෙලාව ආවම බලන්න යන්න පුලුවන්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ වගේ ලස්ස්න ස්තානයක් ගැන.

    බන්දේ ඊ අමීර් විල.

    මේ තියෙන්නෙ විකිපීඩියා ලින්ක් එක.
    https://en.wikipedia.org/wiki/Band-e_Amir_National_Park

    බන්දෙ ඊ අමීර් කියන්නෙ අතිශය ගැබුරු එකිනෙක හා සම්බන්ද උන නිල් කැට වගේ වතුර පිරිච්චි විල් 6ක්. මේ විල් එකිනෙක සම්බන්ද වෙලා තියෙන්නෙ. පිහිටලා තියෙන්නෙ ඇෆ්ගනිස්තානේ මධ්ය කදුකරයේ, බාමියන් පලාතෙ. (බාමියන් පලාත ලෝක ප්රසිද්ද බාමියන් පිලිම නිසා චිර ප්රසිද්දයි ) මේ විල් පිහිටා තියෙන්නෙ හින්දුකුෂ් කදු පන්තිය පාමුලට වෙන්න. බාමියන් නගර මද්යයේ සිට කිලෝ මීටර් 80ක් පමණ දුරකින්.

    මේ විල් පිහිටා තියෙන ප්රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන්නෙ රෝස පැහැති හුණු ගල් වලින්. මේවා අවසාදිත පාෂාණ. මෙගලිතික යුගය දක්වාම පරණයි. මේ කදු මුදුන් ගස් කොලන් වලින් සම්පූර්ණයෙන්ම තොරයි. ඒ නිසා විල් මේ ලොව පිහිටීමක් නොවන තරම් මනස්කාන්තයි. කොච්චර බලා හිටියත් ඇති වෙන්නේ නැහැ.

    මේ විල් ඇති වෙලා තියෙන්නෙ අතීතයෙ පටන් කැල්සියම් කාබනේට් දියවෙච්චි වැසි වතුර ගලාගොස් ඇතිවුන කුහර වර්දනය වීමෙන්. මෙසේ ගලා යන වතුර බැමි මෙන් තැන්පත් වීමෙන් විල් වටා ස්වාභාවිකවම ශක්තිමත් ස්තර හැදිලා තියෙනව..

    මේ විල් ඉතාම ගැඹුරුයි. අඩුම ගැබුරු ස්තානය මීටර් 80ක්. මේ විල වටා කිසිම ජීවිත ආරක්ශන වැඩපිලිවෙලක් නෑ. වැටුනොත් සොරිම තමා. අවුරුද්දකට කිහිප දෙනෙක්ම මේ විල් වල ගිලිල මැරෙනව. මිනීවත් ගොඩ එන්නෙ නෑ කියල තමා කියන්නෙ. මම නම් ඕනි රෙද්දක් කියල මේකෙ ඔරුත් පැද්ද.

    මේ තියෙන පින්තූර අයි ෆෝන් එකෙන් සහ කුඩා සාක්කු කමරාවකින් ගත්ත එව්වා. ඩී එස් එල් ආර් කැමරාවක් ගිනියන්න ආරක්ශිත නෑ විදේශිකයෙක් විදියට කපී පෙනෙනෙ නිසා.

    PqG3t9Z.jpg


    K6j8uj6.jpg


    buVnw8g.jpg


    HV0gdlm.jpg


    Qlkje4l.jpg


    ruJCoWa.jpg


    bDrO1dA.jpg


    n6v8f0Y.jpg


    19NPpEL.jpg


    1G0Rx6h.jpg


    HuDKq11.jpg


    u78AYVw.jpg


    මගේ පින්තූර වලට අමතරව ගොඩක් හොද පින්තූර මේ ලින්ක් එකේ තියෙනවා.

    http://www.amusingplanet.com/2012/04/deep-blue-lakes-of-band-e-amir.html

    තවත් ලිපියකින් ඇෆ්ගනිස්තානයේ සුන්දර ඉසව්වක් සොයා යමු.
    ජයින් ජයම වෙවා!


     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අම්මෝ නිල් පාට
    බැයිද සහෝදරයා ඔය යන ට්‍රිප් දිගටම මෙහෙම ත්‍රඩ් හදල දාන්න
    සුපිරියි ඈ:love::love:++++++
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙද්දටද බොරු කියන්නෙ? :)
    ඇත්ත කියපන් උඹ ගිහින් ISIS හරි අල්කයිඩා එකට හරි බැඳුන නේද :P +

    සාමාන්යෙන් කවුරුත් නොයන රටක් නෙ. ඔහේ තලේබාන් කට්ටියගේ කේස් එහෙම නැද්ද ඉතින් :nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මමෝහ්....
    තද නිල් පාටයි කියන්නේ පට්ට ගැමුරුයි කියන එක.....
    ඇමිනේ වැටුනොත් නං....
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඇත්ත කියපන් උඹ ගිහින් ISIS හරි අල්කයිඩා එකට හරි බැඳුන නේද :P +

    සාමාන්යෙන් කවුරුත් නොයන රටක් නෙ. ඔහේ තලේබාන් කට්ටියගේ කේස් එහෙම නැද්ද ඉතින් :nerd:

    අල්ලාහ් හු අක්බර්....:dull:
    තොට වෙඩි තියනව ඈ.:growl:

    පොඩ්ඩක් කේස් ඉතින්.. ෆුල් ගාඩ් පිට ඉන්නෙ. :)
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අම්මමෝහ්....
    තද නිල් පාටයි කියන්නේ පට්ට ගැමුරුයි කියන එක.....
    ඇමිනේ වැටුනොත් නං....

    ඔය වතුරෙ ඝනත්වය වැඩී. පීනන්න අමාරුයිලු.
    යට ගියොත් ගොඩ එන්නෑ මිනී රොන් මඩ අස්සෙම කිදා බහිනවලු.
    ඕකෙ පතුල හොයන්න ගිය ඩයිව කෙනෙක් ආගිය අතක් නෑලු තාම.
    ඔය විල වින්ටර් එකේ මිදෙනව. බලන්න යන්න බෑ පාරවල් මීටර් ගානක් හිමෙන් වැසෙනව.
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අම්මෝ නිල් පාට
    බැයිද සහෝදරයා ඔය යන ට්‍රිප් දිගටම මෙහෙම ත්‍රඩ් හදල දාන්න
    සුපිරියි ඈ:love::love:++++++

    දාන්නම් වෙලාව එන ලෙසට. මේ 2015 වගේ ගිය ට්‍රිපක්.:)