බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බාමියන් බුදුපිලිම, ඇෆ්ගන් සංචාර 02.

    යුද්ධයට පෙර ඇෆ්ගනිස්තානය ලෝක ප්රසිද්ධ වෙන්න එක හේතුවක් උනේ බාමියන් නිම්නයේ පිහිටි දැවැන්ත බුදුපිලිම යුගලය. කුරිරු තලේබාන් ඉස්ලාමීය අන්තවාදීන් විසින් 2001 දී ඩයිනමයිට් යොදා විනාශ කිරීමට පෙර, ඇෆ්ගනිස්තානයේ ජාතික ලකුන උනේ මේ බුදු පිලිම දෙක කීවොත් ඉතාම නිවැරදියි.

    මෙම පිලිම දෙක විනාශ කිරීම ඇෆ්ගන් ජාතියේ උවමනාවක් නොවෙයි, ඔවුන් අදටත් ඒ පිලිඹදව දුක් වෙනව. මට හමුවූ එක්තරා වයස්ගත ඇෆ්ගානුවෙක් කීවේ එම පිලිම ඔවුන්ගේ ජීවිත වල කොටසක් කියල. උදේ නැගිට්ටම බුදුපිලිම දිහා බලන එක ඔහුගේ සිරිතක් උනාලු. අසල්වාසියෙක් මියගියා වගේ දුකක් ඔහුට බුදු පිලිම විනාශ කලාට පස්සෙ දැනුනලු.

    මේක තලේබාන් සංවිදානයෙත් එක්තරා කොටසක් කල දෙයක්. නායකයගෙ අනුමැතිය නැතිව එසේ නැතිව නම් ඔහුගෙ අණ නොතකා කල දෙයක් විදියටයි සැලකෙන්නේ.
    ඔය පිලිමෙ විනාශ කරන්න අණ දුන්න නායකය ඇෆ්ගනිස්තානයේම කැරලි නායකයෙක් වන අහම්ඩ් ශා මශූඩ් විසින් ප්රශ්න කිරීමට ලක්වෙනව. එහිදී ඔහු විමසා තිබෙනව ඇයි ඔබ ඒ පිලිම විනාශ කලේ? කියල. පිලිතුර වෙලා තියෙන්නෙ මිනිසුන් ඒවාට වදින නිසා කියල. (ඉස්ලාම් ආගමේ පිලිම වන්දනාව තහනම්) මශූඩ් කියල තියෙනව ඇෆ්ගනිස්තානයේ බවුද්දයො නෑ අනික මිනිසුන් ඉර හදටත් වදිනව, එහෙම කියල ඔබට ඉර හද විනාශ කරන්න බෑ නේද කියල.

    කොහොම හරි මෙම විනාශයෙන් පස්සෙ තලේබාන් සංවිදානයේ පරාජයත් ඇරබුනා. කර්මය කෙසේ වෙතත් ශත වර්ශ ගනනාවක් මිනිසාගෙන් වැදුම් පිදුම් ලැබූ යමක් විනාශ කිරීම හොද දෙයක් වෙන්න බෑ යාලුවනෙ මගේ මතය හැටියට.
    මම මේ පිලිම වල අතීතය විස්තර කරන්න යන්නෙ නෑ මේ නූලෙ. ඒවා අන්තර්ජාලයේ ඕනි තරම් තියෙනව.
    මම කියන්න යන්නෙ මම ගිය සංචාරය ගැන පමණයි.
    මම මේ පිලිම බලන්න ගියෙ 2015 වසරෙ. හැන්දෑවක ගියෙ. ඒ නිසා ජායාරූප එතරම් උසස් තත්වයේ නෑ.

    බාමියන් බුදුපිලිම පිහිටා තියෙන්න විශාල වැලිගල් පව්වක එක මුහුනතක. මේක ගුහා ආරාම සංකීර්ණයක්. මේ විශාල පිලිම දෙකට අමතරව තවත් කුඩා පිලිම රාශියක් තියෙනව. විශාල පිලිමය වයිරෝචන හා කුඩා පිලිමය ශාක්යමුණි ලෙසයි හැදින්වෙන්නේ.ඒවා බගුතරයක් විනාශකරල තමයි තියෙන්නෙ. මේ ගුහා සංකීර්නය මහල් ගනනාවකින් යුක්තයි, මම ඉතින් ඔය ගුහා ඔක්කොටම රින්ගල බැලුව. මේ ගුහා ඇතුලේ ඉන්දියාව අජන්තා ගුහා සම්ප්රදායෙ චිත්ර තියෙනව. ඒවාත් අන්ත්වාදින් විසින් බහුල ලෙසම විනශ කරල. නශ්ඨාවසේශ තමා තියෙන්නෙ. පින්තූර බලපුවම වඩා පැහැදිලි වෙයි ඉතින්.

    සුභදායක ආරංචිය තමා මේ පිලිම යුනෙස්කෝ සංවිදානයේ මැදිහත් වීම යටතෙ ජපන් ආදාර යටතෙ ප්රතිසංස්කරනය කරන්න සැලැස්මක් තියෙනව කියන එක. කොතරම් කාලයක් ගතවෙයිද දන්නෙ නැහැ. රට ඉතාම අස්තාවර දේශපාලනමය හා යුදමය වටපිටාවක තමා තියෙන්නෙ. ඊට අමතරව ඇෆ්ගනිතානය ඉතාම මූල්යමය වශයෙන් දූෂිත රටක්.
    මේ පිලිම වල බිදී ගිය කොටස් එක්කරල ඩිජිටල් තාක්ශනයෙන් ස්කෑන් කරන අංකිත කරල තියෙන්නෙ. මේ පිලිම පිහිටි පව්ව පිලිම පුපුරවා හැරීමේදී යොදාගෙන තියෙන ඩයින්මයිට් ප්රමානය හා ශෙල් වෙඩි නිසා ඉරිතලා තියෙන්නෙ.ඒ නිසා පව්ව ශක්තිමත් කරන්න ඕනි ඔක්කොටම කලින්.

    මේ පිලිම වලට අමතරව තවත් යෝධ පිලිමයක් පොලව යට පසෙන් වැසිල කියලත් කියනව, ඒක හොයන එක නවත්තල මේ පිලිම දෙක නගා සිටුවන්න තමා දැනට අවධානය.

    කවදාහරි දවසක මේ පිලිම නැවතත් බාමියන් නිම්නය අබියස නැගී සිටීනවා දකින්න ලැබුනොත් මගේ ජීවිතේ ලොකුම භාග්යයක් විදියට මම සලකනව.

    පි පින්තූර වලට යොමු වෙමු.

    මේ තියෙන්නෙ බාමියන් නිම්නය. බුදුපිලිම පිහිටි ලෙන් කුහර පැහැදිලිව දකින්න පිලිවන්.

    Zd0AFI3.jpg


    යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම ඵලකය

    oS9Oh9x.jpg


    ඇෆ්ගන් තොරතුරු සහ සංස්කෘතික අමාත්යාංශයේ පුවරුව.

    5OCjlnm.jpg


    විශාල බුදු පිලිමය පිහිටි පර්වත කුහරය. පලංචි පර්වත කොටස් ඇද වැටීම වැලැක්වීම සදහායි.

    d52edHB.jpg


    tKOgnW5.jpg


    58keIKM.jpg


    මේ තාවකාලික මඩු වල තමා බිදීගිය පිලිම කොටස් එක් රැස් කරල තියෙන්නෙ.

    u2QCPRs.jpg


    ලෙන් සංකීර්ණය වෙනත් කෝණයකින්.

    usJCUfv.jpg


    විශාල බුදුපිලිමය වෙනත් කෝනයකින්.

    CzYP3qC.jpg


    එක් රැස් කර ඇති පිලිම කොටස්.

    yxr31dg.jpg


    දෙවන (කුඩා) පිලිමය පිහිටි පර්වත කුහරය හා ලෙන් සංකීර්ණය

    MgnsX0R.jpg


    5BKmZw7.jpg


    සස්රීක බාමියන් නිම්නය

    NmL7VfW.jpg


    විනාශ කරන ලද දෙවන පිලිමය.

    eB6mXQ0.jpg


    ලෙන් වල ඇති චිත්ර, බොහොමයක් විනාශ කරල.

    RVuo97S.jpg


    QxuU1MP.jpg


    HXlhlqp.jpg


    EYuOxAr.jpg


    4UVRGdb.jpg


    Xh9rSKR.jpg


    විශාල බුදුපිලිම සිරසට උඩින් බාමියන් නිම්නය.

    b1f7HN3.jpg


    කුඩා පිලිමය පිහිටි පර්වත කුහරය ඉහල සිට.

    vmqGA4J.jpg


    විශාල පිලිමය (වයිරෝචන ) හා කුඩාපිලිමය (ශාක්යමුණි ) පිහිටි ආකාරය අන්තර්ජාලය ඇසුරින්.

    cTerlzM.jpg


    බාමියන් පිලිමය (වයිරෝචන ) පිහිටා තිබෙන්නට ඇත්තේ මෙලෙසයයි සැලකේ. අන්තර්ජාල ත්රිමාන නිර්මාණයක්.

    pi7TOFP.jpg


    නැවතත් මෙවන් හුයකින් තවත් සොදුරු ඉසව්වක් සොයා යමු.:)

     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ වීඩියෝවේ බාමියන් පිලිම විනාශයට පෙර හා විනාශයට පසු දක්වා තිබෙනවා. පිපිරීම නම් බලා ඉන්නත් අමාරුයි.:(:(:(:(:(:(

     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නියම ත්‍රෙඩ් එකක්.... බමියන් පිලිම වලට කරපු දේ තමයි පල දුන්නෙ ඕකුන්ට...
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හදවතත් පොඩ්ඩක් නැවතුනාද මන්දා. :(ඇත්තට කිව්වෙ. මෙහෙම තිබ්බ රටක් ඔය තත්වෙට ආවෙ හිටිය අහිංසක මිනිස්සු ටික සමූල ඝාතනයකරලනෙ කරල මොලේ මොංගල් වෙච්ච එවුන්. ඒකාලෙ කොහොම තියෙන්න ඇත්ද.:(කිව්ව වගේ පුපුරවන එක බලන්න බෑ මටනම්.:dull:
     
    • Like
    Reactions: castellain

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape oluwalath afghan minissu gana waradi chitharayak mawenna lokuma hethuwa une oya pilima winasa karapu eka
    kochchara sundara ratakda mun kala thiyenne :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කර්මය කෙසේ වෙතත් ශත වර්ශ ගනනාවක් මිනිසාගෙන් වැදුම් පිදුම් ලැබූ යමක් විනාශ කිරීම හොද දෙයක් වෙන්න බෑ

    mona aagamakata unath aiya me kiyala thiyena kathawa hariyatama hari..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක කියවද්දි බාමියන් බුදුපිලිම විනාස කරපු එක ඉස්සල්ලම නියුස් වව දාපු දවසේ වගේම හිතට දුකක් දැනුනා.:(
    අර කොටස් එකතු කරලා ආයි පිළිම හදන්න පුලුවන් වෙයි කියල නම් හිතන්න අමාරුයි. :( අනිත් එක එය ත්‍රස්තවාදී ප්‍රශ්න තව අව්රුදු 100 කින් මෙහා විසදෙයිද :dull:
     

    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    ලන්කාවෙත් ඕක තමයි වෙන්නෙ....ලන්කාවෙ උරුමය විනාශ කරලා උන්ගෙ රට කියයි