මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මසාර් ඊ ශෙරීෆ් - ඇෆ්ගන් සංචාර අංක 03

    යාලුවනේ මම අද ඔයාලට ඉදිරිපත් කරන්න යන්නෙ ඇෆ්ගනිස්තානයේ තුන්වන විශාල ප්රාදේශිය නගරය වන මසාර් ඊ ශෙරීෆ්, එහම නැත්නම් කෙටියෙන් කීවොත් මසාර් නගරය ගැන. මසාර් නගරය පිහිටල තියෙන්නෙ ඇෆ්ගනිස්තානයේ උතුරු සීමාවේ, උස්බෙකිස්තානය දේශ සීමාවේ.මසාර් ඊ ශෙරීෆ් කියන්නේ පූජනීය දෙවොල කියන එක. මසාර් නගර මද්යයේ පිහිටි ඉතා අලංකාර බ්ලූ මොස්ක් එහෙම නැත්නම් නිල් පල්ලිය නිසායි මේ නම ලැබිල තියෙන්නෙ. මසාර් කාබුල් වලට සාපේක්ශව ඉතාමත් සාමකාමීයි. තලේබාන් වරුන්ට මෙහි ඉඩක් නෑ. මසාර් ඊ ශෙරීෆ් වල ඉතා ඉහල ප්රමිතීන්ගෙන් යුතුව ඉදි වුන අන්තර්ජාතික ගුවන් තොටුපලක් පවා තිබෙනවා.ඉතා දියුනු මාර්ග පද්ධතියක්, ජල සැපයුම් පහසුකම්, ඉන්දන පිරවුම්හල්, උස් ගොඩනැගිලි දකින්නට පුලුවන්.දේශපාලනව ස්තාවර ප්රාදේශීය රජයක් මේ සදහා කැපවීමෙන් වැඩ කරනවා.උස්බෙකිස්තානයත් මෙහි දියුනුව සදහා උදව්කරනවා. මා පුද්ගලිකව ප්රාර්තනා කරනවා ඇෆ්ගනිස්තානයේ පවතින ත්රස්ත කියා මේ අලංකාරයට බලපෑමක් එල්ල නොකරාවි කියා.

    මේ ජායාරූප සාමාන්ය කැමරාවකින් ගත්ත ඒවා. තත්ත්වය උසස් නෑ.

    පාර දෙපැත්තේ තියෙන පලතුරු වෙලද සැල්.

    Z5ZJZaf.jpg

    ujBzGMZ.jpg

    stp8HqU.jpg

    wJDnqrw.jpg

    පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ නිපදවූ ටැක්සියක්

    ywHiSiY.jpg

    ප්රධාන වීදිය, මසාර් ඊ ශරීෆ්

    sBmQIkq.jpg

    PbQzhzT.jpg

    මසාර් වැසියෝ

    1cOe6nn.jpg

    vL8zRWd.jpg

    DaqSfEb.jpg

    bY5DrxH.jpg

    PvIUhQX.jpg

    RjVucBb.jpg

    නගර චතුරස්රය

    2BqGyJp.jpg

    oLqVan6.jpg

    මසාර් අන්තර්ජාතික ගුවන් තොටුපල

    rxqYBkr.jpg

    සුප්රසිද්ද ඇෆ්ගන් පැතලි පාන්. මේවා ඉතාම රසවත්. මගේත් ප්රියතම කෑමක්

    613RIoO.jpg

    නගරය ගුවනේ සිට

    ijbtEPU.jpg

    සෙනග පිරුණු ටැක්සියක්

    Z8i6OPi.jpg

    සපත්තු මසන්නෙක්

    C0JTv3l.jpg

    කොමඩු සමය ජූනි

    Cd7Thj9.jpg

    සුප්රසිද්ද නිල් පල්ලිය. (ජායාරූප අන්තර්ජාලයෙනි, නිල් පල්ලියක් තුර්කියේද තිබේ. මෙය එය නොවේ.)

    sXEQHzF.jpg

    bC05Y4Y.jpg

    KMR5dx4.jpg

    නැවතත් හමුවෙමු.

    මේ තියෙන්නෙ පහුගිය ඇෆ්ගන් සංචාර.

    අංක එක : බන්ද් ඊ අමීර් විල

    අංක දෙක : බාමියන් බුදු පිලිම

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    පසු සටහන: පසුගිය අප්රේල් 23 වෙනිදා මුලු ඇෆ්ගනිස්තාමයම හඩවමින් මසාර් හමුදා කදවුරට දැවැන්ත ප්රහාරයක් එල්ලවුනා. මෙහිදී සෙබලුන් 100 කට වැඩි සංක්යාවක් මියගියා. තවදුරටත් මසාර් ඊ ශෙරීෆ් සාමකාමී නෑ.:(:(:(

    http://www.bbc.com/news/world-asia-39680101
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    3 වෙනි ඇෆ්ගන් සංචාරයටත් අපිව එක්ක ගියාට බොහෝම ස්තූතී :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පසු සටහන: පසුගිය අප්රේල් 23 වෙනිදා මුලු ඇෆ්ගනිස්තාමයම හඩවමින් මසාර් හමුදා කදවුරට දැවැන්ත ප්රහාරයක් එල්ලවුනා. මෙහිදී සෙබලුන් 100 කට වැඩි සංක්යාවක් මියගියා. තවදුරටත් මසාර් ඊ ශෙරීෆ් සාමකාමී නෑ.:(:(:(

    http://www.bbc.com/news/world-asia-39680101

    හපොයි කියවගෙන ආව විතරයි.:sorry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    මචන් මේ වගේ අපිට නිතරම අහන්න නොලැබෙන රටක් ගැන වටිනා විස්තර දාන උබට ගොඩක් ස්තුතියි. උබේ මේ ලිපි නියමයි. ඔබ කිව්වා වගේ මේ රටේ ඉන්න තලේබාන් සහ ISIS ත්‍රස්තවාදීන් නිසා මේ ලස්සන රට විනාශ වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන අතීතයේ පටන් මාර්කෝ පෝලෝ වගේ දේශ ගවේෂකයෝ වර්ණනා කරලා තියෙනවා. මුන්ට ඒ ගතිගුණ පිහිටන්න ඇත්තේ ඉස්සර මේ රට බෞද්ධ රටක් වෙලා තිබුන නිසා වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: castellain

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ගොඩාක් වටිනා ත්‍රෙඩ් එකක්.. ජයවේවා මෝරා මාමි..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මචන් මේ වගේ අපිට නිතරම අහන්න නොලැබෙන රටක් ගැන වටිනා විස්තර දාන උබට ගොඩක් ස්තුතියි. උබේ මේ ලිපි නියමයි. ඔබ කිව්වා වගේ මේ රටේ ඉන්න තලේබාන් සහ ISIS ත්‍රස්තවාදීන් නිසා මේ ලස්සන රට විනාශ වෙනවා. මේ රටේ මිනිස්සුන්ගේ ආගන්තුක සත්කාර ගැන අතීතයේ පටන් මාර්කෝ පෝලෝ වගේ දේශ ගවේෂකයෝ වර්ණනා කරලා තියෙනවා. මුන්ට ඒ ගතිගුණ පිහිටන්න ඇත්තේ ඉස්සර මේ රට බෞද්ධ රටක් වෙලා තිබුන නිසා වෙන්න ඕනෙ.

    ඔව් ඒක එක හේතුවක්, අනික මේ රට කවදාවත් මුලුමනින්ම යටත් කරගන්න බටහිර ජාතීන්ට කවදාවත් හැකි වී නෑ.:yes:
    මේ රටේ තවමත් බුද්දාගම අදහන පිරිස් ඉන්නවා. හොර රහසේ. බොරුවට පල්ලි ගිහින් අදහන්නෙ බුද්දාගම. හොරෙන්. හොරෙන්. :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,101
    1
    28,632
    113
    ඔව් ඒක එක හේතුවක්, අනික මේ රට කවදාවත් මුලුමනින්ම යටත් කරගන්න බටහිර ජාතීන්ට කවදාවත් හැකි වී නෑ.:yes:
    මේ රටේ තවමත් බුද්දාගම අදහන පිරිස් ඉන්නවා. හොර රහසේ. බොරුවට පල්ලි ගිහින් අදහන්නෙ බුද්දාගම. හොරෙන්. හොරෙන්. :yes:

    අහන්නත් සතුටුයි මචන්. ඇත්තටම උඹ කියනකන් මම දැනගෙන හිටියේ නැහැ මේ රටේ තාම බෞද්ධයන් ඉන්නවා කියල. නොදන්නා ගොඩක් දේවල් කියලා දෙනවට ස්තුතියි. තව තවත් වටිනා විස්තර දාන්න ලැබේවා. ජයවේවා!