DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1

ja2k17ja

Member
May 10, 2017
185
166
0
තිස්සමහාරාම
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1

මම කලින් නුලෙ කියපු විදියට වැඩේ පටන්ගන්නයි යන්නෙ . ඔයාල කොහොමහරි ලිනක්ස් ස්වර් එකකට ලොග්වෙලා ඇති කියල මම හිතනව . ලොග්වෙන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.

මම මුලින්නම පටන් ගන්නෙ බේසික් කමාන්ඩ් කිහිපයකින් මේව බේසික් වුනාට අනිව දැනගන්න ඕන . මම මේ කියන කමන්ඩ්ස් ඔයාල ට්‍රයි කරල බලන්න.

1) who
අපිට මේ කමාන්ඩ් එක වැදගත් වෙන්නෙ මට අමතරව තව කවුද මැෂින් එකට ලොග් වෙලා ඉන්නේ කියල දැනගන්න . අපි who කියල terminal එකේ ටයිප් කරලා එන්ටර කි එකට කෙටුවම මෙන්න මෙවගේ රිසල්ට් එකක් එනවා

nix@Dell ~ $ who
nix tty8 2017-06-16 15:25 :-)0)
nix pts/0 2017-06-16 15:25 :-)0)
nix pts/1 2017-06-16 15:35 :-)0)
root pts/2 2017-06-16 15:35 (127.0.0.1)

මේ රිසල්ට් එක දැකපු ගමන්ම තේරෙනව මේ මොකක්ද කියල. මෙතන nix සහ root කියන යුසර්ල දෙන්නෙක් ලොග් වෙලා ඉන්නවා කියල අපිට පේනව . ඊට අමතරව tty , pts කියල දෙයකුත් පේන්න තියෙනව . එමගින් නිරුපනය කරන්නෙ ලොග්වෙලා ඉන්න ටෙර්මිනල් එක කුමක්ක්ද කියල. tty කියන්නෙ native terminal device. pts කියන්නෙ psuedo terminal slave කියල . මේක තේරෙන සිංහළෙන් කියනවනම් කවුරු හරි මැෂින් එකට සම්බන්ද කරලා තියෙන hardware terminal එකකින් ලොග් වෙලා තියෙනවනම් ඒ අයගේ terminal එක tty කියල පෙන්නනව , තව සමහරක් SSH , screen, Putty වගේ දේවල් (Terminal Emulator) වලින් ලොග් වෙලා තියෙනවනම් එයාල pts කියල පෙන්නනව . මම දීල තියෙන උදාහරණයේ root ලොග් වෙලා තියෙන්නෙ SSH මගින් .

2) w
මේ කමාන්ඩ් එකත් who එකට සමානයි නමුත් who එකට වඩා වැඩි විස්තරටිකක් දැකගන්න පුළුවන් . මේ කමාන්ඩ් එකෙන් ලොග්වෙලා ඉන්න අය මෙනවද කරන්නේ කියලත් දැනගන්න පුළුවන්.

nix@Dell ~ $ w
16:02:04 up 38 min, 4 users, load average: 0.17, 0.18, 0.25
USER TTY FROM LOGIN@ IDLE JCPU PCPU WHAT
nix tty8 :0 15:25 38:05 25.44s 0.15s cinnamon-session --session cinnamon
nix pts/0 :0 15:25 1.00s 0.02s 0.00s w
nix pts/1 :0 15:35 26:12 0.03s 0.01s ssh [email protected]
root pts/2 127.0.0.1 15:35 26:09 0.03s 0.03s -bash

3) who am i
මේ කමාන්ඩ් එකෙන් අපිට දැනගන්න පුළුවන් මම මොන යුසර් එකවුන්ට් එකෙන්ද ලොග් වෙලා ඉන්නේ කියල .
nix@Dell ~ $ who am i
nix pts/0 2017-06-16 15:25 :-)0)

4) passwd
අපි මේ කමාන්ඩ් එක බාවිතා කරල තමයි ලෙහෙසින්න්ම අපේ password එක මාරුකරගන්නේ / අප්ඩේට් කරගන්නෙ . තවද root ට පුළුවන් password නැති යුසර් කෙනෙකුට අලුතින් password එකක් දෙන්නත්. තියෙන password එක මරුකරන්නත් .

ඔන්න මම nix ගෙන් ලොග් වෙලා ඉන්නකොට passwd ගහල මගේ password එක change කරන ආකාරය .
nix@Dell ~ $ passwd
Changing password for nix.
(current) UNIX password:
Enter new UNIX password:
Retype new UNIX password:
passwd: password updated successfully
දැන් බලමු root ඇවිල්ල මගේ password එක change කරනහැටි .
Dell ~ # passwd nix
Enter new UNIX password:
Retype new UNIX password:
passwd: password updated successfully

root වැඩේ කරනකොට "(current) UNIX password" අහන්නැ .

5) logout
මේ කමාන්ඩ් එකෙන් අපිට ලොග්වෙලා ඉන්න shell එකෙන් logout වෙන්න පුළුවන්. නමුත් මේක වැඩකරන්නේ SSH වගේ යුස් කරලා ලොග්වෙලා ඉන්නවනම් පමණයි.

SSH නොමැතිව terminal එකෙන් ලොග් වෙලා ඉන්නකොට logout දුන්නම වෙනදේ මෙන්න.
Dell nix # logout
bash: logout: not login shell: use `exit'

මේවගේ වෙලාවට වැඩකරන්නේ exit කමන්ඩ් එකයි Ctrl D විතරයි .

SSH මගින් ලොග්වෙලා ඉන්න වෙලාවට කතා දෙකක් නෑ කෙලින්ම එළියෙ .
Dell ~ # logout
Connection to 127.0.0.1 closed.

ඔන්න අද පාඩමෙන් අන්තිමට කියන්න යන්නෙ වැදගත්ම දේ තමයි . root කොහොමද මැෂින් එකට ලොග්වෙලා ඉන්න යුසර් කෙනෙක්ව logout කරන්නේ කියල .
මේ සදහා මම බාවිතා කරන කමාන්ඩ් 2ක් කියල දෙන්නම්.
pkill -KILL -u USERNAME
pkill -9 -u USERNAME

මේ දෙකම එකහා සමානයි . USERNAME කියන තැනට ඇත්ත යුසර් name එක දාන්න . උදාහරන
pkill -KILL -u windows හො pkill -9 -u windows

මෙතන windows කියන්නේ සවර් එකට ලොග්වෙලා ඉන්න යුසර් කෙනෙක් root ට මළ පැනල පොරව එලියට දන්නා ඕනවෙලා . අපිට who හො w කමාන්ඩ් එකෙන් යුසර්ව හොයාගන්න පුළුවන් .
මේ බලන්න දැන් windows කියන යුසර් මගේ මැෂින් එකට SSH හරහා ලොග්වෙලා ඉන්නවා (192.168.1.3 කියන්නෙ මගේ මැෂින් එකේ IP එක)

මේ තියෙන්නෙ windows කියන හදයගේ terminal එකේ තියෙන දේවල් .
win@Dell2 ~ $ ssh [email protected]
[email protected]'s password:
Welcome to Linux Mint 18.1 Serena (GNU/Linux 4.4.0-79-generic x86_64)

* Documentation: https://www.linuxmint.com

7 packages can be updated.
0 updates are security updates.

Last login: Fri Jun 16 16:58:29 2017 from 192.168.1.5
Could not chdir to home directory /home/windows: No such file or directory
$

දැන් මම root ගෙන් මගේ මැෂින් එකට ලොග්වෙලා ඉනෙ . w කමාන්ඩ් එකට මට මෙහෙම පෙන්නනව.

Dell ~ # w
17:18:24 up 1:54, 8 users, load average: 0.43, 0.29, 0.21
USER TTY FROM LOGIN@ IDLE JCPU PCPU WHAT
nix tty8 :0 15:25 1:54m 1:17 0.17s cinnamon-session --session cinnamon
nix pts/0 :0 15:25 14:06 0.09s 0.04s ssh [email protected]
nix pts/1 :0 15:35 0.00s 0.03s 0.01s ssh [email protected]
root pts/2 127.0.0.1 15:35 0.00s 0.04s 0.00s w
root pts/4 127.0.0.1 16:55 14:14 0.04s 0.04s -bash
windows pts/7 192.168.1.5 17:12 5:44 0.00s 0.00s -sh
ඔන්න root ට ඕනවුන windows ව logout කරන්න . root එයාගේ terminal එකේ කලින් කියපු කමාන්ඩ් එක ටයිප් කලා . මෙන්න මේවගේ
pkill -KILL -u windows

මේ බලන්න windows ට වුනදේ .(windows ගේ terminal එකේ ලියවෙනදේ )

$ Connection to 192.168.1.3 closed by remote host.
Connection to 192.168.1.3 closed.

pkill ගැන වැඩිවිස්තර ඉදිරියට කියන්නම් .

ඊළගට මම ෆයිල් සහ ඩිරෙක්ටරි ගැන කියල දෙන්නම් .

හෙටත් හමුවෙමු.

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්
 
Last edited:

niRaa.Jr

Well-known member
  • Jun 11, 2017
    809
    601
    93
    කෙල්ල ලග
    11.gif
    :cool:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Thanks for the thread and sharing knowledge.
    Mona OS ekada use karanna honda?
    Mata internet echchara awlak na. Eka hinda gedara machine ekata VM ekak daganna eka lesii.
    Opensuse VM ekak nam danatath thiyanawa machine eke.
     

    ja2k17ja

    Member
    May 10, 2017
    185
    166
    0
    තිස්සමහාරාම
    Thanks for the thread and sharing knowledge.
    Mona OS ekada use karanna honda?
    Mata internet echchara awlak na. Eka hinda gedara machine ekata VM ekak daganna eka lesii.
    Opensuse VM ekak nam danatath thiyanawa machine eke.

    ඔයා කැමති Linux OS එකක් යූස් කරන්න පුළුවන් . මම මේ පාඩම් මාලාවෙ OS එක ගැන විශේෂයන් කියල නැතිනම් ඔයාල කැමති Linux OS එකක් බාවිතා කරන්න ගටළු තිබුනොතින් නූලට පෝස්ට් එකක් දාන්න .