එළකිරි බඩතඩි Challenge
ඒළකිරියෙ ඉන්න මහත වැඩියි කියල හිතෙන, අලිසයිස් තප්පදෝරු, බඩතඩි, මහාමේරු පර්වතේ වගේ ඉන්න උන් වරෙල්ලා බලන්ඩ.
හරි මේකයි කතන්දරේ. මහත කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක්නේ.

මෙතන ඇති මහත්වෙලා ඉඳලා කෙට්ටුවෙලා ආයෙ මහත්වෙච්චි එවුන්. ඒ වගේම එදා ඉඳලම මහතට ඉන්න උං. දැං මමතුමා ගත්තොත් මහතට ඉඳලා කෙට්ටුවෙලා, ආයෙ මහත්වෙලා ආයෙ කෙට්ටුවෙලා ආයෙ මහත්වෙලා ආයෙ කෙට්ටු වෙලා දැන් ආයෙ මහත්වේගන යන එකෙක්.
අප්‍රේල් මාසෙ මුල ඩයටින් නැවැත්තුවට පස්සේ ආයෙ පටන්ගන්න කිසිම මෝටිවේෂන් එකක් නෑ. මේ සීන් එක ගොඩ දෙනෙකුට තියනවා. මෝටිවේෂන් එක තියනකල් වැඩේ ඇට්ටි හැලෙන්ඩ කැපවීමෙන් කරනවා. ටික කාලෙකට පස්සෙ මෝටිවේෂන් එක නැතිව ගියාට පස්සේ වැඩේ හබක්. සමහර විට ඇඟේ හොඳට මස්ල්ස් හදපු ලෙවල් එකට ගිය උන් මෙතන ඇති ආයෙ මහත්වෙලා.
මට ඊයේ ආයෙ ටිකක් විතර ආව මෝටිවේෂන් එක කෙට්ටු වෙන්න ඕන කියලා. හැබැයි මම දන්නවා ආයෙ ටික කාලෙකින් මේක ෆේඩ් අවේ වෙනවා කියලා. ඒ වගේම කෙට්ටුවෙන්න ඕන නමුත් ඒක පටන් ගන්න කම්මැලිකමේ ඉන්න සෙට් එකක් එළකිරියෙ ඉන්නවා කියලත් මන් දන්නවා. ඒනිසා
මිත්‍රවරුණි, හිතවත් කුකුලනි අපි ආරම්භකරමු එළකිරි බඩතඩි චැලෙන්ජ් එක. නම අවුල් නං වෙන නමක් යෝජනා කරහල්ලා ඉතිං.
අයිස් බකට් චැලෙන්ජ්, අර චැලෙන්ජ් මේ චැලෙන්ජ් කියලා විවිද චැලෙන්ඩ් තියන ලෝකෙ ඇඟ ලස්සනට කෙට්ටු කරලා සික්ස් පැක්ස් හදාගන්න පටන්ගමු එළකිරි බඩතඩි චැලෙන්ජ් එක.
චැලෙන්ජ් එක මේකයි.
• ඇඟේ මහත ශරීරයේ උසට ගැලපෙන විදිහට අඩුකරන්න ඕන. (මේක තමන් සෙට් කරගන්න ඕන ටාගට් එකක්.)
• ඒ විතරක් නෙවෙයි ඒක හරියට පවත්වගන යන්න ඕනි අවුරුද්දක්
• බර යම් මට්ටමකට අඩු උනාට පස්සෙ ආයෙ ඒ මට්ටමෙන් උපරිම වැඩි වෙන්න පුලුවන් 2 Kg විතරයි. ඊට වඩා බෑ. මේක අදාල වෙන්නෙ ඇඟේ Fat පිරිච්චි තඩියන්ට විතරයි. මස්ල් බිල්ඩින් කරන උන්ට එච්චර අදාල නෑ. මොකද උන්ට උසට ගැලපෙන බර කියන එක එච්චර අදාල නැති හින්දා.
• සතියකට සැරයක් (දවස් හතකට සැරයක්) පොඩි අප්ඩේට් එකක් දෙන්න ඕන Current Status එක.
තනියම මේක කරනවට වඩා තව කීපදෙනෙක් එක්ක මේක මේ විදිහට කරන්න ගත්තාම මෝටිවේෂන් එක තියෙනවා. තමන් දන්නවනේ දවස් හතකින් අප්ඩේට් එකක් දෙන්න ඕනි. අනිත් අය දවස් හතකින් කොයි විදිහට ඇඟ අඩුකරගනද ?
ඒ වගේම මේකෙදි අපි කතාකරමු එක එක්කෙනා තමන්ගෙ ඇඟ අඩු කරගන්න යොදාගන්න ක්‍රියාමාර්ග. ඒක සතියෙ අප්ඩේට් එක දෙද්දි ඒකෙම සඳහන් කරන්න පුලුවන්. මේ සතියෙ මම මේ විදිහට කරේ ආදී වශයෙන්.
එහෙනං ඔන්න මං තුමා ඔෆීෂියලි චැලෙන්ජ් කරනවා එළකිරි යේ ඉන්න මහතඋන්ට මේ චැලෙන්ජ් එකට සහභාගිවෙන්න කියලා.
එළකිරි එකේ වටිනා ත්‍රෙඩ් කීපයක්ම තිබුනා මේ සම්බන්ධයෙන්. මම ඒවා ලින්ක් කරනවා දෙවනි රිප්ලයි එකට.
තුන්වන රිප්ලයි එක වෙන්වන්නේ සතිය ගානෙ දාන අප්ඩේට් වල ලින්ක්ස් වලට.
ඒළකිරියෙ ඉන්න මහත වැඩියි කියල හිතෙන, අලිසයිස් තප්පදෝරු, බඩතඩි, මහාමේරු පර්වතේ වගේ ඉන්න උන් වරෙල්ලා බලන්ඩ.
හරි මේකයි කතන්දරේ. මහත කියන එක අපි හැමෝටම ප්‍රශ්නයක්නේ.

මෙතන ඇති මහත්වෙලා ඉඳලා කෙට්ටුවෙලා ආයෙ මහත්වෙච්චි එවුන්. ඒ වගේම එදා ඉඳලම මහතට ඉන්න උං. දැං මමතුමා ගත්තොත් මහතට ඉඳලා කෙට්ටුවෙලා, ආයෙ මහත්වෙලා ආයෙ කෙට්ටුවෙලා ආයෙ මහත්වෙලා ආයෙ කෙට්ටු වෙලා දැන් ආයෙ මහත්වේගන යන එකෙක්.අප්‍රේල් මාසෙ මුල ඩයටින් නැවැත්තුවට පස්සේ ආයෙ පටන්ගන්න කිසිම මෝටිවේෂන් එකක් නෑ. මේ සීන් එක ගොඩ දෙනෙකුට තියනවා. මෝටිවේෂන් එක තියනකල් වැඩේ ඇට්ටි හැලෙන්ඩ කැපවීමෙන් කරනවා. ටික කාලෙකට පස්සෙ මෝටිවේෂන් එක නැතිව ගියාට පස්සේ වැඩේ හබක්. සමහර විට ඇඟේ හොඳට මස්ල්ස් හදපු ලෙවල් එකට ගිය උන් මෙතන ඇති ආයෙ මහත්වෙලා.