පාවිච්චි කරන ප්‍රින්ටර්, ඒවගේ මිල ගණන්(අලුත් සහ පාවිච්චි කරන ලද ),වාසි අවාසි.., ඩුප්ලෝ ගැන මෙලෝ සසරක් දන්නේ නැති කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්න... පුලුවන්නම් ලොකු දෙයක්
ලොකු දෙයක් නම් දන්නේ නෑ... ඒත් දැනට අපි ඔෆිස් වල පාවිච්චි කරන ප්‍රින්ටර්ගැන කියන්නම්...
ඉස්සර සැම්සුන්ග් , එච්.පී. සහ කැනොන් වගේ ලේසර් ප්‍රින්ටර් ගොඩක් පාවිච්චි කලා අපි,
හැබැයි මේවාගේ ටෝනර් ගොඩක් ගනන්... රීෆිල් කරන්න පුළුවන් වුනත් ඒවගේ කොලිටි එක
එච්චරම හොඳ නෑ.. සාමාන්‍යයෙන් මේ ජාතියේ ප්‍රින්ටර් රු 10000/- වගේ ඉඳලා ගන්න පුළුවන්..
ඩුප්ලෙක්ස් , නෙට්වර්ක් වගේ ඔෆ්ෂන් තියෙන ඒවා ටිකක් ගනන්...
දැන් අපි ගොඩක්ම පාවිච්චි කරන්නේ එප්සන් එම්100, එල්110 ප්‍රින්ටර්ස් (තීන්ත බෝතල් දාන ඒවා)
මේවගේ නම් ප්‍රින්ටින් කොස්ට් එක ගොඩාක්ම අඩුයි..
සාමාන්‍යයෙන් එප්සන් එල්130(එල්110 වල අළුත් එකක්) ප්‍රින්ටර් එකක් රු 21000/- වගේ ගන්න පුළුවන්... මේක කලර් ප්‍රින්ටර් එකක්.. තීන්ත බෝතල් 04 ට රු 6000/- වගේ යයි (මතක විදියට)
එම්100 ප්‍රින්ටර් රු 25000/- වගේ ... මේක බ්ලැක් (තීන්ත බෝතලය රු 1500/- වගේ)
පොටෝකොපි මැෂින් එකකුත් අපි ප්‍රින්ටින් වලට පාවිච්චි කරනවා.. ප්‍රින්ට් කොලිටි වගේම ඒ3 වගේ
සයිස් ප්‍රින්ට් කරන්නත් පුළුවන්... රු 75000/- සිට ඉහලට මිළ වෙනවා.. නෙට්වර්ක්, ඩුප්ලෙක්ස්
තියෙන ටොෂීබා මැෂින් එකක් ලඟදී ගත්තා 105000/- ට වගේ eStudio 2309A