ගැනු එක්කලා බැ බන්. ඔවා නොකලොත් ඊට වඩා කරදරේ. පහුගිය දවසක ගියා බන් ආනමඩුවේ පැත්ති දුශ්කර ගමාක පන්සලකට. ඒ පන්සලේ නායක හාමුදුරුවො පුදුම සේවයක් කරන්නේ. ගමේ මිනිස්සුන්ට වත්කමක් නැ පන්සලට දානේ දෙන්න. කුලී වැඩ කරන මිනිස්සු ඉන්නේ. ඒ ස්වාමින් වහන්සේ බෞධ්ද වතාවත් ඔක්කොම අඩු නැතුව කරනව ගමට. උන්වහන්සේම දානේ වේල පිලියෙල කරගන්නවා. ගම්මුත් එක්කලා පන්සල් ඉඩමේ වගා කරනවත් එක්ක. දැක්කම දුකයි. පයින් වඩින්නේ පන්සලට. මහ පාරට් කිලොමීටර් 6-7ක් යන්න ඔනා. බයිසිකල් කට්ටක්වත් නැ ගමේ උන්ට. එහෙමයි කියලා ඒ හාමුදුරුවො පන්සල වහලා පොශ් ආරාමේකට රින්ගන්නේ නැ.ඔව් මචන්.ඒකනේ වැඩේ.අපෙත් වයිෆ්ලගේ පවුලේ අය තමා පන්සල බදන් ඉන්නේ.හැබැයි ඊයේ නම් එයාලටත් එපා වෙලා හිටියේ..
.මම මේ ලගදී දැක්කා පන්සලේ ඉඩමක වටින ගහක් කපලා ගමේ උන් හාමුදුරුවෝ පන්සලේ නැති අතරේ.හාමුදුරුවෝ ආවට පස්සේ මේක දැකලා සෑහෙන්න දුක් වෙලා.දැන් ඒ හාමුදුරුවෝ පන්සල අත ඇරලා දැන් කැලේට ගිහින් ජීවත් වෙනවලු ගහ කැපුව උබලගෙන් මට දානේ වත් එපා කියලා.ඒ හාමුදුරුවෝ විතරලු ඒ පන්සලටම ඉන්නෙත්..ඔන්න ඔය වගේ හාමුදුරුවරුත් ලංකාවේ ඉන්නවා බන්.


