මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!

sinibatta

Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    මහබැංකුව කෝටි නමදාහක් සල්ලි අච්චු ගහයි!

    ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා තිබෙන පරිදි "2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා" මහ බැංකුව විසින් රුපියල් බිලියන 90 ක වටිනාකමින් යුතු භාණ්ඩාගාර බිල්පත් මිල දී ගෙන තිබෙනවා. "ජාතික අවශ්‍යතාව සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා" මහා භාණ්ඩාගාරය විසින් කර ඇති මෙම ඉල්ලීම සඳහා මුදල් මණ්ඩලය විසින් එකඟතාව පළ කළ බවයි එම නිවේදනයේ සඳහන්ව තිබෙන්නේ.

    සාමාන්‍යයෙන් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම කියන එකෙන් අදහස් වෙන්නේ මහ බැංකුව විසින් රජයේ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීමයි. එසේ නැතිව, පැරණි මුදල් නෝට්ටු වෙනුවට අළුත් මුදල් නෝට්ටු නිකුත් කිරීම මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ නැහැ. රටේ මුදල් ඉල්ලුම සපුරමින් සැලසුම් සහගතව බැංකු පද්ධතිය හරහා ක්‍රමිකව අලුත් මුදල් සංසරණයට එකතු කිරීමත් මුදල් අච්චු ගැහීමක් වුවත් එය පාලනයක් ඇතිව සිදුවන්නක්. මේ නිවේදනය අනුව පෙනෙන පරිදි මේ රුපියල් බිලියන 90 මහ බැංකුවේ මුදල් ප්‍රසාරණ සැලසුමක කොටසක් නෙමෙයි. රජයේ ඉල්ලීම මත "නොකර බැරි නිසා" කරන්නක්. ඔය සල්ලි අච්චු ගැහිල්ල මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩක් වෙන්නත් පුළුවන්.

    මහ බැංකුව විසින් මේ ආකාරයට මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම හෝ බලකිරීම මත මුදල් අච්චු ගැසීම අලුත් දෙයක් නෙමෙයි. පසුගිය ආණ්ඩුව බලයට පත් වූ මුල් දෙවසරක පමණ කාලය තුළත් මේ වැඩේ ජයටම සිදුවුණා. එහි ප්‍රතිඵලයක් විදිහට 2006 පමණ වන විට රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ ගියා. රාජපක්ෂ ආණ්ඩුව විසින් මුදල් අච්චු ගැසීම සීමා කර විශාල ලෙස විදේශ ණය ගන්න පෙළඹුනේ එයින් පසුවයි.

    ආණ්ඩුවක් ආදායමට වඩා වියදම් කරන තාක් කල් ඒ අඩුව කොහෙන් හෝ පියවා ගන්නත් වෙනවා. එසේ කිරීමේදී දේශීය වෙළඳපොළෙන් හෝ විදේශීය වෙළඳපොළෙන් ණය ගන්න සිදු වෙනවා. දේශීය ණය වැඩි වැඩියෙන් ගනිද්දී ඒ විදිහට ණය ගැනීම වඩ වඩා අසීරු වෙනවා. එවිට පොලී අනුපාතික ඉහළ යන්න ඉඩ අරින්න වෙනවා. පොලී අනුපාතික ඉහළ යන විට රජයේ වියදම් තවත් ඉහළ ගිහින් අයවැය හිඟය තවත් පුළුල් වෙනවා.

    මේ වන විට ලංකාවේ ආර්ථික වර්ධනය සාමාන්‍ය මට්ටමට වඩා පහත වැටිලයි තිබෙන්නේ. පහුගිය කාලයේ ආර්ථික වර්ධනය රටට දරා ගත නොහැකි මට්ටමකට ඉහළ ගිහින් තිබුණු නිසා යම් නිවැරදි වීමක් අවශ්‍යව තිබුණත් දැන් ඒ නිවැරදි වීම සිදු වෙලා ඉවරයි. ආර්ථිකය මේ වන විට තිබිය යුතු මට්ටමෙන් පහළට වැටී තිබෙන බව පැහැදිලියි. එහෙම වෙලාවක පොලී අනුපාතික ඉහළ යාමෙන් වෙන්නේ ආර්ථික වර්ධනය තවත් පහළ වැටීමයි. පොලී අනුපාතික ගොඩක් ඉහළ ගියොත් ඇතැම් විට ආර්ථිකය හැකිලෙන්න වුවත් බැරි කමක් නැහැ.

    සල්ලි අච්චු ගැහීම මෙයට තාවකාලික "විසඳුමක්". හැබැයි එය තුවාලයක් කහනවා වගේ විසඳුමක්.

    භාණ්ඩාගාර බිල්පතක් කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් නිකම්ම නිකම් කඩදාසියක්. දැන්නම් කඩදාසියක්වත් නැහැ. ඩේටා බේස් එකක රෙකෝඩ් එකක් විතරයි. මේ කඩදාසියේ නැත්නම් රෙකෝඩ් එකේ ආණ්ඩුව විසින් අනාගතයේ පොලියක් එක්ක කිසියම් මුදලක් ආපහු දෙන බවට වන පොරොන්දුවක් තිබෙනවා. ඒ පොරොන්දුව මත ආණ්ඩුව කාගෙන් හෝ මුදල් අරගෙන ඒ විදිහට ගත්ත මුදල් රටේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට වියදම් කරනවා.

    අපි හිතමු මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තේ රටේ සමාගමක් හෝ පුද්ගලයෙක් විසින් කියලා. ඒ පුද්ගලයා හෝ සමාගම ඒ මුදල උපයාගෙන තියෙන්නේ කිසියම් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනයක් කරලයි. ඒ නිසා, රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් නිකම්ම කඩදාසි වුවත්, ඒ කඩදාසි සමඟ හුවමාරු කරගෙන රජයට මුදල් දෙන පුද්ගලයා හෝ සමාගම විසින් ඒ මුදලට සමාන කිසියම් නිෂ්පාදනයක් කරලා තියෙනවා. ඒ නිසා, එවැනි භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් උද්ධමනකාරී වෙන්නේ නැහැ.

    නමුත්, මහ බැංකුව රටේ අනෙක් පුද්ගලයින් හෝ සමාගම් මෙන් මුදල් උපයන්නේ නැහැ. මහ බැංකුව කරන්නේ කිසිදු සැබෑ නිෂ්පාදනයකට දායක නොවී මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමයි. රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට යොදවන්නේ මේ මුදල්. මේ වැඩේ ඕනෑ තරම් ලොකුවට කළ හැකියි. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම වගේම මහ බැංකුව විසින් අලුත් මුදල් නෝට්ටු නිෂ්පාදනය කිරීමත් ඉතා පහසුවෙන් කළ හැකි දේවල්. එය පුද්ගලයෙක් හෝ සමාගමක් විසින් කිසියම් නිෂ්පාදනයක් කර ආදායම් උපදනවා වගේ අමාරු නැහැ.

    මේ ආකාරයට අච්චු ගැසූ සල්ලි ආණ්ඩුව විසින් අත දිග හැර වියදම් කිරීමේ ප්‍රතිඵලය වන්නේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණයේ තරමට භාණ්ඩ හා සේවා නිෂ්පාදනයක් නොමැති නිසා මිල මට්ටම් ඉහළ යාමයි. නමුත්, රටේ මුදල් ප්‍රමාණය ඉහළ ගොස් මුදලේ වටිනාකම අඩු වී ඇති බව මිනිස්සුන්ට තේරෙන්න කලක් යන නිසා සාමාන්‍යයෙන් උද්ධමනය ඉහළ යන්නේ මුදල් අච්චු ගසා අවුරුදු දෙකකට පමණ පසුවයි. 2004 හා 2005 වසර වල සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලයක් ලෙස 2006දී ලංකාවේ උද්ධමනය 30% පමණ දක්වා ඉහළ ගියා. ඉන්පසුව, පසුගිය ආණ්ඩුව සල්ලි අච්චු ගැසීම නවත්වා විදේශ ණය වැඩි වැඩියෙන් ගන්න පෙළඹුණා.

    විදේශ ණය ගත්තත්, ඒ විදිහට ණය ලෙස ලබා ගන්නා විදේශ ව්‍යවහාර මුදල් රටේ සංචිත වලට එකතු කර ගත්තොත් මිල මට්ටම් ඉහළ යාම හෙවත් උද්ධමනය වහ ගන්න බැහැ. මහ බැංකුව විදේශ ව්‍යවහාර මුදල් මිල දී ගන්නා විට රුපියල් එළියට ඇවිත් මුදල් සංසරණය ඉහළ යනවා. එවිට මිල මට්ටම් වැඩි වෙනවා.

    නමුත් විදේශ ණය සේ ලබා ගත් මුදල් සංචිත වලට එකතු කර නොගත්තොත් රටේ සංසරණය වන විදේශ මුදල් ඉහළ යාම නිසා රුපියල ශක්තිමත් වෙනවා. විදේශ ආනයන වඩා ලාබදායී වෙනවා. එවිට ආනයන ඉහළ ගිහින් ආනයන හා අපනයන අතර පරතරයක් හැදෙනවා. සංසරණයේ තිබුණු විදේශ මුදල් ආනයන වෙනුවෙන් එළියට යනවා. විදේශ ආනයන වඩා ලාබ නිසා දේශීය නිෂ්පාදන වැටෙනවා. නමුත්, භාණ්ඩ හා සේවා පිටරටින් එන නිසා රටේ භාණ්ඩ හා සේවා ඉල්ලුම සැපිරෙනවා. තවත් විදිහකින් කිවුවොත් මහ බැංකුව මුදල් අච්චු ගසා නැති නිසා මුදල් සැපයුම වැඩි වෙලා නැතත්, විදේශ ණය ලෙස ගත් මුදලින් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම නිසා රටේ භාණ්ඩ හා සේවා සැපයුම ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මිල මට්ටම් පහළ යනවා. ඔන්න ඕක තමයි සරලව පහුගිය ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වුනේ.

    පහුගිය ආණ්ඩුව කාලයේ රටේ විදේශ සංචිත ඉහළ ගිය බව කාට හෝ පෙන්වා දෙන්න පුළුවන්. ඇත්ත. නමුත්, ඒ කාලයේ ලබාගත් විදේශ ණය ප්‍රමාණය ඊට වඩා ගොඩක්ම වැඩියි. සංචිත වලට එකතු නොවූ ඒ ණය හරහා වක්‍ර ලෙස සිදුවුනේ කිසිදු වියදමක් හෝ මහන්සියක් නැතිව, නිෂ්පාදනයක්ද නැතිව, රටේ භාණ්ඩ හා සේවා පරිභෝජනය ඉහළ දමන්න හැකි වීමයි. ඒ දවස් වල පෙනෙන්නට තිබුණු සෞභාග්‍යයේ රහස එයයි. ප්‍රශ්නය වන්නේ මේ විදිහට ණයට ගෙන පරිභෝජනය කළ විට එහි වියදම පොලියත් සමඟ පසුව ගෙවන්නට සිදු වීමයි.

    පොඩි පොඩි සාධනීය වෙනස්කම් ටිකක් සිදුවුනත් මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුවත් ඔය සෙල්ලම ලොකුවට වෙනස් වුනේ නැහැ. මේ ආණ්ඩුව රජයේ වියදම් යම් තරමකින් අඩු කළා. ආදායම් යම් තරමකින් වැඩි කරගත්තා. ඒත් මේ ආණ්ඩුව දිගටම දිවුවේත් හිඟයක් පවත්වා ගනිමිනුයි. අයවැය හිඟයක් සමඟ දුවන සෑම වසරකදීම රටේ ණය තවතවත් ඉහළ යනවා. ඒ අනුව, මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුවත් වසරින් වසර ණය වැඩි වෙන එක දිගටම සිදු වුණා. ඒ වගේම මේ ආණ්ඩුවත් දේශපාලනික හේතු මත ආණ්ඩුවේ වියදම් තවත් ඉහළ නංවන ඇතැම් තීරණ ගත්තා.

    අනෙක් පැත්තෙන් ගෙවුම් ශේෂ ප්‍රශ්නයෙන් ගොඩයාම සඳහා වුවත් මේ ආණ්ඩුවෙන් ප්‍රමාණවත් දෙයක් සිදුවුණේ නැහැ. රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියත් එය කළේ නොකරම බැරිවෙන වෙලාවල් වලදී පමණයි. මේ ආණ්ඩුව යටතේත් බොහෝ විට සිදු වී තිබෙන්නේ තවත් විදේශ ණය අරගෙන රුපියල අවප්‍රමාණය වීම යම් තරමකින් හෝ පාලනය කරගන්න උත්සාහ කරන එකයි. ඒ වෙනුවෙන් විදේශ සංචිත වැය කිරීම පවා සිදු වෙලා තිබෙනවා. අවසාන වශයෙන් පසුගිය වසර හතරක කාලය ඇතුළත වෙලා තියෙන්නෙත් විදේශ ණය ප්‍රමාණය වගේම දේශීය ණය ප්‍රමාණයත් ඉහළ යාමයි. පසුගිය ආණ්ඩුවේ කාලයට සාපේක්ෂව ණය වර්ධන වේගයේ යම් අඩුවක් පමණයි වෙනසකට කියලා පේන්න තියෙන්නේ.

    දැන් මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න වෙලා තියෙන්නේ ඇයි?

    ආණ්ඩුවට ණය ලෙස ගන්න තරම් මුදල් රටේ දේශීය වෙළඳපොළේ නැහැ. එහෙමනං තිබුණු සල්ලි වලට මොකද වුනේ?

    පහුගිය මාස ගණන තිස්සේම මහ බැංකුව විසින් කළේ සංචිත විකුණන එකයි. දේශපාලන අර්බුදය තිබුණු දින පණහ ඇතුළත පමණක් ඩොලර් බිලියනයකට කිට්ටුව විකුණලා තිබුණනේ. කොහොම වුවත් සංචිත විකිණීම පටන් ගත්තේ ඊටත් කලින්. ඔය විදිහට සංචිත විකුණමින් රුපියල කෘතිමව රැකගන්න දැඟලීම තමයි ගොඩක් අවුල් වලට මුල.

    මහ බැංකුව විසින් ඩොලර් එකක් එළියට දමන හැම වෙලාවෙම රුපියල් 180ක් විතර ඇතුළට ගන්නවනේ. එතකොට ඩොලර් බිලියනයක් එළියට දමන කොටස රටේ රුපියල් බිලියන 180ක හිඟයක් ඇති වෙනවා. ඉතිං කොහෙද ආණ්ඩුවට ණය ගන්න සල්ලි ඉතුරු වෙන්නේ. අන්තිමට ආණ්ඩුවට ණය දෙන එක මහ බැංකුවටම කරන්න වෙලා.

    ඉදිරි මාස කිහිපය ඇතුළත රෝලක් ගහලා ආණ්ඩුව මහ බැංකුවේ ණය පියවන කතාවකුයි මහ බැංකුවේ නිවේදනයේ තියෙන්නේ. ඒ කොටස පහළ තියෙනවා.

    "ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සඳහා දායක වීම තුළින් ඇති විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිවිපාකයන් සලකා බැලීමෙන් පසු, රජයේ ණය ලබා ගැනීමේ වැඩසටහනේ අපේක්ෂිත මූල්‍යයන ක්‍රියාමාර්ගයන් සාක්ෂාත් කර ගැනීමට හැකිවීමත් සමග පෙබ‍රවාරි මාසයේ දී මෙම ගනුදෙනුවේ කොටසක් ආපසු ගෙවීමටත් ඉතිරි කොටස 2019 පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය විසින් එකඟ වී ඇත."

    උපුටා ගැනිම: ඉකොනොමැට්ටගේ සතපහ
    http://emgesathapaha.blogspot.com/2019/01/blog-post.html
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මුන්ගෙ අම්මලට. ඩොලර් එක 300 ට යයි මෙහෙම වෙද්දි
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    අඩෝ මෙහෙම ගියොත් හිකෙනවනේ.දැන් පන්සීයක් කියන්නෙ පනහක් වගේ.
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Oka aluth deyak newei ban 1970 ganan wala idanma Lankawe adayamata wada wiyadama wedi.



    Udde thibuna kale uddetama kochchara wiyadan wunada? Ratata mokuth wunada? Na ne. Me yana widiyatama ithuru tikath yai.
     

    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    ඕකෙන් රටට දැනෙන හානියක් වෙන්න කොයි තරම් කාලයක් යයිද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    220px-Guinean_franc_vs_US_Dollar_%282005%29.jpg
     
    • Like
    Reactions: Smartm

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වැඩි දවසක් යන්න කලින් හොද නෑමක් නාන්න වෙනව.. :nerd:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth


    උන් නම් ඇමරිකන් කාරයෝ.. හිමිට මාරු වෙයි.. අපිට තමයි බන් නාන්න වෙන්නේ..




    ඉස්සර ඉදන්ම වෙන්නෙ එහෙම තමයි මචන්.. කලින් singapore එකෙක් ආව.. ඌ පස්සෙ wedding එකකට ගියා.. දැන්නම් ඉන්න governor හොදයි.. central bank history එකේ හිටපු හොදම governors ල කිහිප දෙනාගෙන් එක්කෙනෙක් තමයි Indrajith kumaraswami කියන්නෙ.. :nerd:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රිදිලා... රිදෙන්න තමයි කිවේ... :lol::lol:



    reputation_neg.gif
    මහබැංකුව කෝටි නමදාහක්... 02-19-2019 08:49 AM Good morning brother..




    උබට හොදයි බන්.. ගොඩක් වෙලාවට මගෙ රෙප් කැපෙන්නෙ කුණුහරප විතරක් දාල.. පට්ට වචන සෙට් තියෙන්නෙ.. මැදමුලන ගං කබරය කියල ලගදි එකෙක් මගෙ රෙප් කපල තිබුන.. :D
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රිදිල... :D


    මහබැංකුව කෝටි නමදාහක්... 02-19-2019 09:39 AM Ube ammagen ahuwa nan kiyayi wesheshanya adahas.lesi pahasu polu walin nemene wesi puka parawal kala thiyenne.aththatama puke aroganna eka ubalage paramparawe jana walin ena deyak da
     
    • Like
    Reactions: Smartm

    Similar threads