චූටි ලිපි - 2

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද මම චූටි ලිපි වලින් කතා කරන්නේ ශක්ති සංස්ථති නියමය, අපේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නේ කොහොමද කියන එක ගැන. මුලින්ම කියන්න ඕන මේක මම මගෙ පුද්ගලික අත්දැකීම් මත පදනම් කරගෙන මම තදින් විශ්වාස කරන දෙයක් කියලා.

    ශක්ති සංස්ථති නියමය කියන්නෙ ශක්තියක් මවන්නවත් විනාශ කරන්නවත් බෑ, දැනට තියෙන ශක්තියක් වෙනත් ශක්තියකට හරවන්න විතරයි පුළුවන් (Energy can be neither created nor destroyed, but can change form) කියන එක.

    ශක්තියක් මවන්න බැහැයි කියන දෙයට උදාහරන කිව්වොත්. අපිට මෝටරයකින් ඩයිනමෝවක් කරකවලා ඒ ඩයිනමෝවෙන්ම එන කරන්ට් එකෙන් ඒ මෝටරේම කරකවන්න බෑ. ඒ වගේම සූර්ය කෝෂයකින් ලයිට් එකක් පත්තු කරලා ඒ ලයිට් එළියෙන්ම ඒ සූර්ය කෝෂයට ඕන කරන ආලෝකය අරගෙන ඒ ලයිට් එකම පත්තු කරන්න බෑ.

    ශක්තියක් විනාශ කරන්න බෑ, දැනට තියෙන ශක්තියක් වෙනත් ශක්තියකට හරවන්න විතරයි පුළුවන් කියන දෙයට උදාහරන කිව්වොත්. ජළාශයක තියෙන විභව ශත්තිය අපිට විනාස කරන්න බෑ. ඒත් අපිට ඒ ශක්තිය අපිට චාලක ශත්තියට හරවලා, ඒ චාලක ශත්තිය විද්යුත් ශක්තියට හරවන්න පුළුවන්.

    ඉතින් මේ ශක්ති සංස්ථති නියමය අපේ ජීවිත සාර්ථක කරගන්න යොදා ගන්නේ කොහොමද?

    පිලිගන්න කැමති වුනත් අකැමති වුනත් මුදල් කියන්නේ අපිට සතුටින් ජීවත් වෙන්න, අපේ ජීවිත සාර්ථක කරගන්න නැතුවම බැරි දෙයක්. මුදල් කියන්නෙත් එක්තරා ශක්තියක්. ඉතින් අනිත් ශක්තීන් වගේම මේ ශක්තියත් අපිට මවන්න බෑ. ඒ වුනාට වෙනත් ශක්තීන් ටිකක් එකතු කරලා අපිට ඒ ශක්තීන් මුදල්වලට හරවන්න පුළුවන්.

    දැනුම, හැකියාව, අත්දැකීම්, මහන්සිය සහ කැපවීම කියන දේවල් තමයි මුදල්වලට ලේසියෙන්ම හරවන්න පුළුවන් ශක්තීන්. කෙනෙක් ලග මේ ශක්තීන් තියෙන ප්‍රමාණය අනුව එයාට මුදල් හොයන්න පුළුවන් ප්‍රමානය අඩු වැඩි වෙනවා. එකම බිස්නස් එක කරන දෙන්නෙක්ගෙ ආදායම එකිනෙකාට වෙනස් වෙන්නෙත්, එකම ඔෆිස් එකක එකම රස්සාව කරන දෙන්නෙක් ගත්තොත් එක්කෙනෙක් තිස්පන්දාහකක් හම්බ කරද්දි අනිත් කෙනා පනස්දාහක් හම්බ කරන්නෙත් මේ හේතුව නිසයි.

    ඉතින් මම ඔයාට කියන්නේ මුදල්වලට හරවන්න පුළුවන් ශක්තීන් පුළුවන් තරම් එකතු කරගෙන, හොදට සංවිධාන වෙලා ඉතාමත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න කියලයි!


    ඉස්සරහට "චූටි ලිපි" වලින් හිතන පරාසය, සාර්ථක අයගේ ගතිගුණ, අත් නොහරින්න, Identity එක වෙනස් කර ගන්න සහ වට්ටොරුව කියන දේවල් ගැන කතා කරන්නම්.

    මගේ කලින් පෝස්ට්ස්:

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කරගන්නෙ කොහොමද?
    http://www.elakiri.com/forum/showthread.php?t=1861765

    ගොඩ යමු (2) හොද Internet Marketer කෙනෙක් වෙන්නෙ කොහොමද ?
    http://www.elakiri.com/forum/showthread.php?p=24331830#post24331830

    ගොඩ යමු (3) BPO සහ KPO
    http://www.elakiri.com/forum/showthread.php?p=24350810

    මාකටින් උදවු
    http://www.elakiri.com/forum/showthread.php?t=1893636

    චූටි ලිපි - 1 - ගොඩ යන්න ප්‍රශ්න තුනක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1893966
     
    Last edited: