නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

sudunone

Member
May 23, 2009
3,781
121
0
සම්‍යක්ප්‍රයෝග කරාට කමක් නෑ නේ:eek:

එහෙනම් මමත් වෙන ග්‍රහලෝකෙකින් මෙහෙ ආ එකෙක්. එලුමස් කාල තමයි ජීවත් වෙන්නෙ.
 
  • Like
Reactions: Kasem
Jan 24, 2009
3,532
130
0
එහෙනම් මමත් වෙන ග්‍රහලෝකෙකින් මෙහෙ ආ එකෙක්. එලුමස් කාල තමයි ජීවත් වෙන්නෙ.
:eek::eek::eek::rofl::rofl::rofl:එක්කෙනෙක් විතරක් පිටින් ආවොත් මදි ද
 

Kasem

Member
Apr 29, 2010
665
52
0
මිනිසා සිය ආහාරය මාංශ ආහාර විය යුතුද නිර්මාංශී විය යුතුද යන්න තීරණය කිරීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ආගමික පසුබිමයි. නිර්මාංශ ආහාරය ප්‍රායෝගික නැතැයි විවිධ තර්ක ඉදිරිපත් කරමින් මීට ටික දිනකට ඉහත මෙහි මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand නමින් ත්‍රෙඩ් එකක් පළවූ බැවින් සැබවින්ම නිර්මාංශ ආහාර කෙ‍තරම් දුරට ප්‍රායෝගික ද යන්න මෙම ත්‍රෙඩ් එක තුලින් විමසා බැලේ.

පෘථිවිය මත ජීවය පවත්වා ගැනීමට අවශ්‍ය ශක්තිය ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ සූර්යයාගෙනි. ප්‍රභාස්වයංපෝෂී (photo-autotrophic) ජීවීන් විසින් සූර්ය ශක්තිය රසායනික ශක්තියට පරිවර්තනය කර ආහාර තුළ ගබඩා කිරීම සිදුවේ. මෙම ක්‍රියාවලිය හදුන්වන්නේ ප්‍රභාසංස්ලේෂණය නමිනි. මෙහිදී අප අවධාරණය යොමු කළ යුතු කරුණක් නම් මෙම පෘථිවියේ සෑම තැනකම ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිය එකලෙස සිදුනොවන බවයි. එයට හේතුව පෘථිවි පෘෂ්ඨයේ විශාල ප්‍රමාණයක් සාගර තටකය, කාන්තාර, හිමකදු, මිනිස් ඉදිකිරීම් වලින් යුක්ත වීමයි. වෙනින් වචන වලින් කිවහොත් පෘථිවියට ලැබෙන සූර්යය ශක්තියෙන් 99% ප්‍රභාසංස්ලේෂණය නොවී අපතේ යයි.

66591465.png


එවිට ශාකභක්ෂකයන් විසින් ලබාගන්නේ මුලින් තිබූ ශක්ති ප්‍රමාණයෙන් 1% තරම් ප්‍රතිශතයකි. ශාකභක්ෂකයන් ලබන ශක්තිප්‍රමාණයෙන් ද ඔවුන්ගේ ශරීරයේ ඉතිරි වන්නේ ඉතා සුලු ශක්ති ප්‍රමාණයකි. ගන්නා සියලු ආහාර කොටස් ජීර්ණය නොවීමත්, සෛලීය ස්වසනය ඇතුලු විවිධ පරිවෘත්තීය ක්‍රියා හරහා තාපය ලෙස ශක්තිය අපතේ යාමත් ඊට හේතුවයි.

27938814.png


මෙමගින් පැහැදිලි වන්නේ ශාකභක්ෂකයින් මත යැපෙන මාංශ භක්ෂකයින් ලබන ශක්ති ප්‍රමාණය ඉතා අල්ප බවයි.

මෙම කාරණය පහත සදහන් ලෙස රූප මාධ්‍යයෙන් විස්තර කළ හැකිය.

52413272.png


67344394.png



දෙවියන් විසින් මිනිසාගේ ආහාරයට සතුන් මාවා ඇතැයි පවසන, Only true religion යැයි පුරසාරම් දොඩවන ඇතැම් ආගම් වලට මෙතනදී පොට වැරදී ඇත. ඔය කියන දෙවියන් ඔය හැටි සර්ව බලධාරී නම්
එතුමාට සිය සර්වබලධාරී බලතල පාවිච්චි කර ඉහතින් සදහන් කළ ශක්ති හායනය නැවැත්විය නොහැකි වූයේ මන්දැයි ප්‍රශ්නයකි.

මේ කාරණා වලට හරිහැටි පිළිතුරක් ඉදිරිපත් කළ නොහැකි ඔවුන් නිතරම පවසන්නේ හරකුන්ගේ අධිගහනය පාලනය කිරීමට ඔවුන් මරන් කා යුතුය යනාදී බොළද තර්කයන්ය.



thx for the info bro....nice thread...:)