කව්ද ගිහිල්ල තියෙන්නේ කුමන පක්ෂී වනෝද්‍යානය බලන්න. 
මං මේ කියන්න යන්නේ කුමන ගිහිල්ලා නැති කට්ටියට ඒ පලාත ගැන දැනගන්න පොඩි විස්තරයක්..
මම දැනට 8 පාරක් කුමන ගිහිල්ලා තියෙනවා..
කුමන පිහිටලා තියෙන්නේ යාල වනෝද්‍යානය නැගෙනහිර කොටසේ.
යාල සහ කුමන වෙන්වෙලා තියෙන්නේ කුඹුක් ඔයෙන්
යුද්ධය හින්දා වහලා තිබ්බ කුමන මුලින්ම මහ ජනයට විවෘත කලේ 2002 දී..ඒ පාර මයි මම මුලින්ම කුමන ගියේ.
ඊට පස්සෙ යුද්දෙ හින්දා ආයේ පාරක් 2007දි කුමන වැහුවා..යුද්දෙ 2009 ඉවර උනායින් පස්සෙ අද වෙනකම් කුමන හැමෝටම විවෘතයි.
කුමනට යන එකම පාර වැටිලා තියෙන්න පොතුවිල් හරහා
පොතුවිල් ඉදන් කිලෝ මීටර් 18ක් පානම කියන ගමට යන්න ඕන.පානම ගමෙ ඉදන් තවත් කිලෝ මීටර් 15ක් විතර තියෙනවා කුමන එකට
කුමන යනවනම යන්න විතරක් දවසක් වෙන් කරන්න වෙනවා
මොකද කිලෝ මීටර් 400ක් වගේ තියෙනවා කොලඹ ඉදන් පානම ගමට
පාරවල් ටික නම් දැන් ටිප් ටොප් එකට හදලා තියෙනවා..ඒ හින්ද දැන් පැය 9කින් වගෙ යා ගන්න පුලුවන්..ඉස්සර නම් පැය 12ත් වඩා ගියා
යන්න තියෙන ලේසිම පාර තමයි මේ.
පානදුර, රත්නපුර, කොලඹගේ ආර, උඩවලව, තනමල්විල, වැල්ලවාය, මොනරාගල, සියඹලාන්ඩුව හරහා පොතුවිල්
මම ඒ පාර තමයි මේ සිතියමෙ රතු සහ නිල් පාටින් ලකුනු කරලා තියෙන්නේ
මෙ රතු පාටින් සලකුනු කරලා තියෙන පාරවල් වලිනුත් යන්න පුලුවන්
බෙරගල හරහා ගියොත් නම් දිය ඇලි ටිකකුත් බලන් එන්න පුලුවන්
කුමන යනවනම් පොඩි ප්‍රශ්නෙකට තියෙන්නෙ නවතින්න තැනක් නැති කම ( මට නම් ඒ ප්‍රශ්නෙ නෑ මොකද අපිට ගොඩාක් හිතවත් කට්ටියක් ඉන්නවා පානම ගමේ )
ඒක හින්දා එක්කෝ ආරුගම් බොක්කේ නවතින්න වෙනවා ( ආරුගම් ගැන පස්සේ කියන්නම් ) නැත්තම් කුමන ඇතුලේ කෑම්ප් එකක් ගහන්න වනජීවි එකේන් අවසර අරන් එන්න වෙනවා..
කෑම්ප් එකක් ගහන එක තමා හොදම දේ..මොකද කුමන තාමත් මිනිස්සුන්ගෙ අතින් ඉඳුල් වෙලා නෑ..ස්වාභාවික සෞන්දර්යත්වය උපරිමයෙන් විදින්න පුලුවන්
පානම ඉදන් කුමනට යන්න තියෙන පාරත් නිකන් කැලේ පාරක් වගේමයි.
මග දිගට තියෙන්නේ විශාල කලපුව සහ හේන් කරන කුඹුරු..
ඕන තරම් කුරුල්ලෝ කුමනට මෙහා පාර දෙපැත්තේ උනත් බලගන්න පුලුවන්
ඒ වගේම තමයි අලිත්..හැම තැනම ඉන්නවා වතුර බොන්න ඇවිල්ලා
පානම ඉදන් කුමනට යන ගමනේ මගක් ගියාම හම්බවෙනවා පොඩි දේවාලයක්..පඬුරක් දාලා යන්න අමතක කරන්න එපා..පොඩි උනත් ගොඩක් අනුහස් තියෙනවා කියලා ගමේ අය කියනවා..ඒක පහු කරන පොඩිදුරක් යද්දි හම්බුවෙනවා කුටුම්බිගල පුරාන විහාරය
ඒ පන්සල කාවන්තිස්ස රජ්ජුරුවෝ කරපු එකක්ලු..දැනට නම් ඉන්නේ හාමුදුරොවෙ දෙන්නයිද කොහෙද.. මීටර් 750ක් විතර ගල උඩට නගින්න ඕන පන්සලට යන්න..
දානයක් දෙනවනම් ඒ තරම් පිනක් නෑ මොකද ඒ හාමුදුරුවොන්ට මාස 3කට සැරයක් වත් දානයක් හම්බවෙන්නේ නෑ ඒ හරියෙ මිනිස් පුලුටක් වත් නැති හින්දා
එතන ඉදන් කිලෝ මීටර 8ක් විතර ගියාම කුමන entrance එක හම්බවෙනවා..ඊට එහා පැත්තෙ තියෙන්නේ සුප්‍රසිද්ධ ඔකඳ දේවාලය.. මේකත් කතරගම වගේ දේවාලයක්
මේ දේවාලේ හැම අවුරුද්දෙම තියෙන පූජාවට මිනිස්සු දහස් ගානක් එනවා
යාපනෙ පැත්තෙ මිනිස්සු එන්නෙ පාද යාත්‍රාවෙ..මාත් මේ අවුරුද්දේ පාද යාත්‍රාවට මගින් හරි එකතු වෙන්න ඉන්නේ

කුමන ඇතුලේ සංචාරයට අපිට වනජීවි නියාමකයෙක් හම්බවෙනවා..මොකද කොයි වෙලේ වලස්සු, අලි එයිද කියන්න බෑ..
ඒ වගේම පාරත් හොදටම අබලන්.. 4 wheel drive වාහනෙක නැත්තම් ටිකක් යන්න අමාරුයි..
ඒත් අපි නම ගියෙම Hiace, Caravan වෑන් වල
කුමන ඇතුලේ නැවතුම් පොල්වල් දෙකක් තියෙනවා.. මුලින්ම තියෙන්නේ තුම් මුල්ල කියලා තැනක්..
එතන camping site එකක්.. රෑට නවතිනවනම් එතන නවතින්න පුලුවන්.
එහෙමත් නැත්තම් වනෝද්යානය කෙලවර වෙන කුබුක්කන් ඔය ගාව කෑම්ප් එකක් ගහන්න පුලුවන්
කුමන ඇතුලේ නම් බලන්න ඒ වගේම් විනෝද වෙන්න දේවල් බොහොමයි
ඇතුලේ කෑම්ප් ගහන්න දෙන්න බෑ කිවුවොත් කුමන ඉදන් පානම් ඉදන් කුමනට යන පාර අයිනෙ පොඩ්ඩක් ඇතුලට වෙන්න උනත් කෑම්ප් එකක් ගහන්න පුලුවන්
ඒත් අලි එන හින්දා ලොකුගිනි මැලයක් නම් ඔනි වෙනවා.
මේ තියෙන්නෙ කුමනට යන අතරමග හා පානම ගමේ විවිධ තැන්වල ගත්ත පිංතූර ටිකක්
කුමන ඇතුලේ ගත්ත ඔක්කොම පින්තූර ඩිජිටල් කැමෙරා වලින් ගත්ත ඒවා නෙවෙයි.. (2009න් පස්සෙ මට කුමන ඇතුලට යන්න බැරි උනා )
ඒ වගේම 2010 අප්‍රේල් වල ගත්ත පින්තූර ඔක්කොම FB එකට කරලා තිබ්බේ
ඒත් ඒ account එක disable උන හින්දා ඒ වටින පින්තූර එකක් වත් නෑ
මෙතන තියෙන්නේ 2010 නොවැම්බර් මාසෙ ගිහින් ගත්ත ඒවා
මේ අවුරුද්දේ ආයෙමත් කුමන යන්න ඉන්නේ..එතකොට වනෝද්‍යානය ඇතුලේ ඒවත් දාන්නම්
කවුරු හරි යන්න ඉන්නවනම්, උදවුවක් ඕන නම් මට කියන්න..
ඒ හරියේ අඟලක් නෑරම වගේ දැන් මං දන්නවා
කරුණාකරලා යනවනම් ගිහින් විනෝද වෙන්න...හැබයි ගිහිල්ල මේ කිලිටි වෙච්ච නැති පරිසරය කිලිටි කරන්න නම් එපා

පානම ගමේ මුහුදු වෙරලවල් එක එක තැන් විවිදාකරයි
මේ එක පැත්තක්
මේ ඒ මුහුදු වෙරලෙම තව පැත්තක්..කලපුව හරිය
මේ පානම ඉදන් කුමනට යන අතරමග දසුන් කිහිපයක්