අවුරුදු නැකැත් - 2011
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සදහා අප්‍රේල් මස 08වන සිකුරාදා දින ද , සූර්ය වර්ෂය සදහා මැයි මස 05 වෙනි බ්‍රහස්පතින්දා දින ද නව සද බැලීම මැනවි.
පරණ අවුරුද්දට ස්නානය කිරිම
අප්‍රේල් මස 13 වෙනි බදාද දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.37 සිට මෙදින රාත්‍රී 07.25 දක්වා පුණ්‍ය කාලය බැවින්, මෙදින පූර්ව භාග 06.37 ට පළමුව ආහාර පාන ගෙන සිය වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම්, 14 වන දින අපර භාග 01.01 සිට රාත්‍රී 07.25 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා අහාර අනුභවය ආදී චාරිත්‍ර විධි ඉටු කිරිම ද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14වෙනි බ්‍රහස්පතින්දා 01.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැද, ගිනි මොළවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක් පිළියෙළ කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරිම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි බ්‍රහස්පතින්දා අපර භාග 03.18 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සිය වැඩ ඇල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16වෙනි සෙනසුරාදා පූර්ව භාග 07.41 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුග යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කිරිම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 18 වන සදුදා පූර්ව භාග 06.28 ට දී කිරි මිශ්‍ර ආහාරයක් අනුභව කර සුදු පැහැති වස්ත්‍රාශරණයෙන් සැරසි උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවි.
(සියලු නැකැත් වේලාවන් ශ්‍රී ලංකාවේ සම්මත ඔරලෝසු වේලාවට අනුව සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සිංහල අලුත් අවුරුදු නැකැත් කමිටුව විසින් සාදාන ලදී. )