කලවං විරිදු.....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කලවං විරිදු.....


    සුරංගනී සුරංගනී මාළු ඇවිත් සුරංගනී..
    සුරංගනී සුරංගනී මාළු ගන්න සුරංගනී....

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.....

    පොඩි දුවගේ සිනා වැලයි පොඩිපුතුගේ කථා පෙලයි..
    ප්රිය බිරිදගෙ සෙනේ විලයි.. පඩි නැත්නං මං ඉවරයි... :shocked:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නේ වැහි විතරද....
    ඊයෙ රෑත් ඔබ දෙඩවූ ඒ හොල්මන උපුලි නේද ??? :growl::growl:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    මාළු වලේ කුසල් හාමි මාළු බාන්නට යනවා.....
    ටොක්ක ඇන්න ජෝන් සීනා MIZ ට ගසා ලොකු වෙනවා... :lol:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    අඩි සීයේ පාර ගාව දැක්ක දෑස නිල් වෙනවා...
    ලගින්ම ගිය ලේලන්ඩ් එක දකින් නැතුව හැප්පෙනවා....:(

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    සුවද තියා මාලග අද මල් ටික ඔබ ගෙනියනවා.....
    සැවැන්දරී හොරෙන් ඇවිත් අවංක මා ගෙනියනවා... :sorry::sorry:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න.....
    කිරි වෙහෙරට මල් නෙලනා නංගි එක්ක චැට් කරන්න...
    9.gif


    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    පාද සලඹ වැයෙන හඩට සොදුරු ලියක රග මැවිලා....
    රිදී කාසි සොලවන්නට බෙර පදයක් මදි වීලා....

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං......... :dull::shocked:

    සුදු නංගී ඇස් වහගෙනඅඩ අඩ අද දුක් වෙනවා...
    ඊට පස්සෙ හොනට් එකේ කෙල්ල කොල්ලා එක්ක යනවා... :lol:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    පහන තියා බුදු සාදුට කෝච්චියට ගොඩවෙනවා........
    විරිදු කියා ලැබෙන සල්ලි බාර් එකට දන් දෙනවා.... :sorry:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    හම්බන්තොට මුහුදු වෙරලෙ වැලිකැට මට සිහි වෙනවා.....
    වැලි කියුබ් එක අට දාහයි ගෙවල් හැදිලි බොරු වෙනවා:shocked:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    හොරෙන් බලා කියා පාන දේ මට අද වැටහෙනවා...
    බයික් එකේ පෙට්රල් නෑ හෙට උදෙන්ම මම එනවා...

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    ජීවිතේට ඉස්සෙල්ලම ලියන ලියුම මෙය වෙනවා...
    වැරදි ඇතොත් සමා වෙලා ඉවසගන්න සිදු වෙනවා... :yes:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    ඇස්දෙක මෙන් හිටි දෙන්නා ලව් කරලා මැරි කරලා....
    පස්යට යන්නටම හදයි ගේ එක දෙක තුන කරලා..... :shocked:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    සෙල්ලං ගේ පාළු වෙලා බෝනික්කා තරහ වෙලා....
    පුංචි පුතා ඇරලවලා අම්මලා මොනවද කරලා..... ;);)

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    කොටු වැටිච්ච පුංචි සරම ඇදගෙන පොඩි මල්ලි නටයි....
    මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවියද ලබයි.... :yes:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    ටජ්මහලක් තන්න්න බෑ ඔබගේ සෙනෙහසට ඉතිං...
    දාපු සල්ලි ටික අරගෙන සක්විත්තා පැනලා ගිහිං... :growl:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    බිදුනු පෙමින් ගිනිගත් හද තනිවෙනවා එක්ටැම් ගෙයි...
    හිස් වුන පර්ස් එක අරගෙන තනි වෙනවා මුළුතැන්ගෙයි... :shocked:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    ඊලග නැවතුම ආවම බැහැලා යනවා නුවර බලා.....
    ප්ලේන්ටියයි වඩේ එකයි ගෝල්ඩ්ලිෆ් එකකුත් ගහලා....:cool:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    කිරි වෙහෙරට මල් නෙළුවට මගෙ මතකය මට සුවදයි...
    විරිදු අහල කමෙන්ට් කරන අයටත් සම්බුදු සරනයි......:yes::yes:

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........

    තියෙන කෙනෙක් හොද යහමින් අතේ මිටේ ඉතිරි වෙලා...
    ප්ලස් ප්ලස් රෙප් ටිකක් දෙන්න හොරෙන් වගේ වහං වෙලා.. ;);)

    ඩඹ ට්රක ටං.. ඩඹ ට්රක ටං.........
    ඩඹ ට්රකංට ටං ටං ටං ඩුං ං ං ං ංංං

     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    තෑන්ක්ස්.....

    සුපිරි බන් :lol::lol::lol:
    රෙප් අදට ඉවරයි :(

    කමක් නෑ මචං... මමත් උඹට දෙන්න බැලුවා... කොටුවක් පැන ගන්න... ඒත් බං උඹට ලගදී මම රෙප් දීලා තියෙනවාලු... :no:
    තෑන්ක්ස් කමෙන්ට් එකට.. :yes::yes:
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    fatta oi
    බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මදක් නිවා ගන්න.....
    කිරි වෙහෙරට මල් නෙලනා නංගි එක්ක චැට් කරන්න...
    9.gif


    rep
     
    • Like
    Reactions: Dinushasankalpa

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    කිරි වෙහෙරට මල් නෙලනා නංගි එක්ක චැට් කරන්න.. :D