Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු

    [FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]

    last update: on 8/26/2013


    llsl.gif

    රූපය 1
    අභ්‍යන්තර ව්‍යූහය
    දෘඩ තැටියක්(වම) සහ SSD උපාංගයක්(දකුණ)



    [FONT=&quot]හැදින්වීම[/FONT]

    SSD
    [FONT=&quot]නැත්නම්[/FONT] Solid State Drive [FONT=&quot]යනු නව [/FONT][FONT=&quot]පරපුරේ[/FONT][FONT=&quot] දත්ත [/FONT][FONT=&quot]ගබඩා[/FONT][FONT=&quot]කරන [/FONT][FONT=&quot]උපකරණයක්[/FONT] [FONT=&quot]මෙන්ම දිනෙන් දින දියුණු වන තාක්ශණයකි.
    අපිට මෙය මුලින්ම අහන්නට ලැබෙන්නෙ අවුරුදු දෙක තුනකට ඉහතදී උවද මේ මතක ගබඩා වර්ගය නිපදවන්නට පටන් ගැනෙන්නේ 1995 වර්ෂයේ සිටයි.
    එහෙත් මෙය ලෝකය පුරා ජනප්‍රිය වෙන්න ගන්නේ 2007~2008 වර්ෂ තරම් මෑත අවදියෙදියි.
    [/FONT]

    6-4-07-sandisk_5000_ssd.jpg


    [FONT=&quot]තනිපුද්ගල පරිගණක වලට පැමිණීමට පෙර මෙම උපකරණ භාවිත කරන ලද්දේ සුපිරි පරිගණක
    වැනි විශාල ප්‍රමාණයේ පරිගණක ආදියටයි.
    අද දියුණූ රටවල් වල ඉතා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින මෙම උපකරණ අනාගතයේදී
    සම්පූර්ණයෙන් දෘඩ තැටි වෙනුවට භාවිතයට පැමිණිමට
    බොහෝ සෙයින් ඉඩ තිබෙන නිසා මෙම උපකරණ ගැන දැන සිටීම ඉතා වැදගත්වේ.
    [/FONT]


    qblc.jpg


    [FONT=&quot]ක්‍රියාකාරීත්වය[/FONT]

    [FONT=&quot]SSD ගැන වර්තමානයේ බොහෝ සෙයින් කතා වන්නේ එහි ඇති සුපිරි දත්ත හුවමාරු වේගයන් (read/write Speeds),
    ඉතා වේගයෙන් ගබඩා කළ දත්ත වලට ඇතුළුවීමේ හැකියාව (access time and latency), නිශ්ශබ්ද ක්‍රියාකාරිත්වය , සෙලවීම් ආදියට ඔරොත්තු දීම ,
    අඩු ශක්ති පරිභෝජනය සහ දිගුකාලීන පැවැත්ම ආදී කරුණු නිසායි.
    [/FONT]

    [FONT=&quot]මෙම උපාංග ක්‍රීයාකාරිත්වය අතින් අපිට[/FONT][FONT=&quot] හුරු[/FONT][FONT=&quot]පුරුදු[/FONT][FONT=&quot] දෘඩ[/FONT][FONT=&quot]තැටි[/FONT] (Hard Disk) [FONT=&quot]වලට[/FONT][FONT=&quot] වඩා[/FONT] [FONT=&quot]වෙනස්[/FONT][FONT=&quot] වෙන්නෙ[/FONT][FONT=&quot] මෙය සම්පූර්ණයෙන්ම [/FONT][FONT=&quot]මතක[/FONT][FONT=&quot] චිප[/FONT] ( Memory Chip) [FONT=&quot]වලින්[/FONT][FONT=&quot] සාදන ලද[/FONT][FONT=&quot] නිසයි[/FONT]. [FONT=&quot]

    එනම් මෙහි ඇත්තේ
    [/FONT]"Solid State Memory" [FONT=&quot]එකකි[/FONT]. [FONT=&quot]සරල[/FONT][FONT=&quot] ලෙස පැවසුවහොත් මෙහි[/FONT][FONT=&quot] මතකය[/FONT][FONT=&quot] රදවා ගන්නේ ට්‍රා[/FONT][FONT=&quot]න්සිස්ටර්[/FONT] (Transistor) [FONT=&quot]සහ [/FONT][FONT=&quot]සංගෘහිත[/FONT] [FONT=&quot]පරිපත[/FONT] (IC) [FONT=&quot]වලිනි[/FONT].

    [FONT=&quot]මෙම[/FONT][FONT=&quot] උපකරණ වල[/FONT][FONT=&quot] සාම්ප්‍ර[/FONT][FONT=&quot]දායික[/FONT][FONT=&quot] දෘඩ[/FONT][FONT=&quot] තැටිවල[/FONT][FONT=&quot] මෙන්[/FONT][FONT=&quot] චුම්බක[/FONT] [FONT=&quot]මාධ්‍ය [/FONT][FONT=&quot]දත්ත [/FONT][FONT=&quot]ගබඩා[/FONT] (magnetic media) [FONT=&quot]සහ[/FONT][FONT=&quot] චලනය[/FONT][FONT=&quot] වෙමින්[/FONT][FONT=&quot] වැඩ[/FONT][FONT=&quot] කරන[/FONT][FONT=&quot] යන්ත්‍ර[/FONT] [FONT=&quot]කොටස්[/FONT] (moving parts) [FONT=&quot],
    එනම් දත්ත ගබඩා කළහැකි කැරකෙන තැටි (platters) සහ දත්ත කියවන සහ ලියන ශීර්ෂක (heads) නැත
    [/FONT].

    [FONT=&quot]ප්‍රභේදනය[/FONT]

    [FONT=&quot]අප භාවිතා කරන මෙමරි චිප(memory chips) වල දත්ත තිබෙන කාලය අනුව ඒවා කොටස් දෙකකට වෙන් කළ හැකිය. [/FONT]

    [FONT=&quot]පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory), එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය
    විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ.
    [/FONT]


    [FONT=&quot]අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි.

    මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත.
    අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි.
    [/FONT]

    [FONT=&quot]ඉහත මතක(memory) වර්ග දෙකම වෙන වෙනම භාවිතා කර SSD නිර්මාණය කළහැකිය.
    එමෙන්ම ඒවායේ වෙන වෙනම වාසි හා අවාසිද තිබේ.

    එහෙත් ප්‍රධාන වශයෙන්ම SSD සාදන්නේ අචල මතක චිප (non-volatile memory) භාවිතයෙනි.
    [/FONT]


    i2pg.jpg

    රූපය 5
    terabyte 1 ක ධාරිතාවක් සහිත Samsung 840 Evo SSD



    [FONT=&quot]පරිගණක වල ප්‍රධාන මතකයට ගන්නා RAM වල ඇති චිප තාක්ශණය මූලික කරගත් චංචල මතකය (volatile memory)
    භාවිතා කර සාදන SSD සාමාන්‍යයෙන් දැනට සුලබව භාවිතා වන අචල මතක (non-volatile memory) SSD වලට
    වඩා ඉතා වේගවත් වන අතර තොරතුරු වලට ඇතුල්වීමේ වේගයද (access time) අඩුය.

    එහෙත් එහි ඇති අවාසිය වන්නේ දත්ත ගබඩා කර තබාගැනීම සදහා දිගින් දිගටම විදුලිය සැපයිය යුතු වීමයි.

    අනෙක් කරුණ නම් RAM පාදක කරගත් SSD තැනීම ඉතා වියදම් අධික වීමයි. මේ නිසා චංචල මතක සහිත SSD භාවිතය සීමාවී ඇත.
    [/FONT]

    7ulk.jpg

    රූපය 6
    SCSI interface


    [FONT=&quot]ධාරක අතුරුමුහුණත් (Host Interfaces) [/FONT]

    [FONT=&quot]SSD සදහා භාවිතා කරන සම්මත අතුරුමුහුණතක් (interface) නැතත් SATA සහ USB අතුරුමුහුනත් බහුලව භාවිතයට ගනී. [/FONT]


    m4yf.jpg


    රූපය 7
    PCI - Express Interface



    [FONT=&quot]මීට අමතරම PCI-E, Serial attached SCSI, Fibre Channel සහ
    SCSI (Small Computer System Interface) ද යල්පැනගිය IDE / Parallel ATA ද යොදාගනී.

    විශේෂයෙන් Fibre Channel සහ SCSI අතුරුමුහුණත් servers සදහා යොදාගන්නා
    අතර අධික වේගයෙන් දත්ත හුවමාරුව සදහා PCI Express Interface යොදාගනී.
    [/FONT]


    d2wq.jpg



    [FONT=&quot]භෞතික ප්‍රමාණය සහ ධාරිතාවය[/FONT]

    [FONT=&quot]සාමාන්‍යයෙන් ඒක පුද්ගල පරිගණක සදහා පැමිනෙන SSD සාම්ප්‍රදායික දෘඩ තැටි
    වල ප්‍රමාණයටම සකසා ඇත. එනම් අගල් 1.8 , 2.5 , 3.5 , 5.25 ප්‍රමාණ වලින් ලබාගතහැක.
    [/FONT]

    [FONT=&quot]එහෙත් SSD සදහා නිශ්චිත හැඩයක් හෝ ප්‍රමාණයක් නොමැති අතව සමහර අවස්ථා වලදී SSD විශාල ප්‍රමාණයක් එක් කර සැකසූ උපාංගද,
    සමහර අවස්ථා වලදී මුද්‍රීත පුවරුවක් මත සැකසූ චිප අඩංගු පරිපතයක් ලෙසද SSD උපාංග දැකියහැක.
    [/FONT]


    [FONT=&quot]වෙළදපොලේ ඇති SSD උපාංග වල ධාරිතාවය 2GB පමණ සිට 2+ TB දක්වා වේ.

    එහෙත් මේවායේ අධික මිල නිසා සාමාන්‍යයෙන් සුලබව දක්නට ලැබෙන්නේ
    30/32, 60/64, 120/128, 160, 250/256 සහ 512 GB වැනි ප්‍රමාණයන්ගෙනි.
    [/FONT]

    dxk7.jpg


    [FONT=&quot]වෙනත් උපාංග[/FONT]

    [FONT=&quot]සාමාන්‍ය දෘඩ තැටි (hard disk drive) සහ SSD එකතු කර සාදන දෙමුහුන් (hybrid) උපාංගද දැං භාවිතයට පැමිණ ඇත.

    ඒවා මගින්ද සැලකිය යුතු තරම් දත්ත හුවමාරු වේගයක් (data transfer speed) ලබාගතහැකි අතර
    එහිදී සිදුවෙන්නේ ඉක්මනින් සහ නිතර අවශ්‍ය කරන දත්ත (frequently accessed data) කුඩා මතක චිප රැදවූ අචල මතක
    කොටසක ගබඩා(non-volatile memory) කර ඉතිරි දත්ත විශාල දෘඩ තැටියක(HDD) ගබඩා කිරීමයි.
    එහෙත් මේ ක්‍රමය සැබෑ SSD තරම් කාර්යක්ශම නැත.
    [/FONT]


    caqv.jpg


    [FONT=&quot]භාවිතය [/FONT]

    [FONT=&quot]දැනට පවතින මිල අනුව අපට සම්පූර්ණයෙන්ම SSD භාවිතයට නැඹුරු වීම අසීරු කටයුත්තකි.
    මේ නිසා SSD හා සාමාන්‍ය දෘඩ තැඩි දෙකම එකවර පරිගණකයේ භාවිතා කිරීම සිදුකරයි.
    [/FONT]

    [FONT=&quot]මෙහෙයුම් පද්දතිය හා වැදගත් මෘදුකාංග සහ ඔබේ පරිගණක ක්‍රීඩා ආදිය SSD තැටියෙහි
    ගබඩා කර එම මෘදුකාංග වල ක්‍රීයාකාරීත්වය වේගවත් කරගැනීමටත්, ඔබගේ අනෙකුත් දත්ත , එනම් ශ්‍රව්‍ය හා දෘශ්‍ය ගීත,
    චිත්‍රපට හා වෙනත් ලිපිගොනු ආදිය සාමාන්‍ය දෘඩ තැටියක ගබඩා කිරීමත් සිදුකළහැකි අතර එය ඉතා සාර්ථක ක්‍රමයකි.
    [/FONT]


    [FONT=&quot]වෙළදපළ සහ මිල ගණන්[/FONT]

    [FONT=&quot]පසුගිය වසර දෙක තුළ හරි අඩකින් පමණ මිල අඩුවීමක් දක්නට ලැබුනද තවමත් ජනප්‍රිය වෙමින් පවතින,
    එමෙන්ම ඉතාමත් වේගයෙන් දියුණු වෙමින් පරතින තාක්ශණයක් වන SSD වල මිල තවමත් සාමාන්‍ය දෘඩ තැටි හා සසදන විට ඉහල අගයක පවතී.
    [/FONT]

    [FONT=&quot]සාමාන්‍ය මිල ගණන් (2.5’)[/FONT]

    [FONT=&quot]32GB – 40$ ~
    64GB - 60$ ~
    [/FONT]
    [FONT=&quot] 128GB - 100$ ~
    256GB – 160$ +
    [/FONT]
    *8/26/2013 average prices on ebay.com
    (without shipping cost)



    දෘඩ තැටි හා SSD සංශිප්ත සංසන්දනය
    78448454.jpg


    සාමාන්‍ය දෘතැටි හ SSD ත්හුමාරු සංසන්යක් දැක්වේ.

    Samsung 1TB HDD on SATA 3

    jgq1.jpg


    1TB samsung HDD vs samsung 830 256GB SSD


    Update: 8/26/2013

    Solid State Drive(SSD) Endurance (ආයුකාලය / කල්පැවැත්ම)
    http://www.elakiri.com/forum/showthread.php?t=1573844

    Solid State Drive (SSD) භාවිතය වර්තමානයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර
    බොහෝ දෙනෙකු ඒවා මිලදී ගැනීමට ප්‍රථම එහි ආයු කාලය පිළිබඳව සැලකිල්ලක් දැක්වීමට පටන්ගෙන ඇත.
    මේ නිසා SSD එකක ආයුකාලය තීරණය වන අයුරු සරලව පැහැදිලි කරගනිමු.

    SSD වල ඇති NAND flash memory වල දත්ත ගබඩා වන්නේ ඉතා කුඩා cell ඒකක වල bits වශයෙනි.
    මේවා නැවත නැවතත් ලිවීම සහ මැකීම කරනවිට ඒවා ගෙවීමට ලක්වේ.
    මෙම සංසිද්ධිය සරලව flash cell wear out ලෙස හැදින්වේ.
    සරල උදාහරණයක් ගතහොත්, කඩදාසියක පැන්සලකින් කීපවිටක් ලියා යලි මකනවිට එම කඩදාසිය හායනය වී අවසානයේ එය ඉරීයාමට ලක්වියහැක.
    NAND මතක වල ඇති 'cells' wear out වීමද මෙවැනිම තත්ත්වයකි.
    මෙය අඩුකරගැනීමට ප්‍රධාන ලෙස Wear leveling නැමති ක්‍රියාවලිය උදව් වේ.
    සංකීර්ණ ඇල්ගොරිතම (algorithms) යොදාගෙන කරනු ලබන මෙම ක්‍රියාවලිය මගින් එක වරක් cell එකක දත්ත ලියා
    නැවතත් එහි දත්ත ලිවීමට පෙර අනෙක් සියළු cell වලද දත්ත එක වරක් හෝ ලියා ඇත්දැයි කාර්යක්ශමව පරික්ෂා කරයි.

    02bb.jpg

    රූපය -2
    new 20nm NAND chips for SSDs

    SSD නිර්මාණය සදහා භාවිත වන NAND non-volatile memory වල පවතින ප්‍රභේදන කීපයකි.
    ප්‍රධාන ලෙස SLC, MLC සහ TLC NAND මේවා වෙන්කර හදුනාගත හැක.

    මෙසේ SSD සදහා භාවිතා වන NAND මතක වර්ගයේ ගුණාංග අනුව එහි කල්පැවැත්ම මෙන්ම
    මිල සහ කාර්ය සාදනයද (performance) වෙනස් වේ.
    පහත වගුවෙහි මේවායේ ප්‍රධාන වෙනස්කම් සංශිප්තව දක්වා ඇත.

    uvuo.png

    රූපය -3
    විවිධ NAND වර්ගවල වෙනස්කම්


    P/E Cycles (Program-Erase Cycle)

    SSD වල ආයුකාලය මැනීම තීරණය වන්නේ කොපමණ P/E Cycles ගණනක් කළහැකිද යන්න
    හෙවත් ලිවීමේ සහ මැකීමේ චක්‍ර කොපමණ ගණනක් කළහැකිද යන්න මතයි.
    එහෙත් මෙය බොහෝ විට වරදවා වටහා ගැනීමට ලක්වේ. යම් SSD එකක P/E Cycles 1000 කල්පැවැත්මක් ඇතැයි සිතමු.
    මෙයින් කියවෙන්නේ ඔබ එයට කුමක් හෝ ලිපි ගොනුවක්/ගොනු කීපයක්
    1000 සැරයක් SSD එකකට ලියා නැවත මැකුවහොත් එයින් එම SSD එකෙහි ආයු කාලය නිමා වන බව නොවේ.
    එය ඊට බෙහෙවින් සංකීර්ණ වූ ක්‍රියාවලියකි. P/E Cycles පිළිබඳව වැටහීමක් ලබාගතයුතු වන්නේ එබැවිනි.

    P/E Cycles මගින් SSD එකක Endurance හෙවත් පැවැත්ම ගණනය කරන ආකාරය පහත දැක්වේ.
    මෙය කිසිවිටෙකත් නිවැරදිව ගණනය කළහැක්කක් නොවේ. මෙහිදී අප ගණනය කරන්නේ දළ අගයන්ය.


    Endurance = SSD capacity X P/E Cycles / Writes per Day X Write Amplification X 365


    SSD capacity - ධාරිතාවය

    P/E Cycles - ලිවීමේ සහ මැකීමේ චක්‍ර ගණන

    Writes per Day - දිනකට SSD එකට ලියන දත්ත ප්‍රමාණය

    Write Amplification = ලියන දත්තවල සංකීර්ණ භාවය/විස්තාරණය, මෙය සෑමවිටම වෙනස් වන අගයකි.
    සාමාන්‍ය පුද්ගලිය පරිගණකයක එම අගය 3x පමණත් server වල භාවිතයේදී මෙම අගය 10x ට වඩා ඉහළ යා හැක.
    විශාල ලෙස අහඹු ලිවීම් කරයි නම් (random writes) ඇත්නම් මෙම අගය ඉහළ යයි.

    උදාහරණ:

    SSD capacity = 128 GB

    P/E Cycles = 1000 <- අඩු මිල TLC NAND

    Writes per Day = 5GB < - සාමාන්‍ය භාවිතයේදී දිනකදී කරන උපරිම ලිවීම් ප්‍රමාණය 10GB නොයික්මවයි.

    Write Amplification = 3xසාමාන්‍ය භාවිතයේදී

    Endurance (years) = 128 ‍x 1000 / 5 x 365 x 3 = අවුරුදු 23.4 ~

    ඉහත පෙනෙන ආකාරයට මිලෙන් අඩු TLC වර්ගයේ 128GB SSD එකක් වුවද සාමාන්‍ය භාවිතයේදී ඔබට අවුරුදු 20 කට වඩා ගැටලුවකින් තොරව භාවිත කළහැක.
    එමෙන්ම මෙහිදී යොදාගෙන ඇති Writes per Day සහ Write Amplification සාමාන්‍ය භාවිතයේදී මෙතරම් ඉහළ නොයයි නම් කල් පැවැත්ම තවත් වැඩි වියහැක.

    එමෙන්ම ඉහත ඔබට පෙනෙන ආකාරයට SSD ධාරිතාවය වැඩි වීමද එහි කල් පැවැත්මට කෙලින්ම බලපායි.
    දිනකට ලියන දත්ත ප්‍රමාණය අඩු නම් වැඩි කල්පැවැත්මක් ඇත.
    SSD වලින් දත්ත කියවීමට වැඩිපුර යොදාගන්න අවස්ථා ( boot drive ලෙස මෙහෙයුම් පද්දති සඳහා පමණක් භාවිතය)
    වලදී එහි ආයුකාලට අඩු වන්නේ සෙමිනි.
    දත්ත කියවීමට (reading) පමණක් SSD යොදාගන්නාවිට එහි ආයු කාලයට බලපෑමක් ඇතිනොවේ.

    විශාල මිල වෙනසක් නොමැතිව දැන් MLC වර්ගයේ SSD ද වෙළදපොලේ ඇති අතර ඒවායේ කල් පැවැත්ම වැඩිය.
    industrial / commercial භාවිතය සදහා ඇති SSD යොදාගන්නේ මිල අධික SLC NAND වර්ගයයි.
    මේවායේ P/E Cycles ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඉහළ පරිභෝජනයක් යටතේ වුවද වැඩි කළක් පවතී.


    hfvz.jpg

    රූපය -4
    NAND hierarchy

    ඉහත ගණනය කිරීම් වලින් පැහැදිලි වන්නේ සාමාන්‍ය භාවිතය සදහා SSD යොදාගන්න විට
    ඒවායේ flash cells wear out වීම නිසා සිදුවන කල් පැවැත්ම අඩුවීම පිළිබඳව එතරම් සැලකිල්ලක් දැක්වියයුතු නොවන බවයි.
    තව flash cells wear out වීමට ප්‍රථම SSD එකෙහි පවතින වෙනත් drivers / internal software හෝ උපාංග ක්‍රියාවිරහිතව SSD එක අඩපනවීමේ හැකියාවද ඇත.
    ඔබ විශාල වශයෙන් SSD තුළට සංකීර්ණ දත්ත ඇතුළු කරන්නේ නම් පමණක් මිල අධික MLC හෝ SLC වර්ගයේ NAND භාවිතයෙන් තැනූ SSD වෙත යාමට ඔබට සිදුවනු ඇත.


    ©geethq
    [FONT=&quot]සියලුම [/FONT][FONT=&quot]හිමිකම් [/FONT][FONT=&quot]ඇවිරිණී[/FONT]
    [FONT=&quot]වෙනත්[/FONT][FONT=&quot] ස්ථානයක[/FONT][FONT=&quot] පල කිරීම [/FONT][FONT=&quot]සපුරා [/FONT][FONT=&quot]තහනම්[/FONT]
    [FONT=&quot]මෙහි[/FONT][FONT=&quot] පලකර [/FONT][FONT=&quot]ඇති [/FONT][FONT=&quot]ඡායාරූප [/FONT][FONT=&quot]වල[/FONT]
    [FONT=&quot]අයිතිය[/FONT][FONT=&quot] ඒවායේ[/FONT][FONT=&quot] නියම [/FONT][FONT=&quot]අයිතිකරුවන් සතුය[/FONT]
    www.elakiri.com

    [FONT=&quot] .........................................[/FONT]

    [FONT=&quot]මාගේ[/FONT][FONT=&quot] අනෙකුත්[/FONT][FONT=&quot] thread[/FONT]​

    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
    Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

    තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්
    [FONT=&quot]rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?[/FONT]
    [FONT=&quot]Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු[/FONT]
    මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)
    [FONT=&quot]ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු[/FONT]
    [FONT=&quot]ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)[/FONT]
    [FONT=&quot]How to add shade effects to ur profile[/FONT]
    [FONT=&quot]


    ....................
    .....................[/FONT]

     
    Last edited by a moderator:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    යකෝ මූ දන්න දේවල් :frown: රෙප් :frown:
    :lol: එහෙම තමා තනියම දැනගන්නෙ නැතුව උඹලටත් කියල දෙන්නෙ :rofl:
    මම ඔය තොරතුරු "බිදක්" කියල ත්‍රෙඩ් කෑලි කෑලි දාන්නෙ නෑ නෙ , දානවනං අරෙහෙං මෙහෙං උස්සන්නෙ නැතුව මමම ලියල දානව ඔක්කොම විස්තරේ :D
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ප්ට්ට මචං...:) වටින ත්‍රෙඩ් එකක්...:yes::yes::yes:

    I must spread some Reputation around before giving it to geethq again.
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: එහෙම තමා තනියම දැනගන්නෙ නැතුව උඹලටත් කියල දෙන්නෙ :rofl:
    මම ඔය තොරතුරු "බිදක්" කියල ත්‍රෙඩ් කෑලි කෑලි දාන්නෙ නෑ නෙ , දානවනං අරෙහෙං මෙහෙං උස්සන්නෙ නැතුව මමම ලියල දානව ඔක්කොම විස්තරේ :D

    එල එල ඔහොම යන් :yes:;):D
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    හැමදාම වගේ අදත් වටිනා තොරතුරු ගොන්නක්
    තැන්ක්ස් දන්නේ නැති ගොඩාක් දේවල් දන ගත්තා
    රෙප් දෙන්න බැහැ ලු .......