 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 80,944
Join Date: Sep 2006
Location: ~ඤාව්~
|
|
|
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2) -
07-11-2011, 01:28 AM
Last edited by tintin123; 12-26-2012 at 01:12 AM.
Reason: to update
|
 |
Senior Member
|
|
Posts: 80,944
Join Date: Sep 2006
Location: ~ඤාව්~
|
|
|
07-11-2011, 01:28 AM

console gaming උපකරණයක ආකාරයට තැනූ Xperia Play
GPU (Graphics Processing Unit)
ඔබේ පරිගණකයට හොද GPU එකක් නැතහොත් හොද වීඩියෝ කාඩ් එකක් අවශ්‍ය වන තරමටම
අද පවතින smartphone සදහාද වේගවත් ප්‍රභල GPU එකක අවශ්‍යතාවය ඇතිවී ඇත.
සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D) පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහාද
HDMI out හෝ එකවර බාහිරින් පිහිටි තිර කීපයකට රූප දත්ත සැපයීම සහ
high end වීඩියෝ ක්‍රීඩා සදහා (console level gaming) ප්‍රභල GPU අවශ්‍ය වේ.
smartphone video games
සාමාන්‍ය smartphone එකකට උවද පරිශීලක අතුරු මුහුණත (user interface) සුමටව ක්‍රියාකරවීම සදහා සහ
වීඩියෝ ක්‍රීඩා සදහා GPU එකක අවශ්‍යතාවය මතුවේ.
බොහෝ පැරණි smartphone වල GPU වල කාර්යයන්ද කළේ CPU මගිනි.
එහෙත් එය සාපේක්ෂව අකාර්ක්ශම වන්නේ GPU තරම් CPU එකක් ග්‍රැෆික තොරතුරු සැකසීමට කාර්යක්ශමව යොදාගත නොහැකි නිසායි.
මේ නිසා ඔබ smartphone එකක් තෝරගැනීමේදී එහි GPU එක පිළිබඳවද සැලකිල්ලක් දැක්වියයුතුය.
අවම වශයෙන් GPU එකක් එහි වෙනම (dedicated) අන්තර්ගත කර ඇත්ද යන්නවත් සැලකිය යුතුය.
දැනට පවතින SOC වල අන්තර්ගත කර ඇති GPU වලින් Tegra 2, 3 SOC සහිත smartphone වල අන්තර්ගත
ULP GeForce,
Galaxy S/S2/S3 මාදිලි වල පවතින PowerVR SGX 540, Mali-400/MP/MP2
සහ තවත් සුලබව දැකියහැකි GPU වන Adreno 220/225/320
වැනි GPU ඉහළ මට්ටමේ හැකියාවන් පෙන්වයි.
Ranbow Six ක්‍රීඩාව smartphone එකක් මගින් ක්‍රීඩා කිරීමේදී දිස්වන අයුරු
Smartphone මතක ගබඩාව (memory storage)
Smartphone වල භාවිතා කරන මතක ගබඩා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය.
පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory)
එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ.
මෙම මතක ඉතා වේගවත් සහ සාපේක්ශව මිල අධික වේ.
අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි.
මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත.
අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි.
සාපේක්ශව වේගය සහ මිල අඩුය.
non-volatile memory වර්ග රාශියක් ඇති අතර smartphone එකක මේවා භාවිතා වන්නේ අභ්‍යන්තර මතක සදහායි.
අභ්‍යන්තර මතකය බොහෝ විට Flash මතකයක් වන අතර
සියලුම වර්ගයේ ලිපිගොනු හා දත්ත ඔබගේ smartphone එකෙහි ගබඩා කිරීම සදහා උපකාරී වේ.
MicroSD Card Slot
පුළුල් කළහැකි මතකය (expandable memory )
ඔබගේ smartphone එකෙහි අභ්‍යන්තර මතකය කුඩා එකක් නම් හෝ
තවත් මතක ගබඩාවක් ඔබට අවශ්‍ය නම් පිටතින් මතක කාඩ්පත් (memory card) සවි කළහැකි පරිදි බොහෝමයක් smartphone වර්ග නිපදවා ඇත.
මේ සදහා විශේෂ වූ card slot එකක් අදාල smartphone වල දැකියහැක.
Micro SD., Mini SD, MMC වැනි මතක කාඩ්පත් අතරින් අද බහුලවම භාවිතා වන
Micro SD කාඩ්පත් ගැන පමණක් මෙහිදී අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
Micro SD Card (Micro Secure Digital) සහ Micro SDHC (Micro Secure Digital High Capacity)
මෙම flash memory card වර්ගය විවිධ ධාරිතා වලින් මිලදී ගතහැකිය.
128MB පමණ සිට 64GB පමණ දක්වා වූ කාඩ්පත් අද වෙළදපොළේ දැකියහැකි වුවත්
වඩාත් සුලබ වන්නේ 1GB, 2GB, 4GB, 8GB සහ 16GB ප්‍රමාණයේ මතකයන්ය.
ධාරිතාව අනුව ගත් කළ MicroSD කාඩ්පත් 4GB පමණ දක්වාද ඊට ඉහළ ධාරිතා සදහා නව පරපුරේ MicroSDHC කාඩ්පත්ද භාවිතා කළයුතුය.
එහෙත් Micro SD සදහා සහාය දක්වන සියලු smartphone වර්ග Micro SDHC සදහා සහාය
නොදක්වන නිසා memory කාඩ්පත් මිලදී ගැනීමේදී ඒවා
ඔබගේ smartphone එක සදහා ගැලපෙනවාදැයි සැලකිලිමත් වියයුතුය.
මෙහිදී අප සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ මෙම කාඩ්පත් වල දත්ත හුවමාරු වේගයයි
නැතහොත් දත්ත ලියන සහ කියවන වේගයයි (read/write speed).
MicroSD and M2
Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත.
මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය.
මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි.
උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ.
වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය.
විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත්
තෝරාගැනීමට සැලකිලිමත් වන්න.
විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද
Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය.

(wiki)
Hot-Swappable memory
මෙයින් කියවෙන්නේ අදාල smartphone එකෙහි මතක කාඩ්පත smartphone එක ක්‍රීයාකාරීත්වයේ තිබියදීම
ඉවත්කළහැකි හෝ ඇතුළු කර හදුනාගෙන ක්‍රියාකාරී කළහැකි වීමයි.
Smartphone එක ක්‍රියා විරහිත කිරීමක් හෝ restart කිරීමක් ඒ සදහා අවශ්‍ය නොවේ.
සෑම smartphone එකකම මෙම හැකියාව නොමැති බව සලකන්න.
samsung 2GB RAM memory chip
RAM (Random Access Memory) මතකය
Smartphone තුළ ඇති RAM එකක ක්‍රියාවද පරිගණකයක ක්‍රියාවටම සමාන නිසා ඒ පිළිබඳව
වැඩි දුර විස්තර නොකර RAM භාවිතය පිළිබඳව සලකා බලමු.
Smartphone මෙහෙයුම් පද්දතිය හා වැඩසටහන් (application) දෙකෙන්ම RAM පරිභෝජනයට ගනී.
ඒ තම කටයුතු වලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වන දත්ත ගබඩා කර තබාගැනීමටයි.
RAM මතකය අධිවේගී එහෙත් චංචල මතකයකි.
එනම් විදුලි බලය විසන්දි කරවිට එහි දත්ත මැකී යයි.
මේ නිසා වැඩසටහන් වල ප්‍රතිදාන දත්ත ගබඩා කිරීමටත් වෙනත් දත්ත ගබඩා කිරීමටත් smartphone එකක අභ්‍යන්තර මතකයක්ද (internal memory) පවතී.
මෙය බොහෝ විට අචල මතකයකි (flash memory).

Samsung 2GB RAM chips
විශාල RAM මතක සහිත smartphone වලට වඩාත් සංකීරණ වැඩසටහන් ක්‍රියා කළ හැකිය (ප්‍රොසෙසරය ආ අනෙක් තත්ත්වයන් සහිත නම්).
එමෙන්ම වැඩසටහන් කීපයක් එකවර ක්‍රියා කරවීමට හැකියාව ලැබේ.
දැනට පවතින සුලබවම මෙහෙයුම් පද්දතිය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති සහිත smartphone සදහා
උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට නම් මදක් වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය බැවින් පහත අවම සීමාවන්ට යටත්වව
එම smartphone තෝරාගැනීමට සැලකිලිමත් වන්න.
Android 1.5 >> 128MB RAM or more
Android 1.6~2.1 >> 192MB RAM or more
Android 2.2 >> at least a 256MB RAM
Android 2.3 or + >> 512MB or +
these are the minimums to run OS and other applications smoothly
ROM (Read-Only Memory)
Smartphone එකක මෙහෙයුම් පද්දතිය (OS) හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය bootloader ආදිය තැන්පත් කර තබන්නේ ROM එකයෙහිය.
මීට අමතරව බාහිරින් අප ස්ථාපිත කරන වැඩසටහන් (installed applications) වේගවත් පිවිසුමක් සදහා ROM මතකයේ ස්ථාපිත වේ.
මේ සදහා ROM මතකය OS එක හා වැඩසටහන් සදහා වෙන වෙනම කොටස් කර ඇත.
ROM මතකය කියවීමට පමණක් ඇති මතකයකි.
එහෙත් විශේෂ ක්‍රම මගින් එහි ඇති දත්ත නැවත ලිවියහැකි අතර එම ක්‍රියා පටිපාටිය flashing යනුවෙන් හැදින්වේ.
Smartphone වල මෙහෙයුම් පද්දති අළුත් කිරීම හෝ යාවත්කාලීන කිරීම ආදිය සදහා යොදාගනු ලබන්නේ මෙම ක්‍රමයයි.
Android task manager
සමාන්‍යෙන් වැඩි ROM මතකයක් සහිත smartphone එකක් නම්
එහි මෙහෙයුම් පද්දතියට යන ඉඩ ප්‍රමාණයට අමතරව ඉතිරි ඉඩෙහි තවත් වැඩසටහන් හා
මෘදුකාංග ස්ථාපිත කළහැකි නිසා smartphone එකක් තෝරා ගැනීමේදී ROM මතකය පිළිබඳවද සැලකිලිමත් වියයුතුය.
විශේෂයෙන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය වැනි මෙහෙයුම් පද්දති සදහා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන්
විශාල වශයෙන් නොමිලේ ලබාගත හැකි නිසා විශාල ROM එකක් තිබීම වාසිදායකය.
මීට අමතරව Android 2.2 / 2.3 හෝ 4 / 4.1 මෙහෙයුම් පද්දතියේ සිට ඔබට ROM එක වෙනුවට වැඩසටහන් ස්ථාපිත කිරීමට අභ්‍යන්තර
හෝ බාහිර Micro SD මතකයද භාවිත කිරීමට ඉඩ සලසා දෙයි.

Smartphone දෘඩාංග(hardware) පිළිබඳ ඉතිරි කොටස ලිපියේ තුන්වන (3) අදියරේදී බලාපොරොත්තු වන්න.
V
V
V
Last edited by tintin123; 12-26-2012 at 01:14 AM.
Reason: to update
|
 |
Senior Member
|
|
Posts: 80,944
Join Date: Sep 2006
Location: ~ඤාව්~
|
|
|
07-11-2011, 01:30 AM
Smartphone එකක දැකිය හැකි තවත් විවිධ සේවා කීපයක් පහත දැක්වේ
Geo-tag
මෙම අංගය දැකිය හැක්කේ GPS සේවා ක්‍රියාත්මක කරනලද නව smartphone වලයි.
ඔබ ගන්නා ඡායාරූප වල ඒවා ලබාගත් ස්ථානය අනුව අදාල භූගෝලීය තොරතුරු (geographical information)
විශේෂයෙන්ම කණ්ඩාංක (coordinates) ඡායාරූප දත්තවල (metadata) අන්තර්ගත කිරීම මෙහිදී සිදුවේ
මෙම දත්ත ඔබගේ පරිගණකයෙහි ඇති මේ සදහා විශේෂිත් මෘදුකාංග මගින් හෝ බොහෝ රූප සංස්කාරක මෘදුකාංග මගින් කියවියහැක.
(image viewers, image editors and online image galleries)
AT&T Family Maps හා Geo Tagging සදහා GPS/A-GPS භාවිතය.
Accelerometer sensor - ත්වරණමානසංවේදකය
මෙම ඉලෙක්ට්රොනික මානය මගින් smart-phone එකක චලිතයන් සහ විවිධ අතට හැරවීම් සංවේදනය කළහැකිය.
මීට අමතරව භ්රමණය හෝ පැද්දීම් සෙලවීම් පිළිබඳව පූර්ව ඉගියන් ලබාගැනීම කළහැකිය.
මෙම උපකරණය smart-phone සදහා වැදගත් වන්නේ දුරකතනය සිරස්ව හෝ තිරස්ව පිහිටුවීමේදී ස්වයංක්රීය
ලෙස තිරයේ පරිශීලක අතුරුමුහුණත හැරවීම(activate auto screen rotation) සදහායි.
මීට අමතරව සමහර smart-phone සදහා සංගීත වාදකය පාලනය සහ ජංගම දුරකතන ක්රීඩා කිරීමේදීද
තවත් විටෙක google sky වැනි වැඩසටහන් හරහා අහසේ විවිධ දිශාවලට දුරකතනය යොමු කිරීමෙන් තාරකා සහ ග්රහලෝක පිළිබඳ විස්තර ලබාගැනීම
ආදියද දුරකතනය මුනින් අතට හැරවී මමගින් එලාම් නාදය හෝ දුරකතන නාදයක් සැනින් නිහඬ කිරීමද (mute) කළහැකිය.
various censers in an Apple iPhone
Gyroscope sensor - විභ්‍රමණේක්ෂ මානය
Smartphone එකක accelerometer හා එක්ව gyroscope සංවේදකයකට අක්ෂ (axes) 6 ඔස්සේ මිණුම් ලබාගත හැකිය.
ඒවා නම් වම, දකුණ, උඩ, යට, ඉදිරිය සහ පසුපසයි. එමෙන්ම පෙරලීම, උස්පහත් වීම් සහ හැරවුම් දිශා ග්‍රහනයද කළහැකිය.
මේ නිසා තනි accelerometer සංවේදකයක සිරස් හා තිරස් අක්ෂ වල සංවේදන ප්‍රතිග්‍රහනයට
වඩා මෙම සංවේදක වලින් වඩාත් නිවැරදිය සංවේදනය කිරීමේ හැකියාව ලැබී ඇත
Wii-mote වැනි ක්‍රීඩා උපාංග වල මෙන් උසස් සංවේදන හැකියාවක්
smartphone වලට ලැබීම නිසා උසස් තත්ත්වයේ (console level) වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාව ලබාගතහැක.
A2DP භාවිතයෙන් Wireless Headphone වලට රැහැන් වහිතව සංගීත කණ්ඩ සම්ප්‍රේශණය.
A2DP (Advanced Audio Distribution Profile)
බ්ලූටූත් තාක්ශණය හරහා දත්ත හුවමාරු කිරීම සදහා ඇති Bluetooth profile වලින් එකකි.
Smartphone එකක් මගින් Stereo සංගීත කණ්ඩ
රැහැන් රහිතව headphones හෝ speakers වලට
bluetooth තාක්ෂණය හරහා සම්ප්‍රේශණය කිරීම මෙම තාක්ෂණය භාවිතයෙන් සිදුවේ.
එක් පසකට පමණක් දත්ත සම්ප්‍රේශනය කළහැක.
FM ට්‍රාන්ස්මීටරයක් භාවිතයෙන් අසල ඇති රේඩියෝවකට smartphone එකෙහි ඇති සංගීත වාදනය සම්ප්‍රේශණය
FM Transmitter (RDS - Radio Data System)
Featured Phone සහ Smartphone තුළ තැනූ රේඩියෝවක් නිතර දැකියහැකිය.
මෙය බොහෝ විට FM කලාපයේ සම්ප්‍රේශනය වන රේඩියෝ විකාශන ග්‍රහනය කළහැකි ලෙස තනා ඇත.
කළාතුරකින් එකක් හැරුනුකොට අනෙක් සියලු ජංගම දුරකතන සදහා මෙම FM රේඩියෝවේ ඇන්ටනාව ලෙස රැහැන්ගත (wired) headset යොදාගත යුතුය.
FM රේඩියෝව ජංගම දුරකතනයක් සදහා සාමාන්‍ය අංගයක් උවද FM Transmitter දැකියහැක්කේ බොහෝ විට smartphone වල පමණි.
මෙම ට්‍රාන්ස්මීටර මගින් Radio Data System යන දත්ත සම්ප්‍රේශණ ක්‍රමය (communication protocol) හරහා smartphone එකක සිට රැහැන් රහිතව
FM තරංග පරාසය ඔස්සේ FM සංඛ්‍යාත ග්‍රාහකයකට (FM receiver) සංගීත කණ්ඩ සම්ප්‍රේශණය කළහැකිය.
මෙම ග්‍රාහකය බොහෝවිට FM රේඩියෝවක් හෝ වාහනයක සවිකළ රේඩියෝවක් වියහැක.

v
v
v
Last edited by tintin123; 12-26-2012 at 01:15 AM.
Reason: to update
|
 |
Senior Member
|
|
Posts: 80,944
Join Date: Sep 2006
Location: ~ඤාව්~
|
|
|
07-11-2011, 01:34 AM
GPS (Global Positioning System)
Global Positioning System නැතහොත් GPS යනු අප ලොව කොතැනක සිටියත්
සිටින ස්ථානය, වේලාව සහ අප ගමන් ගන්නා වේගය නීර්ණය කළහැකි අභ්‍යාවකාශයේ පවතින චන්ද්‍රිකා (satellite) පද්දතියකි.
(space-based global navigation satellite system - GNSS)
මෙය මූලිකවම අමෙරිකානු රජය හා ආරක්ශක දෙපාර්තමේන්තුව මගින් හදුන්වා දී පවත්වාගෙන යන චන්ද්‍රිකා (satellite) සහ
සේවා පද්දතියක් උවත් මහජනතාව සදහා විවෘත වූවකි.
චන්දිකා 30 කින් පමණ සමන්විත මෙම පද්දතිය අමෙරිකා එක්සත් ජනපදය තුළ ඉතා නිවැරදිව ක්‍රියාත්මක වේ.
මෙවැනි GNSS වර්ගයේ තවත් පද්දති කීපයක් ලොව ඇති අතර ඒවා රුසියාව, චීනය හා යුරෝපා සංගමයේ රටවල් මගින් පිහිටුවා භාවිතා කරනු ලබයි.
GPS උපකරණයකින් සිටින ස්ථානය (position) ග්‍රහනය (lock) කරගැනීම සදහා අවම ලෙස චන්ද්‍රිකා 3ක් අවශ්‍ය වේ.
එහෙත් වඩාත් නිවැරදි දත්ත ලබාගැනීමට නම් අවම ලෙස චන්ද්‍රිකා 4 කින් වත් සංඥා ග්‍රහනය කළයුතුය.
අමරිකානු රටවල නම් නිතරම අභ්‍යාවකාශයේ රැදවූ චන්ද්‍රිකා 6ත් 10ත් අතර ප්‍රමාණයකින් සංඥා ලබාගතහැකිය.
A-GPS (Assisted GPS)
Smartphone සදහා GPS උපකරණ පළමුව හදුන්වාදෙනු ලැබුවේ 2004 දී A-GPS ආකාරයෙනි.
දැනට ඇති බොහෝමයක් smartphone වල භාවිතා වන මෙම A-GPS හෙවත් Assisted-GPS ක්‍රියා කරන්නේ
චන්ද්‍රිකා දත්ත සහ සන්නිවේදන ජාල දෙකෙහිම එකතුවක් ලෙසය.
චන්ද්‍රිකා සංඥා හා එක්ව GPRS හෝ 3G හරහා (හෝ wifi වැනි වෙනත් ආකාර) දත්ත පැකට්ටු ලෙස දත්ත හුවමාරුව මගින් A-GPS ක්‍රියා කරයි.
මෙහිදී යාබද සන්නිවේදන කුළුණු වල සහායද ඇතිව සිටින ස්ථානය වඩා වේගවත්ව චන්ද්‍රිකා වලට හදුනාගත හැකිය.
චන්ද්‍රිකා සංඥා වලට අමතරව සන්නිවේදන ජාල යොදා ගැනීම මගින් සංඥා අඩු ප්‍රදේශයකදී උවද තොරතුරු ලබාගැනීමටත්
වේගවත් ලෙස තොරතුරු ලබාගැනීමටත් හැකියාව ලැබී ඇත.
බොහෝ smartphone වල A-GPS උපකරණ,
Wifi Positioning System
(යාබදව පිහිටි wifi ජාල වල සහාය සහිත ස්ථානගත කිරීමේ පද්දති) සහ
cell-site triangulation
(යාබදව පිහිටි දුරකතන සන්නිවේදන කුළුණු 3ක් හෝ වැඩි ගණනක් මගින් ස්ථානගත කිරීමේ පද්දති)
යන ඒවායේ එකතුවක් දැකියහැකිය.
විශේෂයෙන් GPS සේවා වැඩි දුර ව්‍යාප්ත නොවූ ලංකාව වැනි රටවල මෙම සංකලනය යොදාගනී.
Google Maps වැනි සේවාව මගින්ද ඉහත සදහන් විධි තුනම ඒ ඒ අවස්ථාව අනුව යොදාගනී.
ලිපියෙහි තුන්වන සහ අවසන් කොටස ලගදීම බලාපොරොත්තු වන්න
එහි අඩංගු කිරීමට අදහස් කරන කරුණු..
Mobile Operating Systems
3D Display
3D video recording HD
Camera and Flasher, Camera censors
Video Camera HD/Full HD video recording
Dual camera and HD Stereo Video Capturing
HDMI and multiple display
WLAN (wifi)
Java Yes and MIDP 2.0
Battery life
Smartphone Benchmarks
Smartphone Applications
.....
©geethq
සියලුම හිමිකම් ඇවිරිණි
වෙනත් ස්ථානයක පල කිරීම සපුරා තහනම්
මෙහි පලකර ඇති ඡායාරූප වල
අයිතිය ඒවායේ නියම අයිතිකරුවන් සතුය
www.elakiri.com
මාගේ අනෙකුත් thread
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)
Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)
තාරකා විද්‍යාවේ අපූරුව සහ විශ්වයෙන් බිදක්
rep පවර් එක හරියටම ගණනය කරන හැටි දන්නවද?
Solid State Drives (SSD) ගැන තොරතුරු දැනගනිමු
මිහිමත ප්‍රබලතම යන්ත්‍ර - සුපිරි පරිගණක (SuperComputers)
ඔබේ පරිගණකයට Graphics Card එකක් තෝරා ගන්නා අයුරු
ටෙරාබයිට් 6ක් (6TB) ගබඩාකළහැකි HVD ( Holographic Versatile Disc)
How to add shade effects to ur profile
..................................
.................
Last edited by tintin123; 12-26-2012 at 01:16 AM.
Reason: to update
|
|
Senior Member
|
|
Posts: 15,678
Join Date: Nov 2008
Location: I'm Looking for Me !
|
|
|
07-11-2011, 01:35 AM
bookmarked
|
 |
Senior Member
|
|
Posts: 46,893
Join Date: Oct 2010
|
|
|
07-11-2011, 01:49 AM
ෆට්ට ත්‍රෙඩ් එකක් ගොඩක් මහන්සි වෙලා තියෙනවා 
බොහොම වැදගත්  කණගාටුවට කරුණ ඔප්පු කරන්නට
බැරි වීම ගැන  පසුවට කල්තබනවා ඔප්පු කිරීම
|
 |
Senior Member
|
|
Posts: 46,893
Join Date: Oct 2010
|
|
|
07-11-2011, 01:52 AM
මේ තරම් මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාන්න කියාපු වෙලාව  කාට බලන්නද මේ වෙලාවට දැම්මේ 
ඉ ලග ත්‍රෙඩ් එකවත් හවසක දාවි කියා බලාපොරොත්තු වෙනවා
|
 |
Senior Member
|
|
Posts: 57,412
Join Date: Apr 2008
Location: Hamilton, Bermuda / London, UK
|
|
|
07-11-2011, 02:28 AM
thanks
You must spread some Reputation around before giving it to geethq again.
|
 |
Senior Member
|
|
Posts: 6,414
Join Date: Feb 2009
Location: Sandy Hook
|
|
|
07-11-2011, 02:48 AM
thanx 4 d info macho.... rep denna balu...
|
 |
Senior Member
|
|
Posts: 4,601
Join Date: Dec 2006
Location: kelewa
|
|
|
07-11-2011, 03:17 AM
ela ela. watina thorathuru tikak
|
|
Tags
|
අපිට කෝ smart porn :(, එලම ත්රෙඩ් එක, කෝ යකෝ part 3 :angry:, ගීතා අක්කියා, ටැඩි ටෙඩි :love:, පට්ට ඕයි, පූව දන්න පෝන්, පූස් පෝර්න් :lol:, පූස් ස්මාර්ට් 4n, පූසා දන්න porn :rofl:, පූසා වැඩකාරයා, බක්කා පව් :(, මං සුදු පූසා, වල් පූස්, ස්මාට් පූසා, හොර පූස් තඩිය :rofl:, හොරා දන්න පෝං :lol:, bump somapala, d (-‿~) b, good post..., smartphones  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|