ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page සාධු කියන හැටි..
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
hukp1 hukp1 is offline
Senior Member
hukp1 will become famous soon enough
 
Posts: 377
Join Date: Apr 2009
Location: Kalutara
සාධු කියන හැටි.. - 05-23-2011, 10:37 PM

බුදුහාමුදුරුවො හරි වේගයෙන් ධ්‍යානයන්ට සම වැදුනා.

බුදුහාමුදුරුවො පිදුම් ලබන්න සුදුසු වීමේ තවත් හේතුවක් තමයි උන්වහන්‍සේ නිරන්තරයෙන්ම ධ්‍යානයන්ට සම වැදිලා සිටීම. දේශනාවක කොටසක් අවසානයේදී අහන් ඉන්න අය සාදු සාදු සාදු කියද්දි ඒ පුංචි වෙලාවෙදි බුදුහාමදුරුවො ධ්‍යානයන්ට සම වැදෙනවා. ඉන් පස්සෙ නැවතත් දේශනාව පවත්වනවා. ඇත්තටම පුදුමයි.

නියම විදියට "සාධු "පාවිච්චි කිරීම.

මෙතනදි මන් කථා කරන්නෙ ලංකාවෙයි බුරුමෙයි සාධු කියන එක පාවිච්චි කෙරෙන හැටි ආශ්‍රයෙන්. බුරුමයේ හාමුදුරුවො බණ කියද්දි අහන් ඉන්න අය සාධු කියන්නේ අවස්ථා කීපයකදි. එහෙදි බණ කියන හාමුදුරුවො පාලි වාක්‍ය කියලා ඒක බුරුම භාෂාවට තේරුම් කරාම මෙතනදි පදානුගත තේරුම අදහස් කරන්නේ, තමයි සාධු කියන්නේ. බුරුම හාමුදුරුවො දිග වාක්‍යයක් ,පියෙට්කි ලෙ ඩට් ථා ‍දීකියලා තමයි ඉවර කරන්නේ. ඒක කියපු ගමන්ම කිසිම ප්‍රශ්නයක් නැතිව අසන්නො ටික සාධු කියනවා. මොකක්ද කිව්වෙ කියලා හිතන්නේ නෑ.

දැන් උදාහරණයක් විදියට වෙස්සන්තර ජාතකය බලමු. වෙස්සන්තර රජ්ජුරුවො දරුවො දෙන්න යන්න බෑ කියලා අඬද්දි ජූජක බමුණාට භාර දෙනවා. මෙතනදි බමුණාගේ නපුරු හැසිරීම පාලියෙන් සජ්ජායනා කරලා සුපුරුදු පරිදි තා ‍දී කියලා ඔන්න අවසන් වෙනවා. ඒ කියන්නේ බමුණාගේ නපුරුකම. ඉතින් බුරුම මිනිස්සු සාධු සාධු සාධු කියලා මහ හයියෙන් කියනවා. ඒත් කථන්දරේ මේ කොටසෙදි බොහොම දුක හිතෙන දේවල් තමයි කියවෙන්නේ. නමුත් සතුට දුක කියලා වෙනසක් බුරුම මිනිස්සුන්ගේ සාධු වචනෙට නෑ.

නමුත් ලංකාවෙදි තත්වෙ වෙනස්. අපි තුන්වරක් සාධු කියනවා. ඒ අරහත්ඵල සාක්ෂාත් කිරීමක් හෝ නිර්වාණයට පත් වීමක් ගැන කියවෙද්දි. මේ තමයි නිවැරදි ක්‍රමය.

බුදුහාමුදුරුවන්ගේ කාලෙදි සාධු යන්න භාවිතා කලෙත් අපේ ක්‍රමයට තමයි කියලායි විශ්වාස කරන්නේ. අහන්නො තුන් වරක් සාධු කියද්දි බුදුහාමුදුරුවො පුංචි විවේකයක් ගන්නවා. ඒ ව‍ගේම ඒ විවේකයේදී ධ්‍යානයට සම වදිනවා. සාධු ශබ්දය නැති වෙද්දි නැවතත් ධ්‍යානයෙන් ඉවත් වෙලා ධර්මය දේශනා කරනවා. කිසිම වේලාවක අලසව ඉන්නෙ නෑ. බලන්න උන්වහන්සේ කොයි තරම් පූජනීයද කියලා.

බුදුහාමුදුරුවො හැම සත්වයෙක් දිහාම මහා කරුණාවෙන් බැලුවෙ. මහාකරුණා සමාපත්තියට සහ අර්හත්ඵල සමාපත්තියට දිනකට එකකට වාර මිලියන 120ක් බැගින් සමවැදිලා දවසට මිලියන 240 වාරයක් සමවැදුනා. ධ්‍යානයට සමවදින්න තියෙන එකදු අවස්ථාවක් වත් බුදුහාමුදුරුවො අත නොහැරිය බව එතනින් පේනවා. මේ නිසා සාතාගිරි කියනවා, සියල්ල දන්නාවූ බුදුහාමුදුරුවො කිසිවිටක ධ්‍යාන නොසලකා හැරියේ නෑ කියලා.

සරලවම කියනවා නම් බුදුහාමුදුරුවො හොරකම, ප්‍රාණගාතයෙන් නිදහස් වාගේම හැම තිස්සෙම ප්‍රමාදයට දුරින් ඉන්නේ. ඒ වගේමයි ධ්‍යාන නොසලකා හැරියෙත් නෑ.

බුදුහාමුදුරුවො ලෝක විදු නිසා දේශනයකදි කියන්න තියෙන දේවල් ගැන අමුතුවෙන් හිතන්න අවශ්‍ය වෙන්නේ නෑ උන්වහන්සේට, උන්වහන්සේ ඕනාම වෙලාවක සූදානම්. ඒ වගේම අහන් ඉන්න කෙනාව මෝරලා තියෙන හැටියට දේශනා කරන්නත් උන්වහන්සේ දැනන් උන්නා. දේශනාව අවසානයේදී විතරක් නෙමේ උන්වහන්සේ අතරමැදි විවේකයන්ගේදී පවා ධ්‍යානයන්ට ඇතුළු වුනා. එක මොහොතක්වත් අලසව කල් යැවුවේ නෑ.

අපිට මේ ටික තේරුම් ගන්න පුළුවන් නම් අපිට තේරෙනවා අපේ බුදුහාමුදුරුවො කොයි තරම් නම් වන්දනීයයිද කියලා. ඒ වගේම අපි උන්වහන්සේගේ සරණ යන්න ඕනා ඇයි කියලා. එහෙම කරද්දිම අපි දැක ගන්න ඕනාඒ පූජනීයත්වය නිසා ඇති වන සතුට ක්ෂණිකව නැති වෙන හැටි. ඒ තුලින් අපි අපේ විපස්සනා ක්‍රමවේදය උපයෝගී කරගෙන ආර්ය මාර්ගයේ අවසානය දක්වා මග සලසා ගන්න ඕනා.

ඉතින් කියන්න තියෙන්නේ මේ ටික තමයි. නොයෙක් අය නොයෙක් විදියට භාවනා කරන හැටි කියලා දෙනවා. නමුත් නිවන් දැකපු මාර්ග ඵල ලබා ගත්ත අය ඉන්නෙ බොහොම ටිකක් විතරයි. කොහේ හරි වැරද්දක් වෙලා තියෙනවා. ඒ වැරදි හදාගත්තේ නැත්නම් 2600ක් ආව වෙග් තව තවත් යන්න වෙයි. භාවනා පුහුණු කරන අය පළමුවෙන් බඩේ පිම්බීම ඇකිලීම වගේ තමන්ගේ ඇ‍ඟේ සිදු වෙන ක්‍රියා‍වන්ගේ ඇති වීම නැතිවීම වගේම මනසේ ඇතිවෙන සිතුවිලි නැතිවෙන හැටිත් දකින්න. මේ මානසික සංකල්පයන් දැකීම චිත්තානුපස්සනාව. ඇ‍ඟේ භෞතිකව ඇතිවෙන ඇදීම, නැවීම වගේ තද ගතිය වගේම සිනිදු ගතිය ආදිය දැකීම වේදනානුපස්සනාව. මානසික තත්වයන් ඒ කියන්නේ ඇහෙනවා, දකිනවා, නැත්නම් කේන්තිය, කණස්සල්ල වගේ දැකීම ධම්මානුපස්සනාව. ඇ‍‍ඟෙන් සිදුවන නොයෙක් සෙලවීම් සහ ක්‍රියාවන් දැකීම කායානුපස්සනාව.

ප්‍රමාදයෙන් මිදෙන්න කැමති අය නිරන්තරයෙන් මේ භාවනා පුහුණුවෙ යෙදෙන්න. මේ නැතත් කමක් නෑ අඩු ගානේ හරියට ආනාපානසතිය වත් දැනගෙන යෙදෙන්න. නැත්නම් ‍මෛත්‍රී භාව‍නාවෙවත් යෙදෙන්න.

මාර්ග ඵල හතරින් සෝවාන් ඵලයෙන් කෙනෙක්ට හොඳ සමාධියක් ඇති කර ගන්න පුළුවන් වෙනවා. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා සකෘදාගාමී තත්වයට එද්දි කෙනෙක්ට මුලින්ටත් වඩා හොඳින් සමාධිය ඇති කර ගන්න පුළුවන්. මේ තුන්වැනි පියවරට ආපු කෙනෙක් ඒ කියන්නේ අනාගාමී තත්වයට, තව දුරටත් මනස කොහේවත් දුවන්නේ නෑ. සමාධිය ස්ථාවරයි. ගැඹුරුයි. උද්යෝගයෙන් කටයුතු කරන කෙනාට දැන් අර්හත් මාර්ගයට පත් වෙන්න පුළුවන්. ඒ තුලින් අරහත් කෙනෙක් වෙන්න පුළුවන්. මේ අවසන් අවස්ථාවෙදි ප්‍රමාදයක් ඇත්තෙම නෑ, මොකද කියනවානම් හැම තිස්සෙම සමාධිය තියෙන නිසා. ඉතින් අර්හත් අයවලුන් ගැන කියද්දි කියනවා, සක්මනේදි වුනත්, සිටගෙන සිටීමෙදි වුනත්, වාඩි වී සිටීමෙදි වුනත් , සැතපෙද්දි වුනත් රහතුන් හැම විටම සිහියෙන් ඉන්නෙ කියලා.

නාම රූප ගැන ඇති සිහිය රහතුන්ගේ අතින් කිසිම වෙලාවක අත හැරෙන්නෙ නෑ. හැම මොහොතෙම සිහිය තියෙනවා. සැතපෙද්දි වුනත් නිදයගන්න මොහොතට වගේම අවදිවන මොහොතටත් සිහිය පිහිටුවාලයි තියෙන්නේ. නින්දෙදි සිහිය ගැන ප්‍රශ්නයක් නෑනේ. මේ විදියටයි අපි බුදුහාමුදුරුවො දේශනා කල අප්පමාදේන සම්පාදෙන කියන දේ අහනවානම් කටයුතු කරන්න ඕනා.

අඩුම තරමේ සෝවාන් වෙන්න වත් උත්සහ කරන්න. එහෙම වුනොත් ආයිත් කිසිදාක දුකට පත් වෙන්නෙ නෑ.

http://www.elakiri.com/forum/showthread.php?t=1125281

Last edited by hukp1; 05-23-2011 at 10:39 PM.
Reply With Quote
(#2)
Old
Gstar's Avatar
Gstar Gstar is offline
Senior Member
Gstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of lightGstar is a glorious beacon of light
 
Posts: 1,466
Join Date: May 2008
Location: මරණ මංචකය
05-24-2011, 08:30 AM

ස්තුතියි යාලුවා...සතර සතිපට්ඨානය තමා බුදු දහමේ හරය...
Reply With Quote
(#3)
Old
UniMatrixZero's Avatar
UniMatrixZero UniMatrixZero is offline
Senior Member
UniMatrixZero will become famous soon enough
 
Posts: 233
Join Date: Oct 2008
Location: Kottawa
05-24-2011, 09:07 AM

Quote:
Originally Posted by hukp1 View Post
බුදුහාමුදුරුවො හරි වේගයෙන් ධ්‍යානයන්ට සම වැදුනා.

බුදුහාමුදුරුවො පිදුම් ලබන්න සුදුසු වීමේ තවත් හේතුවක් තමයි උන්වහන්‍සේ නිරන්තරයෙන්ම ධ්‍යානයන්ට සම වැදිලා සිටීම.
ධ්‍යාන වලට සම වැදෙන්න කැලෑවල ඉන්න තාපසයන්ටත් පුළුවන්.. ඒක හේතුවක් නෙමෙයි උන්වහන්සේ පිදුම් ලබන්න (තවත් හේතුවක් කියලා තියෙන හන්දා කිව්වේ )

-- පහත මම දාල තියෙන දේ (ඇයි සාධුකාර දෙන්නේ කියලා) කියවන්න තම තම බුද්ධියෙන් හිතලා බලන්න, කැමති නම් අරගන්න හේතුව බුදුදහම කියන්නේ ඥාණගෝචර දහමක් --

සාමන්‍යයෙන් බෞද්ධ දරුවකු පූජා ස්ථානයකට එක්කගෙන ගිය දෙමව්පියො පිළිම වහන්සේ පෙන්නලා “මේන්න පුතේ බුදුහාමුදුරුවෝ, සාදු! කියන්න” කියළා කියනවා අපි ඕන තරම් අහලා ඇති. ඒ වගේම සාදු කාර තුනක් දෙනවත් අහලා ඇති. තවත් අහල ඇති සාදු කාර තුනකට පස්සේ හතරවෙනි දිගට එක ඇදලා කියන සාදු කාරයකුත්. නිකමට හරි කවුරු හරි ඇහුවොත් ඇයි උඹලා සාදු කාර දෙන්නෙ කියලා, අපි දෙන උත්තරෙ මොකද්ද ? අපි බුදුහාමදුරුවන්ට, ස්වාමින්වහන්සේට වදින්නෙ සාදු කියල තමයි කියලා කියන්න පුළුවන්ද. බෞද්ධයන් හැටියට අපි කරන වැඩක් හෝ කියන කතාවක් ඇත්නම් එහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියල අපි ඒ කරණය හොදින් ඤාණවන්තව දැනගෙන තියෙන්නෙ ඕනෙ. එතකොටයි ඒක ඤාණ සම්ප්‍රයුක්තව කරන කටයුත්ත වෙන්නෙ. ඒක නිසා ඒවගෙ උත්තරයක් දීලා පැනලා යන්න බැහැ.

ඉතින් අපි බලමු මේ සාදුකාරයෙ ඇති වටිනාකම, ඇයි අපි සාදු කාර දෙන්නෙ, කුමන යාථාර්තයක්ද මේ සාදු කාරයෙ තියෙන්නෙ කියලා. ඊට කලින් බලන්න වෙනවා අපි සාදු කාර දෙන්නෙ කාටද කියලා, මොන වෙලාවකදි කියලා. කාටද කියලා බැලූවාම පෙනෙනවා බුදුපියාණන් වහන්සේගෙන් පටන් ගෙන සුපටිපන්න ආදි ගුණ ඇති සංඝයා වහන්සේට සහ උන්වහන්සේලා වෙනුවෙන් කරන පූජෝපහාර වලදි තමයි අපි සාදු කාර දෙන්නෙ. එතකොට හොඳින්ම පෙනෙනවා අපි මේ සාදුකාර දෙන්න ගුණවත් උතුමන්ට හෝ උන්වහන්සේලා උදෙසා කරන පුජෝපහාර අනුමෝදන් වීමටයි කියලා. කෙටියෙන් කියනවා නම් ගුණයක් මුල් කරගෙන කරන ඉතාමත් වටිනා කාර්‍යයකට කියලා.

ඉතින් අපි සාදු කාර තුනක් දෙන්නෙ ඇයි ? සහ දිගට ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියන්නෙ ඇයි ?

කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු
සාධු සබ්බත්ත සංවරෝ

පලමු සාදුකාරය කුමක් සඳහාද….”කායේන සංවරෝ සාධූ” . කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. ඒවාගේම “මනසා සංවරෝ සාධූ” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.”සාධු සබ්බත්ත සංවරෝ” අන්න අර හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ ශාසන මාර්ගයට බහින කොටම. කුමක්ද කයින් සංවර වෙනවා කියන්නේ. මොනවද කයින් කෙරෙන දුසිරිත්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යචාරය කියන මේ කාරණා තුනකින් පෙන්වා දි තිබෙනවා. මෙන්න මේවායින් වැලකිලා ඉන්නව නම් කයින් සංවර භාවයට පත් වුනා. අන්න පළමු සාදුකාරය දෙන කොට මේ ගුණය මතක් වෙන්න ඕන. තමන් ලඟත් මේ ගුණය තියෙනව නම් තමා කෙරෙහිද සාදු කාරයක් දීගන්න පුළුවන් ඒවගේම බාහිරෙන් මේ ගුණය පෙනෙන්න තියෙන භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදේසා සාදුකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට , ගුණ සංකේතවත් කිරීමට ප්‍රතිමා වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, එබඳු වන්නා වූ ප්‍රණ ඝාතයන් නොකෙරන ප්‍රදේශයක්, සොරකමක්, කාමමිත්‍යචාරය නොකරන ප්‍රදේශයකට ගිහාම සාධු ගුණය තියෙන ප්‍රදේශයක් කියන ගුණය මතක් වුනාම සාදු කාරය හිතට එන්න ඕනෙ. මෙන්න මේක තමයි පෙර කාලයේ සාදුකාරයක් නැගෙන්න හේතුව.

දෙවෙනි සාදු කාරය අරගෙන බලමු, ”සාධු වාචාය සංවරෝ”. වචනයෙන් සංවර වීම සාධු ගුණයක්. කොහොමද ඒ ගුණය ඇති කර ගන්නෙ, මුසාවාදයෙන් වෙන් වුනාම, පිසුනාවාචාවෙන් වෙන් වුනා නම්, පරුෂාවාචාවෙන් වෙන් වුනා නම්, සම්ප්‍රපලාපයෙන් වෙන් වුනා නම්, අන්න වචනයෙන් සංවරයි, වචනය සුචරිතයි, ඒ ගුණය යම් තැනක දැක්කා නම් දෙවෙනි සාදුකාරය මතක් වෙනවා. දෙවෙනි සාධුකාරය දෙන්න සුදුසු තැනක් දකින්න ලැබෙනවා.

තුන්වෙනි සාධුකාරය මොකක්ද “මනසා සංවරෝ සාධූ”. මනසින් සංවර වීම සාධු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිතය්‍යාදෘෂ්ඨි කියන මනසින් සිද්ධ වෙන පාප තුනක් තියෙනවා. අසංවරතාවන්, දුෂ්චරිතතාවයන් තුනක්. මෙන්න මේ කියන තුන දැන ගෙන ඇලිමෙන් , ගැටීමෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වුනු කෙනෙක්ගෙ චිත්ත පාරිශුද්ධිය නැගිලා හිතේ සංවරත්වය හට ගන්නවා. අන්න මනසින් සංවරත්වය හට ගත්තහම ඒක සාධු ගුණයක්.

එහෙනම් තමා තුල හෝ අන් අයෙක් තුල හෝ, ඊට ගැලපෙන ප්‍රදේශයක් දැකලා එවැනි ගුණයක් දැක්කා නම් මෙන්න මෙතනදි තුන් වන සාධුකාරය මතුවෙනවා. කයෙන් , වචනයෙන්, මනසින් යන තුනෙන්ම සංවර තැනක් දැක්කාම “සාධු සබ්බත්ත සංවරෝ” කියල සියලු ආකාරයෙන් සංවරත්වය නිසා සාදු කියනව කියල හතරවෙනි සාදු කාරය දුන්නා. ඉතින් මේ සාදු කාර හතර දුන්නේ ඔය කියන්නා වූ ගුණ තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන් වුනා වූ සුචරිතය තේරුම් අරගෙන, අන්න ඒ සුචරිතගාමී ගුණය මේකයි කියල දැක්කා නම් මෙන්න මේ දැකීම ඔප්නංවන්න තමයි අපි මේ සාදු කාර තුනක් දුන්නේ. හතරවෙනි සාධුකාරයක් දීල සියලු ආකාරයෙන් සංවරයි කියල චිත්තප්‍රසාදයක් ඇති කරගත්තා.

එහෙනම් යථාර්තවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා, පැහැදීමක් ඇති වෙන්න නම් ගුණ දැක පැහැදෙන්න ඕනෙ. එහෙනම් අපි බුදුගුණ දකින්නේ, ඉස්සෙල්ලාම මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වීම සුචරිතයක් කියල තේරුම් අරගෙන. එහෙනම් සාධු කියල විතරක් මදි. සාධු ගුණයට පත් වෙන්න ඕනෙ.

එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා, ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම.

උපුටාගැනීම : blog.hiddendhamma.net
Reply With Quote
(#4)
Old
hukp1 hukp1 is offline
Senior Member
hukp1 will become famous soon enough
 
Posts: 377
Join Date: Apr 2009
Location: Kalutara
05-24-2011, 06:20 PM

ඒක ඇත්ත. මේ තමයි බුදු බණේ උගන්වන සාධු කාරය. නිවන් දකින්න සාධුකාරයත් හුඟක් වටිනවා
Reply With Quote
(#5)
Old
Al Baik's Avatar
Al Baik Al Baik is offline
Senior Member
Al Baik is infamous around these partsAl Baik is infamous around these partsAl Baik is infamous around these partsAl Baik is infamous around these parts
 
Posts: 2,599
Join Date: Jan 2011
05-24-2011, 06:37 PM

ඒ කියන්නේ සාධූ කියල කියන්නේ ආමීන්/ ආමේන් (එසේම වේවා..!!) කියල කියන එකටනේ? (මට තේරුනු විදියට එහෙම වෙන්න ඇති. )
Reply With Quote
(#6)
Old
sinhalamark's Avatar
sinhalamark sinhalamark is offline
Senior Member
sinhalamark is on a distinguished road
 
Posts: 330
Join Date: May 2011
05-24-2011, 07:55 PM

හුඟක් වටිනා ලිපියක්. රෙප් කීයක් දෙන්නද කියල හිතාගන්න බෑ.
ඒක නිසා හිතට එන ගාණක් දෙනව
Rep 10000000000+
Reply With Quote
(#7)
Old
Bender's Avatar
Bender Bender is offline
Senior Member
Bender is a jewel in the roughBender is a jewel in the roughBender is a jewel in the roughBender is a jewel in the roughBender is a jewel in the roughBender is a jewel in the roughBender is a jewel in the rough
 
Posts: 4,095
Join Date: Aug 2009
Location: Robot Arms Apartments
05-24-2011, 07:58 PM

වටිනාකම කියලා නිමකරන්න බෑ යාලුවා බොහොම ස්තූතියි
රෙප් ++
Reply With Quote
(#8)
Old
hukp1 hukp1 is offline
Senior Member
hukp1 will become famous soon enough
 
Posts: 377
Join Date: Apr 2009
Location: Kalutara
05-24-2011, 09:08 PM

Quote:
Originally Posted by Al Baik View Post
ඒ කියන්නේ සාධූ කියල කියන්නේ ආමීන්/ ආමේන් (එසේම වේවා..!!) කියල කියන එකටනේ? (මට තේරුනු විදියට එහෙම වෙන්න ඇති. )
වරදක් නෑ.හ්ම් හ්ම්
Reply With Quote
(#9)
Old
Dubmood's Avatar
Dubmood Dubmood is offline
Senior Member
Dubmood will become famous soon enoughDubmood will become famous soon enough
 
Posts: 991
Join Date: May 2011
Location: Old School
05-25-2011, 01:58 AM

Quote:
Originally Posted by UniMatrixZero View Post
ධ්‍යාන වලට සම වැදෙන්න කැලෑවල ...................................... ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම.

උපුටාගැනීම : blog.hiddendhamma.net
මචන් සිංහල බැරිද උබට. හේතුවක් කියලා තියෙන්නේ
ඒ කියන්නේ තව හේතු ඕන තරම් තියෙන්න පුලුවන් කියන එකයි



Quote:
Originally Posted by hukp1
බුදුහාමුදුරුවො හරි වේගයෙන් ධ්‍යානයන්ට සම වැදුනා.

බුදුහාමුදුරුවො පිදුම් ලබන්න සුදුසු වීමේ තවත් හේතුවක් තමයි උන්වහන්‍සේ නිරන්තරයෙන්ම ධ්‍යානයන්ට සම වැදිලා සිටීම.

Last edited by Dubmood; 05-25-2011 at 02:00 AM.
Reply With Quote
(#10)
Old
UniMatrixZero's Avatar
UniMatrixZero UniMatrixZero is offline
Senior Member
UniMatrixZero will become famous soon enough
 
Posts: 233
Join Date: Oct 2008
Location: Kottawa
05-25-2011, 08:41 AM

Quote:
Originally Posted by Dubmood View Post
මචන් සිංහල බැරිද උබට. හේතුවක් කියලා තියෙන්නේ
ඒ කියන්නේ තව හේතු ඕන තරම් තියෙන්න පුලුවන් කියන එකයි


අච්චර මහන්සි වෙලා ලියපු ඒවායෙන් ඔය ටිකද ගත්තේ ???


උන්වහන්සේගේ අප්‍රමාණ ගුණ කඳ දකින්න පුරුදුවෙන්න... ඇයි උන්වහන්සේට බුද්ධ කිව්වේ.. ඇයි උන්වහන්සේගේ ධර්මය මෙච්චර වටින්නේ.. ඇයි ඒ ධර්මය මාර්ගයේ යන ශ්‍රාවක සංඟයා වහන්සේ වටින්නේ කියලා හිතල බලන්න... නිකන්ම සාධු කාර නැගෙයි...
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.18530 seconds with 6 queries