ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සමයංලන්තවාසීන් 2600 ‍සමරය්
Reply
 
Thread Tools
(#1)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
සමයංලන්තවාසීන් 2600 ‍සමරය් - 05-27-2011, 02:45 AM

සමයංලන්තවාසීන් කියන්නෙ දනට පිනට බොහොම කැමති සෙට් එකක් නෙ. ඉතින් මේගොල්ලො 2600 එනකන් පුල පුලා බලාටිගෙන හිටියෙ. එක්සත් මැරයොන්ගෙ සංගමය 2600 ට පත තොරන් රාජයෙක් ගහන්න සියල්ල සූදානම් කරලය් තිබ්බෙ. අවශ්‍යය මුදල් ටික එහෙම ඉතින් අහල පහල මිනිස්සුන්ට වද දීල ඉල්ල ගත්ත ඒව වුනාට මොකෝ, පින් අතේ වැඩක් නෙ. කසිප්පු සෝමෙත් දන්සලේ වැඩ කටයුතු ටික පටන් ගත්ත. මීඩියා අය්යල ටිකත් හෝ හෝ ගාල 2600 ප්‍රමෝට් කරනව, ඇය් අප්පේ ඉතින් ජනතාවට ආදරේ කට්ටියනෙ, කාලෙට ගැලපෙන, ජනතාව ඉල්ලන දේ දෙන්න එපැය්, සල්ලි තන්හාවට නෙමෙය් ඕන්.සමයංලන්ත වැසියොත් ඉතින් එදාට පින් අතේ වැඩ ටිකක් කොරන්න සූදානම් වෙලා හිටියෙ.

කොහොමෙන් කොහොම හරි 2600 ත් ආවෙ නැතෑ. ඔන්න ඉතින් හා හා පුරා කියල හතර දිග් බාගෙ ආන්ටිලය්, ආච්චිලය් සිල් ගන්න ලෑස්ති වෙලා.ඔන්න. සීලවතිත් උදේ පාන්දරම නැගිටල ඔන්න සිල් ඇඳුමත් ඇඳගෙන සිල් ගන්න යන්න ලෑස්තිවෙලා.අල්ලපු ගෙදර පද්මාවතී එක්ක සෙට් වෙලා සිල් ගන්න යන්නය් හිටිය්. "කෝ මේ ගෑනි තාම නෑනෙ". කම්මැලි කම යන්නත් එක්ක සීලවතී TV එක දැම්ම." බන ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රහය, සුමිහිරි චිකන් බුරියානි". මෙන්න බොලේ, වෙනදට උඩ පැනගෙන කෑගහන නිවේදන කොලුවගෙ අද තියෙන සංවරකම. ඒ එක්කම පද්මාවතී ඇවිල්ල දොරට තට්ටු කලා.දෙන්නම ඔන්න දැන් සිල් ගන්න යනව.

සීලවතිය්, පද්මාවතිය් පාර දිගේ බොහොම තැන්පත් ලීලාවෙන් යනව. ඉස්සරහටම හම්බුනේ කිලිටු පෙරාගත්ත හිඟන මනුස්සයෙක්."තූ තූ තූ, තූ නොදකින් කාලකන්නිය දැන් ඉතින් දවසම ඉවරය්, අනෙ අම්මප මුන්ට උදේටවත් මුලිච්චි නොවී ඉන්න බෑනෙ". සීලවතී කිව්ව. ඔහොම තව ටික දුරක් යන කොට එනව කැහුටු ගැහිච්ච බල්ලෙක්. පද්මාවතී ගත්ත තඩි ගඩොල් ගෙඩියක්,කෙලල ඇරිය නේද බල්ලට. බල්ල කෑගහගෙන දිව්ව. සමයංලන්තෙ බල්ලන්ට කොහොමත් හරි අපල.කොහෙන් ගලක් කඩා පාත් වෙය්ද දන්නෙ නැහැ. ඒ තරම් මෛත්‍රියෙන් පිරිච්ච මිනිස්සු ඉන්නෙ. "ඕකුන්ගෙ වැඩේ හැම තැනම ජරා කරන එක,මල කරදරේ". " අනේද බන් කියන්නෙ, මේ ඒක නෙමේ මොකක්ද බන් අර උඹ මට කියන්නන් කිව්ව දේ, අර අපේ ගෙදරට ටිකක් එහායින් ඉන්න ගෑනි අර කාත් එක්කද යාලුය් කියන එක" ඔන්න ඉතින් දවසේ ඕපදූප මල්ල විවෘත උනා.

කොහොමෙන් කොහොම හරි දෙන්නම සිල් ගන්න තැනටත් ආව. පැය ගනනක් ඔහොමම ගත උනා, සමහරක් උන්දල වැටිච්ච තැන්වලම කටවල් ඇරගෙන බුදි. පද්මාවතියි සීලවතියි තාම චැට් එක. ඒ අස්සෙ ඔන්න බන ඇහෙනව" පින්වතුනි, අපේ ශ්‍රාස්තෲවරයානන් වහන්සේ අපිට උගන්නල තියෙන්නෙ සියල්ලන්ටම මෛත්‍රී කරන්න කියල, ජාති බේද ආගම් බේද නොසලකා හැමෝටම මෛත්‍රී කරන්න කියල, තමන්ගෙ හතුරෙක් ගැන උනත්, තමන් ට මොන තරම් විපත් කලත් අපි වෛර සිත් ඇති කරගන්න හොන්ද නැහැ, මොකද වෛර සිතුවිලි වලින් හානිය ඇති වෙන්නෙ අපිටමය්. ඉතින් අපිට මේ ලැබිල තියෙන දුර්ලභ අවස්ථාවෙදි අපි අපේ ච්න්තනය වෙනස් කර ගන්න ඕනෙ" තාම ඩබල චැට් එක " ඈ බං අර අරූ මැරිල අදට අවුරුදු ගානක් වෙනව නේද, අනෙ අම්මප ඕකව මතක් වෙන කොට මගේ ඇඟේ මාලු නටනව. ඕකගෙ පව්ලම හැඳි ගෑවිල ගියේ ඉතින් ඔය කරපු වැඩ වලට තමය්.ඕක ඔයිට අන්ත විදියකට මැරෙන්න තිබ්බෙ. අද ගෙදර ගිහින් හොන්ඳ කිරිබතක් හදල මේක සමරන්න ඕනෙ".
Reply With Quote
(#2)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
05-27-2011, 02:46 AM

ඔහොම ඉතින් ටිකෙන් ටික රෑ බෝ උනා.සමයංලන්ත වාසීනුත් දත කට මැදගෙන පාරවල් වලට බැස්ස බලුප් බලන්න. රටට හෙන ගැහුවත් ඇවිද ඇවිද මොනා හරි බලන්න තියෙනවනම් ඒ තරම් දෙයක් නෑ සමයංලන්තෙ උදවියට. මේ අතරෙ කසිප්පු සෝමෙගෙ දන්සලත් නැගල යනව. "වාර්ශික මහා ෆ්‍රයිඩ් රය්ස් දන්සැල". සූ ගාල පෝලිම, ඔක්කොම ඉන්නෙ ජැන්ඩියට ඇදගත් උදවිය. ඉස්සරහ ප්‍රාඩො දෙක තුනකුත් ගහල තිබ්බ.පසුබිමින් "මේ රටේ මිනිස්සු ..තනිකර කෙලින්නෙ පිස්සු" සින්දුව ඇහෙනව. "ආ එන්න නෝන, මහත්තය ඉඳගන්න." ආවෙ වාහනෙන්නෙ, කසිප්පු සෝමෙත් ඉතින් දෙකට තුනට නැවිල ආචාරෙ.ඔන්න දැන් කට්ටිය හෝ ගාල බුදිනව " ශික් විතරක්, ස්ටයිල් එකට දන්සලකින් කන්න ආවට මොකෝ මෙලෝ රහක් නැහැ, යන ගමන් fkc එකෙන් හොන්ද චිකන් පාරක් දාල යන්න ඕනෙ". වාහනෙන් ආපු නෝන හිතුව. මේ අතරෙ අර පෝලිමත් එක්කම ආව පොඩි ලමයෙක්ව වඩා ගත්ත හිඟන ගෑනු කෙනෙක්, ලමයය් අම්මය් දෙන්නම කිලිටු පෙරා ගෙන, පෙනුමෙන්නම් හරියට බඩට යමක් වැටෙන පාටක් නැහැ. නිකන් කන්න හම්බෙනවද ලේසියෙන්, ඉතින් ලමයව වඩාගත්තු අම්ම කන්න හිතා ගෙන දන්සල ඇතුලට ගියා. "ewwww ඩැඩා අර බලන්නකො චීයා, මටනම් බැහැ මෙතන ඉන්න". ප්‍රාඩො එකෙන් ආපු මහත්තය කෙලින්ම ගිහින් කොම්ප්ලේන් කලා සෝමෙට. "දුවපිය හිඟන ගෑනි, තෝ මෙතන මොකක් කියලද යකෝ හිතන් ඉන්නෙ, වැදගත් මහත්තයෙක්ටවත් ඉන්න නැහැ තොපි වඟේ හිඟන හැත්ත නිසා,පලයන් යන්න". පින්වත් සෝමෙ සුපුරුදු වාග් විලාසෙන් කිව්ව. අනේ ඉතින් අර අම්මත් මොනවදෝ කියව කියව ලමයවත් වඩාගෙන දන්සලෙන් පිටවෙලා ගියා. මේ අස්සෙ සෝමෙ කොලුවෙක් එකතු කරගෙන ගනන් බලනව. "ඔක්කොම ආධාර එකතු උනා ලස්සයක්, වැඩේට ගියේ හැත්තපහය්. ආ බන් මෙදා සැරේ ලාබයක් තියෙනව නෙ, හිකි හිකි හිකි"

මේ අතරෙ තොරන්, කූඩු ව්‍යාපාරෙත් හෝ ගාල නැගල යනව. මෝටර් ටිකකුය් සව් කොල ටිකකුය් තියෙනවනම් ඕන කසි කබලකට "මහා කූඩු රාජය" කියල ගහල හොන්දට හම්බ කර ගත හැකියි. මීඩියා අය්යටලට පින්සිද්ද වෙන්න පාරෙ හෝ ගාල සෙනග, වෙලෙන්දොන්ටත් මාර ආතල්.එක්සත් මැර සංගමේ තොරනත් නැගල යනව, මිනිස්සු පොදි පිටින් වට වෙලා බලන් ඉන්නව, කතාව දිහා නෙමෙය් බලුප් දිහා.ඔන්න ඉතින් මේ අස්සෙ ගෑනු කෙනෙක් තොරනට පොඩි ආධාරයක් කරල අසනීපෙන් ඉන්න අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න යනව. "රුපියල් දහයෙ පැකේජ් එකට අපි අනවුස්මන්ට් දෙන්නෙ නැහැ". විරිදු අය්ය කිව්ව. අර අම්මත් ඉතින් රුපියල් දහය දීල ගියා යන්න. මේ අතරෙ ඔතනට කඩාපාත් උනා කුඩුරාජ්. කෙලින්ම විරිදු අය්යට දුන්න මොනරෙක්. "ඔ ඔ ඔ ඔ ඔ ඔව්.. මේ අවස්ථාවේදී අපේ කුඩුරාජ් මහතා විසින් රුපියල් ද ද ද දාහක ආධාරයක් කලා, තමන්ටම දීර්ගායුශ පතාගෙන, එතුමා මගේ ආයුශත් අරගෙන තවත් අවුරුදු සියයක් ජීවත් වේවා". මොනර දැකල ඇති උනු ආතල් එකට විරිදු මල්ලි කියවගෙන කියවගෙන ගියා.

සමයංලන්තෙ බෝක්කු උඩය් පාලම් උඩය් රස්තියාදු ගගහ කෙල්ලොන්ට විහිලු කර කර ඉන්න ඉන්න අසහන සංගමේ පින්වත් නෝ ජොබ් අය්යලාට මේ දවස්වල හරි ආතල්. ඇය් අප්පෙ ඉතින් පාරෙ සූ ගාල කෙල්ලොනෙ. එහෙ බැලුවත් කෙල්ලො, මෙහෙ බැලුවත් කෙල්ලො. ඉතින් අසහන සංගමේ පොරවලුත් යනව ගැංසි පිටින් මගතොට සිරි බලන්න. මේ අතරෙ පාරෙ tv එකක සංස්කෘතිය ඉහට ගහපු මහාචාරී කෙනෙක්ගෙ දේශනයක් යනව. "කාන්තාවට අපි ඉතාමත් ගරු කරන්න ඕනෙ. මේ සමාජයේ හැම කාන්තාවක්ම තමන්ගෙ සහෝදරියෙක් කියල හිතන්න, ඔවුන්ට ගරු කරන්න." පාරෙ මිනිස්සු තෙරපි තෙරපි යනව. අසහන සංගමේ කොල්ලො ටිකත් අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගන්න පැන්න සෙනග ගොඩට. එකෙක් අතේ වතුර තුවක්කුවක් තියාගෙන කෙල්ලොන්ට විදිනව. මේ අතරෙ මහාචාරියගෙ දේශනේ "නමුත් කාන්තාවටත් තමන්ගෙ ගෞරවේ තියාගන්න වගකීමක් තියෙනව. බලන්න අදකාලෙ අපේ තරුන දියනි වරු අඳින ඇඳුම් වල හැටි, ඇඟෙන් බාගයක් එලියෙ, ඕව තනිකර බටහිර සංකර පුරුදු, ඉතින් ඕව දැක්කම අපේ අහිංසක තරුනයන්ගෙ සිහි විකල් වෙනව. අපි අපේ කම රැකගන්න ඕනෙ, අපි පුලුවන් තරන් වහගෙනය් ඉන්න ඕනෙ". ඔය අතරේ එකපාරටම සෙනග ගොඩ මැද්දෙන් තරුනියෙක් කෑගහන සද්දෙ ඇහුන "අනේ අම්මෙ බලන්නකො මේ මූ මට ඉන්න දෙන්නෙ නැහැ". හුටා, අසහන ගැංසියෙ එකෙක් කෙල්ලෙක්ට ජැකක් ගහල මාට්ටු, ඒකත් බිම අතුගාන්න පුලුවන් තරම් දිග සායක් ඇඳගත්තු කෙල්ලෙක්ට. එකපාරටම කරාටි ඇක්ශන් එකක් දාල ඉස්සරහට පැන්න කෙල්ලගෙ අම්ම අර පොරට කුඩේකින් අම්බානට නෙලන්න පටන් ගත්ත.කුඩ පාරට බය වෙලා අහල පහල උනුත් දුවනව, එකපාරටම එකෙක් ඇවිල්ල හැප්පුනේ නැතය් මගේ ඇඟේ. "දඩස්!!!" මෙන්න බොලේ මම ඇඳෙන් වැටිල. අපරාදෙ මරු හීනෙ. "හොඳ වෙලාවට අපේ ලංකාව සමයංලන්තය වගේ නොවුනෙ නේද. අපේ රටේ ඉන්නෙ නියම පින්වත් මිනිස්සුනෙ. ලෝකේ උතුම් රට ලංකාවය්...සිරි ලාංකාවය්" ගීතය මුමුනමින් මම කාමරෙන් පිට උනා.

-DF-

Last edited by Destiny Found; 05-27-2011 at 02:50 AM.
Reply With Quote
(#3)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
05-27-2011, 02:57 AM

අනේ ඩෙස්ටිනියෝ මම නම් ඔයාගේ මේ නපුන්සක ත්‍රෙඩ් කියවන්නේ නැහැ මොකද ඔයාගේ යටි අරමුණ දන්න නිසා තමුසෙලා වගේ උන් මේ මිනිස්සුන්ගේ ලේ පිච්චෙන ත්‍රෙඩ් දාන්නේ මොකටද කියලා තේරෙනවා ඔහේට මේවට උත්තර දෙන එකෙන් වෙන්නේ ඔහේගේ ගොබ්බ විකාර අදහස් කියවන්න මිනිස්සුන්ගේ වෙලාව වැය වෙන එක ඒ නිසා මෙතනින්ම වැඩේ අකුලගන්න වේවි හැබැයි ඉතින් තමුසෙට හෙට දවල්ට ඇවිත් බම්ප් පාරක් දාලා ආතල් එකක් ගන්න පුළුවන්වෙයි හැගීම් ඇවිස්සුනු මිනිස්සු කුණුහරුපෙන් බැණලා පවු පුරෝගන්න හැටි බලලා හැබැයි දුර හිතන එකෙක් නම් මේක තවත් බම්ප් වෙන්න රිප්ලයි නොකර ඉන්නවා ෂුවර් නොදන්න අයටයි මේ කියන්නේ මෙයා බෞද්ධයන්ගේ ඔළුවලට විකෘති අදහස් යන්න ත්‍රෙඩ් දාන මිනිහෙක් හැබැයි ඉස්ලාම් ධර්මයට වචනයක් කියන්නේ නෑ 2600 සම්බුද්ධ ජයන්තිය සැමරීම නිසාවෙන් ලංකාව සමයංලංතයක් කියල වෙන්න ඇති ඔහේ මේත්‍රෙඩ් එකේ කියන්නේ නැත්නම් වක්‍රව වෙනදා වගේම බුද්ධාගමට බෞද්ධයන්ට මඩ ගහනවා ඇති කොහොමත් තමුසෙලට ඕනේ බෞද්ධයන් කිසි පිබිදීමක් නැතුව ඇල්මැරුණු ගතියෙන් ඉන්න එකනේ නේද එතකොට තමුසෙලාට හිතූ විදිහට මේ රටේ මුල් බැහැගන්න පුළුවන් මොනවා වුනත් ඉස්ලාම් ධර්මයට නම් මුකුත් කියන්නේ නෑ නේ ඔයා නේද ඒක හොද දෙයක් මෙයාගේ ගොබ්බ ත්‍රෙඩ්වලට බම්ප් නොදී ඉන්න මම වගේ ගොබ්බ ත්‍රෙඩ් නොකියවම ගියානම් ජීවිතේ වටිනා විනාඩි 5ක් හරි ඉතුරුවෙයි ඉතින් මෝලෝ කිව්වත් වගේ දවල්ට බම්ප් එකක් දාලා බලන්න ඒත් ඔයාට ලැබෙන්නේ -රෙප් තොගයක් මිසක් එකම එක රිප්ලයි එකක්වත් නෙවෙයි මෙයාට -රෙප් දෙනවට අමතරව කියන්න දෙයක් තියේ නම් මෙයාගේ ප්‍රොෆයිල් එකට ගිහින් වෝල් එකේ දාන්න



*unsubscribed*


Edited:-
Quote:
Originally Posted by Destiny Found View Post
මෙතන කොහෙද අප්පේ බෞද්ධයො ගැන වචනයක්වත් තියෙන්නෙ, ඕක මම දැකපු හීනයක් නෙ. ඒ හීන ලෝකෙ හිට්පු මිනිස්සු එහෙම උනාට අපේ ලංකාවෙ අය එහෙම නැහැ කියල මම පැහැදිලිව කියල තියෙන්නෙ. ශික් හොන්දක් කිව්වමත් බනිනවනෙ අප්ප
@3.10 am
තමුසෙට දෙන රිප්ලයි එක අළුතින් ලියලා මේක බම්ප් කරන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි මනියෝ ඒක නෙවෙයි තමුසෙ ඊලග දවසේ ඉදලා කාලයක් හීනෙන් මාව දැකලා බයවෙයි මොකද තමුසෙ අමාරුවෙන් ලියාගත්තු මේ ත්‍රෙඩ් එකට වෙනදා වගේ කමෙන්ට්ස් නැති වෙච්ච එක ඊලග මැටි ත්‍රෙඩ්වලටත් වෙයිද කියලා බයේ දැන් තමුසෙට කරන්න තියෙනනේ තමුසෙගෙ අර මනී එකවුන්ට් එකෙන් හරි වෙනත් ෆේක් එකවුන්ට් එකෙන් හරි ලොග්වෙලා බම්ප් කමෙන්ට් එකක් දාලා බලන එක තමා හැබැයි ඉතින් නෝ කමෙන්ට්ස් නෝ හිට්ස් තමා ඕයි !!!

තවත් දෙයක් ටොපා අක්කයි Prothen අක්කයි කියන එක්කෙනාට වුන දේ දැක්කනේද එයාට මෙහෙ දාලා යන්න වුනේ අපි එයාගේ පරණ ත්‍රෙඩ් සේරම අධ්‍යනය කරලා තිතටම එයාගේ සැබෑ අරමුණ මොකක්ද කියන එක පෙන්වපු නිසා ඉතින් මේ ගොබ්බ ත්‍රෙඩ් එක දැමීමෙන් ඔයා අපිට ගොඩාක් ලොකූ උදව්වක් කළේ ඉස්තූතියි මනියෝ

@ 3.26 am
මේකට නම් මුකුත් නොකිය ඉන්න බෑ ඕයි

මේ බලන්න ඩෙස්ටිනියා උන්න ගමන් ඕෆ් ලයින් ගියා විනාඩියෙන් පෝස්ට් 20ක්වත් ගහපු නැති ෆේක් එකක් ඔන්ලයින් ඇවිත් උට හොද කියලා ත්‍රෙඩ් එක බම්ප් කරනවා




ඒ විතරක් යෑ ඒකමෙන්ට් එක ගහලා මූ ඕෆ්ලයින් යනවා ඒ කමෙන්ට් එක දාන්නයි මේ ත්‍රෙඩ් එක බලන්නයි තමා කැවුම් යෝධයා ඔන්ලයින් ඇවිත් තියෙන්නේ
ඉතින් සයිලන්ට් මහත්තයා සයිලන්ට් එකේම ඉන්න


උඹ මන් කලින් කිව්වා වගේම ෆේක් එකකින් ඇවිත් බම්ප් එකක් දැම්මා නේ ලැජ්ජා නැතුව උඹලෑ ජාතියේ සහ උඹලෑ ආගමේ හැටි නේ ඔය හෝව් හෝව් ඔන්න මම මොන ජාතයකට වත් ආගමකටවත් නම් කරලා මුකුත් කිව්වේ නෑ කිසිම තැනක නම් කරලා නෑ



@ 11.10 PM

Quote:
Originally Posted by කැවුම් යෝධයා View Post
ඇයි මාව කට්ටියක් මෙතන බයිට් එකට අරගෙන?
මම බෞද්දයෙක්
පන්සිල් පඩ ඔක්කොම බොක්කෙන්ම පිලිපඩිනවා.
මට බනින්න එපා කොල්ලනේ මම උඹලැයි ජාතියෙ එකෙක්.
මොහුගේ පරමාර්තය මෙයින් හොදටම පැහැදිලිවේ මෙම ත්‍රෙඩ් එකෙන් ඩෙස්ටිනි ෆවුන්ඩ් නැමැති බෞද්ධ විරෝධියා බුද්ධ ධර්මයට හා බෞද්ධයාට බරපතල අපහාසයක් කර ඇත ඒ ගැන ඔහු කියන්නේ මෙම ලිපිය තුල ඔහු බුද්ධාගමය ගැන වචනයක් වත් සදහන් කොට නැති බවය මම ඔබට දෙයක් කියා දෙන්නට කැමති මා මේ කියන්නට යන දෙය ප්‍රකාශ කළේ නඩුකාරයෙකු විසින්ය මිනීමැරුම් නඩුවක විත්ති කරුවෙකුට මරණීය දණ්ඩනය නියම කිරීමෙන් පසු ඔහු මෙය පවසන ලදී ලණුවක එක කෙන්දක් කැඩුනාට ලණුව කැඩුනා යයි පිළිගත නොහැකි යැයි ඔහු පැවසුවේ සූක්ෂම ලෙස එක එල්ලේ තමාට නැගෙන චෝදනාවලින් ගැලවීමට විත්තිකරු ඝාතනයෙන් පසු සාක්ෂි සෝදා හැර තිබුනු නිසාය
මෙයත් එවැනිම තත්ත්වයකි මෙම ලිපියේ බුද්ධාගමයට හා බෞද්ධයාගේ පිබිදීමට කර ඇති අපහාසය සුළුපටු නොවේ දැන් අපි කැවුම් යෝධයා ගේ ක්‍රියාව දෙස බලමු මොහු පන්සිල් පද යන්න වෙනුවට ලියන්නේ පන්සිල්
පඩ යනුවෙනි මේ ගැන චෝදනාවක් එල්ලවුවහොත් ගැලවීමට කරුණු ඉදිරිපත් කරණු පිණිස මොහු ඊලගට යෙදෙන පිළිපදිනවා යන වචනයේ "ද"අක්ෂරය වෙනුවට "ඩ" යන්න යොදන්නේ එය දෝශයක් ලෙස කියා ගැලවීමටය එහෙත් මොහු නාගෙන ඇත්තේ ඊට පෙර බෞද්ධයෙක් යන වචනය ලියද්දී වැරදි අක්ෂර වින්‍යාසය සහිතව දෙවතාවක්ම "ද" අක්ෂරය "මම බෞද්දයෙක්" යැයි මනාවට ලියා ඇති බැවිනි මොහුගේ අරමුණ පැහැදිලිය එහෙයින් මෙය පරිපාලනයට යොමු කිරීමට අපි පියවර ගන්නෙමු (කැවුම් යෝධයා යනු ඩෙස්ටිනි ෆවුන්ඩ්ම බව මා මීට පෙර පෙන්වා දුන් බවත් මතක් කර ගන්නැයි ඉල්ලමි) මෙවැනි සාක්ෂි සැපයීමට ඔබට ස්තූතිය සයිලන්ට් ඩෙස්ටිනි

Last edited by මාතර කිඹුලා; 05-27-2011 at 11:27 PM.
Reply With Quote
(#4)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
05-27-2011, 03:03 AM

Quote:
Originally Posted by මාතර කිඹුලා View Post
මෙයා බෞද්ධයන්ගේ ඔළුවලට විකෘති අදහස් යන්න ත්‍රෙඩ් දාන මිනිහෙක් හැබැයි ඉස්ලාම් ධර්මයට වචනයක් කියන්නේ නෑ.



*unsubscribed*
මෙතන කොහෙද අප්පේ බෞද්ධයො ගැන වචනයක්වත් තියෙන්නෙ, ඕක මම දැකපු හීනයක් නෙ. ඒ හීන ලෝකෙ හිට්පු මිනිස්සු එහෙම උනාට අපේ ලංකාවෙ අය එහෙම නැහැ කියල මම පැහැදිලිව කියල තියෙන්නෙ. ශික් හොන්දක් කිව්වමත් බනිනවනෙ අප්ප
Reply With Quote
(#5)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
05-27-2011, 03:09 AM

Quote:
Originally Posted by මාතර කිඹුලා View Post
2600 සම්බුද්ධ ජයන්තිය සැමරීම නිසාවෙන් ලංකාව සමයංලංතයක් කියල වෙන්න ඇති ඔහේ මේත්‍රෙඩ් එකේ කියන්නේ නැත්නම් වක්‍රව වෙනදා වගේම බුද්ධාගමට බෞද්ධයන්ට මඩ ගහනවා ඇති කොහොමත් තමුසෙලට ඕනේ බෞද්ධයන් කිසි පිබිදීමක් නැතුව ඇල්මැරුණු ගතියෙන් ඉන්න එකනේ නේද එතකොට තමුසෙලාට හිතූ විදිහට මේ රටේ මුල් බැහැගන්න පුළුවන්


*unsubscribed*
හෝව් හෝව් මොන සම්බුද්ධ ජයන්තියද? මම හීනෙන් දැක්කෙ 2600 විතරය්. අනිත් ඒව මම දන්නෙ නැහැ, මගේ ලිපියෙ කිසිම තැනක සම්බුද්ධ ජයන්තිය කියල වචනයක්වත් නැහැ, ඔබතුමා වලිගෙ පාගගෙන නිකන් දඟලනව
Reply With Quote
(#6)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
05-27-2011, 03:15 AM

Quote:
Originally Posted by මාතර කිඹුලා View Post

තමුසෙට දෙන රිප්ලයි එක අළුතින් ලියලා මේක බම්ප් කරන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි මනියෝ ඒක නෙවෙයි තමුසෙ ඊලග දවසේ ඉදලා කාලයක් හීනෙන් මාව දැකලා බයවෙයි මොකද තමුසෙ අමාරුවෙන් ලියාගත්තු මේ ත්‍රෙඩ් එකට වෙනදා වගේ කමෙන්ට්ස් නැති වෙච්ච එක ඊලග මැටි ත්‍රෙඩ්වලටත් වෙයිද කියලා බයේ දැන් තමුසෙට කරන්න තියෙනනේ තමුසෙගෙ අර මනී එකවුන්ට් එකෙන් හරි වෙනත් ෆේක් එකවුන්ට් එකෙන් හරි ලොග්වෙලා බම්ප් කමෙන්ට් එකක් දාලා බලන එක තමා හැබැයි ඉතින් නෝ කමෙන්ට්ස් නෝ හිට්ස් තමා ඕයි !!!
BUTTHURT
Reply With Quote
(#7)
Old
කැවුම් යෝධයා's Avatar
කැවුම් යෝධයා කැවුම් යෝධයා is offline
Junior Member
කැවුම් යෝධයා can only hope to improve
 
Posts: 23
Join Date: Dec 2010
05-27-2011, 03:26 AM

පට්ට ස්ටෝරිය කොල්ලෝ ගින්දරනේ..
Reply With Quote
(#8)
Old
Destiny Found Destiny Found is offline
Senior Member
Destiny Found is on a distinguished road
 
Posts: 729
Join Date: Feb 2011
05-27-2011, 10:05 AM

Quote:
Originally Posted by කැවුම් යෝධයා View Post
පට්ට ස්ටෝරිය කොල්ලෝ ගින්දරනේ..
Thanks
Reply With Quote
(#9)
Old
කැවුම් යෝධයා's Avatar
කැවුම් යෝධයා කැවුම් යෝධයා is offline
Junior Member
කැවුම් යෝධයා can only hope to improve
 
Posts: 23
Join Date: Dec 2010
05-27-2011, 10:29 PM

Quote:
Originally Posted by මාතර කිඹුලා View Post
අනේ ඩෙස්ටිනියෝ මම නම් ඔයාගේ මේ නපුන්සක ත්‍රෙඩ් කියවන්නේ නැහැ මොකද ඔයාගේ යටි අරමුණ දන්න නිසා තමුසෙලා වගේ උන් මේ මිනිස්සුන්ගේ ලේ පිච්චෙන ත්‍රෙඩ් දාන්නේ මොකටද කියලා තේරෙනවා ඔහේට මේවට උත්තර දෙන එකෙන් වෙන්නේ ඔහේගේ ගොබ්බ විකාර අදහස් කියවන්න මිනිස්සුන්ගේ වෙලාව වැය වෙන එක ඒ නිසා මෙතනින්ම වැඩේ අකුලගන්න වේවි හැබැයි ඉතින් තමුසෙට හෙට දවල්ට ඇවිත් බම්ප් පාරක් දාලා ආතල් එකක් ගන්න පුළුවන්වෙයි හැගීම් ඇවිස්සුනු මිනිස්සු කුණුහරුපෙන් බැණලා පවු පුරෝගන්න හැටි බලලා හැබැයි දුර හිතන එකෙක් නම් මේක තවත් බම්ප් වෙන්න රිප්ලයි නොකර ඉන්නවා ෂුවර් නොදන්න අයටයි මේ කියන්නේ මෙයා බෞද්ධයන්ගේ ඔළුවලට විකෘති අදහස් යන්න ත්‍රෙඩ් දාන මිනිහෙක් හැබැයි ඉස්ලාම් ධර්මයට වචනයක් කියන්නේ නෑ 2600 සම්බුද්ධ ජයන්තිය සැමරීම නිසාවෙන් ලංකාව සමයංලංතයක් කියල වෙන්න ඇති ඔහේ මේත්‍රෙඩ් එකේ කියන්නේ නැත්නම් වක්‍රව වෙනදා වගේම බුද්ධාගමට බෞද්ධයන්ට මඩ ගහනවා ඇති කොහොමත් තමුසෙලට ඕනේ බෞද්ධයන් කිසි පිබිදීමක් නැතුව ඇල්මැරුණු ගතියෙන් ඉන්න එකනේ නේද එතකොට තමුසෙලාට හිතූ විදිහට මේ රටේ මුල් බැහැගන්න පුළුවන් මොනවා වුනත් ඉස්ලාම් ධර්මයට නම් මුකුත් කියන්නේ නෑ නේ ඔයා නේද ඒක හොද දෙයක් මෙයාගේ ගොබ්බ ත්‍රෙඩ්වලට බම්ප් නොදී ඉන්න මම වගේ ගොබ්බ ත්‍රෙඩ් නොකියවම ගියානම් ජීවිතේ වටිනා විනාඩි 5ක් හරි ඉතුරුවෙයි ඉතින් මෝලෝ කිව්වත් වගේ දවල්ට බම්ප් එකක් දාලා බලන්න ඒත් ඔයාට ලැබෙන්නේ -රෙප් තොගයක් මිසක් එකම එක රිප්ලයි එකක්වත් නෙවෙයි මෙයාට -රෙප් දෙනවට අමතරව කියන්න දෙයක් තියේ නම් මෙයාගේ ප්‍රොෆයිල් එකට ගිහින් වෝල් එකේ දාන්න



*unsubscribed*


Edited:-


@3.10 am
තමුසෙට දෙන රිප්ලයි එක අළුතින් ලියලා මේක බම්ප් කරන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි මනියෝ ඒක නෙවෙයි තමුසෙ ඊලග දවසේ ඉදලා කාලයක් හීනෙන් මාව දැකලා බයවෙයි මොකද තමුසෙ අමාරුවෙන් ලියාගත්තු මේ ත්‍රෙඩ් එකට වෙනදා වගේ කමෙන්ට්ස් නැති වෙච්ච එක ඊලග මැටි ත්‍රෙඩ්වලටත් වෙයිද කියලා බයේ දැන් තමුසෙට කරන්න තියෙනනේ තමුසෙගෙ අර මනී එකවුන්ට් එකෙන් හරි වෙනත් ෆේක් එකවුන්ට් එකෙන් හරි ලොග්වෙලා බම්ප් කමෙන්ට් එකක් දාලා බලන එක තමා හැබැයි ඉතින් නෝ කමෙන්ට්ස් නෝ හිට්ස් තමා ඕයි !!!

තවත් දෙයක් ටොපා අක්කයි Prothen අක්කයි කියන එක්කෙනාට වුන දේ දැක්කනේද එයාට මෙහෙ දාලා යන්න වුනේ අපි එයාගේ පරණ ත්‍රෙඩ් සේරම අධ්‍යනය කරලා තිතටම එයාගේ සැබෑ අරමුණ මොකක්ද කියන එක පෙන්වපු නිසා ඉතින් මේ ගොබ්බ ත්‍රෙඩ් එක දැමීමෙන් ඔයා අපිට ගොඩාක් ලොකූ උදව්වක් කළේ ඉස්තූතියි මනියෝ

@ 3.26 am
මේකට නම් මුකුත් නොකිය ඉන්න බෑ ඕයි

මේ බලන්න ඩෙස්ටිනියා උන්න ගමන් ඕෆ් ලයින් ගියා විනාඩියෙන් පෝස්ට් 20ක්වත් ගහපු නැති ෆේක් එකක් ඔන්ලයින් ඇවිත් උට හොද කියලා ත්‍රෙඩ් එක බම්ප් කරනවා




ඒ විතරක් යෑ ඒකමෙන්ට් එක ගහලා මූ ඕෆ්ලයින් යනවා ඒ කමෙන්ට් එක දාන්නයි මේ ත්‍රෙඩ් එක බලන්නයි තමා කැවුම් යෝධයා ඔන්ලයින් ඇවිත් තියෙන්නේ
මන් මේ කමෙන්ට් එක අන්තිමට එඩිට් කරලා තියෙන වෙලාව බලලා ඇත්ත නැත්ත තහවුරු කරගන්න පුළුවන් ඉතින් සයිලන්ට් මහත්තයා සයිලන්ට් එකේම ඉන්න


උඹ මන් කලින් කිව්වා වගේම ෆේක් එකකින් ඇවිත් බම්ප් එකක් දැම්මා නේ ලැජ්ජා නැතුව උඹලෑ ජාතියේ සහ උඹලෑ ආගමේ හැටි නේ ඔය හෝව් හෝව් ඔන්න මම මොන ජාතයකට වත් ආගමකටවත් නම් කරලා මුකුත් කිව්වේ නෑ කිසිම තැනක නම් කරලා නෑ
ඇයි මාව කට්ටියක් මෙතන බයිට් එකට අරගෙන?
මම බෞද්දයෙක් පන්සිල් පඩ ඔක්කොම බොක්කෙන්ම පිලිපඩිනවා.
මට බනින්න එපා කොල්ලනේ මම උඹලැයි ජාතියෙ එකෙක්.
Reply With Quote
(#10)
Old
Goodsender Goodsender is offline
Banned
Goodsender will become famous soon enoughGoodsender will become famous soon enough
 
Posts: 143
Join Date: Jun 2010
05-27-2011, 10:41 PM

http://www.elakiri.com/forum/showthread.php?t=1135778

Comment එකකුත් දාලම යන්න...
Reply With Quote
Reply

Bookmarks

Tags
destiny found ass licker, don't reply for bullshits, don't reply to sob, pain is understandable, ponna fake navod, what a shame df

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06492 seconds with 8 queries