Chapter 1 | Chapter 2 | Chapter 3 | Chapter 4
වෙච්චි හැම දෙයක්ම මට තවමත් හීනයක් වගේ. මම හිතුවෙ නෑ නදීලගෙ අම්මලා මේ තරම් අහිංසක ඇති කියලා. නදී එයාල ගැන කිව්ව දේවල් වුනත් ඒ තරම් සැහැල්ලුවෙන් කිව්වට මම හිතුවෙ ඇත්තටම නදීලගෙ අම්මලා ගොඩක් සැර ඇති කියලා. ඇත්තටම හරිම පුදුමයි මට. නදීලගෙ ගෙදරදි නදීලගෙ අම්මලාට වැන්ද හැටි, එයාලට කතා කරපු හැටි, එයාලා කිව්ව දේවල්, නදී එක්ක කරපු දඟ වැඩ, නදීව එයාගෙම කාමරේදි එයාගෙම ඇඳට වෙලා එයාව සිපගත්ත හැටි, ඒ හැම එකක්ම මගෙ දෑස් ඉදිරිපිට මැවෙන්න ගත්තා. මම නිදහසේ හැම දෙයක්ම ආයිත් ආයිත් මතක් කරන්න ගත්තා. ඔයාගෙ මතකයන් ඔක්කොම රස කර කර විඳින්න පුළුවන් නදී හරිම ආසාවෙන්. ඒකනෙ මං මේ තරම්ම හීන බලන්න ආස. ඔයාගෙ ලස්සන ඇස් දෙකේ පටන් ඔයාගෙයි කියලා තියෙන හැම වස්තුවක්ම මට මහ ගොඩක් සුන්දරයි නදී.
අද දවල්ට හරිහැටි කෑමක් නැති හින්දාදෝ මන්දා ඇඟට වෙනදා තරම් හයියක් නෑ. ඒත් ඇඟේ අමාරුව මම දෙවැනි තැනට දාලා මගෙ ගමන දිගටම එන්න ආවා. නිට්ටඹුව කිට්ටු වෙනකොට මගෙ ඇඟට කලින් දැනුනට වැඩිය ටිකක් අමාරු බව තේරුණා. ඒත් මං අද ගෙදර යන්න ඕනෙ ගොඩක් රෑ වෙන්න කලින්. අම්මා මඟ බලාගෙන ඇති මං එනකම්. මට සමා වෙන්න අම්මෙ අද කලින් ගෙදර එන්න බැරි වුනාට. අර පිස්සු දඟමල්ල, අම්මගෙ ලේලි පොඩ්ඩ වෙන්න ඉන්න පුංචි කෙල්ල මට එන්න දුන්නෙ නෑනෙ කලින්. ඒකයි මං මේ තරම් අද පරක්කු වුනේ අම්මෙ. නැත්නම් මීට ගොඩාක් කලින් එන්න හිතාගෙන මං අද මේ ගමන ගියේ. කොහෙද ඉතින්. මේ කෙල්ලට මාව ගෙදර එක්කං යන්නත් ඕනෙ වුනානෙ. ඇත්තටම වෙන කවදාකවත් මම මේ තරම් පරක්කු වෙලා නැතුව ඇති කොහෙට ගිය ගමනක් වුනත්. ඈත එන බස්, කාර් වල එළිය මගෙ ඇස් දෙකට කෙලින්ම වදිනවා. පාර හොයා ගන්නත් හරිම අමාරුයි.
මගෙ ඇස් දෙක නිලංකාර වෙනවා මට යාන්තමට දැනෙනවා. වැඩිය ගනන් ගන්න දෙයක් නෑ. මට ඔහොම දේවල් අරුමයක් නෙමෙයිනෙ. මං මගෙම හිත රවට්ටන්න පටන් ගත්තා. වෙන කරන්න දෙයක් නැතිකමට. අම්මා සඳරුවන්ලගෙ ගෙදරට කතා කරාවිද මන්දා. එහෙම වුනොත් එහෙම නම් මට ගෙදර ගිහින් කියන්න අමුතුවෙන් බොරුවක් හදන්න වෙයි. යාළුවගෙ ගෙදර යනවයි කිව්වට සඳරුවන්ලගෙ ගෙදර දොරකඩට වත් ගොඩ නොවුන එකේ අම්මා මං ගැන මොනවා හිතාවිද. මං ගැන ඇහුවම සඳරුවන්ලගෙ අම්මා මොනවා කියාවිද. මට බයික් එක අරගෙන යන්නම බෑ. කවදාවත්ම නැති තරම් මගෙ මුළු ඇඟම පණ නැති වෙන්න එනවා. මම පුළුවන් හයියෙන් බයික් එකේ බ්‍රේක් තද කලා. ඒත්... මට කලින්, මම තිරිංග තද කරන්න කලින්.......
"බ්රාස්....."
"ම්ම්හ්..නදී...මට සමා වෙන්න නදී..."
ආයිත් අපිට මේ ආත්මෙදි කවමදාකවත් මුණ ගැහෙන්න බෑ රත්තරන්. මේ අසරණයට සමා වෙන්න නදී. මට ආයෙ එන්න වෙන්නෙ නැහැ නදී. අද තමයි ඔයාගෙ පුංචි ටෙඩියා ඔයා ගොඩාක් ආදරේ කෙරුව ඔයාගෙ අමිල අයියා පලවෙනි වතාවටත් අන්තිම වතාවටත් ඔයාව දකින්න ආවෙ. හැම සෙනසුරාදම එන්නම් කියලා මගෙ මැණිකට පොරොන්දු වුනාට මට ආයෙත් එන්න වෙන්නෙ නෑ රත්තරං. මං නැති වුනාට ඔයා වත් මං වෙනුවෙන් පරිස්සමින් ජීවත් වෙන්න නදී...
"අමිල මල්ලි..., මොකද මේ... උඹට මොකද වුනේ...?... නැඟිටපන් මල්ලි නැඟිටපන් ..."
මේ මහ රෑ මහ පාර මැද ඉඳන් කවුද මේ කතා කරන්නෙ මට. දෙවියනේ කවුද මගෙ පිහිටට ආවෙ. මාව බේර ගන්න ආයිත් කාටවත්ම එන්න බෑ. මගෙ නදීව පරිස්සමින් තියන්න කතා කරපු කෙනා කවුරු වුනත්. මට දැන් මගෙ ජීවිතෙන් කිසිම පලක් නෑ. මං වගේ අබ්බගාතයෙක්ව ආයෙත් බේරන්න එපා. මට බෑ මගෙ පැංචිට දුක් දෙන්න තවත්. එයාට කිසිම දුකක් නැතිව එයාව පරිස්සමින් තියන්න... මට කියා ගන්න ඕනෙ. ඒත් මගෙ පණ හයිය නෑ ඒ කිසිම දෙයක් කියා ගන්න.

*******************

Last edited: