Deviled Chiken හදමු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න බොහෝ දෙනෙකුගෙ ඉල්ලීම පිට මම හැදුවා!!
    Deviled Chicken, Chilli Paste & Fried Rice මේ ඔක්කොම කියලා දෙනවා අද!!

    මෙන්න
    Chilli Paste එකේ ලින්ක් එක -
    http://www.elakiri.com/forum/showthread.php?p=10509835#post10509835

    මෙන්න Fried Rice එකේ ලින්ක් එක -
    http://www.elakiri.com/forum/showthread.php?t=1156597

    මම මේවා හදන්නෙ ඉතා සරල විදියට අවම දේවල් එකතු කරලා නමුත් රසයේ අඩුවක් නොවන විදියට!!

    FRcom.jpg


    අවශ්‍ය දේවල් -
    dc1.jpg


    තරමක කැබලි ලෙස කපාගත් කටු සහිත කුකුල් මස් ග්‍රෑම් 500ක්
    තක්කාලි ගෙඩි 3-4ක්
    මාලු මිරිස් හෝ බෙල් පෙපර් කරල් 2-3ක්
    ලොකු බී ලූනු ගෙඩියක්
    ඉගුරු හා සුදුලූනු
    ලීක්ස් කද කොටසක්
    දෙහි හෝ විනාකිරි මේස හැන්දක්
    ගම්මිරිස් කුඩු තේ හැදි 2ක්
    කෑලි මිරිස් තේහැදි 2ක්
    ලුණු තේ හැදි 2ක්
    සීනි මේස හැන්දක්
    අජිනමොටෝ තේහැදි 1/2ක් (කැමති අයට පමණයි)
    සෝයා සෝස් සහ සෙසමි ඔයිල්
    කුකින් ඔයිල්

    dc2.jpg

    එක් තක්කාලි ගෙඩියක් සහ අනෙකුත් දේවල් රූපයේ පරිදි කැබලි කපා ගන්න.

    dc3.jpg



    dc4.jpg

    ලුණු, ගම්මිරිස්, දෙහි හෝ විනාකිරි තේ හැන්ද බැගින් සහ සෝයා සෝස් මේස හැන්දක් එක්කර කුකුල් මස් ටික පදම් (seasoning) කරගන්න.

    dc5.jpg

    තෙල් මේස හැදි 4ක් පමණ ලිපතබා කුකුල් මස් ටික බැද ගන්න. බයිට් සදහා නම් තරමක් වැඩිපුර බැදගන්න. අවශ්‍ය කෙනෙකුට ගැඹුරු තෙලේ බැදගත හැකිය!! තෙල් ගණන් නිසා ගෙදර අයගෙන් බැණුම් නොඅසා මෙළෙස බැද ගානීම වඩා අරපිරිමැසුම්දායකය!!

    dc6.jpg

    ‍ඉවතට ගෙන තෙල් බේරෙන්න හරින්න.

    dc7.jpg

    තෙල් මේස හැදි 2-3ක ඉගුරු සුදුලූනු බැදගන්න.

    dc8.jpg

    ඉතිරි තක්කාලි ගෙඩි 2-3 බ්ලෙන්ඩ් කර එක්කරන්න. එසේ නැතිනම් Tomato Puree 0r Tomato Sauce මේස හැදි 4-5ක් වුවද යොදාගත හැකිය.
    දැන් කෑලි මිරිස් තේහැදි 2, ගම්මිරිස් හා ලුණු, තේ හැන්ද බැගින්, විනාකිරි හෝ දෙහි,සෝයා සෝස් මේස හැන්දක්, සීනි සහ අජිනමෝටෝ එක්කර සෝස් එක විනාඩි 2-3ක් පිස ගන්න.
    රස බලා ලුණු ඇඹුල් සහ සීනි අවශ්‍ය නම් එකතු කර ගන්න.

    dc9.jpg

    කපාගත් ලීක්ස් කද කොටස, බීලූනු සහ මාලු මිරිස් එක්කර විනාඩියක් පිසගන්න.

    dc10.jpg

    මෙන්න මේ වගේ.

    dc11.jpg

    බැදගත් කුකුල් මස් එක්කරන්න.
    සෙසෙමි ඔයිල් බිංදු 3-4ක්ද එක් කරන්න.
    බයිට් සදහා නොවේනම් පාන්පිටි තේ හැන්දක් එක්කර වතුර කොප්ප 1/2ක් එක්කරන්න.
    එවිට බත් හෝ නූඩ්ල්ස් කෑම සදහා තරමක සෝස් / ග්‍රේවී එකක් ලැබේ.
    විනාඩි 2ක් පමණ පිසගෙන කපාගත් තක්කාලි එක්කර ලිප නිවාගන්න.

    dc12.jpg


    ඔන්න බඩු ලෑස්තියි!!
     
    Last edited:

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    :):):) අම්මො:):).......උඹ නම් දේයියෙක් බන්.....දෑක්කම බඩ නලියනවා :rofl::rofl:...........අනික් ඒවා කවදාද උඹ දාන්නේ අයියේ????????????:oo::oo::oo::oo:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ammo mame godddak isthuthiiiiiii,mage illimata sawan dunnata,obata jaya,uyana uyana okkoma rasa wewa!!!!!!!!!!!
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    වැදගත් දේවල් වලට වැදගත් සැලකිලි Rep++++