Fried Rice හදමු!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    FRcom.jpg


    මම හදන්න යන්නෙ Basic Fried Rice එක හෙවත් Egg Fried Rice එක.
    මේ ඇසුරින් ඔයාලට ඕනෙ අනෙකුත් sea food හෝ Mix Fried Rice හදා ගන්න පුලුවන්!!

    අවශ්‍ය දෙවල්-
    fr1.jpg

    සිහින්ව කපා හෝ ග්‍රෙට් කරගත් කැරට් අලයක්
    සිහින්ව කපාගත් ලීක්ස් හෝ ලූනු කොළ ස්වල්පයක්
    සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේහැදි 2 බැගින්
    බිත්තර 2-3ක්
    කුකින් ඔයිල් හෝ මාජරින් මේස හැදි 3ක්
    ලුණු සහ ගම්මිරිස් තේ හැන්ද බැගින්
    අජිනමොටෝ තේ හැදි 1/2ක් හෝ සුප් කැටයක් (කැමති අය සදහා පමණි)
    සීනි තේ හැන්දක්
    සෙසමි ඔයිල් ‍බිංදු 4-5ක්

    fr2.jpg

    මාජරින් හෝ තෙල් වල ඉගුරු සුදුලූනු බැද ගන්න.

    fr3.jpg

    කැරට් එක් කර විනාඩියක් බැද ගන්න.

    fr4.jpg

    කැරට් පසෙකට කර බිත්තර එක්කරන්න.

    fr5.jpg

    හොදින් කූරු ගාමින් බිත්තර කුඩා කැබලි සාදාගන්න.
    ලුණු, ගම්මිරිස්, අජිනමොටෝ එක්කර ගන්න.
    sea food හෝ Mix Fried Rice හදන අය තම්බාගෙන සිහින්වට කපා ගත්
    මස්, මාලු, ඉස්සන්, දැල්ලන් හෝ සොසේජස් එක් කරන්න.

    fr6.jpg

    ලීක්ස් හෝ ලූනු කොළ අන්තිමට එක්කර වහාම බත්ද එක්කරන්න.

    fr7.jpg

    පිසගත් බත් (හාල් කෝප්ප 2ක පමණ) එකතු කරන්න. සීනි සහ සෙ‍සමි ඔයිල් එක් කරන්න.
    මස් හෝ ඉස්සන් තම්බාගත් වතුරෙන් (stock ) බත් උයාගත හැකිනම් රසයෙන් ඉහලය!!

    fr8.jpg


    ඔන්න හරී!!

    මේක කන්න Deviled Chicken & Chilli Paste මෙතනින් ගන්න!!


    http://www.elakiri.com/forum/showthread.php?t=1156556

    http://www.elakiri.com/forum/showthread.php?p=10509835#post10509835
     
    Last edited:

    RoTTya

    Member
    Sep 16, 2010
    158
    9
    0
    :P:P:P අද නම් බඩ රිදෙන්ඩ කන්ඩ පුලුවන්:rofl::rofl::rofl::P:P.........එලම කිරි කොල්ලේක් උඹ මචන්:lol::lol::lol:.....උඹට වෑඩි වෑඩියේන් උයන්ඩ පුලුවන් වෙන්ඩ කියලා පතනවා...............:P:P:P:P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,438
    5,530
    113
    තෑන්ක්ස් මචන්,, කියල වැඩක් නෑ , එළමකිරි :rofl::rofl::P:P රෙප් +++