නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු..

    නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති (NOS) ගැන දැනගනිමු...

    text_about_more_power3.png



    සුපුරුදු පරිදි අදත් අපි කතා කරන්න යන්නේ මෝටර් රථවලට සම්බන්ද දෙයක් ගැනයි. මම කලින් ත්‍රේඩ් වාහනවල එන්ජිමේ බලය වැඩි
    කරගන්නා ආකාරයන් කීපයක් ගැන සදහන් කලා මතක ඇති. අදත් මම කතා කරන්නේ ඒ වගේම බලය වැඩි කරගන්නා ආකාරයක් ගැනයි.
    අද මම කතා කරන දේ ගැන මේ ත්‍රේඩ් එක බලන අය අහලා තියෙන්නත් පුලුවන් , සමහරවිට නැතිවෙන්නත් පුලුවන්.ඒත් නිතරම
    "Need For Speed" වගේ පරිගනක ක්‍රීඩාවල යෙදෙන අයට නම් මේක අමුතු දෙයක් නෙවේයි.


    නයිට්‍රස් වල රථවාහනවල යෙදීම ගැන කියන්න කලින් මම ඒක ටිකක් හදුන්වලා දෙන්නම්


    N20
    250px-Nitrous-oxide-2D-VB.svg.png

    නයිට්‍රස් ඔක්සයිඩ් වැඩියෙන්ම අපි දන්නේ "සිනහා වායුව" විදියටයි.කාමර ඌෂ්නත්වයෙදි මේ වායුව දහන වායුවක් විදියට හැසිරෙන්නේ
    නැහැ.මුල්ම කාලයේ මේ වායුව යොදාගෙන තියේන්නේ නිර්වින්දක කටයුතු සදහා.සැත්කම් වලදි වගේ.කෙටියෙන් කිව්වොත් දත් ගලවන
    අවස්ථාවලදි වගේ රෝගියාට අපහසුවක් නොවෙන්න මේ වායුව භාවිතා කරල තියෙනවා.
    මේ වායුව මුලින්ම සොයාගත්තේ "ජෝශප් ප්‍රිස්ට්ලී" කියන මහත්මයා.ඒ 1772 දී.

    750px-Nitrous_oxide_production.png



    NH4NO3 (s) → 2 H2O (g) + N2O (g)

    මේ වායුව හරිතාගාර වායුවක් විදියට තමයි හදුනාගෙන තියෙන්නේ.කාර්බන් ඩයොක්සයිඩ් වලටත් වඩා හානිදායකයි කියලා තමයි
    කියන්නේ.

    එන්ජින් සදහා යෙදීම....

    1914දී රොබට් ගොඩාර්ඩ් කියන මහත්මයා තමයි හොයාගත්තේ නයිට්‍රස් ඔක්සයිඩ් සහ ඉන්ධන දෙක එකතු කරලා හොද රොකට්
    ඉන්ධනයක් ලෙස භාවිතා කරන්න පුලුවන් කියලා.
    දෙවන ලෝක යුද්ද කාලේ භාවිතා වෙච්ච ලුට්වෝෆ් , එතකොට මර්ලින් වගේ ගුවන් යානාවල නයිට්‍රස් ඔක්සයිඩ් ඉන්ධනවලට එකතු
    කරගෙන තියෙනවා

    ක්‍රියාකාරිත්වය...

    නයිට්‍රස් ඔක්සයිඩ් පද්ධති කියන්නේත් එන්ජිමකට වැඩිපුර ඔක්සිජන් හදුන්වා දෙන එක ක්‍රමයක්. හරියට මම කලින් කතා කරපු ටර්බෝ,
    සුපර්චාජර්,ඉන්ටර්කූලර් වගේමයි.එන්ජිමේ බල පහරදි බලය නිපදවන හැටි මම ඒ ත්‍රේඩ්වල කතා කල මතක ඇති.වැඩිපුර ඔක්සිජන්
    එන්ජිමකට ලැබෙනවා කියන්නේ දහනය කරන්න පුලුවන් ඉන්ධන ප්‍රමානය වැඩියි.අනිත් කාරනය තමා නයිට්‍රස් , හයිඩ්‍රජන් වගේ දහනකාරි
    වායුවක් නොවුනාට , නියමිත ඌෂ්නත්වයට ආවට පස්සේ සැලකිය යුතු තරම් ඔක්සිජන් ප්‍රමානයක් නිදහස් කරන වායුවක්.මේ වායුවෙන්
    ඔක්සිජන් නිදහස් වෙන්න ඕනේ කරන ඌෂ්නතවය එන්ජිමේ සිලින්ඩර තුල තියෙනවා.ඒ නිසා එන්ජිමට පූර්න බලයක් ලබාගන්න ඒක
    උදව් වෙනවා.



    නයිට්‍රස් පද්ධති ප්‍රධාන වර්ග 2ක් තියෙනවා.

    1.සිලිඩන්ඩරයට නයිට්‍රස් පමනක් ලබාදෙන පද්ධති.(Dry Nitrous Oxide Systems)
    2.සිලිඩන්ඩරයට ඉන්ධන මිශ්‍රව , නයිට්‍රස් ලබාදෙන පද්ධති.(Wet Nitrous Oxide Systems).


    සිලිඩන්ඩරයට නයිට්‍රස් පමනක් ලබාදෙන පද්ධති.(Dry Nitrous Oxide Systems)

    img-nitrous-dry.jpg


    Nitrous%20DRY1.jpg


    මේ පලමු වර්ගයේන් සිද්ද වෙන්නේ එන්ජිමේ ,වායුව ඇතුල් කරගන්නා මැනිෆොල්ඩ් එකට නයිට්‍රස් පමනක් විදිමයි. මේ වර්ගයේ පද්ධති
    වල සිලින්ඩරයට නයිට්‍රස් සමග ඉන්ධන මිශ්‍ර වෙන්නේ නැති නිසා, එන්ජිමට ලැබෙන්නේ සුපුරුදු ඉන්ධන ප්‍රමානයමයි.ඒ නිසා මේ වර්ගය
    සවි කරන එන්ජිමක ඉන්ජෙක්ටර් වෙනමම සුසර කරන්න ඕනේ වැඩි වේලාවක් විවර වෙලා තියෙන්න. මොකද එතකොට තමයි වඩා වැඩි
    ඉන්ධන ප්‍රමානයක් යොදාගෙන නයිට්‍රස් යෙදිමේ උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන්.


    සිලිඩන්ඩරයට ඉන්ධන මිශ්‍රව , නයිට්‍රස් ලබාදෙන පද්ධති.(Wet Nitrous Oxide Systems).





    මේ වර්ගයේ නයිට්‍රස් සමග ඉන්ධන මිශ්‍රනයක් තමා මැනිෆෝල්ඩ් එකට ලබා දෙන්නේ.මේ වර්ගය තව වර්ග 3ට බෙදන්න පුලුවන්.

    1.තනි නොසෙලයේ පද්ධති.(Single Wet Fogger)

    img-nitrous-wet.jpg


    2.බහූනොසෙල පද්ධති.(Multi Port Foggers)


    img-nitrous-port.jpg


    3.විසිරුම් බාර් සහිත පද්ධති.(Plate-Spray Bar)

    මේකේ නොසෙල වැඩි ගනනකින් මැනිෆොල්ඩ් එක වෙත නයිට්‍රස් + ඉන්ධන මිශ්‍රනය එවිම සිදු වෙනවා.

    51WjDvLJr4L.jpg


    13769%5B1%5D.jpg



    නයිට්‍රස් පර්ජ් කිරිම...(purge)

    මේකත් පරිගනක ක්‍රීඩා කරන අයට අමුතු දෙයක් නෙවේ. තරගයකට කලින් වගේ අවස්ථාවක එන්ජිමේ නොසෙල වල හිර වෙලා තියෙන
    නයිට්‍රස් වායුව ඉවතට දමන, විදින එක තමා මේ "පර්ජ්" කියන්නේ...

    mmfp_1010_01_o+nitrous_oxide+don_burton.jpg


    මේ වීඩීයෝ බලන්න...







    අවාසි......

    කොච්චර කොහොම වුනත් නයිට්‍රස් පද්ධති වල අවාසි වැඩියි. එන්ජිමේ නිපදවෙන අධික පීඩනය නිසා සිලින්ඩර හිසවල් හානියට
    පැමිනීමේ අවදානම වැඩියි.එන්ජිම පුපුරා හදිසි ගිනි ගැනිම් ඇති වෙන්නත් පුලුවන් . මේ පහල තියෙන වීඩීයෝ බලන අයට ඒ බව
    පැහැදිලි වෙයි


    537px-Nitrous_piston.JPG


    මේ වීඩීයෝ බලන්න...







    ගොඩක් දෙනා නයිට්‍රස් පද්ධති සවි කරපු වාහනවල , සයිලන්සර් වලින් ගින්දර(flames) පිට වෙනවා කියල හිතනවා. ඇත්තටම සමහර විට
    පොඩි දැල්ලක් ආවත්, පරිගනක ක්‍රීඩා වල වගේ ලොකු ගිනි දලු විසි වෙන්නේ නැහැ. ඒත් එහෙම කරගන්න ඕනේ අයට වාහනයේ පිටාර
    වායුව පිටවන කොටස් වලට සවි කරගන්න පුලුවන් වෙනම උපාංග තියෙනවා

    මේ වීඩීයෝ බලන්න...







    මේ වීඩීයෝ බලන්න...









    2006-IPD-Volvo-C30-Concept-Nitrous-Oxide-Canisters-and-Custom-Stereo-System-1280x960.jpg


    1967-Mustang-Fastback-Gone-in-60-Seconds-Eleanor-NOS-Bottle-1280x960.jpg


    hargett-1290-x-960.jpg


    titan-1024-x-768.jpg




    ඉඩ ලැබෙන විදියට අපි තව දෙයක් ගැන කතා කරමු... දැනට නවතින්නම්.පුලුවන් අය කමන්ටුවක් හරි රෙපක් හරි දාලා යන්න.

    පරණ ත්‍රේඩ්..
    ටර්බෝචාජර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1135564
    සුපර්චාජර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1148675
    ඉන්ටර්කූලර් ගැන දැනගනිමු..
    http://www.elakiri.com/forum/showthread.php?t=1154690



    .................................................. .................................................
     
    Last edited:

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    ගොඩක් වැදගත් දෙයක්.......බොහෝම ස්තුති....