ආල කථා 2 . මාමාගේ රිප්ලයි එක..
මෙම ලිපිය කියවන්න කලිං අර ආල කථා 1 කියවපු නැති අය ඉන්නවා නං ඒක කියවලා එන්න.... නැතිනං හරියට තේරුම් යන එකක් නෑ වැඩේ..
මෙන්න ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1195670
අර කථාවේ අන්තිමට මම කිව්වා වගේ මේ දාන්න යන්නේ අනිත් පැත්තෙන් දීපු රිප්ලයි එක... ඒ කිව්වෙ අපේ මාමා ( සීයා තමයි හරිම වචනේ

) දීපු රිප්ලයි එක...
මිනිහටත් හොදට කවි කියන්ඩ පුලුවං... හොදද කියලා බලන්නකෝ....
කඩවත වේය මම ඉපදුනු ජනිත බිම....
හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම...
ඔබෙ හිත ඇතොත් පවසන්නට මිතුරු දම...
පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම.......

වස්වා කවි වලින් ඔබ මගෙ හිත නාවා.....
විශ්වාසයට ඔබ එවු කවි ටික කීවා.......
වස්දොස් දුරැර දුක් දොම්නස නැති වේවා...
තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා....
සිහිකර පළමුවෙන් ඉපදුන ඔබගෙ ගම....
මෙහසුන මම ලියමි සරසවි නැමැද හෙම....
පැතුමක් පතමි ඔබහට හදවතින් මම....
රැකදෙනු සියලු දෙවියන් ඇති කතරගම...
ලියමන ලදිමි ඔබ මා හට එවන ලද....
කැළඹුනි එයින් නව සිතුවිලි පැවති හද.....
ගලපා ඔබට හැකි පමණින් සරළ පද...
ප්රිය සොයුරිය මගෙන් තුති මල් කරමි පුද..
පව්ලේ ඔබද තව කව්රුද වෙන ඉන්නේ....
නැතිදෝ මටත් තව විස්තර පවසන්නේ....
රෑ බෝ වීගෙනයි අවටින් දැන් එන්නේ....
අවසර දෙන්න මම දැන් මෙහි නවතින්නේ....
ලිපියක් දකින තුරු මගෙ සිත නලියනවා....
සරණක් නොමැති ලෙස හැල්මේ දුව යනවා....
පවනක් විලස ඔබ මගෙ මතකෙට එනවා....
පිළිතුර ඉක්මනින් එව්වොත් ජය වෙනවා...
මෙම ලිපිය කියවන්න කලිං අර ආල කථා 1 කියවපු නැති අය ඉන්නවා නං ඒක කියවලා එන්න.... නැතිනං හරියට තේරුම් යන එකක් නෑ වැඩේ..

මෙන්න ලින්ක් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1195670
අර කථාවේ අන්තිමට මම කිව්වා වගේ මේ දාන්න යන්නේ අනිත් පැත්තෙන් දීපු රිප්ලයි එක... ඒ කිව්වෙ අපේ මාමා ( සීයා තමයි හරිම වචනේ


) දීපු රිප්ලයි එක... මිනිහටත් හොදට කවි කියන්ඩ පුලුවං... හොදද කියලා බලන්නකෝ....

කඩවත වේය මම ඉපදුනු ජනිත බිම....
හදවත සදිසි පවසන්නෙමි කරුණු හැම...
ඔබෙ හිත ඇතොත් පවසන්නට මිතුරු දම...
පිළිතුරු ලියනු නිදහස් තරුණයෙකි මම.......


වස්වා කවි වලින් ඔබ මගෙ හිත නාවා.....
විශ්වාසයට ඔබ එවු කවි ටික කීවා.......
වස්දොස් දුරැර දුක් දොම්නස නැති වේවා...
තිස් තුන් කෝටියක් දෙවිවරු රැක දේවා....
සිහිකර පළමුවෙන් ඉපදුන ඔබගෙ ගම....
මෙහසුන මම ලියමි සරසවි නැමැද හෙම....
පැතුමක් පතමි ඔබහට හදවතින් මම....
රැකදෙනු සියලු දෙවියන් ඇති කතරගම...
ලියමන ලදිමි ඔබ මා හට එවන ලද....
කැළඹුනි එයින් නව සිතුවිලි පැවති හද.....
ගලපා ඔබට හැකි පමණින් සරළ පද...
ප්රිය සොයුරිය මගෙන් තුති මල් කරමි පුද..
පව්ලේ ඔබද තව කව්රුද වෙන ඉන්නේ....
නැතිදෝ මටත් තව විස්තර පවසන්නේ....
රෑ බෝ වීගෙනයි අවටින් දැන් එන්නේ....
අවසර දෙන්න මම දැන් මෙහි නවතින්නේ....
ලිපියක් දකින තුරු මගෙ සිත නලියනවා....
සරණක් නොමැති ලෙස හැල්මේ දුව යනවා....
පවනක් විලස ඔබ මගෙ මතකෙට එනවා....
පිළිතුර ඉක්මනින් එව්වොත් ජය වෙනවා...










