දියඇලි thread

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හැමෝම දිය ඇලි වලට කැමති ඇති නේද? කව්ද අකමැති නේද? මේක රි පොස්ට් ද දන්නෙත් නැහැ. මට හිතුන අපේ ලංකාවේ තියන දිය ඇලි ගැන ත්‍රෙඩ් එකක් පටන් ගන්න. ඔයාලටත් පුළුවන් මේකේ ඔයාල දන්න අපි නොදන්න දිය ඇලි ගැන පොස්ට් කරන්න. ඔන්න එහෙනං මම පටන් ගත්තා.

    මම දන්න තරමින් ලංකාවේ ගොඩක් දිය ඇලි තියනවා. ගොඩක්ම තියෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කේ (109). දෙවනියට නුවරඑළිය (75), කෑගල්ල (40).

    1. ඇබර්ඩීන් දිය ඇල්ල.

    උසින් 98m අඩි 322. පළල 8m . පිහිටලා තියෙන්නේ ගිනිගත්හේන ප්‍රදේශයේ. ලංකාවේ උසම දිය ඇලි වලින් 18 වන ස්ථානයේ තියෙන්නේ. ඇබර්ඩීන් තේ වත්තේ තමයි මේක පිහිටලා තියෙන්නේ. කෙහෙල්ගමු ඔයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ.

    731954723_QH27T-L.jpg


    742375606_aVeag-L.jpg


    52061911.jpg


    2.බේකර්ස් දිය ඇල්ල.

    ලංකාවේ ප්‍රසිද්දම දිය ඇල්ලක්. උසින් 20m අඩි 66. නම වැටුනේ සර් සැමුවෙල් වයිට් බේකර් කියන ප්‍රසිද්ද බ්‍රිතාන්‍ය සංචරකයගෙන් ඒ අවදියේ මේ අවට ගෝන දඩයමට ඇවිත්. මෙය බෙලිහුල්ඔය හෝර්ටන් තැන්නෙන් ගලාගෙන යන අතරේ හැදුන ඇල්ලක්.


    1542462710_522ca5b294.jpg


    310141758_a9fdda768b.jpg


    3.බඹරකන්ද දිය ඇල්ල. (බඹර කැලේ කියලත් කියනවා)

    ලංකාවේ උසම දිය ඇල්ල. උසින් 263m අඩි 863. ලෝකෙන්ම 299 වෙනි උසම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ කළුපහන කියන ප්‍රදේශයේ බදුල්ල දිස්ත්‍රික්කයේ. මෙය හැදෙන්නේ වලවේ ගඟේ අතු ගංගාවක් වන කුඩා ඔයෙන්. බලන්නකෝ මේකේ ලස්සන.

    Bambarakanda%20Falls.jpg


    4655263977_f7f4cce753_b.jpg



    4.බෝම්බුරු ඇල්ල. (පෙරවල ඇල්ලත් කියලා කියනවා)

    උසින් 50m අඩි 164. ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ල. පිහිටලා තියෙන්නේ ඌව පරණගම මැතිවරණ කොට්ටාශයේ. වැලිමඩ නගරය තමයි ලගම නගරය. උමා ඔයේ අතු ශාකාවකින් තමයි මේක හැදිලා තියෙන්නේ.


    bomburuellafalls.jpg


    3084859948_e938770a9f_z.jpg


    5. බෝපත් ඇල්ල.

    හැමෝම දන්න දිය ඇල්ලක්. උසින් 30m අඩි 98. බෝපත් ඇල්ල කියන නම වැටුනේ ඇල්ල උඩින් තියන ගල් පර්වත වලින් වතුර බෝ කොලේක හැඩේට හැදිලා පහලට වැටෙන නිසා. පිහිටලා තියෙන්නේ අගලවත්ත කියන ගමේ. කුරුවිට නගරය කිට්ටුව රත්නපුර දිස්ත්‍රික්කයේ. මෙය හැදෙන්නේ කළු ගඟේ අතු ශාකාවක් වන කුරු ගගෙන්.

    මේ ඇල්ල හා පට බැඳුනු කතා ගොඩක් තියනවා. එකක් තමයි කොළඹ ඉන්දලා මේක බලන්න ආපු එක්කෙනෙක් මේ ගමේ කෙල්ලෙක් එක්ක යාලු වෙලා එයට ළමයෙක් හම්බු වෙන්න ඉන්නකොට එයාව බලන්න ආපු නැති නිසා මේ ඇල්ලෙන් පැනල දිවි නසා ගත්තලු. එයාගේ හොල්මන රෑට රෑට නිල් පට එළියකින් මේ ඇල්ල අවට සක්මන් කරනවලු. :shocked:

    තව එකක් කියනවා මේකේ ලොකු නිදානයක් තියනවලු. එක ගොඩ ගන්න මිනිස් බිලි 1000 දෙන්න ඕනෙලු. කට්ටිය පරිසමෙන් හොඳේ? :baffled:


    bopath-ella.jpg


    19443392.jpg



    තව ටිකකින් තව දාන්නම්... :)
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Laxapana falls : Near Norton Bridge. 126m in height. Maskeliya oya (Kelani gange athu gangawak) magin thamai meka nirmanaya wenne. Me pinthure gaththe 2009 awurudde. Mekata udin Canyon, Maussakelle kiyana jalasha deka nisa jala mattama adui. Me jalasha hadanna issarai, jalasha waan damana kalawalwalai me diya alla meeta wada sahena palal. Mama dakala thiyena lassanama diya ali walin ekak.

    18042008130.jpg
     
    Last edited:
    • Like
    Reactions: chandimalin

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Laxapana falls : Near Norton Bridge. 126m in height. Hehelgamu oya (Kelani gange athu gangawak) magin thamai meka nirmanaya wenne. Me pinthure gaththe 2009 awurudde. Mekata udin Canyon, Maussakelle kiyana jalasha deka nisa jala mattama adui. Me jalasha hadanna issarai, jalasha waan damana kalawalwalai me diya alla meeta wada sahena palal. Mama dakala thiyena lassanama diya ali walin ekak.

    ela machan
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Lanka Ella : Meka thiyenne bambarakanda diya alla asannayemai. Meka nirmanaya karana oya, meeta chuttak pahalin bambara kanda alla nirmanaya karana oyata ekathu wenawa. Anthimata walawe gangata ekathu wenawa.
    Usa 15-20m pamana we.

    dsc02185b.jpg
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Kirindi Ella : Meya usin 110 m ta asanna agayak gannawa. Thibenne Pelmadulla nagaraye sita 5km pamana wannata. Kalu gange athu gangawakin thamai nirmanaya wenne. Mema diya alla tharamaka anathiyakin yuthuyi. Eka elle pahalata ada watenne naha.

    dsc02134xn.jpg
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    Sera Ella : etharam usa nowuwath lassana diya allak. Meya thibenne Laggala Illukkumbura pradeshaye. Mathale sita riverston haraha illukkumburata pamina ethanin hari 15km pamana yanakota meme diya alla hambenawa. Meya thelgamu oye athu shakawak. Anthimata mahaweli gangata thamai ekathu wenne.
    dsc01445g.jpg
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    6.ඩෙවොන් ඇල්ල.

    තවත් ප්‍රසිද්ද දිය ඇල්ලක්. උස 97m අඩි 318. තලවකැලේ සිට 6km දුරින් තියෙන්නේ. නම වැටුනේ ඩෙවොන් කියන වත්තේ පිහිටලා තියන නිසා. ලංකාවේ උසින් 19 වෙනියට තියන දිය ඇල්ල. මහවැලි ගගේ අතු ශාකාවක් වන කොත්මල් ඔයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. මෙය කොටස් 3 කට කැඩිලා තමයි පහලට වැටෙන්නේ.


    Devon_falls.jpg
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි සහෝදරයා මේ දේවල් බේදා ගත්තාට..
    බොහෝ දෙනෙක් ලංකාවේ සුන්දරත්වය ගැන ඒ තරම් දැනුමක් නෑ..
    ඒ හින්දා මේ විස්තර ටික බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
    රෙප් +10

    ගලබොඩ දිය ඇල්ල සංචාරය ගැන..
    මේ ත්‍රේඩ් එකෙන් බලා ගන්න..
    ගලබොඩ~දියඇල්ල~චාරිකාව
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    7. දියළුම ඇල්ල.

    උස 220m අඩි 721. ලංකාවේ උසින් දෙවන දිය ඇල්ල. ලෝකෙන් 361 වැනියට. පිහිටලා තියෙන්නේ කොළඹ-බදුල්ල ප්‍රදාන මාර්ගයේ කොස්ලන්ද ආසන්නයේ. කුඩා ඔයේ අතු ශාකාවක් වන පූනාගල ඔයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ.

    ජනප්‍රවාදයේ කියන්නේ මේ පළාතේ හිටපු රජ කුමාරයෙක් මේ පළාතේම අඩු කුලේ කාන්තාවක් එක්ක ආදරෙන් හිටියලු. එක දැනගත්තු රජ පවුලේ උදවිය මෙයාලව හෙව්වලු. මෙයාල දෙන්න පැනලා ගිහින් මේ දිය ඇල්ල තියන කන්ද ගස් මුල් අල්ලාගෙන උඩට නැග්ගලු. කුමාරය උඩට නැගගත් එයාගේ ප්‍රේමවන්තිය මේකන් ලිස්සලා වැටිලා මරුනලු. එකේ දුකට මේ කුමාරයා අඬපු කඳුළු වලින් එකතු වෙලාලු මේ ඇල්ල හැදුනේ. :baffled::(:(

    තවත් කතාවක් හැටියට 1910 හැරිස් සහ ආශා කියන යුවල මේක නගින්න පටන් ගත්තලු. මුලින් ආශා උඩටම නැග්ගලු. ආශා ආයේ බිමට බහින්න පටන් ගත්තලු. හැරිස් මේකෙන් ගොඩක් හිත රිදිලා එයාගෙම පිහිය අරගෙන ආශා බහින්න ලණුව කපලා එයත් එයාගේ ලණුව කපාගෙන දෙන්නම පහලට වැටිලා මරුනලු ගම්මු බලාගෙන ඉද්දි. එයාලගේ සිරුරු අඳුරගන්න බැරි විදියට විකෘති වෙලා තිබුනලු. අදටත් එයාලගේ අන්දොනාව ඇහෙනවලු.
    :baffled:

    diyalumawaterfalls.jpg


    4765139.jpg
     
    • Like
    Reactions: Suvin1122

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ස්තුතියි සහෝදරයා මේ දේවල් බේදා ගත්තාට..
    බොහෝ දෙනෙක් ලංකාවේ සුන්දරත්වය ගැන ඒ තරම් දැනුමක් නෑ..
    ඒ හින්දා මේ විස්තර ටික බොහෝ දෙනෙකුට වැදගත් වෙයි..
    රෙප් +10

    ගලබොඩ දිය ඇල්ල සංචාරය ගැන..
    මේ ත්‍රේඩ් එකෙන් බලා ගන්න..
    ගලබොඩ~දියඇල්ල~චාරිකාව

    thanks machan