 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 4,857
Join Date: Nov 2011
|
|
|
Smart-phone යනු 1 -
02-21-2012, 01:03 PM
Smart-phone යනු සාමාන්‍ය ජංගම දුරකතනයකින් ඔබ්බට ගිය විශේෂ සේවා සපයන උපකරණයකි. සාමාන්‍ය ජංගම දුරකතන නැතහොත් feature phone වලට වඩා මේවා වෙනස් වන්නේ එහි ඇති උසස් පරිගණන බලය(computing power) සහ සම්බන්දක (connectivity) හැකියාවනුයි. Smart-phone එකක් බොහෝවිට පූර්ණ මෙහෙයුම් පද්දති මෘදුකාංගයක් (operating system) භාවිතයෙන් ක්‍රියාත්මක වන අතර අතේ ගෙනයාහැකි පරිගණකයක එබ්බවූ ජංගම දුරකතනයක් ලෙස ක්‍රියා කරයි. Smart-phone එකක ඇති මෙහෙයුම් පද්දතිය මගින් වෙනත් වැඩසටහන් (application) හා මෘදුකාංග (software) ක්‍රියාකරවීම සදහා අවස්ථාව ලබාදෙන අතර එකවර කාර්යයන් කීපයක් කරගෙනීමට (multi tasking) නැතහොත් එකවර වැඩසටහන් කීපයක් ක්‍රියා කරවීමට හැකියාව ඇත.
- ජංගම දුරකථන සම්බන්දක සංඛයාත පාරාසය [network band]
සාමාන්‍ය ජංගම දුරකතනයක වැදගත්ම කොටස වන්නේ එය ක්‍රියාත්මක වන සංඛ්‍යාත පරාසයයි. ඔබගේ සේවාදායක දුරකතන සමාගම මගින් සේවා ලබාදෙන සංඛ්‍යාත පරාසයට සරිලන පරිදි ඔබගේ Smart-phone උපකරණයද ක්‍රියා කළයුතුය. බොහෝ විට smart-phone උපකරණ තෙවන හා සිවුවන පරම්පරාවේ දත්ත හුවමාරු ක්‍රම හා සේවා සපයන නිසා ඊට අදාල වනපරිදි ඔබගේ දුරකතනය තෝරාගතයුතුය.
සාමාන්‍යයෙන් smart-phone බොහෝමයක් විශාල touch screen තිරයක් සහිතව පැමිණේ. තිරයේ ප්‍රමාණය අගල් 2.5 සිට 4.5 දක්වා පරාසයක පවතී. මේ නිසා ඒවායේ විශාලත්වයද එම තිරයේ ප්‍රමාණයට අනුව අඩු වැඩි වේ. මේ නිසා අවශ්‍යතාවය අනුව තිරයේ ප්‍රමාණය තෝරාගතහැකිය. භාවිතය සදහා දිග සහ පළල එතරම් ගැටලුවක් නොවුනත් smart-phone එකක මහත වැඩිවන විට නම් එය භාවිතයේදී අපහසුතා මතුවේ. විශේෂයෙන්ම QWERTY මාදිලියේ සම්පූර්ණ යතුරුපුවරුවක්ද සහිත touch screen දුරකතන සදහා මෙය බලපායි. මේ නිසා 14~mm ට අඩු මහතක් සහිත smart-phone එකක් තෝරාගැනීම සුදුසුය. මීට අමතරව සාමාන්‍යයෙන් 180g ට වඩා බරින් අඩු දුරකතනයක් තෝරාගැනීමද වැදගත් වේ.
ස්මාර්ට් ෆෝන් දෘඩාංග - Smart Phone ප්‍රොසෙසරය [processor]
Smartphone එකක දත්ත සකසනය නැතහොත් ප්‍රොසෙසරය (CPU / processor) ඉතා පුළුල් ලෙස සාකච්චා කළයුතු කරුණකි. මෙහි මූලික හා වැදගත් කරුණු කීපයක් පමණක් සදහන් කර ඇත.සාමාන්‍ය පරිගණක වල මෙන්ම Smartphone වලද පරිගණන මොළය ලෙස දත්ත සකසනයක් නැතහොත් processor එකක් ඇත. මේවායේ වේගයන් සහ හැකියාවන් විවිධ පරාස වල පවතින අතර වර්තමානයේ වේගවත් dual core සහිත processors ද Smartphone සදහා පැමිණ ඇත.
පරිගණක ලොව ප්‍රධාන CPU නිෂ්පාදකයන් දෙපල වන intel හා AMD චිප CPU නිෂ්පාදන ආධිපත්‍ය දරන්නා සේම smartphone සදහා තම තනි ආධිපත්‍යය ලොව පුරා විදහා ඇත්තේ බ්‍රිතාන්‍ය මූලයක් සහිත ARM Holdings සමාගමයි. එහෙත් මෙම සමාගම intel වැනි සමාගම් වලින් වෙනස් වන්නේ තම සමාගම මගින්ම ප්‍රොසෙසර නිපදවීම පසෙකලා විධාන කට්ටලය (instruction set) පමණක් අලෙවි කිරීමයි.මෙම විධාන කට්ටලයක් (instruction set) එකක් යනු සරලව පැවසුවහොත් ප්‍රොසෙසරයෙන් යම් ක්‍රියාවක් කරවාගැනීමට නම් එය ඇමතියයුතු ආකාරයයි. එම අමතන ආකාරය සම්මතයක් වන තරමට සහ බහුල වන තරමට අදාල ප්‍රොසෙසර වර්ග රාශියක් සදහා එකම වැඩසටහනක් ලියා ක්‍රියාත්මක කරගැනීමේ හැකියාව ලැබේ.
උදාහරණ ලෙස intel සහ AMD සමාගම් වලින් වැඩි දියුණු කළ අද ලොව බහුලවම භාවිතා වන x86 instruction set ගැන සලකා බලමු. අප පරිගණක වල භාවිතා වන සියලු මෙහෙයුම් පද්දති සහ වැඩසටහන් ඔබගේ ප්‍රොසෙසරය AMD වුවද Intel උවද එක සේ ක්‍රියා කරන්නේ එම ප්‍රොසෙසර දෙකටම තේරුම් ගත හැකි යම් පොදු සම්මතයකට එම වැඩසටහන් ලියා ඇති බැවිනි. එනම් x86 instruction set එකට අවනත වන ලෙස x86-32 හෝ x86-64 (32 bit or 64 bit) මාදිලි වලින් ප්‍රොසෙසරය සහ අදාල දෘඩාංග සමග ගණුදෙණු කිරීමට එම වැඩසටහන් ලියා ඇති බැවිනි.ARM සමාගමේ විධාන කට්ටලය පාදක කරගෙන අනෙකුත් සමාගම් වලට ප්‍රොසෙසර සෑදියහැකි ක්‍රම 2 කි ඒවා නම්
1) ARM සමාගම මගින් ලබාගන්නා ලද ARM instruction set එක අනුගමනය කළහැකි ආකාරයට තමන් විසින්ම සැලසුම් කරනලද ප්‍රොසෙසර නිපදවා ගැනීම. උදා. Qualcomm and Marvell
2) ARM සමාගම මගින් තම ARM instruction set එකට ගැලපෙන පරිදි කලින් නිර්මාණය කරන ලද නිදර්ශක සැලසුමක් (reference designs) භාවිතා කර තම සමාගමෙහි නව ප්‍රොසෙසර නිපදවා ගැනීම. උදා. Nvidia, Samsung වැනි සමාගම්
ARM සමාගමේ නවතම විධාන කට්ටලය ARMv7 සදහා වන නිදර්ශක සැලසුම් වන්නේ (reference design) cortex-A8 සහ cortex-A9 ප්‍රොසෙසරයි.මෙම සැලසුම් භාවිතයෙන් නිපදවන ප්‍රොසෙසර අද පවතින උසස් තත්වයේ (high end) Smartphone සදහා භාවිතා වන අතර cortex-A8 ප්‍රොසෙසර 600MHz හෝ ඊට වැඩි තනි core සහිත ලෙසද cortex-A9 ප්‍රොසෙසරය ද්විත්ව core සහිත ගිගාහර්ට්ස් 1 හෝ ඊට වැඩි වේගයන් සහිත ප්‍රොසෙසරද වේ. පැරණි ARMv6 සදහා භාවිත වන නිදර්ශක සැළසුම වන ARM 11 ප්‍රොසෙසරයද තවමත් ඉතා බහුලව භාවිත වේ.Smartphone එකක් යනු පරිගණකයකට සාපේක්ශව ගත්කළ ඉතා කුඩා උපාංගයකි. එහි ඇති විශාල බැටරිය සහ දර්ශක තිරය හැරුනුකොට ඉතිරිවන කුඩා ඉඩ ප්‍රමාණය පරිගණක චිප සහ smartphone මවුපුවරුව එකලස් කිරීමට යොදාගතයුතුය. මේ සීමිත ඉඩ ප්‍රමාණය උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම සදහා system on chip හෙවත් SOC යොදාගනී. System on Chip නැතහොත් SoC යනු කර්යයන් ගණනාවක් තනි පැකේජයකින් කරගතහැකි ලෙස එකලස් කරනලද ප්‍රොසෙසර වේ. මේවායේ CPU, GPU, video decoder, audio/image processor වැනි විවිධ කාර්යයන්ට ගැනෙන දෘඩාංග ගණනාවක් කැටි කර එකලස් කර තනා ඇත. මේ නිසා ශක්ති පරිභෝජනය ඉතා සීමිත වන අතර වේගවත් බවද වැඩි වේ. අද පවතින බොහෝ smartphone ප්‍රොසෙසර මෙසේ SOC ආකාරයෙන් එකලස් කරනලද ඒවා වේ.
උදා: Nvidia tegra 2, OMAP 3 SOCs. Qualcomm's Snapdragon, Samsung Hummingbird
- තෝරා ගැනීමේදී සැළකිලිමත් වියයුතු කරුණු
Smartphone එකක CPU (central processing unit) එක ලෙස AMRv6 (ARM 11) හෝ ඉන්පසු පැමිණි ARMv7 (cortex-A8, cortex-A9) Instuction set සහිත CPU සහිත smartphone තෝරාගැනීම වඩා සුදුසුය. ඒවායින්ද Cortex-A8 හෝ ඉහළ හෝ එවැනි ARMv7 තාක්ශණය යොදාගෙන දියුණු කරනලද CPU නම් වඩාත් සුදුසුය.
ප්‍රොසෙසර තෝරාගැනීමේදී System on chip නැතහොත් SOC ඇසුරෙන් සැලකුවහොත් නව SOC බොහෝමයක ඇත්තේ cortex-A8 හෝ cortex-A9 සහිත CPU උපාංගවේ. එමනිසා CPU වලින් බැහැරව SOC තුළ ඇති එනෙකුත් උපාංග පිළිබඳව විශේෂයෙන් GPU පිළිබදව සැලකිලිමත් වීමට සිදුවේ.
වේගවත් ප්‍රොසෙසර මගින් වැඩසටහන් රාශියක් එකවර සුමටව ක්‍රියාකරවීම (multi tasking) 1080p හෝ 720p ලෙස ද්විමාන වීඩියෝ පටිගතකිරීම (HD video recording) හෝ නවතම අංගයක් ලෙද කැමරා 2 මගින් ත්‍රිමානව වීඩියෝ දත්ත ග්‍රහනය (3D HD video recording) කිරීම සහ ප්‍රභල GPU හා එක්ව high end වීඩීයෝ ක්‍රීඩා ජංගම දුරකතනයෙන් ක්‍රීඩා කිරීමේ හැකියාවද ලැබෙනුඇත.
- GPU [Graphics Processing Unit]
ඔබේ පරිගණකයට හොද GPU එකක් නැතහොත් හොද වීඩියෝ කාඩ් එකක් අවශ්‍ය වන තරමටම අද පවතින smartphone සදහාද වේගවත් ප්‍රභල GPU එකක අවශ්‍යතාවය ඇතිවී ඇත. සාමාන්‍ය වීඩියෝ ක්‍රීඩා කිරීමට පමණක් නොව ඉහළ තත්වයේ ත්‍රිමාන (3D) පරිශීලක අතුරුමුහුණත් (user interface) භාවිතය සදහාද HDMI out හෝ එකවර බාහිරින් පිහිටි තිර කීපයකට රූප දත්ත සැපයීම සහ high end වීඩියෝ ක්‍රීඩා සදහා (console level gaming) ප්‍රභල GPU අවශ්‍ය වේ.
සාමාන්‍ය smartphone එකකට උවද පරිශීලක අතුරු මුහුණත (user interface) සුමටව ක්‍රියාකරවීම සදහා සහ වීඩියෝ ක්‍රීඩා සදහා GPU එකක අවශ්‍යතාවය මතුවේ. බොහෝ පැරණි smartphone වල GPU වල කාර්යයන්ද කළේ CPU මගිනි. එහෙත් එය සාපේක්ෂව අකාර්ක්ශම වන්නේ GPU තරම් CPU එකක් ග්‍රැෆික තොරතුරු සැකසීමට කාර්යක්ශමව යොදාගත නොහැකි නිසායි. මේ නිසා ඔබ smartphone එකක් තෝරගැනීමේදී එහි GPU එක පිළිබඳවද සැලකිල්ලක් දැක්වියයුතුය. අවම වශයෙන් GPU එකක් එහි වෙනම (dedicated) අන්තර්ගත කර ඇත්ද යන්නවත් සැලකිය යුතුය.
දැනට පවතින SOC වල අන්තර්ගත කර ඇති GPU වලින් Tegra 2 SOC සහිත smartphone වල අන්තර්ගත Tegra 250 (or higher), Adreno 205 or higher Marvell Armada 618 සහ Galaxy S මාදිලි වල පවතින PowerVR SGX 540, Mali-400MP වැනි GPU ඉහළ මට්ටමේ හැකියාවන් පෙන්වයි.
- Smart Phone මතක ගබඩාව [memory storage]
Smartphone වල භාවිතා කරන මතක ගබඩා ප්‍රධාන ලෙස කොටස් දෙකකට වෙන් කළ හැකිය.
පළමු වර්ගය පරිගණක වල ප්‍රධාන මතක (RAM) වල තිබෙන චංචල මතකයයි (volatile memory) එනම් RAM එකක අප දත්ත ගබඩා කළද විදුලිය විසන්දි කළ විගස එම දත්ත නැති වන නිසා එයට චංචල මතකය යැයි කියනු ලැබේ. මෙම මතක ඉතා වේගවත් සහ සාපේක්ශව මිල අධික වේ.
අනෙක් වර්ගය නම් non-volatile memory නැත්නම් අචල මතකයයි. මෙම මතක වර්ගයට විදුලිය නොමැතිව උවද දත්ත වලට හානියක් නොවී ගබඩා කර තබාගන්නට හැකියාව ඇත. අපිට බොහෝ සෙයින් හුරු පුරුදු flash drive වල ඇත්තේද මෙවැනි මතක වර්ගයකි. සාපේක්ශව වේගය සහ මිල අඩුය. non-volatile memory වර්ග රාශියක් ඇති අතර smartphone එකක මේවා භාවිතා වන්නේ අභ්‍යන්තර මතක සදහායි. අභ්‍යන්තර මතකය බොහෝ විට Flash මතකයක් වන අතර සියලුම වර්ගයේ ලිපිගොනු හා දත්ත ඔබගේ smartphone එකෙහි ගබඩා කිරීම සදහා උපකාරී වේ.
- පුළුල් කළ හැකි මතකය [expandable memory]
ඔබගේ smartphone එකෙහි අභ්‍යන්තර මතකය කුඩා එකක් නම් හෝ තවත් මතක ගබඩාවක් ඔබට අවශ්‍ය නම් පිටතින් මතක කාඩ්පත් (memory card) සවි කළහැකි පරිදි බොහෝමයක් smartphone වර්ග නිපදවා ඇත. මේ සදහා විශේෂ වූ card slot එකක් අදාල smartphone වල දැකියහැක. Micro SD., Mini SD, MMC වැනි මතක කාඩ්පත් අතරින් අද බහුලවම භාවිතා වන Micro SD කාඩ්පත් ගැන පමණක් මෙහිදී අවදානය යොමු කිරීමට බලාපොරොත්තු වේ.
01.Micro SD Card (Micro Secure Digital) සහ Micro SDHC (Micro Secure Digital High Capacity)
මෙම flash memory card වර්ගය විවිධ ධාරිතා වලින් මිලදී ගතහැකිය. 128MB පමණ සිට 32GB පමණ දක්වා වූ කාඩ්පත් අද වෙළදපොළේ දැකියහැකි වුවත් වඩාත් සුලබ වන්නේ 1GB, 2GB, 4GB, 8GB සහ 16GB ප්‍රමාණයේ මතකයන්ය.ධාරිතාව අනුව ගත් කළ MicroSD කාඩ්පත් 4GB පමණ දක්වාද ඊට ඉහළ ධාරිතා සදහා නව පරපුරේ MicroSDHC කාඩ්පත්ද භාවිතා කළයුතුය.එහෙත් Micro SD සදහා සහාය දක්වන සියලු smartphone වර්ග Micro SDHC සදහා සහාය නොදක්වන නිසා memory කාඩ්පත් මිලදී ගැනීමේදී ඒවා ඔබගේ smartphone එක සදහා ගැලපෙනවාදැයි සැලකිලිමත් වියයුතුය.මෙහිදී අප සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ වන්නේ මෙම කාඩ්පත් වල දත්ත හුවමාරු වේගයයි නැතහොත් දත්ත ලියන සහ කියවන වේගයයි (read/write speed).
02.MicroSD and M2
Micro SD කාඩ්පත් ඒවායේ දත්ත හුවමාරු වේග අනුව class වලට බෙද ඇත. මෙසේ class 1, 2, 4, 6, 10 ආදී ලෙස සදහන් කළ Micro SD කාඩ්පත් ඔබට මිලදීගත හැකිය. මෙහි class 1 යනු අඩුම වශයෙන් 1MBps ලිවීමේ වේගයක් (writing speed) සහිත වියයුතුය යන්න සම්මතයයි. උදා: මෙසේ class 6 සදහා එම අගය 6MBps වේ.
වේගවත් කාඩ් මගින් ඔබට ඉක්මනින් දත්ත ගබඩා කිරීම හා ලබාගැනීම කළහැකිය. විශේෂයෙන් වැඩි ධාරිතා සහිත (8GB~16GB) කාඩ්පත් සදහා අවම වශයෙන් class 4 වර්ගයේ Micro SD කාඩ්පතක් වත් තෝරාගැනීමට සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම HD video recording (720p) සදහා අවමය class 4 සහ 6 අතරද Full HD video recording (1080p) සදහා class 10 ද යොදාගැනීම වඩාත් සුදුසුය.
මෙයින් කියවෙන්නේ අදාල smartphone එකෙහි මතක කාඩ්පත smartphone එක ක්‍රීයාකාරීත්වයේ තිබියදීම ඉවත්කළහැකි හෝ ඇතුළු කර හදුනාගෙන ක්‍රියාකාරී කළහැකි වීමයි. Smartphone එක ක්‍රියා විරහිත කිරීමක් හෝ restart කිරීමක් ඒ සදහා අවශ්‍ය නොවේ. සෑම smartphone එකකම මෙම හැකියාව නොමැති බව සලකන්න.
- RAM [Random Access Memory] මතකය
Smart Phone තුළ ඇති RAM එකක ක්‍රියාවද පරිගණකයක ක්‍රියාවටම සමාන නිසා ඒ පිළිබඳව වැඩි දුර විස්තර නොකර RAM භාවිතය පිළිබඳව සලකා බලමු.Smartphone මෙහෙයුම් පද්දතිය හා වැඩසටහන් (application) දෙකෙන්ම RAM පරිභෝජනයට ගනී. ඒ තම කටයුතු වලදී ඉතා ඉක්මනින් අවශ්‍ය වන දත්ත ගබඩා කර තබාගැනීමටයි. RAM මතකය අධිවේගී එහෙත් චංචල මතකයකි. එනම් විදුලි බලය විසන්දි කරවිට එහි දත්ත මැකී යයි. මේ නිසා වැඩසටහන් වල ප්‍රතිදාන දත්ත ගබඩා කිරීමටත් වෙනත් දත්ත ගබඩා කිරීමටත් smartphone එකක අභ්‍යන්තර මතකයක්ද (internal memory) පවතී. මෙය බොහෝ විට අචල මතකයකි (flash memory).විශාල RAM මතක සහිත smartphone වලට වඩාත් සංකීරණ වැඩසටහන් ක්‍රියා කළ හැකිය (ප්‍රොසෙසරය ආ අනෙක් තත්ත්වයන් සහිත නම්). එමෙන්ම වැඩසටහන් කීපයක් එකවර ක්‍රියා කරවීමට හැකියාව ලැබේ.
දැනට පවතින සුලබවම මෙහෙයුම් පද්දතිය වන ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දති සහිත smartphone සදහා උපරිම ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට නම් මදක් වැඩි RAM ප්‍රමාණයක් අවශ්‍ය බැවින් පහත අවම සීමාවන්ට යටත්වව එම smartphone තෝරාගැනීමට සැලකිලිමත් වන්න.
Android 1.5 >> 128MB RAM or more Android 1.6~2.1 >> 192MB RAM or more Android 2.2 or ++ >> at least a 256MB RAM to run OS and other applications smoothly
උපුටා ගැනීම
http://www.softwarenomile.org/2012/02/smart-phone.html
සියලු ගෞරවය කතෘට හිමිවිය යුතුයි...
Last edited by Dr. NAC; 02-21-2012 at 02:46 PM.
|
 |
Senior Member
|
|
Posts: 2,009
Join Date: Jan 2012
|
|
|
02-21-2012, 01:44 PM
bump
|
 |
Senior Member
|
|
Posts: 13,768
Join Date: Jan 2009
Location: ළිඳේ ♥♥♥♥
|
|
|
02-21-2012, 02:01 PM
 gud post
|
 |
Senior Member
|
|
Posts: 5,646
Join Date: May 2010
Location: Beveryhills-Ruwanwella
|
|
|
02-21-2012, 02:05 PM
bump
|
|
Senior Member
|
|
Posts: 820
Join Date: Jul 2008
Location: ලoකාවෙ
|
|
|
02-21-2012, 05:29 PM
godak thorathuru thiyanawa passe kiyawanna ona rep
|
 |
Senior Member
|
|
Posts: 80,944
Join Date: Sep 2006
Location: ~ඤාව්~
|
|
|
02-21-2012, 07:06 PM
Quote:
Originally Posted by Dr. NAC
|
මේ මොන හොරෙක්ද යකෝ
මේක මහන්සි වෙලා ලියල දැම්මෙ මම elakiri.com එකේ
|
 |
Senior Member
|
|
Posts: 12,538
Join Date: May 2006
Location: In La Srinka
|
|
|
02-21-2012, 07:06 PM
|
 |
Senior Member
|
|
Posts: 4,857
Join Date: Nov 2011
|
|
|
02-21-2012, 07:30 PM
|
 |
Senior Member
|
|
Posts: 80,944
Join Date: Sep 2006
Location: ~ඤාව්~
|
|
|
02-21-2012, 07:37 PM
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|