Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

    ක්‍රි.පූ 2 සියවසේදී කාවන්තිස්ස මහරජුගේ නැගණිය වූ සෝමාවතී දේවිය හා ගිරි අභය කුමරු විසින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දකුණු දළදාව නිදන්කොට ඉදිකරන ලද පොළොන්නරුවේ ඵෙතිහාසික සෝමාවතීය වන්දනා කරන්නට ලොකු කාලයක ඉඳන් බලාපොරොත්තුවක් තිබුණා.. අප්‍රේල් 11 වෙනිදා පිටත් උනා පවූලේ අයත් එක්ක ... මේ ගමන මම හිතුවා එළකිරි අයත් එක්ක බෙදාගන්න.. කට්ටියට යනවනම් මේකෙන් දල අදහසක් ගන්න පුළුවන් නේ ? :D


    කොළඹින් පිටත් වෙලා කුරුණෑගල දඹුල්ල පාරෙන් ( A6 ) ගිහින් මින්නේරිය හරහා තමයි ගමන් මාර්ගය උනේ .. :D


    හබරණ කැලය හරහා යමින් :D

    dsc01468df.jpg


    මින්නේරිය ජාතික උද්‍යානය අසල පුවරුවක් :)

    dsc01473wy.jpg


    මින්නේරිය වැවේ එක කොටසක් හබරණ මින්නේරිය මාර්ගය අසලදී :D

    dsc01474n.jpg


    මේ වාහනයෙන් තමා අපි ගමන ගියේ :love:

    dsc01481h.jpg


    මින්නේරියේදී උදෑසන ආහාරය ගැනීම සඳහා අපූරු තැනක් තියෙනවා .. මෙය (Gunners Club )යුද හමුදාව මගින් පාලනය වන්නක් .. මෙහි පෙරේරා ඇන්ඩ් සන්ස් මගින් පවත්වා ගෙන යන ආපන ශාලාවක් තියෙනවා .. උදෑසන මෙන්ම දිවා ආහාරද ඉතා පිරිසිදු ලෙස මෙහිදී ලබාගත හැකිය .. :yes:

    dsc01482s.jpg


    මෙය තුලදී ඔබට අවශ්‍ය නම් කාමර පහසුකම් ද පිහිනුම් තටාක භාවිතයටද යුද හමුදාව විසින් පහසුකම් (Gunners Club ) සලසනවා :P

    dsc01485kn.jpg


    එළියේ තියෙනවා යුද හමුදාව විසින් භාවිත කරන ලද බෝපර්ස් වර්ගයේ තුවක්කුවක් .. එළකිරි සාමාජිකයන්ව මතක් වූ නිසා මම මෙහි පින්තූරයක් ගන්නත් මම අමතක කරේ නෑ බලන්නකෝ මෙතනින් මේකේ විස්තරේ .. :D

    dsc01483yf.jpg


    dsc01484fz.jpg


    මේ ගමනේදී විශාල උපකාරයක් වූ මගේ ජී. පී. එස් එක .. (පොළොන්නරුවේ සෝමාවතිය වැඳලා අපි ආපහු ගියේ අනුරාධපුරයට සියලුම සිද්දස්ඨාන මග නොඇර බැලුවේ මෙයා හින්දා ) :P


    dsc01486u.jpg


    හින්ගුරක්ගොඩින් සුංගාවිල ග්‍රාමය පසු කරන මාර්ගය ..මෙයා ඉතාම පටු වලවල් තියෙන මාර්ගයක් .... :oo:

    dsc01487u.jpg


    මේ තියෙන්නේ සුංගාවිල ගම අවසන් කොට සෝමාවතී රක්ෂිතයට ඇතුල්වන දොරටුව .. මෙතනට අපේ විස්තර යුධ හමුදාවට ලබා දිය යුතු වෙනවා .. .. :D

    dsc01488ho.jpg


    dsc01489k.jpg



    මේ තියෙන්නේ දොරටුව අසලම පාලමක් .. සහ එය මතින් ගත පින්තූරයක් :D

    dsc01490uv.jpg


    dsc01491xx.jpg


    සෝමාවතිය වෙත දිවෙන බොරළු පාර .. වැස්ස දවසක කොහොම ඇත්ද මේ පාර ? :rolleyes:

    dsc01492p.jpg


    දැන් මෙම මාර්ගය කොන්ක්‍රීට් කරමින් පවතිනවා .. එය ලොකු උපකාරයක් වේවි ඉදිරියීදී සියලුම වන්දනාකරුවන් හට .... වැඩ නිම කරපු ටිකේ නම් 100 විතර ගියා මම :P

    dsc01493q.jpg


    dsc01494vm.jpg


    මේක එරික් ස්වෝන් නම් සුදු ජාතිකයාට අලියෙක් විසින් පහර දුන් තැන .. මෙහි සෙල්ලිපි කිහිපයකුත් තියෙනවාලු .. මෙයා හඳුන්වන්නේ එරික් ස්වෝන් ගල කියල .. මේක උඩ නැග්ගම අලි බලන්න පුළුවන්ලු .. අපි යන ගමනේදී නම් අලි වලස්සු නම් දැක්කේ නෑ .. දැක්කේ මොනරු විතරයි... :(

    dsc01495i.jpg


    පාර කොන්ක්‍රීට් කරන්නේ ගල ගැල්මවල් වලට ඔරොත්තු දෙන විදිහට .. කොන්ක්‍රීට් බේස් වලට බොරළු පොරවා තලා යලි කොන්ක්‍රීට් කර වසා දැමීමෙන් :D


    dsc01496u.jpg


    ඔන්න දැන් සෝමාවතිය පේන දුරින් .. හිත නිවන දර්ශනයක් උනා මට නම් :D

    dsc01497v.jpg


    මේ තියෙන්නේ ප්‍රධාන වාහල් කඩ :D

    dsc01498ol.jpg


    බුදු රැස් විහිදෙන සුන්දර සෝමාවතිය :)

    dsc01499p.jpg


    මූර්තිමත් කල හස්ති පොකුණේ හස්තිරාජයෙක් :)

    dsc01500p.jpg


    හස්ති පොකුණේ සම්පූර්ණ දර්ශනයක් :)

    dsc01501q.jpg


    සෝමාවතියෙහි ප්‍රදාන පිවිසුම මතින්

    dsc01502a.jpg


    බෝධිය හා සමාධි බුදුපිළිම වහන්සේ

    dsc01503rh.jpg


    සෝමාවතී සෑරදුන්

    dsc01504qq.jpg


    dsc01505l.jpg


    උදෑසන ව්‍යංජන 32 රාජකීය බුද්ධ පූජාව බැතිමතුන් පිරිසක් විසින් පවත්වමින් .. මෙය ඉතා පුණ්‍ය කටයුත්තක් බැව් අසා ඇත්තෙමි .. රුපියල් 7500/- ගෙවා මෙම කටයුත්ත සඳහා ගෙවා දිනයක් වෙන් කරවාගෙන මෙයට දායකවිය හැකිලු .. :yesL

    dsc01506rc.jpg


    dsc01507ti.jpg


    සොමවතියේ තවත් දර්ශන කිහිපයක්

    dsc01508x.jpg


    dsc01509dc.jpg


    dsc01510q.jpg



    බුද්ධ පූජාව සඳහා සියලු දෙනා පංච ශීලයෙහි පිහිටුවමින්

    dsc01511z.jpg


    බෝධිය අසල මල් අසුනේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

    dsc01512em.jpg



    බෝධිය අසල ප්‍රධාන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ .. මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ වසන කොන්ක්‍රීට් ස්ථර සියල්ලම ගං වතුරෙන් යට උනාලු .. උඩට පෙනෙන්න තිබුනේ බුද්ධ ප්‍රතිමා වහන්සේ විතරලු !! ගං වතුර කාලවලත් නොකඩවා බුද්ධ පූජාව ඔරු බෝට්ටු වලින් ඇවිත් නොකඩවා සිද්ධ කරන බවයි ආරංචිය !! මෙහි දැන් නවතන් පහසුකම් තියෙනවා විහාරධිපති හිමියන් අමතා කලින් නවතන් අවශ්‍ය නම් වෙන්කරවා ගන්න පුළුවන්ලු .. යුද හමුදාවට අයත් කඳවුරක් හා පොලිස් ආරක්ෂාවත් මෙහි තිබෙන බැව් දුටුවෙමි .. ඔවුන් කැපවීමෙන් ගිනි අව්වේ හා ගං වතුර කාලේදී කැපවී කරන මෙහෙය හා මේ කොටි උවදුර තිබ්බානම් අපිට මෙය වන්දනාව හුදු සිහිනයක්ම වෙනවා නොඅනුමානය !!


    dsc01513m.jpg


    dsc01515u.jpg


    dsc01514x.jpg


    චිරාත් කාලයක් සෝමාවතිය පවතීවා !! දකුණු දළදාවේ පිහිට ආරක්ෂාව මගේ මව් බිමට ලැබේවා !! යන්න මගේ ඒකායන බලාපොරොත්තුවය .. :yes:

    ස්තුතියි !! සුබ නව වසරක් වේවා සියලු දෙනාටම !! :D
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    dsc01509dc.jpg


    me pic eka lassanai...hondata anith photos aran thiyenawa...
    thx apith ekka athdekim bedagaththata ayya...:D

    oyatath pawle ayatath subama suba nawa wasarak wewa..!:D

    maath asa okata malli :D budda poojawa welawe special pic ekak thiyenawa affa :D eka aththada manda :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අපි ගියේ ගිය අවුරුද්දේනේ..... ඒ සැරේට වඩා, මෙදා හොදටම පාරවල් ටික වගේම, සෝමාවතියත් හදලනේ..... :yes: දැන් හෙට අනිද්දා, පොලොන්නරු ගියහම ආයෙත් යන්න හිතෙනවා සෝමාවතිය වදින්න.... :yes:

    කොහොමද තරි අංකල් රස්නේ එහෙම...... :D


    http://www.elakiri.com/forum/showthread.php?t=1113259 මෙන්න පොඩි ස්පෑම් පාරක්...... :) ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ගියේ ගිය අවුරුද්දේනේ..... ඒ සැරේට වඩා, මෙදා හොදටම පාරවල් ටික වගේම, සෝමාවතියත් හදලනේ..... :yes: දැන් හෙට අනිද්දා, පොලොන්නරු ගියහම ආයෙත් යන්න හිතෙනවා සෝමාවතිය වදින්න.... :yes:

    කොහොමද තරි අංකල් රස්නේ එහෙම...... :D


    http://www.elakiri.com/forum/showthread.php?t=1113259 මෙන්න පොඩි ස්පෑම් පාරක්...... :) ;)

    රස්නේ දැනෙන්නේ බන් සෙරප්පු නැතුව යනකොට තමා ... හුලං පාර තියෙන නිසා රස්නේ දැනෙන්නේ නෑ බන් !! :D
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    එල එල ලස්සන ෆොටෝස් ටික. :):)


    කෝ බන් අර උබ හොරෙන් කුට්ටම් පොකුණට බහින්න ගිහින් එතන ඉන්න මුරකාරයා එලවාගෙන ආපු එක :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    dsc01487u.jpg


    හින්ගුරක්ගොඩින් සුංගාවිල ග්‍රාමය පසු කරන මාර්ගය ..මෙයා ඉතාම පටු වලවල් තියෙන මාර්ගයක් ....

    තරි, ඈයි හිගුරක්ගොඩින් සුංගාවිල ගියේ....?? :rolleyes: පොලොන්නරුවේ ඉස්පිරිතාල හංදියෙන් තමා යන්න ඕනා සෝමාවතී...... :yes: Hospital Junction එකේ ඉදන් හරියටම 44 Km :)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    dsc01481h.jpg


    මූට කෝල් එකක් දෙන්න ඕනේ බන් අර දවල්ට කාපු තැන අහගන්න. මු හොරෙන් රිංගන තැන :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේ තියෙන්නේ සුංගාවිල ගම අවසන් කොට සෝමාවතී රක්ෂිතයට ඇතුල්වන දොරටුව .. මෙතනට අපේ විස්තර යුධ හමුදාවට ලබා දිය යුතු වෙනවා .. ..


    dsc01488ho.jpg



    dsc01489k.jpg



    ඔතන තියෙන මුරපල, කොටි හපුට්ටෝ විසින්, කැති ගාලා තියෙනවලු...... :( :angry: අපි ගියපු දවසේ නම්, ඔහොම චෙක් කිරිල්ලක් කරේ නෑ..... :no: අඩුම තරමේ නවත්වලා බැලුවේ වත් නෑ..... :no: :D :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල ලස්සන ෆොටෝස් ටික. :):)


    කෝ බන් අර උබ හොරෙන් කුට්ටම් පොකුණට බහින්න ගිහින් එතන ඉන්න මුරකාරයා එලවාගෙන ආපු එක :rolleyes::rolleyes:

    :lol::lol: anuradhapura ewwa damme naa ban thaama ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ තියෙන්නේ සුංගාවිල ගම අවසන් කොට සෝමාවතී රක්ෂිතයට ඇතුල්වන දොරටුව .. මෙතනට අපේ විස්තර යුධ හමුදාවට ලබා දිය යුතු වෙනවා .. ..


    dsc01488ho.jpg



    dsc01489k.jpg



    ඔතන තියෙන මුරපල, කොටි හපුට්ටෝ විසින්, කැති ගාලා තියෙනවලු...... :( :angry: අපි ගියපු දවසේ නම්, ඔහොම චෙක් කිරිල්ලක් කරේ නෑ..... :no: අඩුම තරමේ නවත්වලා බැලුවේ වත් නෑ..... :no: :D :)


    oka balanne ape akarshawatane ban ? :eek:
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka

    චිරාත් කාලයක් සෝමාවතිය පවතීවා !! දකුණු දළදාවේ පිහිට ආරක්ෂාව මගේ මව් බිමට ලැබේවා !! යන්න මගේ ඒකායන බලාපොරොත්තුවය ..



    :yes::yes::yes::yes::yes:

    මෙ පින්තුර ශෙයර් කරාට ගොඩක් පින් සොමවති විහාරය වැදපුදාගන්ඩ පින්කරල තියෙන්ඩ ඕන මචන්..ලස්සන පොටොස්..බුදු සරණයි!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes::yes::yes::yes:

    මෙ පින්තුර ශෙයර් කරාට ගොඩක් පින් සොමවති විහාරය වැදපුදාගන්ඩ පින්කරල තියෙන්ඩ ඕන මචන්..ලස්සන පොටොස්..බුදු සරණයි!

    බුදුසරණයි !! සුභ අලුත් අවුරුද්දක් වේවා !!