ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර
ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - පළමු පියවර
අපි ජීවත් වෙන්න ආසයි , නිරෝගීව සතුටින් ජීවත්වීම තමයි අපේ බලාපොරොත්තුව , ඒත් ඒ බලාපොරොත්තුව නැති කරන , අපව රෝගී කරන , එසේ මෙසේ නොවෙයි බෙහෙතක් නැතිවම මැරිළ යන්නට සිදුවන “රෝග කාණ්ඩයක් “ අප වටේ කැරකෙනව කියල ඔබ දන්නවද ?
ඔව් , අපි අහමු බලන්න සුව කළ නොහැකි රෝගයක් නම් කරන්න කියල ? අපේ බොහොම දෙනෙක් කියාවි “ඒඩ්ස්“ කියල , ඔව් ඒක නිවැරදියි , ඒත් තවමත් ඒඩ්ස් තරමක් අපට දුරයි , ඒ වගේම නිවැරදි සෞඛ්‍ය සිරිත් භාවිත කරනව නම් ඒඩ්ස් ඇතිවෙන්න තියෙන අවස්ථාත් අඩුයි,
ඒත් ඔබ දන්නවද එක අතකින් බැලුවම ඒ වගේම , සමහර විට ඊටත් වඩා අනතුරක් අපි ළගම , අපේ ප්‍රදේශයේම සමහර විට දැනටමත් ඔබ ළග ඇති , ඒ තමයි Multi Drugs Resistant Organism සිංහලෙන් කිව්වොත් “බහු ඖෂධ ප්‍රතිරෝධී රෝග කාරකයින්“
දැන් අපි බලමු , “කවුද මේ , මොනවද කරන්නේ කියල“ , ඔබ දන්නව අපිට බොහෝ රෝග වැලදෙන්නේ , අපේ ඇසට නොපෙනෙන Bacteria , Virus වැනි ක්ෂුද්‍ර ජීවී කාණ්ඩවලින් කියල , උදාහරණයක් ලෙස නියුමෝනියාව ගත්තොත් නියුමෝනියාවේ වැඩි වර්ග ගණනක් අපට දෙන්නේ බැක්ටීරියා කාණ්ඩ වලින් , උණ සහ පාචනය එක්ව ඇති වන අවස්ථා වලින් වැඩි ප්‍රමාණයක් ඇති කරන්නේ වයිරස කාණ්ඩ වලින් ,
අතීතයේදි මෙවන් රෝග සදහා පවා දේව , යක්ෂ , ප්‍රේත බලපෑම් ඇතැයි විශ්වාස කළත් විද්‍යාත්මක දියුණුවත් එක්ක , ඊට හේතුවන නිවැරදි “වැරදි කාරයන්“ සොයා ගත්ත.
ඒ තමයි අපි නම් කළ “රෝග කාරක“ ක්ෂුද්‍රජීවින් , මම මෙතැනදී රෝග කාරක කියන එක් විශේෂයෙන් කිවුවේ අප අතරේ තියෙන වැරදි මතයක් නිවැරදි කරන්නයි , ඒ වැරදි මතය තමයි “ සියලු ක්ෂුද්‍ර ජීවින් රෝග ඇති කරනවා, “ කියන එක ,
හරි අපි ආයෙත් එමු අපේ මාතෘකාවට , දැන් අපි දන්නවා අපට බෝවන රෝග ඇති කිරිමට බැක්ටීරියා වයිරස් වැනි කාණ්ඩ හේතුවන බව , එතකොට ඒ රෝග සුව වීම වෙන්නේ කොහොමද ? ඔව් ඔබ කීවා හරි , එකක් අපේ ඇගේම තියෙන ප්‍රතිශක්තීකරණ හැකියාව Immunity කියන එක (ඒක දිග මාතෘකාවක් වුනත් අපිට දැනට අවශ්‍ය ප්‍රමාණය විතරක් කතා කරමු) අනික තමයි කෘතිමය දේහ ගත කරන ඖෂධ , විශේෂයෙන්ම ඉහත දැක්වූ වැනි අවස්ථා වලදි දේහ ගත කරන ප්‍රතිජීවක Antibiotics ,
දැන් අපේ මාතෘකාවේ නියම තැනට , ඒ කියන්නේ සටන් මලුවට එනවා , ඇත්තටම මේ antibiotics වලින් කොහොමද ලෙඩ හොද වෙන්නේ , ?
ඒක ක්‍රම කිහිපයකට සිදුවෙනවා , කෙටියෙන් කිව්වොත් අර රෝග කාරකයා එක්ක ලොකු සටනක් සිදුකරල ඔවුන්ව මරළ දාල තමයි අපේ රෝග තත්තවය (බෝවන රෝග තතත්තවය) සුව කරල දෙන්නේ , මේ සටනෙදි අපේ ත්‍රිවිධ හමුදා වගේම කෙළින්ම බැක්ටීරියාවාට පහරදීල මරළ දැමීම වගේම අපේ බුද්ධි අංශ වගේ ගිහින් බැක්ටීරියාවගේ ආහාර ගබඩා , පැටවු දැමීමේ හැකියාව , එක් රැස් වන ස්ථාන වැනිදේ වක්‍රානුකූලව විනාශ කරල රෝග කාරකයා දුර්වල කිරීමත් මේ antibiotics සිදු කරනවා
ඉතින් මේ විදියට විවිධ පැති වලින් නිවැරදිව පහර දුන්නොත් තමයි මේ යුද්දේ ඉවර වෙලා අපේ ලෙඩ හොද වෙන්නේ , ඒ සදහා හොදම බල ඇණි තෝරල නිවැරදි සටහනට යොමු කරවිම සිදු කරවන්නේ දක්ෂ වෛද්‍යවරයෙක් විසින් . එත් දවසක මේ යුද්දෙදි අපේ antibiotics පැරදිලා Bacteria දිනුවොත් ????????????????????????
එහෙම කොහොමද වෙන්නේ , අපි කතාකල මේ සටනෙදි රෝග කාරක බැක්ටීරියාවො ටිකක් නොමැරි ඉතිරි වුනොත් මොනවා වෙයිද ? ඒක හරියට අර සාම සාකච්ඡා කාළෙ වගේ වේවි , ඒ බැක්ටීරියාවො ටිකකට පසුබාල ගිහින් හැංගිලා රහසේ තවත් බල ඇණි හදනවා , ඒ බැක්ටීරියා බල ඇණිය වෙනදට වඩා විශේෂයි , මොකද දන්නවද ? එයාල දන්නවා අපි පාවිච්චි කළ යුද උපක්‍රම , Antibiotic ගැන , ඒ තොරතුරු සහ ඒවායින් ගැලවෙන විදිය හොදල උගන්වල , රෝග කාරක බැක්ටීරියාවො වෙනත් දවසක අපට පහර දෙනව ,
එතකොට ,.... ඔව් අපිට ආයෙත් අර බෝවන රෝගය හැදෙනවා ,.... අපි වෛද්‍යවරයා ගාවට ගියාම ඔහු අවශ්‍ය නියමත Antibiotic වර්ගය නියම කරාවි , මොකද ඔහු තවමත් දන්නේ නැහැ අපේ ඇග ඇතුලෙ ඉන්නේ වෙනදට වැඩිය දරුණු ත්‍රස්තවාදියො කියල , .....දැන් මොකද ඔබ හිතන්නේ අපේ ලෙඩේ හොද වෙයිද ?
නැහැ , අපේ රෝගය සුව නොවෙනවා විතරක් නොවෙයි , එය දරුණු අතට පත් වෙනවා , අපි ආයෙත් දුවනවා වෛද්‍යවරයා ලගට , ඔහු දැන් නියම කරාවි High antibiotic වර්ගයක් , ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රතිජීවකයකට වඩා ප්‍රබල ඖෂධයක් , සමහර විට මේ වාරයේ ඔබේ රෝගය සුවවේවි , එත් ඔබ හිතන්න මෙවරත් රෝග කාරක Bacteria බැක්ටීරියා ඉතිරි වුනොත් මොනවා වේවිද ? ????????????? ඔව් ඔබ හරි ඊළග වතාවේ මීටත් වඩා දරුණු රෝග තතත්වයකට අපි පත්වෙනවා කියන එක , ඒ වගේම ඊළග වතාවේ තවත් ප්‍රබල ඖෂධයක් ඕන කරනවා ලෙඩේ හොද කරන්න නේද ?.....
එත් දවසක අපිට පරදින්න වෙනවා , මොකද අපේ විද්‍යාඥයින්ට Antibioticවර්ගයක් නිහ්පාදනය කරන්න වසර ගනනාවක් යනවා , එත් බැක්ටීරියාවන්ට අලුත් වෙවී අපට ලෙඩ කරවන්න යන්නේ දවස් ගණනක් විතරයි , ඒ නිසා එක දවසකදි මේ Bacteria වන් අපිට තියෙන සියලු Antibiotics ගැන දැනගත්තොත් මොකක් වෙයිද ?
උත්තරේ හරිම සරළයි , ඒ වගේම අදහාගන්නත් බැරි තරම් භයානකයි , අපිට සිදුවන්නේ උණ හෙම්බිරිස්සාව වාගේ එහෙම නැත්නම් තුවාලයක් පැසවිම වගේ තතත්වයකින් අකාළෙ මැරිල යන්න ..එහෙම වුනොත් ????????????? සමහර විට ඔබ කියාවි මේක විද්‍යා ප්‍රබන්ධයක් කියලා . ... නැහැ අද අපේ රටෙත් මෙම තත්වය තියෙනවා .ඒ අවදානම ඉතා සීග්‍රයෙන් වැඩිවෙනවා , (මෙබදු ඉතා අවදානම් රෝගීන් සිය ගණනක් අප ඒකකයේ ප්‍රතිකාර ලබා තිබෙනවා....ඒ මෙම රෝග තත්ත්ව වලට ප්‍රතිකාර කිරීමටම වෙන්වුනු ඒකළන ප්‍රතිකාර ඒකකයෙදී Isolation Care Unit .)
ඔව් මෙන්න මේ තතත්වය තමයි Multi Drug Resistance කියල නම් කරන්නේ , දියුණු රට වල ඉතා වැඩි අවදානයක් යොමු වුනු තතත්වයක් , මට හිතෙන විදියට අපේ අවදානය තවමත් ඒ ගැන අඩුයි .....
මෙම අනතුර ගැන ඔබ දැනුවත් වන්න , ප්‍රජාව දැනවත් කරන්න , එහිදී අපේ සියලු බ්ලොග් මිතුරන් දැනුවත් කිරීමට මෙම ලිපිය උපකාර කරගන්නා මෙන් ඉල්ලා සිටින්නේ එමගින් වැඩි ප්‍රජාවක් තුලට මෙම පණිවිඩය ගෙන යා හැකි නිසාවෙනි.
ඔබේ සමිතිය යව්වන සමාජය හෝ එකමුතුව තුල මේ පිළිබද දැනුවත් කිරීම් සිදු කරන්න , එය හෙට දවසේ ආරක්ෂාවට ඔබ ගන්නා අමිල සේවයකි .........
හිත ගැහෙන ගත කහන ෆෝන් මකුළුවා(ALL INfOrmAtion) ත්‍රේඩ් එකට මෙතන ලින්කුවට යන්න....
http://www.elakiri.com/forum/showthread.php?t=1437866
ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - දෙවන පියවර ත්‍රේඩ් එකට http://www.elakiri.com/forum/showthread.php?p=12791878#post12791878
via:sodurusuwasewana

ඊටත් වඩා අනතුරක් අපි ළගම

අපි මීළග ලිපියෙන් මෙම අනතුර ගැන තවදුරටත් තොරතුරු විමසන අතරේ අපි ආරක්ෂාවන්නේ කෙසේද කියලත් සොයමු ,.......
අපි මේ ලස්සන කෙනාගේ අවලස්සන වැඩ ගැන කතා කරමු පසුවට....

Last edited: