[අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [02] [ශ්‍රී ලංකාව]

    Cover-02.jpg

    පිංතූරය නොපෙනේ නම් ලින්කුව භාවිතා කරන්න.

    නවීන් දිල්ෂාන් වල්පිට පදිංචිව සිටි සුරේෂ් සංජීව රූපසිංහගේ හා නදිනි නිසංසලාගේ එකම පුතාය. වයස අවුරුදු තුනකි. පුංචි මල් පොහොට්ටුවක් වැනි පුංචි නවීන් ජීවත්වෙන්නට පින් කර තිබුණේ නැත.

    කෝඩියල් බෝතලයක තිබූ විෂද්‍රව්‍යයක් නිසා නවීන් හදිසියේම මරණයට පත්විය. ඒ නවීන්ගේ පියා සාදා දුන් කෝඩියල් බීම වීදුරුව පානය කිරීම නිසා ය. නවීන් පමණක් නොව ඇගේ කුඩා සොහොයුරිය ද රෝගාතුරවූවාය. ඇය හොරගස්මුල්ල ප්‍රාථමික විදුහලේ ඉගෙනුම ලබන්නීය. දරුවන් පමණක් නොව සුරේෂ්ගේ බිරියද රෝගාතුරව රෝහල් ගත කළාය.

    කොටදෙණියාව පොලිසිය නවීන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළේය. පොලිසිය කීවේ දරුවාගේ බාප්පා කෙනෙකු බව කියන පුද්ගලයකු දරුවාගේ පියාවූ සුරේෂ් සේවය කරන තැනට ගොස් කෝඩියල් බෝතලයක් දී ඇති බවය. පසුව එම බෝතලය ගෙදර රැගෙන ගිය සුරේෂ් කෝඩියල් බීම සාදා දරුවන්ට දී ඇත. කෝඩියල් බීම වීදුරුව ම නවීන් එදා බීවත් දුව පානය කර ඇත්තේ ස්වල්පයක් පමණි.

    “අම්මේ නයෙක් මගේ බඩ කෑවා....” කියමින් පුංචි නවීන් වේදනාවෙන් කෑගසන්නට විය. පසුව කුඩා දියණියත් සුරේෂ්ගේ මවත් රෝගාතුර වූහ. බීම සකසා ඇඟ පත සෝදා ගන්නට ගිය සුරේෂ්ට බීම බීමට වරම් තිබුණේ නැත. පශ්චාත් මරණ පරීක්ෂණ යේ තීරණය වූයේ විෂ වර්ගයක් ශරීර ගත වීමෙන් නවීන් පුතුගේ මරණය සිදු වී ඇති බවය. පොලිසිය සුරේෂ්ට කෝඩියල් බෝතලය දුන් සැකකාර බාප්පා සෙව්වේ ඉන් අනතුරුවය.

    පොලිසිය කාලයක් තිස්සේ සැකකාර බාප්පා අල්ලා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තේය. ඒත් ඒ කිසිදු පියවරක් සාර්ථක නොවීය. සුරේෂ් ද දන්නා කියන දේ පොලිසියට කීවේය.

    සැකකාර බාප්පාගේ බිරිය ඒ වනවිට සිටියේ විදෙස් ගතවය. ඔහු විවාහ වී සිටියේ සුරේෂ්ගේ බිරියගේ නැගණිය සමඟය. ඔවුන් අතර ඇතිවූ ආරවුලක් නිසා මෙම අවසනාවන්ත සිදුවීම වන්නට ඇතැයි පොලිසිය සැකකළේය. ඒත් සිද්ධියෙහි ඇත්ත නැත්ත දැනගැනීමට ඔහුව කොටුකර ගත යුතුම විය.

    සැකකාර බාප්පා ඒ වන විටත් තැන තැන සැඟවෙමින් වෙස් මාරු කරගනිමින් දුරකථන අංක වෙනස් කරමින් කාලය ගත කළේය. අවසානයේ සැකකරු කෙසේ හෝ කොටුකර ගැනීමේ ප්‍රයත්නය මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු අත් නොහැරියහ. අවසානයේ දී සැකකරු කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන්ට කොටු විය. ඒ කළුතර බෝධිය අසලට පැමිණෙමින් සිටියදීය. පෙම්වතියක මුණ ගැසීමට පැමිණි ඔහු පොලිස් නිලධාරීන්ට කොටු වනතුරු ඔහුවත් ඒ බව නොදැන සිටියේය.

    “අපි මිනිහව හෙව්වා, මිනිහගේ ෆෝන් එකේ ‘ඉමි’ අංකය පස්සේ ගියා.’

    “ටික දවසක් යන කොට මිනිහා ඒ ෆෝන් නොම්මරය මාරුකරලා තිබුණා. අපි අපේ තාක්ෂණ ක්‍රම උපයෝගී කරගෙන ඒ අංකයත් සොයා ගත්තා....”

    කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරියෙක් ‘මාංචුවට’ එසේ කීවේ සැකකරු අල්ලා ගැනීමට ගත් උත්සාහය යළි මතකයට නංවමිනි.

    ‘ඒත් මිනිහා එකතැනක රැඳුණේ නැහැ. ත්‍රිකුණාමලය, කිලිනොච්චි, මුලතිව් පවා ගිහින් තිබුණා. මිනිහගේ ෆෝන් එකේ ඉමි අංකයෙන් මිනිහා ගැවසෙන තැන් සොයා ගත්තා”

    කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් සැකකරු කොටු කර ගැනීම සඳහා පොලිස් කාන්තාවකගේ සහාය ලබා ගත්තේ ඉන් අනතුරුවය. සැකකරු ඒ වනවිට පාවිච්චියට ගනිමින් සිටින මොබයිල් අංකයට “මිස් කෝල් එකක්” දෙන ඇය ඔහු හා සම්බන්ධ වන්නීය.

    මිස් කෝල් එක කාගෙන්ද බලන්න මිනිහා ඒ ගෑනු ළමයාගේ මොබයිල් එකට කෝල් එකක් ගත්තා. එයා කිව්වා මට වැරදුණා වැරදි නොම්මරයක් ගත්තේ කියලා. මිනිහාට මේක සැකයි. ඒ වගේම මිනිහා කපටියා. මිනිහා ඇහැව්වා ඒ ළමයාගෙන් හරි එහෙනම් ඔයා ගත්ත නොම්මරය කියන්න කියලා. ගෑනු ළමයා යාළුවෙකුගේ නොම්මරයක් කිව්වා. මිනිහා ඒ නොම්මරයට ගනියි කියලා හිතලා ඉක්මනට යාළුවට කිව්වා. නාඳුනන නොම්මරයකින් කතා කළොත් මොනව හරි බොරුවක් කියන්න කියලා. අපි හිතුවා වගේම මිනිහා ඒ අංකයට කතා කළා. අර යාළුවත් බොරුවක් කිව්වා. එතැනින්, තමයි මිනිහා දිගටම ඒ ගෑනු ළමයට කතා කරන්න පටන් ගත්තේ.

    “අපේ ළමයාත් මිනිහාට පොඩි ලව් එකක් දැම්මා.’

    හෙතෙම කීවේය. ඉන්පසු දෙදෙනාගේ ආදර සම්බන්ධය දුරකථනය හරහා දුරදිග ගියේය.

    ‘මිනිහා ඇහැව්වා දවසක් ඔයා කොහේද ඉන්නේ කියලා. මේ ළමයා කිව්වේ මම ඉන්නේ පුත්තලමේ කියලා. කොච්චර කතා කළත් මිනිහට සැකයි මේ ළමයා ගැන. මිනිහා කිව්වා හරි එහෙනම් පුත්තලමේ කඩයකින් මට කෝල් එකක් ගන්න කියලා’.

    ‘එතකොට මේ ළමයා හිටියේ මීගමුවේ. මෙයා කිව්වා මම අම්මට බෙහෙත් ගන්න ආවා. තව පැයකින් විතර ගන්නම් කියලා.”

    “එත් එක්කම මෙයාව අපි පුත්තලමට යැව්වා. ගිහින් ලෑන්ඩ් ෆෝන් එකකින් මිනිහට කෝල් කළා. මිනිහා හිතුවා මේ කෙල්ල බොරු කරන කෙනෙක් නෙමේ කියලා.”

    ඒත් සැකකරුට ඇය ගැන තිබුණේ සැකයකි. ඔහු පසුපස කොයි මොහොතේ හෝ පොලිසිය පන්නන බව ඔහු හොඳාකාරව දන්නා නිසාවෙනි.

    “එකපාරක් මිනිහා කිව්වා මට ඔයාගේ ෆොටෝ එකක් බලන්න ආසයි මට ෆොටෝ එකක් mms කරන්න කියලා.....ඒත් අපි සැකකරු අල්ලගන්න යොදාගත් ඇය ඒ වනවිටත් ගැබ්ගත් මවක්. ඒ නිසා අපි එයාගේ යාළුවෙකුගේ ලස්සන පිංතූරයක් මිනිහට mms කළා. මිනිහා ආයෙත් මැසේජ් එකක් එව්වා ඔයා හරි ලස්සනයි. මම ආසයි ඔයා බලන්න කියලා...” අපිටත් ඕන වුණේ මිනිහාව තැනකට ගෙන්න ගන්න තමයි. ඒත් මිනිහා අපි හිතන තරම් ලේසියෙන් ආවේ නැහැ.’

    “දවසක් මිනිහා මෙයාට කිව්වා මට සල්ලි වගයක් ඕන. 1500/ක් බැංකුවට දානවද කියලා. මිනිහා එහෙම කළේ ඇත්තටම මේ කෙල්ල කොහේද ඉන්නේ කියලා දැනගන්න. සල්ලි දාන බැංකුව මොකක්ද කියලා බලන්න. අපි මෙයාව ආයෙත් පුත්තලමට යවලා පුත්තලමේ බැංකුවකින් මිනිහට රුපියල් 1500ක් යැව්වා.”

    “ඉන් පස්සෙ මිනිහා මෙයාව ටිකක් විශ්වාස කළා. හම්බවෙන්න දිනයක් දාගත්තා. මෙයා කිව්වා එහෙනම් ඔයා කළුතර බෝධිය ළඟට එන්න මම එතැනට එන්නම් කියලා. කෙල්ලවත් ලෑස්ති කරගෙන අපිත් සිවිල් ඇඳගෙන කළුතර ට ගියා.

    අපි කෙල්ලව කළුතර බෝධිය ළඟ තියලා තැන තැන රැඳිලා හිටියා. ඒ පාර මිනිහා කිව්වා මට දැන් එන්න බැහැ මට වැඩක් තියෙනවා ඔයා බස් එකේ නැගලා මාතරට එන්න කියලා.

    “ඒ පාර ගැණු ළමයා කිව්වා. මට මාතරට එන්න බැහැ. අනික තනියම මම ඔහේ එන්න දන්නෙත් නැහැ. කියලා ඒ පාර මිනිහා කිව්වා එහෙනම් ඔයා ඔතන ඉන්න මම දැන් මාතරින් බස් එකේ නගිනවා පැය දෙකක් වත් යයි එන්න කියලා. එතකොට කෙල්ල කිව්වා කළුතර කේශධාතු ප්‍රදර්ශනයක් තියෙනවා ; මම ඒකත් බලල පන්සලට වෙලා ඉන්නම් ඔයා ඉක්මනට එන්න කියලා. පොඩි ලව් පාට් එකකුත් දැම්මා.”

    “ඔය අතරේ මිනිහා බස් එකේ නැගලා වරින්වර මෙයාට කතා කළා. දැන් ගාල්ල දැන් බේරුවල ඔහොම කතා කර ආවා. ඇවිත් මිනිහා කිව්වා මම එන්නේ නිල්පාට සරමකුයි නිල්පාට බතික් කමිසයකුයි ඇඳගෙන. දැන්නම් කළුතරට කිට්ටුයි කියලා..”

    සැකකරු කොයි මොහොතේ හෝ බසයෙන් බසින බව දත් නිලධාරීන් ඊට සූදානම් වූයේ ඉන් පසුවය. උප පොලිස් පරීක්ෂක චාමර, සැරයන් සුගත් පන්නිල ඇතලුව උප පරීක්ෂක මහින්ද කළුතර කොළඹ දෙසට ඇති බස් නැවතුමෙන් රැඳුණහ. මහින්ද අත සැකකරුගේ ඡායාරූපයක් ද විය... ඒ ඔහු හඳුනාගැනීම සදහාය.

    ගතවූයේ මොහොතකි. ජැන්ඩියට හැඳ පැළඳගෙන අව් කණ්ණාඩියක් දමාගත් කනේ ඉයර් ෆෝන් එකක්ද ගසාගත් තරුණයෙකු මාතර බසයෙන් පැමිණ කළුතර බස් නැවතුමෙන් බැසගත් බව , උප පරීක්ෂක මහින්ද දුටුවේය. ඔහු වහා තම ජංගම දුරකථනයෙන් පන්සල තුළ සිටි සැරයන් සුගත් ඇමැතුවේය.

    “සුගත් මිනිහා මෙතැන ඉන්නවා. මම හිතන විදියට මෑන් තමයි. කෝකටත් කෙල්ලට කියන්න දැන් මිනිහට කෝල් එකක් ගන්න කියලා.’

    මහින්ද කීවේය. එසැණින් සැකකරුගේ ජංගම දුරකථනය නාද විය. මහින්ද සිතු දේ හරිය. දෙන්නා දුරකථනය ඔස්සේ කතා බහක යෙදිණ.

    ‘මිනිහා කෙල්ලට බොරුව දැම්මේ. මිනිහා කිව්වේ සරමක් හැඳගෙන එන බවක්. මිනිහට ඕන වුණෙත් කෙල්ල කවුද බලාගන්න. කෙල්ල ඇහැට කණට පේන කෙල්ලෙක් නම් අරගෙන යන්න. නැත්නම් මාරුවෙන්න.’

    මිනිහා ඒ පාර කෙල්ලට කෝල් කරලා කියනවා මම බස් ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. මම ඔයා හඳුනන්නේ නැහැනේ. ඔයා ෆෝන් එකෙන් කතා කර කර ඉස්සරහට ම එන්න කියලා.”

    “ මම සුගත්ට ත් චාමරටත් කතාකරලා මිනිහා ළඟට ගිහින් කිව්වා වැඩිය දඟලන්න එපා. අපි පොලිසියෙන් කියලා මිනිහගේ අත්දෙකට මාංචු දැම්මා. එතකොට තමයි මිනිහා හොල්මන් වුණේ. එතැන හිටිය කාටත් නොතේරෙන විදියට මිනිහාව වාහනේටත් දාගෙන කෙල්ලවත් අරගෙන අපි මීගමුවට ආවා.”

    සියල්ල අනාවරණය වුයේ ඉන් පසුවය.

    “මම හිතුවා සර්. මට කතා කරන්නේ C I D කෙල්ලෙක් තමයි කියලා.”

    ඔහු කීවේ එපමණකි. මුලින් මුලින් තමා නිර්දෝෂ බව කීවද ප්‍රශ්න කිරීම් හමුවේ තවත් බොරු බේගල් ඇද බාන්නට ඔහුට නොහැකිවිය. ඔහු සියල්ල හෙළිකළේය. නෑනා මස්සිනා තමාට කළ දේට පළිගන්නට මුළු පවුලම විනාශ කරන්නට වස දැමූ බව ඔහු සඳහන් කළේ ඉන් පසුවය.

    අවසානයේ පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළේය. ඉන් පසු ඔහු තමා පිළිබඳ පාපොච්චාරණයක් ද පොලිසියට හෙළිකළේය. පුංචි නවීන් ඇතුළු මුළු පවුලම මරාදමන්නට කෝඩියල් බෝතලයට වසා දමා දුන්නේ තමන් බවට ද ඔහු පොලීසියේ දී කීවේය.

    අලෙවි නිලධාරියෙකු ලෙස සේවය කළ මෙම සරකකරු සුරේෂ්ට හමුවූයේ 2004 වසෙර්ය. සුරේෂ් මියගිය දරුවාගේ පියාය. දෙදෙනා අතර ඇතිවූ ඇයි හොඳයිකම දැඩි හිතවත්කමට පෙරළෙන්නේය. එහි ප්‍රතිඵලය වන්නේ සුරේෂ් විසින් සැකකරු තම නිවසේ “බෝඩිම් කාරයෙකු”” ලෙස නතර කර ගැනීමය.

    “ඉන්පස්සේ මම ඒ පවුලේ අයත් එක්ක හුඟාක් හිතවත් වුණා. නදිනි අක්කාත් බබාලා දෙන්නත් යාළුවුණා. මම පවුලේ හොඳම හිතවතා වුණා.”

    “ඔය අතරේ තමයි සුරේෂ් අයියා මට යෝජනාවක් ගෙනාවේ. එයාගේ නෝනාගේ නංගි ගැන. එයා ඒ වෙන කොට හිටියේ ඉතාලියේ. 2009 . 06. 19 වනදා එයා ලංකාවට ආවා. ඇවිල්ලා මරදගහමූණ රෙජිස්තාර් ළඟට ගිහින් අපි දෙන්නා විවාහ වුණා. අපි මාස දෙකක්ම අඹුසැමියන් ලෙස ජීවත් වුණත් දෙන්නාටම ස්ථාවරත්වයක් නොතිබූ නිසා දරුවකු හැදීමෙන් වැළකුණා.’

    “ඉන් පස්සේ එයා රට ගියා. ටික කලක් යද්දී මට තේරුණා එයා මාව ප්‍රතික්ෂේප කරන ගතියක්. ”

    “සුරේෂ් අයියයි නදිනි අක්කයි ලවා නැවතත් සම්බන්ධකම් ඇතිකරගන්න උත්සාහ කළත් ඒක හරිගියේ නැහැ. මම ඉන් පස්සේ දැනගත්තා ඒ දෙන්නාත් මට බොරු කරනවා කියලා. මම ඉන්න තැන එකකුයි නැතිතැන තවත් කතාවකුයි කියනවා කියලා මට තේරුණා.’

    “ඒ නිසා මට සුරේෂ් එක්කත් එයාගේ බිරියත් එක්කත් ඇතිවුණේ ලොකු වෛරයක්....”

    “මම මගේ බිරිඳට ගොඩක් ආදරය කළා. එයා මට ආදරය නොකළාට එයාගේ අක්කටත් මස්සිනාටත් දරුවන්ටත් ආදරය කරන බව මම දන්නවා. මේ හේතුව නිසා මට හිතුණා මේ අයගෙන් පළිගන්න ඕන කියලා.”

    “මම ජීවිතේ එපා වෙලයි තිබුණේ. මැරෙන්න ඕන කියලත් මට හිතුණු වාර අනන්තයි. එක දවසක් මම පිරිටන් පෙති 60ක් බිව්වා. ඒත් මැරුණේ නැහැ. දවස් හයක් කන්නේ බොන්නේ නැතිව හිටියා. දිවුලපිටිය රෙස්ට් හවුස් එකේ කාමරයක ඉඳලා ඩිස්ප්‍රීන් පෙති 20 ක් කුඩු කරලා බොන්න පටන්ගත්තා. ටිකක් බොනකොට වමනේ ගියා.”

    “මම කාලයක් හොරණ කඩයක වැඩකළා. ඒ කඩේ ඉන්න කූඹින්ට දාන්න මම කුරේටර් පැකට් එකක් ගත්තා. ඒක කඩේ පිටිපස්සේ හිස් ටින් බෝතලයක තියෙනවා.”

    “මට කාලයක් නින්ද ගියේ නැහැ.මම නිදිපෙති ගත්තා. තුන්වතාවකට තුන බැගින් බොන්න කියලා පෙති නවයක් දුන්නා. ඒත් මම එකයි බිව්වේ අටක්ම ඉතුරු තිබුණා.”

    “මගේ අරමුණ වුණේ මම මැරෙන්න ඕන කියන එකයි. ඔය අතරේ තමයි මට දැන ගන්න ලැබුණේ සුරේෂ් අයියයි නදී අක්කයි අතර පවුල් ආරවුල් ඇතිවෙලා තියෙනවා කියලා.”

    “මට හිතුනා මගේ බිරිඳට රිදවන්න හොඳම අවස්ථාව මේක බව. එයා ආදරය කරන මස්සිනාටත් අක්කටත් දරුවන්ටත් කුරේටර්වලට නිදිපෙති දාලා කලවම් කරලා දෙන්න ඕන කියලා. එහෙම කළොත් වෙනත් කෙනෙක් පිටින් යැයි කියලා මට හිතුණා.”

    “මේ පවුල විනාශ කළාම මගේ බිරිඳ ලංකාවට ඒවි කියලා හිතුණා.”

    “මගේ අතේ රුපියල් දෙසීයයි ඒ වෙලාවේ තිබුණේ. මම කඩයට ගිහින් රුපියල් 165ක් දීලා පරණ ගානට සරුවත් සිරප් බෝතලයක් ගත්තා. ඉන්පස්සේ බයිසිකලෙන් ගිහින් ටැංකිය උඩ තියාගෙන බීම බෝතලයෙන් ගහලා නිදිපෙති කුඩු කරලා කුරේටර් ටිකක් ඒකට දාලා කලවම් කරලා සුරේෂ් හම්බවෙන්න ගියා. සුරේෂ් එක්ක හොඳින් කතා කරලා එයා අතට බීම බෝතලය දුන්නා.”

    “වෙනදටත් මෙහෙම බීම බෝතල් දෙන නිසා සුරේෂ් අයියා මාව සැක කළේනැහැ.”

    “නදිනි අක්කා මගේ ෆෝන් එකට sms එකක් දුන්නා මල්ලි ඔයා බීම බෝතලයට මොනවද දැම්මේ. අපි ඔක්කොම ඉස්පිරිතාලේ කියලා මට තේරුණා. දැන් මාව සැකකරන බව. මම එතැනින්ම අනුරාධපුර බස් එකට නැග්ගා.”

    සැකකරු පලායන්නේ එලෙසය. ඒ වන විටත් අසාධ්‍ය තත්ත්වයට පත් වූ දරුවන් හා බිරියට වහා ප්‍රතිකාර ලබා දෙන්නට වෛද්‍යවරු ඉදිරිපත් වුවද හත්හැවිරිදි පුංචි පුතුගේ ජීවිතය බේරාගැනීමට නොහැකිවිය. සියල්ල මෙසේ අනාවරණය කරගත් පොලිසිය සැකකාර බාප්පා අධිකරණයට ඉදිරිපත් කොට රිමාන්ඩ් ගත කරන්නට කටයුතු කළේ ඒ සිද්ධිය වී මාස පහකට පසුවය. ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා බව නොරහසකි.

    අපරාධයක් සිදුකොට කිසිදා සැඟව සිටිය නොහැකි බව මින් පසක් වන්නේය. නීතිය තවදා හෝ ඔහු ලුහු බඳිනු ඇත. මෙයද එවන් සිදුවීමක්ය.

    මීගමුව කොට්ඨාසබාර පොලිස් අධිකාරී චන්දන ගලප්පත්ති. සහකාර පොලිස් අධිකාරී (අපරාධ හා මෙහෙයුම්) ආනන්ද රත්නසූරිය යන මහත්වරුන්ග් අධීක්ෂණය මත මීගමුව කෙට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලාල් උඩුගම මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක කේ.කේ. මහින්ද, උප පොලිස් පරීක්ෂක චාමර, සැරයන් රත්නායක (31240) හා සුදත් (53155) ඇතුළු මීගමුව අපරාධ විමර්ශන අංශයේ උපපරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන යන නිලධාරීහු මෙම වැටලීමට එක්වසිටියහ.

    [FONT=&quot]නිමි.[/FONT]
    [FONT=&quot]තවත් කතාවකින් හමුවෙමු.[/FONT]

    [FONT=&quot]
    signt.gif
    [/FONT]

    [FONT=&quot] .................................................. ......................................[/FONT]
    [FONT=&quot] ...::: පෙර ලියූ ලිපි එකතුව :::...[/FONT]
    [FONT=&quot].................................................. ......................................[/FONT]
    [FONT=&quot] [අපරාධ රහස් පරීක්ෂණ ලිපි] [01] [විදෙස්][/FONT]
    [FONT=&quot] මරන්න එපා අපි යාඥා කරමු[/FONT]
    [FONT=&quot] http://www.elakiri.com/forum/showthread.php?t=1440278[/FONT]

    [FONT=&quot].................................................. ......................................[/FONT]

    .................................................. .................................................. .............................
    උපුටා ගැනීමකදී අදාල ලිපියේ සබැඳිය (link) සඳහන් කිරීමට කාරුණික වන්න
    පොලිස් පරීක්ෂණ ඇසුරින් සකස්කර ඇත
    කීර්ති මෙන්ඩිස්
    ඡායාරූප - කොටදෙණියාව සමූහ එම්.පී.කුමාර
    [email protected]
    2012-06-07
    .................................................. .................................................. .............................

     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    okawa maranna ona:angry:
    සිරාවටම මචං.. මහ බලු හැත්ත ඉන්නෙ..:( තව ඔය වගේ කතා සෙට් තිබුණා.. මම හොයලා දාන්නම්.. පිංතූර තමා බං හොයාගන්න අමාරු.. :(
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    එළ එළ. මමත් මාරම ආසයි රහස් පරීක්ෂක කතා, පාතාල ලෝකය ගැන කතා කියවන්න. ගොඩක් ස්තුතියි බං උඹට මේ වගේ ත්රෙඩ් දාන එකට. දැන් උඹ නවකතා දාන්නේ නැද්ද බං. බ්ලොගේ පැත්තේ යන්නත් බැරිඋනා ගොඩ දවසකින්.

    රෙප් දෙන්න කලින් ස්ප්‍රෙඩ් කරන්නලු. පස්සේ පුලුවන් උන ගමන් දෙන්නම් මචෝ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළ එළ. මමත් මාරම ආසයි රහස් පරීක්ෂක කතා, පාතාල ලෝකය ගැන කතා කියවන්න. ගොඩක් ස්තුතියි බං උඹට මේ වගේ ත්රෙඩ් දාන එකට. දැන් උඹ නවකතා දාන්නේ නැද්ද බං. බ්ලොගේ පැත්තේ යන්නත් බැරිඋනා ගොඩ දවසකින්.

    රෙප් දෙන්න කලින් ස්ප්‍රෙඩ් කරන්නලු. පස්සේ පුලුවන් උන ගමන් දෙන්නම් මචෝ...

    බ්ලොග් එක නම් අප්ඩේට් කරන්න බැරි වුණා මචං කාලෙකින්.. පෙරේදද කොහෙද මගේ සඳවතී කතාවෙ කොටසක් දැම්මා.. ඉතුරු ටිකත් ඉක්මනින් දාන්න ඕන.. වැඩ ගොඩයි බං මේ දවස්වල.. එපාවෙලා ඉන්නෙ..:(