යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    යාළුවෙකුට වූ ......ශෝචනීය කතාවක්...CYBER SEX..18+

    Sexuality-300x212.jpg
    Sexuality-300x212.jpg
    Sexuality-300x212.jpg
    Sexuality-300x212.jpg

    stars-1.gif
    stars-1.gif

    4544545.jpg
    4544545.jpg
    4544545.jpg
    4544545.jpg
    4544545.jpg


    stars-1.gif
    stars-1.gif



    මගේ ඉස්සෙල්ල ත්‍රෙඩ් දෙක බලපුනැති අය ඉන්නවනම් පහලට කොටල බලා ගන්නකෝ....

    දන්න අය අහගන්න...නොදන්න අය දැනගන්න..PALM ISLAND-DUBAI



    ♫♪ ♫♪....අහනවානම් සිංදුවක්♪♪මේ QUALITY යට අහන්න ☼☼

    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg
    TRYTY34.jpg


    කොහොම පටන් ගන්නද කියල හිතා ගන්නත් බෑ මොකද මේක ඒ තරම්ම අමිහිරියි.කියන්න තියෙන්නේ මේක කියවල ආදර්ශයක් ගන්න කියල තමයි..
    ඔහු මා හා පැවසූ දේ විනා සගවාගත් දෑ මා නොදනිමි..සමහර දෑ මා ඉදිරියේ සිදුවිය.

    අපි මොහුට රංග යැයි කියමු....2008 අවුරුද්දෙ අග භාගයේ දී තමයි රංග අප ආයතනයට බැදුනේ..
    SuperStock_4171-17979.jpg
    .......................................
    SuperStock_4171-17979.jpg


    රංග ආයතනයේ හොදින් වැඩ කටයුතු කරගෙන ගියා. මෙහෙම ටික කාලයක් යනකොට රංග මාගේ ද මිතුරෙකු වුනා..අප අංශයේ නොවුවත් හමුවු සෑම විටම ආගිය තොරතුරු කතාකිරීම පුරුද්දක් වූවා.සමහර අවස්ථාවල ගමන් බිමන් කෑම් බීම් පවා ගත්තේ එකට

    "අඩෝ යන්ද මචං.. එලියට පොඩි රව්මක් දාල එන්න,මං මෙහේ එච්චර දන්නෙත් නෑ... බං"...

    "යං ..යං.. හැබැයි මං නිවාඩු සෙනසුරාදා ...එදාට පුලුවන්ද?"

    "හරි...හරි මං මගේ නිවාඩුව හදාගන්නම්කෝ"..

    සමහර වෙලාවට ඔහු ආරාධනා කලේ රටතොට ගැන හරි හැටි තේරුමක් නැතිනිසා..ඒ වගේ සමහර දවස් වල අපි එලියට ගියා.අත්‍යවශ්‍ය තැන්වලට යන එන ආකාරය ඔහුට පැහැදිලි කලා..මේ වැනි අවස්ථාවල ඔහුගේ පෞගලික ප්‍රශ්න පවා මාහා පැවසුවා...කොතරම් ප්‍රශ්න මැද උවත් ඔහු විනෝදයෙන් කල්ගෙවීමට කැමැත්තක් දැක්වුවා...

    images
    images
    images
    images


    කාඩ් ගැහුවා..ක්‍රිකට් සෙල්ලම් කලා...කෙලිදෙලෙන් තමයි රංග හැමෝමත් එක්ක හිටියේ..රංගට බලා ගෙන චිත්‍ර ඇදීමේ අනර්ඝ හැකියාවක් තිබුනා...කෙල්ලන්ගෙ පිංතූර සිරාවට අදිනව...අපිවත් හිටපු ගමන් ඇදල තියෙනව...

    "තොපේ මූනු මොන ක්‍රමයකට පිහිටලද මංද බං..හරි අමරුයි බං අදින්න" තද උනාම මිනිහ එහෙමත් කියනව..

    images
    ......................................
    images



    ඔහොම ටික කාලයක් යනකොට රංගගේ ජීවිතයේ පොඩි වෙනසක් වුනා.......ඒ නිලූ...

    "මචං මාර ලස්සනයි නේද?"

    "කව්ද?"

    "අර කෙල්ල බං"

    braided-hair.jpg
    ................................................
    Photos-of-Black-Braided-Hairstyles-150x150.jpg





    "ආ....නිලූ.. ද?...."අපිත් එක්ක වැඩ"

    රංග කාලයක් නිලූ ගෙ පස්සේම වැටිල හිටිය ඉතිං ටික කාලයකට පස්සේ තමයි මේ දෙන්නා අතර ප්‍රේම සම්බන්ධයක් හට ගත්තේ..ඊට පස්සේ අපිත් එක්ක ගමන් බිමන් ටිකෙක් ටික අඩු වෙන්න පටන් ගත්තා ..
    දෙන්නා ගැලපෙන නිසාත් රංගට වෙනදා මෙන් කටයුතු කිරීමට බැරි නිසාත් අපි මේ වෙනස එච්චර ගනන් ගත්තේ නෑ.ඉදහිට අපි මුන ගැහුනුවිට කතා කලා...

    "කොහොමද බං ඉතිං දැන්" අහම්බෙන් වගේ මුන ගැහුනොත් අපි ඔහුගෙන් එහෙම ඇහුවා...

    "හොදයි..මචං ..So far so Good" කියල හිනා වෙනවා..
    "ආ..උබලට කියන්න බැරි උනානෙ ලගදී මට උසස්වීමක් හම්බවුනා"

    62blackbusinessman.jpg



    "ඈ..අපිට ආරංචිවුනේ නෑ නේ"
    "ආරංචිවෙයි...ආරංචිවෙයි..."
    අපි එදා ඔහුට සුභ පැතුවා.....ඔහු ඉතා වසනාවන්තයැයි අපි එකිනෙකා කතා කලා..දැන් 2011 ඔහුගේ ගොඩක් ප්‍රශ්න විසදීලා ....හොද සහකාරියක්, හොද අදායම් මාර්ගයක් ඇති ‍රැකියාවක් ඔහුට තිබුනා...විවාහ වීමට ලගදී අදහස් කරගෙන සිටිනා බවටත් ඔහු වරෙක පැවසුවා..

    මතක හැටියට 2011 මැද භාගය විතර ඇති ..දවසක් හදිසියෙන්ම ඔහු මාව මුන ගැසීමට ආවා...
    "කොහොමද..කොහොමද...ඉතිං" සුපුරුදු ලෙසම ඔහුව පිලිගත්තා.
    "වරදක් නෑ මචං..."
    "එතකොට ලව් සීන් එක එහෙම.."
    "ආ..ඒව නැගල යනව"
    "මේ...ඒක නෙවෙයි මචං..ෆේස් බුක් එකෙන් අදුරන්නැති කෙල්ලෙක් request එකක් එවල තිබුනනෙ"

    imagesdfdfdf.jpg
    .....................................
    imagesdfdfdf.jpg



    "ඉතිං"
    "මම ඉතිං Ok කලා..කෙල්ලෙක්නෙ බං.."
    "දැන් ඕක කියන්නද උබ දුවගෙන ආවෙ"
    "නෑ...මචං..මේකි චැට් කරනකොට ලව් සීන් එකකට වගේ එන්නේ.."
    "අනේ මංද"
    එදා ඔහු පැවසූ දේවල් සාමාන්‍ය දෙයක් වීම නිසා මා ඔහුහට විශේෂයෙන් දෙයක් කීවේ නෑ..මෙහෙම ටික කාලයක් යනකොට මේ අලුත්
    ෆේස් බුක් මිතුරිය ගැන, චැට් කරපුව ගැන රංග නිතර නිතර අප හා කර කී දෑ ගැන රසකර කීවා..

    images
    .....................................
    images



    "මචං ඕනවාට වැඩිය මොන දෙයක් උනත් හොද නෑ"
    "මොන මගුලක්ද බං හම්බුවෙලා කතා කරන එකක් නෙමෙයිනෙ"
    "එතකොට නිලූ මේ ගැන දන්නවද?"
    "පිස්සුද"

    ඉතිං ඔහොම කාලය ගෙවිලා ගියා....මතක හැටියට දැන් 2011 අග බාගය විතර...

    දවසක් රංග ගෙන් ඇමතුමක් ..

    images
    ..........................................
    images




    "මචං මාර සීන් එකක් උනානෙ "
    "මොකක් ද? බං"
    "අර කෙල්ල ෆේස් බුක් එකේ"
    "ඉතිං"
    "ඒකි මාත් එක්ක Skype එකට සෙට් වෙලා පොඩි Cyber Sex පාරක් ගියා බං"
    "උබනම් මාරම මිනිහෙක්"
    "මොනව කරන්නද? බං ඒකි මාර Forward නේ.."

    Snap_20120613102959_004.jpg


    මෙහෙම ඉතිං ගොඩක් දේවල් කතා කරල රංග ෆොන් එක තිබ්බා...
    රංගගේ මේ අලුත් Cyber Sex ජීවිතය නිලූට දැනගන්න ලැබුනේ නෑ..රංග මෙයින් අයින් උනෙත් නෑ ..නිතර නිතර මුන ගැසුන විට අලුත්
    Cyber Sex තත්වය ඔහු විස්තර කලා..

    Snap_20120613102205_001.jpg



    ඔන්න 2012 ලැබුවා....රංගගේ අවාසනාවන්ත වර්ෂය කියල මට හැගුනේ සියලු දෑ වූවාට පසුවයි..
    දවසක් රංග මගේ Department එක පැත්තට හදිස්සියෙන් දුවගෙන ආවා...ඔහුට කතා කරගන්නටත් බෑ...කට...අතපය..වෙවුලනවා වාගේ.

    "මචං පො..ඩ්.ඩ..ක් ක.තා..කරන්න ඕනේ..."
    "පොඩ්ඩක් හිටපන්"
    ඒ අවස්ථාවේ රංග මාහට කියූ දෙයින් මාද බිරන්ත වීගියා..අලුතින් ආව ෆේස් බුක් මිතුරිය රංගව blackmail කරලා..රංග නිර්වස්ත්‍රව සිටින ඡායාරූප රංගගේ ඊ මේල් එකට එවලලු..එම සියලුම ඡයාරූප ලබා දීමට ලක්ෂ පහකට වඩා වැඩි ගානක් ඇයට ලබාදෙන ලෙස තර්ජනය කරලා..එසේ නූනොත් සියලුම ඡායාරූප ෆේස් බුක් එකට අප් ලෝඩ් කරන බවත් කියලා..

    images
    .......................................
    images


    "දැන් මොකද බං කරන්නේ"
    රංග පිස්සුවෙන් වගේ එහාට මෙහාට ගියා..
    මචං උබ ඔය ගාන දුන්න කියල ඕකි ඔය ෆොටෝ සෙල්ලම නවත්වන්නේ නෑ..ආයෙ දෙකක් නෑ අයෙමත් සල්ලි ඉල්ලලා කරදරකරනවා..
    "අනේ මංද බං මොනව කරන්නද කියල මගේ ඔලුව ගිනිඅරන් වගේ.."
    රංග පිස්සෙක් වගේ එහාට මෙහාට ගියා...කිසිම දෙයක් හිතාගන්නවත් බැරිව තමයි හිටියේ

    "උබ මෙහෙම දෙයක් කරපන් ...ඒකිව දැන්ම ෆේස් බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කරපන් එතකොට ප්‍රශ්නය ඉවරයිනේ..."
    දැනට කල හැකි එකම දේ එයනිසා මම එහෙම කිවුවා..

    රංග වේගයෙන් ගියේ කොම්පියුටරය වෙතටයි...හැකි ඉක්මනින් ඔහු අලුත් ෆේස් බුක් මිතුරිය ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන් අයින් කලා..

    images
    ......................................
    images



    ඊට පස්සේ සුසුම් හෙලා කල්පනා කලා..
    "උබම විහින්දාගන්න ප්‍රශ්නනේ ඕවා.."
    ඉතිං මේ විදිහට සතියක් පමන අලුත් ෆේස් බුක් මිතුරියගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නෑ..ඒ කරදරයෙන් මිදුනායැයි මාද සිතුවා....නමුත් එය එසේ වූයේ නෑ..


    දවසක් ෆේස් බුක් එකේ පි‍ටු පිරෙන්න ඔහුගේ නිරුවත් ඡායාරූප තිබුනා..මෙබව මා ඔහුට දුරකථනයෙන් දැන්වූවා..ඔහුට කරකියාගත දෙයක් නොමැතිව කාමරයටම වී සිටියා..නිලූටවත් කාමරයේ දොර ඇරුනේ නෑ..‍රැකියාවටද ගියේ නැහැ...නිලූ ලැජ්ජාවෙන් මිරිකීසිටියා..මටද මුහුනදුන්නේ නෑ...පසුව රංගවත් ‍රැකියාවත් දමා නොකියාම ගිහින්..රංගගේ නිරුවත් ඡායාරූප යහළුවන්,නෑදෑයන්,ආයතන ප්‍රධානීන් අතටපවා පත් වූවා..
    රංගටට සිටීමට හැකිවූයේ සතියක් වැනි කෙටි කාලයක් පමණයි..ඔහුව ‍රැකියාවෙන් පහකලා..ඉන්පසු ඔහුව ඉතා ඉක්මනින් මෙරටින් පිටමන් කිරීමට ආයතන ප්‍රධානීන් සියලුම කටයුතු සූදානම්කලා..ඔහුගේ බඩු භාහිරාදියපවා සාමූහික ප්‍රයත්නයකින් තමා ඔහුට ලැබීමට සැලැස්සුවේ..රංගට සියලුදෑ අහිමිවූවා...

    images
    images
    images
    images


    පසුවිපරමකදී දැන ගන්නට ලැබුනේ රංගගේ අලුත් ෆේස් බුක් මිතුරිය පිලිපීනයේ Professional Cyber Sex නිළියක් බවයි..
    ඇය සූක්ශම ලෙස රංගගේ මිතුරන් ,නෑදෑයන් සහ සමහර ආයතන ප්‍රධානීන් පවා ඇයගේ මිතුරන් කරගෙන..මේනිසා රංග ඇයසමග ඇතිමිතුදම කැඩුවද ඇයට ඉතා පහසුවෙන් ඡායරූප සියල්ලම මිතුරන් අතට ලැබෙන විදිහට වැඩ කටයුතුකලා..
    ඉතිං මට කියන්න තියෙන්නේ මේ කතාවෙන් ඔයාලා හොද ආදර්ශයක් ගන්න කියලයි..සියලුම නම් මනංකල්පිතය

    සැමට සුභ අනාගතයක්...

    TRYTY.jpg
    TRYTY.jpg
    TRYTY.jpg
    TRYTY.jpg
    TRYTY.jpg

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සිරා සීන් එකනේ බන්....මේ උඹේ යාළුවෙක්ට උන සීන් එකක්ද?
    මාත් මිට පස්සේ පරිස්සම් වෙන්න ඕන ...:P