ඇන්ඩ්‍රොයිඩ් ගැන

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇන්ඩ්‍රොයිඩ්~ගැන

    මචන්ලා ලිපිය ගොඩාක් දිගම නෑ හැමෝටම කියවන්න පහසු වෙන්න කියලා හිතලා මම අkuරු ලොකුවට දැම්මා ඒක නිසා සමහර විට ගොඩක් වගේ උබලට පෙනෙය් කියෙව්වොත් උබලටම තමා..

    ඔන්න මචන්ලා මම එකටම කියන්න ඕන මේ ගැන මොකද මේ එලකිරි එකේ වුනත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන් ගැන කතා කරලා ත්‍රෙඩ් වැටිලා තිබ්බට ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මොකක්ද සහා ඇන්ඩ්‍රොයිඩ් කියන එක විස්තර කරලා කිසිම ත්‍රෙඩ් එකක් මම දැක්කෙ නෑ ..

    ඇත්තටම මම මේ ඇන්ඩ්‍රොයිඩ් කියන එක ගැන දන්නේ ඒක ඇවිල්ල ඔපරේටිම් සිස්ටම් එකක්
    අනිත් එක ඒක ඇවිල්ලා නොමිලේ ක්‍රියාත්මක වන්නක්
    සහ ඒකේ කෑම ජාති වල නම් ගම් දාලා අලුත් වර්ශන් එනවා කියලා විතරය් මම දැනන් උන්නේ,,
    අනේ මම කියලා කාගෙන් අහන්නද නිකමට ගූගල් එකේ කොටලා බැලුවා ඇන්ඩ්‍රොයිඩ් කියලා යන්තම් ඇන්ඩ්‍රොයිඩ් ගැන ලිපියක් බාගෙට තිබ්බා බ්ලොග් එකක..
    ඒක කියෙව්වට පස්සේ මට පොඩි අවබෝදයක් ඇන්ඩ්‍රොයිඩ් පිලිබද ව ලැබුනා.. අන්න ඒ ලබාගත්ත ටික මම ඔයාලටත් ලබා ගන්න එලකිරි එකට මම මේක කොපි පේස්ට් කරනවා මිසක් මගෙ මේකට යටි අරමුනු මුකුත නෑ මම සම්පූර්න කතාව දැන් කිව්ව..
    ඔන්න මාව මොකටවත් අල්ල ගන්න එපා
    හොරකම් කලා නීති විරෝදී වැඩ කලා කියල..

    හරිනේ ඔන්න මම දැන් ඒ ලිපිය කොපි පේස්ට් කරලා දානවා:D:D:D:D
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Design.jpg


    මේක තමයි අපේ අලුත්ම ලිපි මාලාව. ඇන්ඩ්‍රොයිඩ්. සමහරු ඇන්ඩ්‍රොයිඩ් තියෙන ෆෝන් ටැබ් ගත්තට ඒව වලින් කිසි පාවිච්චියක් ගන්නෙ නෑ. ඒ මොකද කියනවන් ගොඩක් අය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන වටිනාකම දන්නෙ නෑ. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් වල විස්තර කියල දෙන්න ඕන කියල අපි හිතුවා. අන්න ඒක නිසා පටන් ගන්න අපේ අලුත්ම ගල්බෝල ටික තමා ඇන්ඩ්‍රොයිඩ් කීන්නෙ මුනාද කියන්නෙ.

    හරි .. මුලින්ම බලමු ඇන්ඩ්‍රොයිඩ් ගැන. මුල්ම ගල්බෝලෙන් ඇන්ඩ්‍රොයිඩ් ගැන විස්තරයෙන් ටිකක් දෙන්නංකෝ.

    ලෝකේ හැමදාම බලන්නෙ තාක්ෂනයෙන් ඉස්සරහට යන්න. ඒ අස්සෙ ආපු තාක්ෂනය මිනිස් අතට ගෙනැඒමේ එක් පියවරක් තමයි ස්මාට්ෆෝන් වල ආගමනය. පරිගණක මෙහෙයුම් පද්ධති වල ලෝකය ආක්‍රමණය කරගෙන ඉන්න බිල්ගේට්ස්ගෙ මයික්‍රොසොෆ්ට් කම්පැණියෙ ඊලඟ පියවර වුනේ මේ ස්මාට්ෆෝන් ආක්‍රමණය. ඒක නිසා ඒගොල්ලො හැදුව Window Mobile Operating System එක. ඊට පස්සෙ ස්මාට් ෆෝන් වල හැමෝම ඉල්ලන්න ගත්තෙ වින්ඩෝස් මොබයිල්.​

    ඔන්න ඔය කාලෙ තමයි වින්ඩෝස් මොබයිල් වලට තරඟයක් දෙන්න ලැරී පේජ් ගෙ ගූගල් සමාගම ඇන්ඩ්‍රොයිඩ් හැදුවෙ. ගූගල් ලා ඇන්ඩ්‍රොයිඩ් හදනව කියල කිව්වෙ 2005. ඒත් ඇන්ඩ්‍රොයිඩ් හරියටම එලියට ආවෙ 2007. ඒ ගූගල් සමාගමෙන් විතරක් නෙමෙයි. ගූගල් ගෙ ප්‍රමුකත්වයෙන් මොබයිල් ෆෝන් නිෂ්පාදනය සඳහා දායක වන සමාගම් 60කට අධික සංඛ්‍යාවක් එකතු වෙලා පිහු‍ටුවාගත්ත Open Handset Alliance කියන සංවිධානයෙන්. අදටත් ඇන්ඩ්‍රොයිඩ් අලුත් නිෂ්පාදන එලිදකින්නෙ මේ සංවිධානයේ පූර්ණ අනුදැනුම යටතේ.

    ලෝකේ වැඩිපුරම ඇප්ලිකේෂන් ලියන ඔපරේටිං සිස්ටම් දෙකෙන් එකක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ. (ජාවා දන්න අයට ලේසියෙන් ලියන්නෙ පුලුවන්). අනිත් එක තමයි ඇන්ඩ්‍රොයිඩ් විවෘත කේථ මෘදුකාංගයක් (Open Source OS). මේ වෙනකොට ලෝකෙ භාවිතාකරන ස්මාර්ට්ෆෝන් වලින් 55%කට වඩා තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ්. ඉතිං ඇන්ඩ්‍රොයිඩ් වල හොඳ ගැන තව මොන කතාද?

    අනිත් දේ තමයි ඇන්ඩ්‍රොයිඩ් වල රහ.. රහ? මුකක්ද ඒ කතාව ආහ්????

    හරියටම කියනවනම් ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් වලට නම් වැටෙන්නෙ කෑම ජාතිවල නම් වලින්. අන්න ඒක තමයි ඇන්ඩ්‍රොයිඩ් රහයි කියන්නෙ. කට්ටිය කාලම බලන්නකෝ.

    මේ තියෙන්නෙ දැනට ආපු ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් ටික.

    cupcake.jpg



    android_donut-gxz.png



    Android-Eclair.png



    88060622.png



    AndroidGingerbread.jpg



    Android-Honeycomb.jpg



    Android-Ice-Cream-Sandwich.jpg



    android-jelly-bean.jpg


    හරි. ඔය තියෙන්නෙ එක එක ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් ටික. තියෙන කට්ටිය වැඩිකරගන්න හදන්නෙ ඔන්න ඔය කෑම ජාති ටික තමයි.

    මේ ලිපිය දිග වැඩිවෙයි වගේ. ඒක නිසා ඊලඟ ගල්බෝලෙන් බලමු මුනාද මේ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් වල තියෙන වෙනස් කම් සහ වැඩකෑලි කියල.


    ඔන්න පල වෙනි ලිපිය කොපි පේස්ට් කලා පොඩ්ඩක් ඉන්න ඊලග එකත් දාන්නම්

    :D:D:D
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මේ ගල්බෝලෙන් මං කියල දෙන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් අනුව තියෙන වෙනස් කම් සහ ඇඩ් වෙච්ච වැඩකෑලි ගැන. හැමෝටම ඕන තමුන්ගෙ ස්මාර්ට්ෆෝන් එක තව ස්මාට් කරගන්නනේ. ඉතිං මේ ඔප්ශන්ස් යූස් කරල නැත්තං යූස් කරන්න්ත්, ඊට වඩා වැඩි වර්ශන් එකක් ඕනනං ඇන්ඩ්‍රොයිඩ් එක අප්ඩේට් කරගන්නත් කට්ටියට පුලුවන්. හැබැයි අප්ඩේට් කරන එකේ ලිමිට් එකක් තියෙනව හොඳේ.


    හරි. ගූගල් ලා මුලිනම එව්වෙ ඇන්ඩ්‍රොයිඩ් බීටා වර්ශන් එකක්. ඒ කියන්නෙ Android 0.9 - Android Beta කියන එක. මේක එව්වෙ 2008 අගෝස්තු 18. බීටා වර්ශන් එකක් එවන්නෙ ටෙස්ට් කරන්නනෙ. ඉතිං මේකෙං එච්චරම ප්‍රයෝජනයක් නෑ අපිට. ඊට පස්සෙ පිලිවෙලින් 2008 සැප්තැම්බර් 23, 2009 පෙබරවාරි 9 දි Android 1.0 - Applie Pie , Android 1.1 - Banana Bread කියන වර්ශන් එලිදැක්වුනා. නමුත් මේවා වලත් ගතයුත්තක් තිබ්බෙ නෑ. ඒක නිසා මේවත් කවුරුත් වැඩිය පාවිච්චියට ගත්ත ඒවා නෙමෙයි. ඒත් Android SDK එක එලිදැක්වුනේ මේ වර්ශන් එක්කමයි. Apple Pie - API Level 1 සහ Banana Bread - API Level 2 ලෙස කාණ්ඩ ගතවුනා. කියන්නෙ මොකක්ද කියල ඉස්සරහදි බලමු.​


    cupcake.jpg



    ඔන්න ඊට පස්සෙ තමයි නියම ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ එලියට ආවෙ. ඒ 2009 අප්‍රේල් 30 වෙනිදා එලිදැක්වුනු Android 1.5 - Cupcake එක්ක. දැනට තියෙන ඇන්ඩොයිඩ් මාකට් (Android Market) නොහොත් මාසයකට පමණ පෙර සිට Play Store ලෙස වෙනස් වූ Android Application Storeයෙන් 0.2%කට හිමිකම් කියන්නේ මේ Cupcake Based Applications. මේකෙ Android SDK API Level 3 ට අදාල වෙන OS එකක්. Cupcake එකේ තමයි Bluetooth A2DP සහ AVRCP මුලින්ම Android වලට ආවෙ. Text Prediction, Video Streaming වගේ දේවලුත් මේකට ඇතුලත්. මේ Technology ගැන බයවෙන්න එපා. මේ ඔක්කොම ඉස්සරහට විස්තර කරල දෙන්නං.


    android_donut-gxz.png

    2009 සැප්තැම්බර් 15 වෙනිදා එලියට ආපු Android 1.6 - Dount වලනම් Cupcake ට වඩා වැඩිය ආවෙ නෑ. ඒත් TBT Navigation සහ Gesture Framework එකක් දාල එවපු නිසා Maps/Navigation වලයි Display UI Widget Developing වලයි දියුණුවක් ඇති වුනා. Donut කියන්නෙ API Level 4 OS එකක්. ඒක Android Market(Play Store) එකෙන් 0.5% Application වලට හිමිකම් කියනව.


    Android-Eclair.png

    ඔන්න ඊට පස්සෙ ආව සිරාම සිරා වර්ශන් එකක්. Android 2.0 - Eclair .ඒක එලිදැක්වුනේ 2009 ඔක්‍තෝබර් 26. ඒ කියන්නෙ Donut වලට ඉඩලැබුනේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි. Android Eclair වලින් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රියවෙන්න පටන් ගත්ත කියන්න පුලුවන්. මොකද Eclair වලට ඉතා හොඳ දේවල් බොහොමයක් දාල තිබුණා. HTML support, Bluetooth 2.1 තාක්ෂනය, Microsoft EXS intergration, Digital Zooming, Live Wallpapers වගේ බොහොමයක් දේවල් ඒකට ඇතුලත් කරල තිබ්බා. මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං Android 2.0.1, Android 2.1 කියල ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් වර්ශන් දෙකකුත් Eclair වලට ආවා. API Level 5,6,7 කියන තුනෙන්ම Develop වෙච්ච Application වලින් යුක්ත මේ Eclair වල Android Market Share එක 4% ට වැඩියි. ඔන්න ඔතනින් තමයි ඇන්ඩ්‍රොයිඩ් තර්ජනය Microsoftලට දැනෙන්න පටන් ගත්තෙ. ඒත් ඒක නවතින තර්ජනයක් වුනේ නෑ. ඒක හැමදාම ඉස්සරහට ගියා.​


    88060622.png


    ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි 2010 මැයි 20 වෙනිදා Android 2.2- Froyo එලියට ආවෙ. Froyo වලින් දුන්න පහසුකම් නිසා මිනිස්සුන්ට Windows Mobile එපාම වුනා කිව්වොත් හරි. API Level 8 Applications තියෙන වලට 18%ක Market Share එකක් තියෙනව. පරණ වර්ශන් වල වගේ තුන් හතර ගුණයක් speedවෙච්ච මේ Froyo එකේ තමයි මුල්ම වතාවට flash ආවෙ. කලින් වර්ශන් වලදි සමහර ෆෝන් වල විතරක් FlashLite 4.0 වැඩ කරා. ඒත් Crash reports & bugs ගොඩක් ආවා. ඒත් මේකෙ FlashLite 10.0 intergrade කරල එව්ව නිසා streaming කියන දේ nothing වුනා. Animated GIF සපෝට් කරා. Browser File Uploading කරගන්න මේකෙන් පුලුවන් වුනා. Market සහ වෙනත් application සඳහා JIT Implementation හඳුන්වාදුන්නෙත් මේකෙදි තමයි. USB Tethering දීපු නිසා ලෝකෙ ඉන්න වැඩකාරයෝ ඇන්ඩ්‍රොයිඩ් දිහා ඇහැ දාන්න ගත්තා. මේ ඔක්කොටමත් වඩා App2SD තාක්ෂනය හඳුන්වාදුන්න නිසා ඔක්කොම වැඩ පහසු වුනා. ඕනතරම් application තියාගෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන් වුනා.

    ඊලඟට ආපු වර්ශන් සහ ඒව වල ප්‍රයෝජන ගැන ඊලඟ ගල්බෝලෙන් බලමු. බායි ඈහ්.



    ඔන්න දැනට ඒ බ්ලොග් එකේ පල කරලා තියන ටික කොප්ය් පේස්ට් කලා..

    බ්ලොග් එකේ නම තමා ''ගල් රාජදානිය''


    පුලුවන්නම් දන්න කෙනෙක් එලකිරි එකේ ඉන්නවනම් ඉතුරු වර්ශන් ගැන කියලා දෙන්න එතකොට කොහෙන්වත් කාටවත් උස්සන්න ඕනා නෑනේ
    :D:D:D:D




    ඔන්න මචන්ලා මම දැන් කොපි පේස්ට් කරන්නේ විකිපීඩියා එකේ ටිකක්

    ඒ ටික මෙතන ඉදන් පහලට තියනවා:D:D:D


    ඇන්ඩ්‍රොයිඩ් යනු ඇන්ඩ්‍රොයිඩ් නම් සමාගම විසින් ජංගම උපකරණ සඳහා නිපදවන ලද මෙහෙයුම් පද්ධතියකි. 2005 දී ගූගල් සමාගම විසින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම මිලදී ගන්නා ලදී. ලිනක්ස් කර්නලයෙහි සංස්කරණය කරන ලද අනුවාදයක් වන ඇන්ඩ්‍රොයිඩ්, විවෘත හා නිදහස් මෙහෙයුම් පද්ධතියක් ලෙස බෙදා හරිනු ලබයි. ඇන්ඩ්‍රොයිඩ් සතුව දුරකථනවල ක්‍රියාකාරිත්වය වැඩි කරන යෙදවුම් මෘදුකාංග ("apps") ක්‍රමලේඛනය කරන මෘදුකාංග සංවර්ධකයන්ගෙන් සැදුම් ලත් අති විශාල සමූහයක් සිටී. දැනටමත් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යෙදවුම් මෘදුකාංග 250,000 කටත් අධික ප්‍රමාණයක් ලබාගත හැක.

    ඉතිහාසය

    ඇන්ඩ්‍රොයිඩ් සමාගම වසර 2003 දි ඇමරිකා එක්සත් ජනපදයේ, කැලිෆෝනියා නුවර පාලෝ ඇල්ටෝ හි ආරම්භ කරන ලදි .

    ගූගල් මගින් අත්පත්කරගැනීම

    2005 අගෝස්තු මාසයේ දී ගූගල් සමාගම මගින් ඇන්ඩ්‍රොයිඩ් සමාගම අත්පත්කරගන්නා ලදී.

    විවෘත ජංගම උපකරණ සහයොගීතාවය

    නොවැම්බර් 5වෙනි දින "විවෘත ජංගම උපකරණ සහයොගීතාවය" නම් වූ හමුවක් ජංගම උපකරණ නිපදවන සමාගම් රැසක සහයෝගීත්වයෙන් ඇතිකරගන්නා ලදී. එම සමගම් නම් බ්‍රොඩ්කොම් සමාගම , ගූගල්, එච්.ටී.සී, ඉන්ටෙල්, එල්.ජී, මාවෙල් තාක්ෂනින එකමුතුව,මෝටරෝලා, එන්වීඩියා, ක්වල් කොම්,සැම්සුන්, නෙක්ස්ට්ටෙල්, ටී-මොබයිල් සහ ටෙක්සාස් උපකරණ සමාගමයි.මේ එකමුතුවේ අරමුණ වුයේ ජංගම දුරකථන සදහා විවෘත ක්‍රමවේදයක් සකස් කර ගැනීමයි.එදිනම විසින් තම ප්‍රථම නිපයුම වන ඇන්ඩ්‍රොයිඩ් නැමති ලිනක්ස් නිකුතු 2.6 මත ගොඩනගනූ ලැබු ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය එලි දක්වන ලදී. 2008 දෙසැම්බර් 9 දින තවත් සමාගම් 16ක් මීට ඇතුලත් විය. ඒ අතර වෝඩෆොන් , හුවාවි සහ තවත් සමාගම් වෙයි.


    ලියාපදිංචිය

    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, 2008, ඔක්තෝම්බර් 21 දින සිට " නිදහස් සහ විවෘත කේත මෘදුකාංග වරපත" යටතේ සියලු දෙනාට නිදහස්ව භාවිතා කල හැකි ලෙසට නිකුත් කරන ලදී. එහි සම්පූර්ණ කේතයද(දුරකථන හා ජාලකරණ කේතයන්ද ඇතුලු ) "අපාෂ් වරපත" යතතේ නිකුත් කරන ලදී. හඳුනාගනු ලැබූ මෘදුකාංග දෝෂ ලැයිස්තුවක් ද ගූගල් විසින් ප්‍රසිද්ධියේ පවත්වාගෙන යනු ලබයි.


    සංස්කරණ ඉතිහාසය

    ප්‍රථම නිකුතුවෙන් පසු නව සංස්කරණයන් කීපයක් ඇන්ඩ්‍රොයිඩ් සදහා නිකුත් කරන ලදී. සමාන්‍යයෙන් නව සංස්කරණ සදහා සංකේත නාම ලෙස යොදා ගනු ලබන්නේ අතුරුපස නාමයන් වෙයි. එසේම එම නම් ඉංග්‍රීසි භාෂාවේ අකාරාදී පිලිවෙළට සකස්කර ඇත.
    1.5 (කප් කේක්) - ජංගම දුරකථන සදහා
    1.6 (ඩෝනට්) - ජංගම දුරකථන සදහා
    2.0 (ඉක්ලෙයා) - ජංගම දුරකථන සදහා
    2.1 (ඉක්ලෙයා)- ජංගම දුරකථන සදහා
    2.2 (ෆ්‍රොයෝ )- ජංගම දුරකථන සදහා
    2.3 (ජීන්ජර්බ්‍රේඩ්)- ජංගම දුරකථන සදහා
    3.0 (හනිකොම්බ්)- ටැබ්ලට් පරිගණක සදහා
    3.1 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
    3.2 (හනිකොම්බ්)'- ටැබ්ලට් පරිගණක සදහා
    4.0 (අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා
    4.1 (ජෙලි බීන්)- ටැබ්ලට් පරිගණක හා ජංගම දුරකථන සදහා

    මෝටරෝලා සමාගම මගින් 2011-ඔක්තොම්බර් මස එළිදක්වන ලද ඩ්‍රොයිඩ් RAZR ඇන්ඩ්‍රොයිඩ්, අයිස් ක්‍රීම් සැන්ඩ්ව්ච් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.
    සැම්සුන් සමාගම මගින් එළිදක්වන ලද සැම්සුන් ගැලැක්සි නෙක්සස් ඇන්ඩ්‍රොයිඩ්, ජෙලි බීන් අනුවාදය මුලින්ම යොදාගනු ලබන ජංගම දුරකථනයයි.



    ගූගල් ප්ලේ

    ගූගල් ප්ලේ යනු ගූගල් සමාගම මගින් පවත්වාගෙන යනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා මෘදුකාංග, ගේම්ස්, ගීත, ඊ-පොත්, චිත්‍රපට ආදිය නොමිලේ හා මුදල් ලබාදී ගත හැකි වෙබ් සේවයකි. ලෝකය පුරා සිටින ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මෘදුකාංග නිර්මාපකයින් මෙම "වෙළදපොල" තුලින් තම ඇප්ස් නිශ්පදන ගැනුම් කරුවන් ( ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන් ) වෙත මුදලට හා නොමිලයේ ලබා දේ. සියලූම ඇන්ඩ්‍රොයිඩ් උපකරණයකම පාහේ " මාර්කට්" යනුවෙන් තිබූ සේවයයි 2012 වසරේ මුල් කාර්තුවේ සිට "ගූගල් ප්ලේ" ලෙසට වෙනස් කර ඇත්තේ. සාමාන්‍යයෙන් ගූගල් අනුමත ඇන්ඩ්‍රොයිඩ් දුරකථන "මාර්කට්" සිට "ගූගල් ප්ලේ" වෙතට ස්වයංක්‍රීයව මාරුවනු ලැබේ. එසේ නොමැති දුරකථන තමන් විසින් වෙනම එය වෙතට යාවත්කාලීන කරගත යුතුය.


    ඇන්ඩ්‍රොයිඩ් සහ සිංහල භාවිතය

    ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය‍ නිල වශයෙන් හෝ විධිමත් ලෙස සිංහල අකුරු සඳහා සහාය නොදක්වයි. එනමුත් SETT නම් බ්‍රව්සරයක් යොදා ඇන්ඩ්‍රොයිඩ් යොදා ගන්නා උපකරණ වලින් සිංහල අක්ෂර කියවිය හැකිය.[6] ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් මගින් රූට් කර සිංහල භාෂාව යුනිකේත භාවිතයට ගත හැකිය,16:23, 21 ජනවාරි 2012 (යූටීසී)
    තවද Opera mini බ්‍රව්සරය මගින්ද සිංහල අක්ෂර කියවිය හැකිය.
    ඒ සදහා පහත ක්‍රම අනුගමනය කරන්න,
    1. Opera mini බ්‍රව්සරයේ ලිපිනය සඳහන් කරන තීරුව (address bar) තුල config: ලෙස සඳහන් කර Go බොත්තම ඔබන්න.
    2.Use bitmap fonts for Complex scripts (විවෘත වන නව පිටුවේ අවසානයට ඇති තීරුව) ඇති තීරුවේ තිබෙන චෙක් බොක්ස් එක yes සකසා save බොත්තම ඔබන්න

    මෙම ආකාරයට සැකසුම් සෑදීමෙන් වෙබ් පිටුවල ඇති සිංහල අක්ෂර කියවීමට හැකි අතර මෙම ක්‍රමය මගින් සාර්ථක ලෙස සිංහල අක්ෂර ලබා ගැනීමට නොහැකි වූවත් එය යම්තාක් දුරට සිංහල අක්ෂර කියවීමට ඔබට උපකාරී වේ.



    අම්මෝ දැන් ඔක්කොම දාලා ඉවරය්
    මොනවා උනත් මේවා අපෙ එදිනෙදා ජීවිතේට දැන ගෙන ඉන්න එක වටිනවානේ බන්

    ඒකය් මම දැම්මේ

    පුලුවන්නම් උබලා බම්ප් එකක් දාගෙන පලයන් බන්
    :D:D:D:D

    :(:(..පසුව ලියමි..:(:(

    ත්‍රෙඩ් එක දැම්මට පස්සේ යම් දෙයක් වැට හුනා ඇත්ත කියලා කොපු පේස්ට් කල බව ප්‍රසිද්දියේ කිව්වොත් කමෙන්ට් කරන්නේත් නෑ..
    බම්ප් දෙන්නෙත් නෑ..

    හොරෙන් උස්සලා මුකුත් නොකියා
    මම ලිව්වා වගේ මේකෙ දැම්මනම්

    කමෙන්ටුය් බම්ප් පුය්

    ඕනානම් රෙපුත් දීලා තමා යන්නේ..

    මොනවද මේ ඇත්ත කිව්වොත් මුකුත් නැද්ද??
    මේව කොපු පේස්ට් කරන්නත් හෙන ගේමක් දෙන්න ඕනා

    දුකය් බන් මෙහෙම වෙද්දි
    සමහර වෙලාවට මෙලෝ රහක් නැති ඒවා
    හොදට බම්ප් වෙනවා:no::no::no::no::no::no::no::no::no:
     
    Last edited:
    • Like
    Reactions: maduprasad

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ekama post ekak widihata hadahan machan mee thread ekath hawul karagena aluth wisthara ekathu karahan

    http://www.elakiri.com/forum/showthread.php?t=993354 keep it up machan

    මම මේ ත්‍රෙඩ් එක දැක්කේ නෑ මචන්..
    මම මේ ත්‍රෙඩ් එකත් කොපි පේස්ට් කලා තැන් දෙකකින්
    ඔය ත්‍රෙඩ් එකත් එක්ක දානවනම් මුල ඉදන්
    මටම ලියන්න වෙනවා බන්
    :D:D:D:D

    awulak nane
    :yes::yes: