ස්නයිපර් අවියක් කියන්නේ බරෙන් අඩු අවියක් කියා පසුගිය ලිපියේදී කිව්වා. එහෙත් හැම විටම එය ප්‍රායෝගිකව එහෙම නෙවෙයි. විවිධ අවශ්‍යතා නිසා බරෙන් වැඩි අවි ද තිබෙනවා. නමුත් මා අත්දැකීමෙන් දන්නවා ස්නයිපර් අවියක් තද පොළොවක් මත ඉහල සිට බිමට වැටුනත් හානි සිදුවන අවස්ථා තියනවා. විශේෂයෙන් ඉලක්කය ගැනීම විකෘති වෙනවා. ස්නයිපර් පුහුණුව නැති පුද්ගලයකු ඒ තුවක්කුවකින් වෙඩි තැබුවොත් එහි අභ්‍යන්තර කොටස්වල ක්‍රියාකාරිත්වයට (උදා; බෝල්ට් එකේ ක්‍රියාකාරිත්වය, ට්‍රිගරයේ ක්‍රියාකාරිත්වය, වැනි දේ) හානි සිදුවෙනවා. මේ නිසා ස්නයිපර් වරයෙක් තමන් විසින් සියුම් ලෙස සීරු මාරු කර සාදාගත් තුවක්කුව වෙනත් ස්නයිපර් වරයකුටවත් දෙන්නේ නැහැ.
මීට පෙර මා ඔබට විවිධ තුවක්කු කීපයක් පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු ගෙනහැර දක්වා තිබෙනවා. නමුත් ස්නයිපර් තුවක්කුවේ කෑල්ලෙන් කෑල්ල විස්තර කරන්න යන්නේ නැහැ. විශේෂතා පමණක් කියන්නම්. අනෙකුත් තුවක්කුවකට වඩා ස්නයිපර් තුවක්කුවක තිබෙන වෙනස්කම් මෙසේයි.
1. අනෙක් තුවක්කු සම්පුර්ණ ස්වයංක්‍රීය තුවක්කු වුනත්,(Full Automatic) ස්නයිපර් තුවක්කුවක් අනිවාර්යයෙන්ම අර්ධ ස්වයංක්‍රීය (Semi Automatic) හෝ වරකට එක උණ්ඩයක් පමණක් යෙදිය හැකි (Manual Loading) ආකාරයටයි සකසා තිබෙන්නේ. එයට හේතුව ස්නයිපර් අවියකින් කිසිවිටෙකත් පොකුරු වෙඩි (Burst) තැබීමට අවශ්‍ය නොවන නිසයි.
2. ස්නයිපර් තුවක්කුවකට අනිවාර්යයෙන්ම දුර දක්නයක් (Scope) සවිකර තිබෙනවා. දුර දක්නයක් නැතිව ස්නයිප් කරන්න බැහැ. මෙම දුරදක්න දිවා කාලයට (Day Scope) මෙන්ම රාත්‍රී කාලයටද (Night Scope) ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසා තියනවා. (දුරදක්නයටම සවිකළ GPS සහ සන්නිවේදන පහසුකම් මගින් තමන් දකින ඉලක්කය තවත් කෙනෙකු වෙත සියලු දත්ත සහිතව සම්ප්‍රේෂණය කළහැකි තත්වයට අද වැඩි දියුණු කර තිබෙනවා) මෙහි දැක්වෙන අද කාලයේ වඩාත් ජනප්‍රිය මෙන්ම දුර ඉලක්ක ගැනීමට සුදුසු ස්නයිපර් අවියක් ලෙස පිළිගැනෙන එම් 107 අවිය ගැන කෙටි විස්තරයක් කරන්නම්.
නම : M107 .50 Caliber Long Range Sniper Rifle (LRSR)
නිපදවන රට : ඇමරිකා එක්සත් ජනපදය
මුලින්ම නිපදවූ වර්ෂය : 2002
තුවක්කුවේ කැලිබරය : අඟල් 0.50 (12.7 මිලි මීටර්)
යොදන පතරොම් වර්ගය : .50 Browning Machine Gun (12.7 x 99 mm)
තුවක්කුවේ බර (පතරොම් නැතිව, දුර දක්නය සවිකර) : රාත්තල් 28.5 (12.9 kg)
තුවක්කුවේ දිග : සම්පුර්ණයෙන් දිගහැරිය විට අඟල් 57 (1,448 mm) මිට හැකිලූ විට අඟල් 38 (965 mm)
තුවක්කු බටයේ දිග : අඟල් 29 (737 mm)
මැගසිනයට වරකට දැමිය හැකි පතරොම් ගණන : 10 යි
පතරොම් 10 ක් දැමූ මැගසිනයේ බර : රාත්තල් 4යි අවුන්ස 12 යි (1.87 kg)
උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : තත්පරයකට අඩි 2,800 (853 තත්පරයකට මීටර්)
උණ්ඩයක් ගමන්කරන උපරිම දුර : යාර 7,450 (6,812 මීටර්)
උපරිම සඵල වෙඩි දුර : යාර 2,000 (1,829 මීටර්)
පතරොම් තියෙන්නේ තුවක්කු වලට දමා වෙඩි තියන්නනේ. ඒත් ඉතින් යුද බිමේ ඉන්න සෙබලාට අවුරුද්දට කැවුම් බදින තාච්චුව වෙන්නේ යකඩ හිස්වැස්ම, කොකිස් අච්චුව වෙන්නේ මෝටාර් උණ්ඩයේ වලිගය කොටස. මේකත් ඒ වගේ වැඩක්. .50 වර්ගයේ හිස් කොපුවක් අහුවුනොත් කරලා බලන්න
කතාව සමබර වෙන්නත් එක්ක තුවක්කුවක් ගැන කියන්නම්. ඇමරිකන් කාරයාගේ තුවක්කුවට පස්සේ රුසියන් කාරයාගේ තුවක්කුවක් ගැන කියන්නම්කො. මේ තුවක්කුව අපේ හමුදාවත් පාවිච්චි කරනවා. ඒ වගේම මේ තුවක්කුව ලෝකයේ අතිශයින් ජනප්‍රිය ස්නයිපර් අවියක්.
මෙන්න මේ තුවක්කුවේ තාක්ෂණික තොරතුරු
වර්ගීකරණය : ස්නයිපර් රයිෆල්
නිෂ්පාදනය කරන රට : සෝවියට් රුසියාව
මුලින්ම නිපදවීම : 1958
යුද කටයුතු සඳහා භාවිතය : 1963 සිට අද දක්වා
සැලසුම්කරු : එව්ජෙනි ඩ්රැගුනොව්
අවියේ බර (දුර දක්නය සවිකර පතරොම් නොදමා) : 4.30 කි.ග්රෑ. (9.48 රාත්තල්)
අවියේ දිග : 1,225 මි.මී. (48.2 අඟල්)
තුවක්කු බටයේ දිග : 610 මි.මී. (24.0 අඟල්)
යොදන පතරොම් වර්ගය : 7.62 x 54
යාන්ත්‍රණය : වායු පීඩනයෙන් ක්‍රියාකරන වර්තන බෝල්ට් එක
උණ්ඩයක් පිටවීමේ සාපේක්ෂ ප්‍රවේගය : 830 තත්පරයකට මීටර් (2,723 තත්පරයකට අඩි)
සඵල වෙඩි දුර : මීටර් 800 යි
වෙඩි තැබිය හැකි උපරිම දුර : මීටර් 1200 (දුර දක්නය ආධාරයෙන්)
පතරොම් යෙදීම : පතරොම් 10 ක් දැමිය හැකි මැගසිනය
ස්නයිපර් තුවක්කුවකට සවිකළ දුරදක්නයක් තිබෙන බව මා ඉහත සඳහන් කළා ඔබට මතක ඇති. අපි ඉතා කෙටියෙන් සලකා බලමු,
ඒ දුර දක්නය මොන වගේද? කොහොමද ඒ දුරදක්නය පාවිච්චි කරන්නේ? යන කරුණු. සාමාන්‍ය තුවක්කුවකට වුනත් විශේෂ ආධාරකයක් මගින් දුර දක්නයක් සවි කල හැකියි. නමුත් ස්නයිපර් තුවක්කුවක් නිෂ්පාදනය කරන්නේ දුරදක්න ආධාරකය සහිතවයි. ඒ වගේම විවිධ දුරදක්න අවශ්‍යතාව අනුව සවිකිරීමට අදාළ පහසුකම්ද ස්නයිපර් අවියක බොහෝවිට සකස්කර තිබෙනවා.
එසේම රාත්‍රී කාලයේදී ස්නයිපර් තුවක්කු සඳහා පාවිච්චි කරන, බැටරි බලයෙන් ක්‍රියා කරන, අධෝරක්ත කිරණ (Infra Red beam) දුරදක්න තිබෙනවා. එමෙන්ම බැටරි බලයෙන් දර්ශනය ආලෝකවත් කර, පැහැදිලි කර ලබාදෙන දුරදක්නද තිබෙනවා. මේ එවැනි දුරදක්නයකින් රාත්‍රී කාලයේදී ගත ඉලක්කයක් පෙනෙන ආකාරයයි.
ස්නයිපර් වරයකු යම් පුද්ගලයකු නිවැරදිව ඉලක්කයට හසු කරගතහොත්, ඒ පුද්ගලයා මරණයෙන් ගැලවෙන්නේ ඉතා කලාතුරකින්. ස්නයිප් කිරීම එතරම්ම මාරක වන්නේ ඒ නිසයි. මේ හේතුව නිසාමයි අද ලෝකයේ හමුදා හැකි සෑම විටම ස්නයිපර් වරුන් යුදබිමේ යොදවන්නේ. තම හමුදාවෙන් විශාල කොටසක් දැඩි වෙහෙසක් දරා යුද භූමියේ සටනට යොදවනවාට වඩා ස්නයිපර් වරුන් කීපදෙනෙක් සාර්ථකව යෙදවිය හැකිනම් ලබාගතහැකි වාසි පාබල හමුදා අණදෙන්නන් හොඳින් දන්නවා. ඒ නිසා ප්‍රහාරක සැලස්මක ස්නයිපර් වරුන්ට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. ඔත්තු බලන්න එන කුඩා කණ්ඩායම් මර්දනයටත් ස්නයිපර් වරු හොඳ ප්රත්යක්ෂ බෙහෙතක්.
ඇත්තටම ස්නයිපර් වරයෙක් කරන්නේ හැංගිලා ඉඳලා වෙඩි තියලා සතුරන් මැරීම විතරද?
ඔන්න අපි හොඳ කාරණයකට ආවා. මතකනේ මම මුලින්ම කිව්වා ස්නයිපර් වරයා විශේෂඥ පුහුණු සොල්දාදුවෙක් කියලා. ඒ වගේම ඔහු විවිධ ඉරියව් වල සිට, (කැලයේ සැඟවී, ගසක අතු අතර සැඟවී, බිම තිබෙන වළකට බැස, ජලයේ සැඟවී, අට්ටාලයක සිට, කඹයක එල්ලී, ගොඩනැගිල්ලක සැඟවී, වාහනයක සැඟවී, තවත් ඉරියව් අපමණයි) නිවැරදිව ඉලක්කය ගැනීමේ විශේෂඥ පුහුණුව තිබෙනවා. එපමණක් නෙවෙයි සැඟවීම සහ වෙස්වලාගැනීම (camouflage and concealment) පිළිබඳව ඔහු සාමාන්‍ය සොල්දාදුවකුට වඩා බොහෝ ඉදිරියෙන් සිටින්නේ. පරිසරයේ ඇති විවිධ දේ පාවිච්චි කරමින් වෙස්වලාගැනීම, කිසිවකු නොසිතන තැනක සැඟවීම ස්නයිපර් වරයකු සතු විශේෂ ප්රාගුන්යයක්.
ස්නයිපර් වරයා ඉලක්කක බල බලා වෙඩි තබමින් යන්නකු නොවේ. ඔහුට පැවරෙන අති විශේෂ රාජකාරි කීපයක්ම තිබෙනවා. ඔහුගේ සාර්ථක සැඟවීම සහ වෙස්වලාගැනීම නිසා ඔහුට හැකිවෙනවා ඉතා සාර්ථකව සතුරු භූමියේ ඉදිරියට රිංගා යාමට. එසේ යන අතර ඔහුට හැකි වෙනවා, සතුරු භූමියේ ස්වභාවය සහ සතුරු කඳවුරු වල පිහිටීම, සතුරාගේ ක්‍රියාකාරකම්, සතුරා ඉදිරියේදී ගනු ඇතැයි සිතෙන ආක්‍රමණශීලී පියවර,
සතුරාගේ කාලතුවක්කු සහ යුද ටැංකි, එම්.බී.ආර්.එල්. අවි, ගුවන් යානා නාශක අවි ස්ථානගතකර ඇති ආකාරය, රේඩාර් මධ්‍යස්ථාන, අවි ගබඩා, පුහුණු කඳවුරු ආදී සියලු වැදගත් තොරතුරු තම අණදෙන නිලධාරියා වෙත ගුවන් විදුලි මගින් රහසිගතව දන්වන්නට. ඒ අනුව පාබල හමුදා සේනාංක ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මගින් සතුරා වෙත නිවැරදි ඉලක්කගත ප්‍රහාර එල්ල කරන්නට හැකිවෙනවා.
විශාල සේනාංකයක් වෙනුවට සමහරවිට එක ස්නයිපර් වරයකු යෙදීමෙන් සතුරාගේ ඉදිරි සැලසුම් අවුල් කර දැමීමට හැකිවෙනවා. එක ස්නයිපර් වරයකු සතුරු ප්‍රදේශයට රිංගා උසස් හමුදා නිලධාරීන් කීප දෙනෙකු, ගුවන් නියමුවන්, බර අවි ක්‍රියා කරවන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාකරවන්නන්, බිම බෝම්බ සවිකරන ඉංජිනේරු සෙබළුන්, කීප දෙනෙකුට ‘වග කියපු ගමන්’ සතුරා අන්දමන්දවී ඔහුගේ ඉදිරි ක්‍රියාමාර්ග තාවකාලිකව අත්හිටවනවා. ස්නයිපර් හෙමින්ම පසු බැස තමන්ගේ අණදෙන නිලධාරියාට දන්වනවා සතුරා අවුලට පත්වී සිටින බව. එවිට කාලතුවක්කු, එම්.බී.ආර්.එල්, ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් සතුරා එහෙම පිටින් අඩපණ වෙනවා.
ස්නයිපර් I
http://www.elakiri.com/forum/showthread.php?t=1497367
ස්නයිපර් II
http://www.elakiri.com/forum/showthread.php?t=1497388
ස්නයිපර් III
http://www.elakiri.com/forum/showthread.php?t=1497396
ස්නයිපර් Final
www.elakiri.com/forum/showthread.php?t=1497409
මේකත් බලන්න
www.elakiri.com/forum/showthread.php?t=1497357
රෙපක් වත් දීපල්ලා

Last edited:
+4