ලිබියාවෙන් නතර කරමු
ඔහුට පොළු වලින් පහර දෙති. ඔහු කෙඳිරි ගායි. පහර කෑමෙන් සිරුරම රත් පැහැ ගැන්වී ඇත. මුහුණ ලෙයින් වැසී ඇත. තවත් පහර දුන්නොත් මරණය නියත බව පැහැදිලිය. නමුත් ඔහුව බේරා ගැනීමට කිසිවෙක් නැත. කලකින් ලැබුණු අහරක් භුක්ති විඳීමට සැරසීමක් සිහි ගන්වමින් කවුරුත් ප්‍රීති ඝෝෂා නගති.
ඉහත විස්තර කෙරුණේ වෙන්නප්පුව පෙදෙසේ ඌරෙකු මරා දමන ආකාරය නොවේ. ලිබියාවේ කැරලිකරුවන් විසින් නේටෝ හමුදා සහය ලබමින් ලිබියානු රාජ්‍ය නායකයා වූ මුවම්මර් ගඩාපි මරා දැමූ ආකාරයයි. ඔහු මිය යන විට රාජ්‍ය නායකයෙකු මට්ටමේ සිටීම නේටෝ හමුදාවන් විසින් නිරායුධ අය මරා දැමීම පිළිබඳ චෝදනාව තීව්‍ර කරන්නකි. එබැවින් නේටෝ රටවල් කදිම උපායක් යෙදීය. ඒ ගඩාපි සිටින ස්ථානය තහවුරු කර ගැනීමෙන් පසු ලිබියානු අන්තර්වාර පාලනයට නිල ආණ්ඩුවක පිලිගැනීම එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා ලබා දීමයි. ඒ සමගම ගඩාපි හිටපු රාජ්‍ය නායකයා බවට පත්විය. එවිට නේටෝ හමුදා සහයෙන් මරා දැම්මේ ලිබියානු නායකයා නොව හිටපු ලිබියානු නායකයෙකි. තෙවන ලොව බොහෝ රටවල් මෙම බටහිර ලණුව ගිල දමා ලිබියානු නව රජය පිලිගැනීමකට ලක් කරන ලදී. එමෙන්ම බටහිර විරෝධි මාධ්‍ය පවා ගඩාපිගේ මරණය හැඳින්වූයේ “හිටපු ලිබියානු නායක” යන වදන් වලිනි.
ගඩාපිගේ ලිබියාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවිණි. එහි විරුද්ධ පක්ෂ නොතිබුණු අතර ගඩාපි වසර 42ක් අඛණ්ඩව පාලනය කරන ලදී. නමුත් 1969 දී හමුදා කුමන්ත්‍රණයකින් ගඩාපි පෙරලුවේ ඊටත් වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලනයකි. ගඩාපි බලයෙන් පහ කරන ලද්දේ ඉද්‍රිස් රජුගේ වැඩවසම්වාදී රාජාණ්ඩුවකි. ඉද්‍රිස් රජු බටහිර රටවලට ලිබියානු සම්පත් රිසි සේ සූරා කෑමට ඉඩ දුන් රූකඩ නායකයෙකි. එම යුගයේ ලිබියාව දිළිඳු රටකි. එමෙන්ම කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය අහිමි වී තිබුණු අතර දැඩි සමාජ සම්මතයන්ගෙන් ගැට ගසා තිබුණි. එබැවින් ගඩාපිගේ හමුදා කැරැල්ල සිදු නොවුණේ නම් ලිබියාවට හිමි වීමට තිබුණේ අද සෞදි අරාබියේ පවතින වැනි කාන්තා අයිතිය පාගා දැමුණු අධ්‍යාපන අයිතිය සැමට නොලැබෙන පාලනයකි.
නමුත් ගඩාපි යුගයේ පිරිමි-ගැහැණු අයිතින් සම කරන ලද අතර කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ලැබුණා පමණක් නොව 1989 දී ෆාතිමා මුක්තාර් අධ්‍යාපන ඇමති ළෙස ද පත්විය. නිදහස් අධ්‍යාපන සහ නිදහස් සෞඛ්‍යය යන දෙකම ක්‍රියාත්මක රටවල් ලොව ඇත්තේ නවයකි. එයින් තෙවන ලොව රටවල් ඇත්තේ තුනකි. ඒ ශ්‍රී ලංකාව, කියුබාව සහ ලිබියාවයි. ලිබියාව අධ්‍යාපනය සහ සෞඛ්‍යය නොමිලේ සැපයීමෙන් නොනැවති විදුලිය පවා නොමිලේ සැපයීමට පෙළැඹී තිබිණි. එමෙන්ම විවාහයකින් පසු එළැඹෙන නැවුම් දිවියට සවිමත් අත්තිවාරමක් දමනු වස් සෑම යුවලකටම ඩොලර් 50,000ක විවාහ තෑග්ගක් ලබා දීමට තරම් රජය නොමසුරු විය. එබැවින් ගඩාපිගේ ලිබියාව යනු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ශුභසාධන රාජ්‍යයකි.
ගඩාපි යුගයේ ලිබියාව සංවර්ධනයේ යෝධ පිම්මක් පනින ලදී. අද අප්‍රිකානු මහද්වීපයේ ඉහළම ඒක පුද්ගල ආදායම හිමි රට ලිබියාවයි. උපතේ දී අපේක්ෂිත ආයු කාලය වසර 78ක් වන අතර සාක්ෂරතාව 83%කි. ජනතාවගේ ජීවන තත්වය මනින මානව සංවර්ධන දර්ශකයේ 2010 වසරේ දී ලංකාවට සහ ඉන්දියාවට පිලිවෙලින් 91 සහ 119 වන ස්ථාන හිමිවන විට ලිබියාවට හිමි වුණේ 53වන ස්ථානයයි. රුසියාව මෙන්ම සමහර යුරෝපීය රටවල් සිටින්නේ ද ලිබියාවට පිටුපසිනි.
මේ අනුව ලිබියානු ආණ්ඩුව පෙරැලීමට බටහිරට තිබුණු එකම සාධාරණීකරණය වසර 42ක් එකම නායකයාගේ පාලනයට නතු වී ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමයි. ඒ අනුව කටයුතු කළොත් එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක රාජාණ්ඩු පවතින හෙයින් එකී රටවලට ද නේටෝ ප්‍රහාර එල්ල කළ යුතුය. විශේෂයෙන්ම මානව හිමිකම් අහිමි කරමින් සියළු සම්පත් රජ පවුල වටා කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරන සෞදි අරාබියට නේටෝහි පළමු ප්‍රහාරය එල්ල විය යුතුය. ඉතිහාසය පුරා බටහිර බලවතුන් කර ඇත්තේ ලොව රාජාණ්ඩු සහ ඒකාධිපති ආණ්ඩු විනාශ කිරීම නොව රැක ගැනීමයි. පිලිපීනයේ මාකොස්ගේ ඒකාධිපති ආණ්ඩුව මෙන්ම ඉරානයේ පලාවි ෂාගේ රාජාණ්ඩුව බටහිර බලවතුන් රැකීම මෙහිලා පෙන්විය හැකි මෑතකාලීන නිදසුන්ය. එසේනම් ගඩාපි මරා දැමීමට කටයුතු කලේ ඇයි?
ගඩාපි විසින් පෙරලුවේ බටහිර බලවතුන්ට ලිබියාවේ සම්පත් රිසි සේ සූරාකෑමට අවස්ථාව සැලසූ රූකඩ ආණ්ඩුවකි. එබැවින් ගඩාපි බටහිරට සතුරෙකු විය. එතැනින් නොනැවති බටහිර ආධිපත්‍යයට අභියෝග කරමින් අවි අතට ගත් සැමගේ ලොකුම ආධාරකරු බවට ගඩාපි පත්විය. එබැවින් බටහිර ගඩාපි දුටුවේ ඇසේ ඇනුන කටුවක් ළෙසය.
2001 දී එක්සත් ජනපදයට අල් කයිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු “ත්‍රස්ත විරෝධි ලෝක යුද්ධය” නමින් සාමුහික වැඩසටහනක් බටහිර රටවල් විසින් ආරම්භ කරන ලදී. බටහිර රටවල් විසින් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමණය කලේ ඒ අනුවය. මෙයින් වඩාත් සලිත වූයේ ගඩාපිය. සෞඛ්‍යය පිරිහීමෙන් ද ඇමෙරිකානු ප්‍රහාරවලින් ද ආර්ථික තහංචි වලින් ද හෙම්බත් වී සිටි ලිබියාව බටහිර බලවතුන්ට සහයෝගයේ දෑත් දිගු කලේය. එමෙන්ම 2003 දී සිය සමූල ඝාතන අවි නිෂ්පාදන වැඩපිලිවෙල ප්‍රසිද්ධියේම අත්හලේය. එබැවින් නේටෝවට කැරලිකරුවන් බිහි කර ඔවුන් ගඩාපිට එරෙහිව සන්නද්ධ කිරීමට සිදුවන ආකාරයේ කෝප ගැන්වීමක් මෑත කාලයේ දී නම් ගඩාපි අතින් සිදු නොවිණි. එබැවින් නේටෝ සමග සමගි සංධානයක් ගොඩ නැගූ ගඩාපිගෙන් පලි ගත්තේ පරණ කෝන්තර වෙනුවෙන් බැව් මැනවින් පැහැදිලිය.
ගඩාපිගේ මරණය ලංකාවට ද පාඩමක් උගන්වයි. එජාපය බොහෝවිට ආණ්ඩුවට උපදෙස් දෙන්නේ ඊනියා යුද අපරාධ චෝදනාවන්ගෙන් ගැලවීමට නම් බටහිර දිනාගත යුතු බවයි. ආණ්ඩුව ද ඒ ලණුව කා ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේ ද බටහිර දිනා ගැනීමට බොහෝ දේ කලේය. නමුත් ගඩාපි මිය යමින් අපට දුන් පණිවිඩය වූයේ බටහිර උරණ කිරීමෙන් පසු කෙතරම් මිතුරු වුවත් බටහිර නාගයා අපට දෂ්ට කරන බවයි. එබැවින් බටහිර විසින් ලංකාවට මානා ඇති “යුද අපරාධ උගුල” අප හඳුනාගත යුත්තේ මිතුරුකම් පෑමෙන් ගැලවිය නොහැකි උගුලක් ළෙසයි.
ඉරාකය, ඇෆ්ගනිස්ථානය සහ ලිබියාව වැනි බටහිර ආක්‍රමණ වලට මෑතකාලීනව ගොදුරු වුණු රටවල් සියල්ලම තම මිතුරන් ළෙස හඳුනාගෙන සිටියේ රුසියාව සහ චීනයයි. එමෙන්ම බටහිර රටවල මී ළඟ ඉලක්ක බවට සැළකෙන සිරියාව සහ ඉරානය ද සිය මිතුරන් ළෙස සළකන්නේ මෙම රටවල් දෙකයි. නමුත් තම මිතුරු රටවල් බේරා ගැනීමට චීනයෙන් සහ රුසියාවෙන් ප්‍රමාණවත් කාර්යභාරයක් ඉටු නොවුණු බව කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුය.
ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සම කළ හැක්කේ අතීත විභූතියක් පමණක් ඇති ගරා වැටුණු වලව් ගණනටය. අද ලෝකය සම කළ හැක්කේ වික්‍රමසිංහ ශූරින්ගේ “ගම්පෙරලිය” නවකතාවේ දැක්වෙන සමාජ යුගයටයි. පැරණි සමාජ බලවේගයන් දුර්වල වී ඇත. නමුත් නැවුම් බලවේග සිය ඓතිහාසික පුරුදු මත පැරණි බලවේගයන්ට අභියෝග කිරීමට බියෙන් පසු වේ. අද ලෝක බලවතුන් වන්නේ චීනය, ඉන්දියාව, රුසියාව සහ බ්‍රසීලය මිස එක්සත් ජනදය, එක්සත් රාජධානිය හෝ ප්‍රංශය නොවේ. එබැවින් කුඩා රටවලට බටහිර බලවේගයන්ගෙන් එල්ල වන අභියෝගයන්ගෙන් රැක ගැනීමට නැවුම් බලවතුන් සාමුහික වෑයමක යෙදිය යුතුය. එවිට අපට මෙම සාහසිකත්වය ලිබියාවෙන් නතර කිරීමට හැකි වනු ඇත. නැතහොත් නැගී එන බලවතුන් ද විනාශ වනතුරු බටහිර සහසිකත්වය ලොව පුරා පැතිරෙනු ඇත.
නාසි විරෝධි පූජකතුමෙකු වන මාටින් නියෙමොලර් විසින් රචිත නාසිවරුන් පිළිබඳ කවියක් ලෝක ප්‍රජාවට (සිංහලෙන් වුවත්) සිහි ගන්වමින් ප්‍රදීපයේ අද සටහනේ අවසානය දකිමි.
“පළමුව ඔවුන් සොයා ආවේ කොමියුනිස්ට්වරුන්ය. මම කොමියුනිස්ට්වරයෙකු නොවන හෙයින් මම කතා නොකළෙමි. ඊ ළඟට ඔවුන් සොයා ආවේ වෘත්තීය සමිතිකරුවන්ය. මම වෘත්තීය සමිතිකරුවෙකු නොවන හෙයින් මම කතා නොකළෙමි. ඊ ළඟට ඔවුන් සොයා ආවේ යුදෙව්වන්ය. මම යුදෙව්වෙකු ද නොවන හෙයින් මම කතා නොකළෙමි. ඊ ළඟට ඔවුන් මා සොයා එනවිට මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු ඉතිරි වී සිටියේ නැත.”
ප්‍රදීපය 2011

Last edited: